Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
G8 G20 ටොරොන්ටෝවේ පොලිස් වියරුව
බූන්දි, 04:39:33
බර්ලින් තාප්පයට වඩා මඳක් උසින් අඩු දැවැන්ත ආරක්ෂක යකඩ වැට මෙට්රෝ ටොරොන්ටෝ කන්වෙන්ෂන් සෙන්ටර් (Metro Convention Center) ප්‍රදේශය මැදි වන සේ කිලෝමීටර් 6 ක පමණ වට ප්‍රමාණයක් ආවරණය වන පරිදි ගොඩ නංවා තිබුණි. එමෙන්ම රතු කලාපය (Red Zone) යනුවෙන් නම් කර තිබූ එම අධි ආරක්ෂිත කලාපයෙහි සීමාව වූ ආරක්ෂිත වැට ට මීටර් පහක් ආසන්නයෙහි ගැවසෙන, නීත්‍යානුකූල හැඳුනුම්පතක් ඉදිරිපත්කිරීමට නොහැකි ඕනෑම අයෙකු අත් අඩංගුවට ගැනීමට-

හැකිවන පරිදි අධිකරණය මඟින් නීති අනුමත කර ගැනීමට ටොරොන්ටෝ පොලීසියට හැකි වී තිබුණි. නගර වැසියන්ගේ හැසිරීම් සති කිහිපයකට පෙර සිටම නිරතුරුවම පරීක්ෂාවට ලක් වූයේ නගරය පුරා තැනින් තැන සවිකර තිබුණු හැත්තෑවකට අධික අධි බලැති වීඩියෝ කැමරා මඟිනි.

ඊට අමතරව ස්නයිපර් අවි වලින් සන්නද්ධ විශේෂ බලකා භටයින්ගේ තියුණු ඇස්, උසින් වැඩි බොහොමයක් ගොඩනැගිලි වල මුඳුනේ සිට වීදි පුරා යොමුව තිබුණි. වරින් වර අහස සිසාරා යන පොලිස් හෙලිකොප්ටර් නගරය පුරා භීතිය සහ අවිනිශ්චිතභාවය වැපුරූ අතර නගරයට දකුණෙන් පිහිටි වරායෙහි (ඔන්ටාරියෝ විල සම්බන්ධිත) ඇමෙරිකානු නාවුක හමුදා භටයන් සති කිහිපයකට පෙර සිටම මුර සංචාරයෙහි යෙදෙනු දක්නට ලැබුණි. ආරක්ෂාව සඳහා මුලින් ඇස්තමේන්තු කළ 5000 ක පොලිස් බල ඇණිය පසුගිය සිකුරාදා වන විට 20,000 දක්වා වැඩිකර තිබුණි. සාමාන්‍ය පොලිස් නිලධාරීන්ට අමතරව කුළු, බැටන් සහ ගිනි අවි අතැති ව පූර්ණ ලෙසින් සන්නද්ධ හා පූර්ණ ලෙසින් ආරක්ෂිත පොලිස් භටයෝ දහස් සංඛ්‍යාවක් සූදානම් කර තිබුණේ ඕනෑම මෙහෙයුමකට අවැසි පරිදිය. එක් කාමරයක ට රැයකට ඩොලර් 170 බැගින් ගෙවා නගර මධ්‍යයේ ඇති හෝටල් විශාල සංඛ්‍යාවක නවාතැන් පහසුකම් ඔවුන් සියලුම දෙනා වෙනුවෙන් ලබා දී තිබුණි. පොලිසිය විසින් අධි බලැති ජල ප්‍රහාරක අවි (Water Cannon) සහ තියුණු ශබ්ද තරංග නිකුත් කිරීමේ අවි (Sound Cannon) කඩිමුඩියේ මිළ දී ගැනුණේ මෙම මෙහෙයුම වෙනුවෙනි. ටොරොන්ටෝ නගරයේ මෙම දින දෙකෙ හි තාවකාලික පොලිස් රාජ්‍යය බිහිකිරීමට ආරක්ෂිත වැට වෙනුවෙන් වැයවූ ඩොලර් මිලියන 5.5 ද ඇතුළුව ඩොලර් බිලියන 1.2 ක් කැනඩා රජය විසින් වැයකර තිබුණු අතර එය රාජ්‍ය නායක සමුළුවක ආරක්ෂාව වෙනුවෙන් වැය කළ වැඩි ම ධනස්කන්ධය ලෙසින් ඉතිහාස ගතවෙනු ඇත (වසර 2009 දී ඇමෙරිකාවේ පිට්ස්බර්ග් - Pittsburgh හි පැවති සමුළුවෙහි ආරක්ෂාව සඳහා වැය වූයේ ඩොලර් මිලියන 18 ක් පමණි). සරලව දක්වන්නේ නම් කැනේඩියානු ලිබරල් පක්ෂයේ වෙබ් අඩවියට අනුව G8 සහ G20 සමුළු වෙනුවෙන් තත්පරයකට වැය වූ මුදල ඩොලර් 4,928 කි.





ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ලෝක බැංකුව එකතුව ආර්ථික බලයෙන් පොහොසත් ලෝකයේ ප්‍රධානම ධනවාදී රාජ්‍යයන් අට සහ ස්වභාවික සම්පත් (තෙල් සහ ඛනිජ) බහුලවීම නිසාවෙන් ධනවාදී රාජ්‍ය සහ බල ශක්ති මාෆියාවේ උකුසු අඬු වලට ගොදුරුවුණු එහෙත් රට වැසියන් දුප්පත් කමෙහි පතුලෙහිම ගිලී සිටින නයිජීරියාව, ඉන්දුනීසියාව වැනි අනෙකුත් රාජ්‍යයන් සුළු සංඛ්‍යාවක රාජ්‍ය නායකයින් ගේ වාර්ෂික සුහද සතුටු සාමීචී G8 සහ G20 සමුළු මෙවර රැස් වූයේ ටොරොන්ටෝ නගරය ආශ්‍රිතවයි (G8 සමුළුව කැඳවා තිබුණේ ටොරොන්ටෝ නගරයට කිලෝ මීටර් 220 ක් උතුරින් පිහිටි හන්ට්ස්විල් - Huntsville හීදී වූ අතර G20 පැවතියේ ටොරොන්ටෝ නගර මධ්‍යයේ මෙට්රෝ ටොරොන්ටෝ කන්වෙන්ෂන් සෙන්ටර් හිදීය). ලෝක ජනගහනයෙන් සියයට අසූවක් දරිද්‍රතාවයෙන් පෙළෙන විට එම සියයට අසූවෙහි ජීවන තත්ව හා ආර්ථික තත්වයන් තීරණය කිරීම ද මෙම රාජ්‍ය නායක සමුළුවෙහි එක් අරමුණක් වුව ද රාජ්‍ය දේපොළ හා සේවා පෞද්ගලීකරණය කිරීම, සෞඛ්‍ය-අධ්‍යාපනය ඇතුළු සුබ සාධන සේවා කප්පාදු කිරීම, මහජනතාව වෙත දිනෙන් දින බදු බර පැටවීම, ආදීවාසීන් ගේ ඉඩකඩම් සහ අයිතීන් කොල්ලකෑම, කම්කරු ශ්‍රමය හා ස්වභාවික සම්පත් සූරාකෑම නිසාවෙන් මෙම ධනපති රාජ්‍යයන් ඔවුන්ගේ රටවල ජනතාවගේ ම චෝදනාවන් ට ලක්වේ. ලෝක ආර්ථික බල තුලනයේ ගොඩ වැඩිකර ගැනීමේ කෑදරකම මත තීන්දු තීරණ ගන්නා මෙම රාජ්‍ය සමුළු වලට එරෙහිව නිරතුරුව ම දැවැන්ත උද්ඝෝෂණ සහ විරෝධතා මෙහෙයවෙන්නේ එ බැවිනි.





පසුගිය දා ජනගහනය මිලියන 34 හි සීමාව ද ඉක්ම වූ කැනඩා‍වෙහි, ටොරොන්ටෝ නගරය ලොවෙහි වෙසෙන විවිධ ජන වර්ග වලින් සැදුම් ලද්දකි. නිත්‍ය පදිංචිය හෝ පුරවැසිභාවය කැනඩාවේ වුවද ඔවුන්ගෙන් බොහෝ පිරිසක් සංවර්ධනය නොවූ රට වල සිට පැමිණි සංක්‍රමිණිකයෝ වෙති. ධනවාදී රාජ්‍යයන්ගේ හිතුවක්කාරකම් හා නොපනත්කම් හමුවේ තමන් උපන් රටවල් මුහුණ දෙන අභාග්‍ය සම්පන්න තත්වයන් හා පීඩාවන් ඔවුනට වැඩියෙන් දැනේ නම් එය අරුමයක් නොවේ. මෙහි ‍වෙසෙන පලස්තීන, ඉරාන සහ චීලී සංක්‍රමිණිකයන් එයට හොඳම උදාහරණයන් වන අතර ධනවාදී රාජ්‍යය නායකයින් ගේ මෙම ආර්ථික සමුළුවට එරෙහිව කැනඩාවේ විරෝධතා වන් හි ප්‍රමාණාත්මක බව වැඩි වීමට එයම හේතුවක් වේ.

සමුළු‍‍වෙහි ආරම්භක දිනය වූ පසුගිය සිකුරාදා මධ්‍යහනය වන විට ටොරොන්ටෝ නගරයේ වීදි විරෝධතා පෙළපාලිවලින් පීරී ගොස් තිබිණි. විරෝධතා පුවරු හා බැනර් ඔසවා ගෙන නන් දෙසින් පැමිණි පනස් දහසක් පමණ පෙළපාලිකරුවන් අතර නොයෙකුත් වාමාංශික සහ වාමාංශික නොවන දේශපාලන සහ සමාජ සංවිධාන වල ක්‍රියාකාරීන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, කම්කරුවන්, පරිසරවේදීන්, ආදිවාසීන්, දෙස් විදෙස් මාධ්‍යවේදීන් හා වාර්තාකරුවන් ද විය. නිරායුද සහ සාමකාමී නමුත් එම උද්ඝෝෂකයින් අතුරින් නැඟුණු උස් හඬින් නගරය උණුසුම් විණි.

උද්ඝෝෂණයෙහි යෙදුන පිරිසෙහි අරමුණ වූයේ අඩුම තරමේ ආරක්ෂිත වැට තෙක් පැමිණ විරෝධතාවය දැක්වීමට වුවද උරහිසෙන් උරහිස ගැටෙන සේ සිට ගත් සන්නද්ධ පොලිස් භටයන් විසින් සියලුම වීදී අවුරා තිබුණි. බාධක බිඳ ඉදිරියට ඇදීමට ගත් සෑම උත්සහායක්ම අවසන් වූයේ පෙළපාලිකරුවන් අමානුෂික පොලිස් පහරදීම් වලට ලක්වීමෙනි. රැස්ව සිටි පිරිස් පලවා හැරීම සඳහා බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර සිදුකරන අයුරු සජීවී රූපවාහානී වාර්තා වල පවා දක්නට ලැබිණි.

මේ අතර, යුරෝපයේ මෙන්ම ඇමෙරිකානු රටවල විරෝධතා ව්‍යාපාර සඳහා ද ක්‍රියාකාරීව සහභාගී වන අරාජිකවාදී කණ්ඩායම් (Anarchist) මෙම උද්ඝෝෂකයන් අතර ද ක්‍රියාත්මක වී තිබුණි. බ්ලැක් ‍බ්ලොක් (Black Bloc) නමින් හැඳින්වුණු මෙම කැනේඩියානු කණ්ඩායමෙහි ප්‍රධාන අරමුණ වූයේ ධනවාදයේ සලකුණු වෙත ප්‍රහාර එල්ලකිරීම හෝ ගිනි තැබීමයි. නගරයේ වීදි දෙපස ඇමෙරිකානු සහ කැනේඩියානු සාප්පු කිහිපයක් ම ඔවුනට ගොදුරු වූ අතර ‍පොලිස් ජංගම රථ තුනක් ද ඔවුන් විසින් ගිනි තැබූහ.





නිරායුද මිනිසුන් අතර මැද සම්පූර්ණ කළු ඇඳුමින් සැරසී කළු පැහැයෙන් මුහුණු ආවරණය කර ගත් බ්ලැක් ‍බ්ලොක් සාමාජිකයින් පහසුවෙන් හඳුනාගත හැකිව තිබියදීත් ඒ වෙනුවෙන් විසි දහසක පොලිස් බල ඇණිය ක්‍රියාත්මක නොවීම අසාමාන්‍ය සිදුවීමක් සේ දක්නට ලැබිණි. ඕනෑම හදිසි අවස්ථාවකදී මිනිත්තු කිහිපයක් ඇතුලත ළඟාවෙන ගිනි නිවීම් සේවා සහ හදිසි අනතුරු සේවා (911 සේවය) ගිනි තැබීමට ලක්වූ පොලිස් රථ වෙනුවෙන් බොහෝ වේලාවක් ගත වන තෙක් නොපැමිණීම ද දෙස් විදෙස් මාධ්‍යකරුවන්ගේ අවධානයට ලක් විණි. මෙවැනි විරෝධතා සඳහා යොදා ගන්නා සුපුරුදු උපක්‍රම මෙවර වෙනත් අයුරකින් පොලීසිය යොදා ගත් බවට අත්දැකීම් ඇති බොහෝ දේශපාලන ක්‍රියාකාරීහු පවසති. ගිනි තැබීම් සඳහා ඉඩ පහසුකම් ලබාදී පොලිස් ජංගම රථ, හුදෙකලා ස්ථානයන් හී පොලිස් නිලධාරීන්ගෙන් තොරව රඳවා තිබූ බවටත්, කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කළ බ්ලැක් ‍බ්ලොක් සාමාජිකයින් අතර මුදල් ගෙවූ මැර පිරිස් ‍යොදවා තිබූ බවටත් ඔවුන් සැක සිතන්නේ එබැවිනි. පොලීසියේ උවමනාව වී තිබුණේ විරෝධතා ව්‍යාපාර වෙත යොමුව තිබූ මාධ්‍ය අවධානය වෙනතක යොමු කිරීමත් ආරක්ෂාව වෙනුවෙන් වැය කළ බිලියන 1.2 මුදල සාධාරණීකරණය කිරීමත් බව සැබවි.

පසු දින නැවත වතාවක් සිය උද්ඝෝෂණ සඳහා සහභාගී වීමේ අරමුණෙන් සිකුරාදා රාත්‍රිය එළඹෙත් ම රටෙහි නන් දෙසින් පැමිණි විරෝධතාකරුවන් නගරය ඇතුලත ම ඇලන් ග්‍රවුන්ඩ් (Allan Ground) උද්‍යානයෙහි කඳවුරු ගත වූ අතර එදින පොලිසිය විසින් අත් අඩංගුවට ගැනුණේ ඉතා සුළු පිරිසකි. එහෙත් සෙනසුරාදා දිනයෙහි දී 1000 කට ආසන්න පිරිසක් අමානුෂික පොලිස් පහරදීම් මැද අත් අඩංගුවට ගන්නා ලදි. ඒ අතර ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයට පොලිසිය විසින් බලහත්කාරයෙන් ඇතුල් වී අත් අඩංගුවට ගන්නා ලද සිසු සිසුවියන් 75 දෙනෙකු ද විය. ඉවක් බවක් නොමැතිව අත් අඩංගුවට ගත් අය අතර නිරායුද ව විරෝධතාවෙ හි යෙදුණු වුන් මෙන් ම නගරයෙහි එදිනෙදා ගමන් බිමන් වල යෙදුණු සාමාන්‍ය නගර වැසියන් හා දෙස් විදෙස් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම ද සිටි බව වාර්තා වී තිබිණි. මාධ්‍යවේදීන් බව පුන පුනා පැවසුවත් දිගින් දිගටම පහර දී අත් අඩංගුවට ගත් බව ගාර්ඩියන් (Guardian) පුවත් පතෙහි මාධ්‍යවේදී ජෙසෙ රොසෙන්ෆෙල්ඩ් (Jesse Rosenfeld) පැවසීය. අත් අඩංගුවට පත් වූවන් අධික වැසි මැද එළිමහනෙහි රඳවා තැබූ බවත් නොයෙකුත් ශාරීරික හා මානසික පීඩාවන්ට මෙන්ම අපයෝජනයට ද ලක් වූ බවත් නිදහස ලැබූ තරුණියක් විද්‍යුත් මාධ්‍ය වෙත් ප්‍රකාශ කර තිබුණි. ඉතාමත් ම අඩු පහසුකම් සහිත තාවකාලික රැඳවුම් සිර කඳවුරක ට සියළුම දෙනා ගාල් කර සාමය කඩ කිරීමේ චෝදනාව මෙන් ම වෙනත් චෝදනා මත නඩු පවරා ඉන් බොහෝ දෙනෙකු පසු දා ඇප මත නිදහස් කර තිබුණි. එහෙත් මේ වන විටත් සැළකිය යුතු පිරිසක් පොලිස් අත් අඩංගුවේ පසු වෙන බව වාර්තා වේ.

විරෝධතා ව්‍යාපාරය වෙත තිබූ මාධ්‍ය අවධානය වෙනතක යොමු කිරීමේ උත්සාහයේ දී පොලිසිය යම්තාක් දුරට සාර්ථක වූ නමුදු ආරක්ෂාව වෙනුවෙන් වැය කළ බිලියන 1.2 මුදල සාධාරණීකරණය කිරීමට ගත් උත්සාහය හැම අතින්ම අසාර්ථක වූ අතර නාස්ති කරණු ලැබූ මුදල් කන්දරාව වෙනුවෙන් කැනේඩියානු පුරවැසියන් ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි. ගුවන් විදුලි හා රූපවාහිනී ප්‍රචාරයන් නිසි පරිදි නොලැබුණු නමුදු මෙම 2010 G8 සහ G20 සමුළු වලට එරෙහිව මෙහෙයවුණු විරෝධතා ව්‍යාපාරය අති සාර්ථක වූ බවත් එහි වූ දැවැන්ත බව අන්තර්ජාලය හරහා නිසි පරිදි ප්‍රචලිත වූ බවත් සහභාගී වූවන්ගේ මතයයි.

-2010 ජුනි 30
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- The G8/20 Leaders Summit, Toronto Canada
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Sandun මෙහෙම කියනවා :
thanks mahesh
useful stuff


කිවුව වෙලාව- 2010-07-04 21:41:13
Suranga Wikrama මෙහෙම කියනවා :
විරෝධතා ව්‍යාපාරය වෙත තිබූ මාධ්‍ය අවධානය වෙනතක යොමු කිරීමේ උත්සාහයේ දී පොලිසිය යම්තාක් දුරට සාර්ථක වූ නමුදු ආරක්ෂාව වෙනුවෙන් වැය කළ බිලියන 1.2 මුදල සාධාරණීකරණය කිරීමට ගත් උත්සාහය හැම අතින්ම අසාර්ථක වූ අතර නාස්ති කරණු ලැබූ මුදල් කන්දරාව වෙනුවෙන් කැනේඩියානු පුරවැසියන් ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි.

KOHETH EKAYI


කිවුව වෙලාව- 2010-07-01 05:25:30
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මහේෂ් මුණසිංහගෙන් තවත් වියමන්
කවි
ඔබ
කවි
කළුවර
කවි
නික්මීම
කරන්ට්ස්
FLASHBACKS
කරන්ට්ස්
රුක්ෂ සාසනේ
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
නෙල්සන් මැන්ඩෙලා කියයි.
සමේ පැහැය නිසා හෝ පසුබිම නිසා හෝ ඇදහිල්ල අනුව හෝ අනෙකා කෙරෙහි වූ වෛරයකින් කිසිවෙකු උපදින්නේ නැත. මිනිසුන් වෛරකිරීමට උගත යුතුය. එසේ වෛර කරන්නට ඉගෙන... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook