Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ලාංකේය සමාජය - එකවිට, නිර්වින්දිත සහ ප්‍රචණ්ඩ සමාජයක් ලෙස.
බූන්දි, 23:46:43
''මෝටර් රථ ගට්ටනය වී
මිනිසුන් මියගොස්
තාර පාර මැද ලේ විසිරුණ තැන
වට වෙති වෙන මිනිස්සු
ලේ බලන්න
ඉහ වහ ගිය ආසාවෙන්....''

-මක් නිසාද යත් - මහගම සේකර

බරපතල ලෙස නිර්වින්දනය ව තිබී අවසන ප්‍රචණ්ඩ කූට ප්‍රාප්තියකින් අවසන් ව ඇති ලාංකේය සමාජයේ දික් කැපුමක් ලෙස ශෝකාන්ත නාට්‍යමය රංගයක් පහුගිය දිනක රූපවාහිනිය හරහා විකාශය කෙරුණි. මානසික රෝගී තරුණයෙකු සිය දුඃඛිත මරණය වෙත බිෙඳන් බිඳ ළඟා වීමයි. ''දර්ශන අනුග්‍රහය අසවල් නාලිකාවෙනි.'' ''මිනිය ගොඩ ගැසූ පසු පළමුව ළඟා වූයේ අපය.'' ආදී වශයෙන් පාරම් බා ප්‍රවෘත්ති විකාශනයන් මාකට් කිරීම සඳහා එම දර්ශන අවසානයටම පෙන්වීමෙන් නොනැවත, ''පහරදුන් ම්ලේච්ඡයා'' පමණක් දඩුකඳේ ගසා සභා තොමෝ සතුටින් විසිර ගියහ.

මෙම මාධ්‍ය සංදර්ශන වලින් වැසුනු පිටතට සැඟව ඇති ජුගුප්සාව කුමක්ද? අතිශය සුසංවාදී ධාර්මික සළු පටලවා ගත් සමාජයක ප්‍රචණ්ඩත්වයයි. තරුණ නැගිටීම් දෙකක් ප්‍රචණ්ඩ ලෙස මර්ධිත ඉතිහාසය තුළ නීතිය අවනීතිය වී කැලෑ නීතිය රජ වීමේ මූලාරම්භය තැබුණි. ඉන් නොනැවත දශක තුනක සිවිල් යුධමය සන්දර්භය තුළ මරණය, ප්‍රචණ්ඩත්වය සාමාන්‍යකරණය වූයේය. දේශප්‍රේමී හෝ ද්‍රෝහී හෝ මානුෂික හෝ කවර නාමකරණයක් තුළ සැඟවුව ද යුද්ධය යනු ප්‍රචණ්ඩත්වයයි. එතුළ මරන්නන්, මරාගෙන මැරෙන්නන් බිහි විය. කිසි විටෙකත් එළියට නොපෙනෙන හුයකින් වෙලී යන්නාක් මෙන් මරණය හිත් තුළ එදිනෙදා ජීවිතයේ සිදු වීමක් දක්වා ඌණනය විය. අනතුරුව පශ්චාත් යුධ වකවානුව එළැඹිණ. අවතැන් කඳවුරු තුළ ලක්ෂ තුනකට අධික පිරිසක් දිවි ගෙවන බව කියැවේ. එය කෙතරම් දුඃඛිත අවාසනාවන්ත කාලකන්ණි තත්වයක් ද?

ජාතික ප්‍රශ්නයක්ව ගෙන එයට සාමුහික විසඳුම් ගෙනෙනු වෙනුවට සිදු වූයේ කුමක්ද? මරාගෙන මැරෙන බෝම්බ බිය රහිත වීම නිසා නැවත සංගීත සාජ්ජ එළිවෙන තුරු පැවැත්වීමයි. දැවැන්ත රණකාමී සංදර්ශන සංවිධානය කිරීමයි. ''මට ඕකව කතහැකි'' යැයි අඟනක් පාරම් බෑවේ එකී ප්‍රදර්ශනයක් නැරඹීමෙන් අනතුරුව රූපවාහිනී කැමරාවක් වෙතයි.
ක්‍රමයේ දුෂ්ඨ පීඩනය තුළ අපේක්ෂා භංග වී හිස්ටීරියාව වැළඳී, මානසික රෝගීන් වූවන් ගණන කෙතෙක් ද? මර්වින් සිල්වා රූපවාහිනී ආයතන තුළ යකා නැටීමත්, මානසික රෝගී තරුණයෙකු රථ කීපයකට ගල් ගැසීමත් අප වටහා ගත යුත්තේ කෙසේද? මානසික රෝගී තරුණයා මිය ගොසිනි. මර්වින්?

බලය අසල නිර්වින්දනය වන සමාජය දුර්වලත්වය අසල ප්‍රචණ්ඩ වෙයි. මෙවැනි තතු සහිත සමාජය, එකවිට නිර්වින්දිත සහ ප්‍රචණ්ඩ සමාජයක් ලෙස අපට හැඟී යා යුතුය. පුද්ගලිකව මිනිසුන් තුළ කැකෑරෙන විරෝධය පොදු අරගලයකට නොබැඳී තම අසල්වැසියා, දුබලයා, අන්‍යාගමිකයා, ත්‍රස්තවාදියා ආදී වශයෙන් අනෙකකු මතින් පිටව යයි.

තතු එසේ හෙයින්, මානසික රෝගී තරුණයාගේ මරණයට වගකිව යුත්තේ, එකී ම්ලේච්ඡ කොස්තාපල්වරයා පමණක් ද? නැත.... ඒ අසල රැස් කමින් නිසලව බලා හුන් සැමත් එය කැමරා කළවුන්, ප්‍රචාරය කළවුන්, මෙකල ජීවත්වන්නවුන්, එකල ජීවත් වූවන්, ඔබ සහ මම... ඒ මරණයේ, මිනීමැරුමේ කොටස් කරුවන් වෙමු.

නන්දිකඩාල් කලපුවේ ප්‍රභාකරන් මරා දමා විමුක්තිය සාක්ෂාත් වී යැයි හිතූ මිනිසුන් මානසික රෝගීන් ද මරා දමමින් මේ සොයන්නේ කවර නම් තුසිතයක් ද?
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
රට මෙහෙම කියනවා :
මේරටේ ඉන එවුන්ගේ පු... හාල්
හක්කෙ ලොලිපොප්....
නිර්දන පන්තිය ඇමති හොරුන්ගේ කක්කුසි බාල්දි
දියවන්නාවෙන් පුරොගෙන, පොලිමට...
සදි පැහැදි ඉදි...


කිවුව වෙලාව- 2011-01-14 06:43:13
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සඳුන් ප්‍රියංකර විතානගේගෙන් තවත් වියමන්
පොත්
පරාගේ "ක්ලැරා" සිරා ද?
පොත්
කලාව සහ කතිකාව- නූතන කලා සංස්කෘතික දෘෂ්ටිවාදී කතිකාව කෙරෙහි අකුටිල මැදිහත්වීමක්
පොත්
'කියන්නට හදන විදිහ' විසින් 'කියන්නට හදන දෙය' යටපත් කළ 'මගේ ආද‍රණීය යක්ෂණී'
පොත්
වීරයන් අවැසි සමයක - මරියා සිලොනිකා වස්තුව
පොත්
කියනු මැන දිවි අරුත- ගුණදාස අමරසේකර
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
ගෞතම බුද්ධ දේශනා කරයි.
කොහේ හෝ තිබී කියවූ පමණින්, මා (බුදුන්) හෝ කවුරුන් හෝ කී පමණින් කිසිවක් විශ්වාස නොකරන්න. එය ඔබේම නුවණින් සහ අවබෝධයෙන් පසක් වන්නේ නම් පමණක් විශ්වාස... [More]
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook