Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
හිසට පිටුපසින් වෙඩි තැබීම| නරුම ඊශ්‍රායලයේ මුහුදු මංකොල්ලය [2]
බූන්දි, 23:10:36
වෙඩි තැබීමකින් සිදුවූ මනුෂ්‍ය ඝාතනයක ස්වභාවය නිවැරදිව තේරුම් ගැනීමට නම් ශරීරයෙහි වෙඩි වැදුණු ස්ථානය, තබන ලද වෙඩි ප්‍රහාර සංඛ්‍යාව, ඝාතකයා සහ ඝාතනයට ලක්වූ තැනැත්තා අතර වූ දුර මෙන්ම වෙඩි වැදී ඇත්තේ ශරීරයේ කුමන දිශාවෙන් ද යන්නත් නිවැරදිව විමසා බැලීම අත්‍යාවශ්‍ය කරුණකි. එමඟින් එම මරණය අවිඥාණිකව අත් වැරදීමකින් සිදුවූයේ ද,-

-ආත්මාරක්ෂාව සදහා සිදුකරණ ලද්දේ ද එසේ නැතිනම් ඝාතනය කිරීමේ සාහසික අරමුණින්ම සිදුකරන ලද්දේ ද යන්න නිවැරදිව විශ්ලේෂණය කළ හැකිය. එහෙත්, දෙපා වලට ඉහලින් ශරීරයේ ඕනෑම තැනකට ඉතා මෑත දුරක සිට එල්ලකරන ලද, එකකට වඩා වැඩි වූ වෙඩි තැබීමක් සිදුකරන්නේ ආත්මාරක්ෂාව සදහා නොවන බවත් එය ඝාතනයට ලක්වූ තැනැත්තාගේ පිටු පසින් එල්ල කරන ලද්දේ නම්, එවිට එය උවමනාවෙන් කරන ලද සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් බවත් තේරුම් ගැනීමට ඒ පිලිබද විශේෂඥ දැනුමක් අවශ්‍ය නොවේ.

ඒ අනුව ඇසින් දුටු සාක්ෂි වලට අමතරව, මධ්‍යධරණී මුහු‍දේ දී ඊශ්‍රායල් කොමාන්ඩෝවරුන්ගේ ප්‍රහාරයෙන් මියගිය පලස්තීනයේ ගාසා නුවර වෙත සහනාධාර සැපයීමේ ‘ෆ්‍රීඩම් ‍ෆ්ලොටීලා’ නැව් කණ්ඩායමේ ස්වේච්ඡා ‍සේවකයින් නව දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව පසුගිය දා නිකුත් වූයේ, එය ඊශ්‍රායලය විසින් කරන ලද ම්ලේච්ඡ සමූල ඝාතනයක් බවට අවශ්‍ය සියළුම සාක්ෂි සපයමිනි. විමර්ශණය කිරීමට නියමිත මෑත කාලීන යුද අපරාධ සැලකීමේ දී 2009/2010 වසරේ වන්නියේ පැවැති හතරවන ඊලාම් යුද්ධය හා සම්බන්ධිත යුද අපරාධ චෝදනා වලට පහලින්, මෙ‍ම නිරායුධ සහන සේවකයින් වෙඩි තබා ඝාතනය කිරීමේ දුෂ්ට ක්‍රියාව ලැයිස්තු ගත වන්නේ එබැවිනි.

තුර්කි අධිකරණ වෛද්‍ය විද්‍යා කවුන්සිලය විසින් සැපයූ මෙ‍ම මරණ පරීක්ෂණ වාර්තා අනුව, ඝාතනයට ලක්වූවන්ට ඊශ්‍රායල් කොමාන්ඩෝවරුන් විසින් වෙඩි තබා ඇත්තේ ඉතා ආසන්නයේ සිට බවත්, නව දෙනාගෙන් පස් දෙනෙකුටම වෙඩි වැදී ඇත්තේ පිටු පසින් වන අතර වැඩි දෙනෙකුගේ හිස ප්‍රදේශයට බවත් පසුගියදා හෙළිදරව් විණි. වඩාත්ම ආන්දෝලනාත්මක සිද්ධිය වූයේ දහ නව හැවිරිදි ඇමරිකන් ජාතික ෆාර්කින් ඩෝගන් තරුණයා ගේ ඝාතනයයි. ඔහුගේ හිසට පිටුපසින් ඉතා ආසන්නයේ සිට අඩුම ගණනින් එක් වෙඩි පහරක් එල්ල වී ඇති අතර මුහුණ දෙසින් වෙඩි පහරවල් හතරක් එල්ල වී ඇත.‍ කොමාන්ඩෝවරුන්ගේ ග්‍රහණයට අසුවූ එක් පුද්ගලයෙකුට ඔවුන් විසින් නොනවත්වා පා පහර එල්ල කර අවසානයේ කිහිප වතාවක්ම වෙඩි තබන අයුරු ‘මාවි මාමරා’ නම් වූ නැවෙහි සිටි මාධ්‍යවේදියෙකුගේ වීඩියෝ කැමරාවක සටහන්ව තිබූ අතර ග්‍රහණයට හසුවූ පුද්ගලයා පැහැදිලිව නොපෙනෙන මුත් එසේ කෲර ලෙස ඝාතනය කර ඇත්තේ නිරායුධ ෆාර්කින් ඩෝගන් ව බව ඇසින් දුටුවෝ පවසති. ඊශ්‍රායල් රජයේ බලධාරීන් සදහන් කරන පරිදි කොමාන්ඩෝ භටයින්ගේ ‍‍මෙම හැසිරීම ආත්මාරක්ෂාව සදහා යැයි පැවසීම හාස්‍යජනක කරුණකි.

මාවි මමාරා නැවහි සිටි සිවිල් ඉංජිනේරුවෙකු වූ කැනේඩියානු ජාතික කෙවින් නෙයිෂ් සදහන් කරන පරිදි මෙම ප්‍රහාරයෙන් ඝාතනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව නවයක් නොව දහසයකි. නැවෙන් ලැබුණු මුල් වාර්තා මෙන්ම වෛද්‍ය මධ්‍යස්ථාන වාර්තා අනුවද එම සංඛ්‍යාව දහසයක් වූ අතර පුද්ගලයින් හතළිහකට වැඩි සංඛ්‍යාවකට තුවාල සිදුවී තිබුණි. ඝාතනයට ලක් වූ ඉතිරි හත් දෙනාගේ සිරුරු මුහුදට වීසි කර ඇතැයි කෙවින් නෙයිෂ් සැක පහල කරයි.

ඝාතනයට ලක්වූ ෆාර්කින් ගේ සිට ෆ්ලෝටිලාවේ සිටි සියළුම දෙනා විවිධ රටවලින් පැමිණි හයසියයක් පමණ වූ නිරායුධ පුද්ගලයින්ය. ඔවුන් සහභාගී වෙමින් සිටියේ ගාසා තීරය නිදහස් කර ගැනීමේ අරගලයේම දිගුවක් ලෙසින්, මේ වන විට ගාසා තීරයේ සිරගතව-නිරාහාරව නොයෙකුත් අන්දමේ පීඩා විඳින, මිලියන එකහමාරක් වන පලස්තීන වැසියන් වෙත සහනාධාර රැගෙන යෑමේ සද්කාර්යය සඳහා යි. ඊශ්‍රායලයේ මෙම සාහසික ප්‍රහාරය සහ ඝාතනය කිරීම් ජාත්‍යන්තර නීතියට පටහැනිය. එය ම්ලේච්ඡය. කෲරය. පලස්තීන වැසියන් ගාසා තීරුව තුළ සිරකර තැබීම සහ ඔවුන් වෙත නිරතුරුව ම ගුවනින් හා ගොඩබිමින් ෂෙල් ප්‍රහාර එල්ල කිරීම තරමට ම එය අමානුෂිකය. ඔවුන් පලස්තීන වැසියන් ව පිළිකුල් සහගත ලෙස දඬුවම් කරන අයුරින්ම ඔවුනට එරෙහිවන ඕනෑම අයෙකු විනාශ කිරීමට සූදානම් බව ෆාර්කින් ව මෙන්ම 2003 වසරේදී සිදු කළ රේචල් කෝරී ගේ ඝාතනයෙන් ද කියා පායි (රේචල් කෝරී, විසි තුන් හැවිරිදි ඇමෙරිකානු ජාතික තරුණියකි. ඊශ්‍රායල් හමුදා විසින් පලස්තීන වැසියෙකුගේ නිවෙසක් බුල්ඩෝසර් කිරීමට එරෙහිව වි‍රෝධතාවය ප්‍රකාශ කිරීමේ දී ඇයව එම බුල්ඩෝසරයට ම යට කර මරා දමන ලදී).

අන්තර්ජාතික ස‍හයෝගීතා ව්‍යාපාරය හා සබැඳි ගාසා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද, පලස්තීනයේ ගාසා නුවර වෙත සහනාධාර රැගෙන යෑමේ මෙම නැව් පද්ධතියට අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඊශ්‍රායලය විසින් ප්‍රහාර එල්ල කලේ මැයි 31 වෙනි බදාදාය. ඊශ්‍රායලයේ මෙම වියරු ප්‍රහාරයට එරෙහිව ‍ලොව පුරා වි‍රෝධතා ව්‍යාපාර සිදුකෙරුණු ඊට සමාන්තරව ‍ ඊශ්‍රායලය විසින් ගාසා තීරය, බටහිර ඉවුර සහ නැ‍ගෙනහිර ‍‍ජෙරුසුලම බ‍ලෙන් අත්පත් කර ගැනීමේ 43 ‍වෙනි සංවත්සරය ද ජුනි 5 වෙනිදාට යෙදී තිබුණි. එබැවින් මෙවර එම වි‍රෝධතා වල දැඩි උනන්දුවක් දක්නට ලැබුණු අතර අවහිර කර ඇති ගාසා සැපයුම් තීරය විවෘත කිරීමට, ඊශ්‍රායලය සමඟ ‍වෙළඳ ගනුදෙනු නතර කිරීමට, ඊශ්‍රාලය ට අවි සැපයීම නතර කිරීමට සහ යුද අපරාධ වලට එරෙහිව ඊශ්‍රායලය ජාත්‍යන්තර අධිකරණය වෙත පැමිණවීමට එම විරෝධතා මඟින් බලකෙරිණි. එමෙන්ම නේටෝ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ අනෙකුත් විදෙස් රටවලින් මෙන් ම පලස්තීනයට ලැදි සංවිධාන වලින් ද නැඟි මෙම විරෝධතා හේතුකොට ගෙන ඊශ්‍රායලය විසින් අත් අඩංගුවට ගන්නා ලද සියළුම සහන සේවකයින් දින කිහිපයකට පසු නිදහස් කරනු ලැබූ අතර ගාසා තීරය වෙත ගොඩබිම් සැපයුම් මාර්ගයේ සීමා සුළු වශයෙන් ලිහිල් කළේය. ඒ අනුව ඔවුන් විසින් ම තහනම් කළ භාණඩ කීපයක් සදහා (සිමෙන්ති වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය) අවසර දීමටද ඊශ්‍රායලයට කටයුතු කළ නමුත් මේ වෙනතෙක්ම පැහැරගත් නැව් සහ සහනාධාර ඊශ්‍රායලයේ මුදා හැරීමට කටයුතු කර නොමැත.

එමෙන්ම ජාත්‍යන්තරයේ සියලු ඇස් යොමුව පවතිද්දීත් ඊජිප්තුව විසින් තාවකාලිකව විවෘත කර ඇති සැපයුම් මාර්ගය හරහා ගාසා තීරය වෙත ලඟා වෙනු පිණිස පමා වී පිටත්වුණු අයර්ලන්ත ධජය සහිත රේචල් කෝරී නැව ද (රේචල් කෝරී සිහිවනු පිණිස එම නම යොදා ඇත) බලපෑම් හා විරෝධතා නොතකා නැවතත් ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව විසින් බලහත්කාර‍යෙන් අත් අඩංගුවට ගන්නා ලදි. ‍‍‍‍ටොන් දහසක සහනාධාර සහ එහි සිටි සහන සේවකයින් විසි ‍දෙ‍නා අත් අඩංගුවට ගැනී‍මේ දී ඊශ්‍රායලය විසින් මෙවර සාමකාමී පිළිවෙතක් අනුගමනය කළ අතර එහි සිටි ‍නොබෙල් සාම සම්මානලාභී මය’රෙඩ් ‍‍කොරිගන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු සහකාර ලේකම්වරයෙකු වන ඩෙනිස් හැලිඩේ ඇතුළු අත් අඩංගුවට ගත් පුද්ගලයින් ඊශ්‍රායල‍යෙන් එසැනින් පිටුවහල් කෙරිණි (ඩෙනිස් හැලිඩේ, පසුගිය ජනවාරියේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර පැවති ශ්‍රී ලංකාවේ සිදු වූ යුද අපරාධ විමසීම සඳහා වූ මහජන අධිකරණයේ විනිශ්චයකරුවෙකු ලෙස ද සහාභාගී වූවෙකි. එමෙන්ම මය’රෙඩ් ‍‍කොරිගන් එම මහජන අධිකරණය වෙනුවෙන් පූර්ණ සහයෝගය පළ කළ අය අතර වූයෙකි). ඊශ්‍රායලයේ අනතුරු හැඟවීම් නොතකා මේ වන විට ලිබියාව විසින් ද සහනාධාර පිරවූ තවත් නැවක් ගාසා තීරය වෙත යවා ඇති අතර එම නැවට ද ගාසා තීරය වෙත ලඟා වීමට ඉඩ නොදෙන බව ඊශ්‍රයල් ආරක්ෂක හමුදා ප්‍රකාශක පවසා තිබුණි.

සුපුරුදු පරිදි ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නීටන්යාහූ ජාත්‍යන්තර විමර්ශණ අනවශ්‍ය බව පවසමින් යුද අපරාධ චෝදනා ප්‍රතික්ෂේප කළේය. ව්‍යාජ සහ සංස්කරණය කරන ලද හඬ පට, ඡායාරූප හා වීඩියෝ ආශ්‍රයෙන් ප්‍රහාරයේ ම්ලේච්ඡ බව සැඟවීමට හා එය සාධාරණීකරනය කිරීමට තැත් කළ ඊශ්‍රායලය විසින්, තමන් ම තෝරාගත් විදේශ නිරීක්ෂකයන් දෙදෙනෙකුගේ අධීක්ෂණය යටතේ ඔවුන්ගේම කමිටුවක් මඟින් පරික්ෂණ ඇරඹීමට තීරණය කර තිබුණි. දිගින් දිගටම අන්තර්ජාතික යුද අපරාධ කමිටුවක් සදහා දැඩි බලපෑම් එල්ල කරන්නේ තුර්කිය විසිනි. සහනාධාර රැගත් නැව් අතර තුර්කි නැව් කිහිපයක්ම තිබීමත් සහනාධාර කණ්ඩායමේ ක්‍රියාකාරීන් වැඩි පිරිසක් තුර්කි ජාතිකයින් වීමත් (මරා දැමූ නව ‍දෙනා අතුරින් අට දෙනෙකු තුර්කි ජාතිකයින් වන අතර එක් අයෙකු තුර්කි සම්භවයක් ඇති ඇමෙරිකන් ජාතික ෆාර්කින් ය) නිසාවෙන් ප්‍රහාරය සිදුකල දින ම තුර්කිය විසින් ඊශ්‍රායලයේ සිටි සිය තානාපති වරයා ඉවත් කර ගත්තේය. සිදුකළ ප්‍රහාරය වෙනුවෙන් ඊශ්‍රායලය සමාව අයැදිය යුතු බවටත්, යුද අපරාධ සොයා බැලීම සදහා අන්තර්ජාතික කමිටුවකට ඉඩ දිය යුතු බවටත් නැවත වතාවක් පසුගිය සතියේ තුර්කි විදේශ ඇමතිවරයා අනතුරු හැඟවූ අතර එසේ නොකළහොත් ඉතා ඉක්මනින්ම ඊශ්‍රායලය සමඟ සියළුම සම්බන්ධතා අතහරින බව ප්‍රකාශ කළේය.

තුර්කිය අනතුරු හැඟවූ දිනට පසුදින ම ඊශ්‍රායල් අගමැතිවරයා ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මුණගැසීමට යොදාගෙන තිබුණි. මැද-පෙරදිග මිලිටරි හා දේශපාලනමය අවශ්‍යතා මත, හැමදාමත් ඊශ්‍රායලය ආරක්ෂා කරන ප්‍රතිපත්තියක පිහිටන ඇමරිකා එක්සත් ජනපද ධනපති ආණ්ඩුව හා බැරැක් ඔබාමා ජනාධිපතිවරයා සමඟ කෙරෙන තේ පැන් සාදයේ ප්‍රතිඵලය නායකයින් දෙදෙනා එකට සිටින ඡායාරූපයක් මිස ඊට වඩා වැදගත් යමක් නොවූ බව දේශපාලන විචාරකයින් ගේ මතයයි.

මේ වනතුරු ද ඇමෙරිකානු ජනාධිපතිවරයා අඩුම වශයෙන් මෙම ම්ලේච්ඡ ඝාතනය හෙලා දකිමින් ප්‍රකාශයක් හෝ නිකුත් කර නොමැති අතර ඇමෙරිකානු ඊශ්‍රායල් ක්‍රියාකලාපයන් සුරැකීමේ ප්‍රතිපත්තියක පිහිටා සිටින ඇමෙරිකානු මාධ්‍යයෝ ද, මෙම යුධ අපරාධය හා ඒ වෙනුවෙන් වූ සාක්ෂි ඉස්මතු නොකිරීමට උවමනාවෙන්ම වගබලාගෙන සිටිති. තුර්කි කවුන්සිලයේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඇමෙරිකානු මාධ්‍යය තුලින් මතු නොවී සැඟව ගියේ එබැවිනි.



ජාත්‍යන්තරයේ දැඩි බලපෑම මත ඇමෙරිකානු ගැති එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම යුද අපරාධය විමර්ශණය කිරීම සඳහා තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කර ඇත. එහෙත්, යුද අපරාධ සදහා චෝදනා ලත්, එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් යුද අපරාධ සොයා බැලීමේ කමිටුවකට ඉඩ නොදෙන බව පවසන රටක් සහ එම රටෙහි රාජ්‍යතාන්ත්‍රිකයෙකු එහි සභාපති ලෙස පත් කිරීම හාස්‍යයජනක වනවා මෙන්ම, සිද්ධිය කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නොසැලකිල්ල ද එමඟින් මනාව පිළිබිඹු කෙරේ. එම කමිටුවේ සභාපති වරයා වශයෙන් පත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත 'ආචාර්ය පාලිත කොහොන'වයි.
(2010 ජූලි 17 දා රාවයේ පළ වූයේ මෙම ලිපියේ සංක්ෂිප්ත සටහනකි)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Furkan Dogan, Rachel Corrie, Gaza Flotilla Attack
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
A READER මෙහෙම කියනවා :
"එම කමිටුවේ සභාපති වරයා වශයෙන් පත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත 'ආචාර්ය පාලිත කොහොන'වයි."!!!

කිවුව වෙලාව- 2010-07-22 21:16:08
දර්ශන මෙහෙම කියනවා :
පහලින් එන අරගලය බලපෑම් සහගත නැත්නම් ඉහලින් මුකුත් ම වෙන්නේ නැති බව අමතක නොකළ යුත්තක්. ඔය මොන ලොක්කෙක්වත් මොන කමිටුවක්වත් පත් කරන්නේ හෝ මොන ක්රියාමාර්ගයක් හෝ ගන්නේ උන්ගේ 'චිත්ත පාරිශුද්ධිය'නිසා නෙවෙයි. මේ නිසා මිනීමරු ඊශ්රායල් යුද අපරාධකරුව්නට එරෙහි ව පියවර ගනිමින්, ඝාතනය වුවන් ට හා ගාසා තීරය ඇතුළු ප්රදේශවල ආක්රමණයට ගොදුරු වුවන් ට යුක්තිය, සාධාරණත්වය ඉටු කරන්න ඕනනම් මේ රටේ අපරාධකරුවන්ට එරෙහි ව ජන අරගලය උත්සන්න කරන්න ම වෙනවා. මහේෂ්ගේ සටහන අවසන් වෙන වාක්‍යය ඒ සදහා තීරණාත්මක සිතා බැලිමකට අප යොමු කරනවා ඔබට ඇසෙනවාද.........?

කිවුව වෙලාව- 2010-07-22 10:22:47
A. Amarasekara මෙහෙම කියනවා :
pathetic situ!

කිවුව වෙලාව- 2010-07-21 23:01:39
චන්න මෙහෙම කියනවා :
මහේෂ් කියනව වගේම අන්තිමට සටහන් වෙලා තියෙන කාරනාව හාස්‍යයක් වන අතරම ලෝකය පුරා ම ඝාතන සංස්කෘතියක් පවතින බව පැහැදිලියි.

කිවුව වෙලාව- 2010-07-20 07:28:14
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මහේෂ් මුණසිංහගෙන් තවත් වියමන්
කවි
ඔබ
කවි
කළුවර
කවි
නික්මීම
කරන්ට්ස්
FLASHBACKS
කරන්ට්ස්
රුක්ෂ සාසනේ
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
ආතර් ෂොපෙන්හොර් කියයි.
ආඩම්බර විය හැකි කිසිවක් නැති සෑම කාළකණ්නි මෝඩයෙකු ම අවසාන තුරුම්පුව ලෙස තමන් අයත් වන ජාතියේ ආඩම්බරය යොදා ගනියි. ඒ ජාතියේ සියලු වැරදි සහ මෝඩකම්... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook