Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
අහස හැඩි වී ඇත කවි සංග්‍රහය- අත්‍යවශ්‍ය කියැවීමක්
බූන්දි, 02:39:25
රෝහණ පොතුලියැද්ද විසින් ලියූ කවි ඇතුලත් අහස හැඩි වී ඇත නමින් යුත් කවි එකතුවක් බූන්දියේ අපි කණ්ඩායම විසින් ප්‍රකාශයට පත් කර ටික දවසකි. විචාරක සහ මාධ්‍ය අවධානයට ඉතාමත් අඩුවෙන් (අවධානයට ලක් නොවූ තරම්) පාත්‍ර වුවද, එලෙස නවක කවීන් හය දෙනෙකුගේ කවි පොත් හයක් එලෙසම එළිදැක්වුණි. ලාංකීය කවිය පිළිසරණ අහිමිව අනාථව ඇතැයි දුක් අඳෝනා කියන සමහරු මෙවැනි උත්සාහයක් නොදැක්කා සේ සිටිති. බොහෝ විචාරකයන් වැරදීමකින්වත් මෙවැනි උත්සාහයන් දෙස නොබලති. එකළ, පෙදෙහි රස හව් විඳිනා - දෙනෙතා ඉතා දුලබෝ යනුවෙන් පවා පැවසිය හැකි විචාරක නිහඬියාව නිසාවෙනි, මේ ආධුනික සටහන.

වෙනස් වෙනස් ධාරාවන් ඔස්සේ, ඉදිරියට ගලායන නිදහස් කවියේ රැඩිකල් කවි ලෙස හැඳින්විය හැකි ධාරාවේ නිර්මාණ එකතුවක් ලෙස, මෙකවි හැඳින්විය හැකිය. බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ආස්ථානයක දැක්වුණු පරිදි අඳුරු යුගයක කවි ගී ලියවෙන්නේ අඳුරු යුගය ගැනය. කවියා මෙහිදී අප ජීවත් වන සමාජයේ අපට සමීප නෙක තතු විවරණය කරයි. සිය පෙරවදනින් සාධාරණීකරණය කර ඇති පරිදිම කවියා මල්, පත් මත නොනැවත මේ මහ පොළොව මත වර්තමාන ජීවිත මඩ ගොහොරුව තුල විමසුම් ඇසින් වටපිට බලමින් ඇවිද යයි.

ඒ ගමනේදී ඔහු නෙත ගැටෙන නේක සිදුවීම් අප හමුවේ කාව්‍යාත්මකව චිත්‍රණය කරයි. පොළොවෙන් ඉහලට නැග පලක් බැඳ නෙත් හෙළන ''අධිගමලාභී'' කවියන්ගෙන් වෙනස්ව අද්‍යතන, නූතන, ධනවාදී, පරිභෝජනවාදී සමාජය, එතුල සිටිමින්ම ඔහු විවරණය කරයි. ඔහුගේ සමහර කවි, විමසන කල සිහියට නැගෙන්නෙ මංජුල වෙඩිවර්ධන කවියාගේ අතීත නිර්මාණයන්ය. මංජුලගේ මම ලිඟුමාල වෙමි යන කවියත්, රෝහණගේ දේශානුරාගී යන නිර්මාණයත් විමසන්න. මංජුලගේ සිරි පතුල හා ගිරි සිරස කවියත් රෝහණගේ උස්මිටිකම් කවියත් විමසන්න. මංජුල විසින් අද එවැනි කවි නොලිව්ව ද රෝහණගෙන් ඒ අඩුව පිරෙන බවක් පෙනේ.

පළඟැටි ගීතය නම් රෝහණගේ කවි එකතුවේ ප්‍රථම කවිය තුල කුහුඹියා හා පළඟැටියා ගැන සඳහන් සම්ප්‍රදායික කතාව ඔහු අභියෝගයට ලක් කරයි. පළඟැටියාගේ ප්‍රවේශය රැඩිකල් ප්‍රවේශයකි. උණුසුම සාදාගැනීම වෙනුවෙන් තම ජීවිතයේ වින්දන පාර්ශ්වය අත්හල කුහුඹියාට පළඟැටියා පවසනුයේ දැන් සීතලේ මිය ගියද, තමා ලොව අරුම දැක ජීවිතය වින්දනය කර සතුටින් මියැදෙන පළඟැටිත්තෙකු බවය.

කල නොකළ කල කලවා නිර්මාණය ගෙන බලමු. මෙය සුපිරිතරු වසංගතයේ අත්දැකීමානුභූතිය කොට ගනී. එය සහෘද හද මනසට දුර අනුභූතියක් නොවේ. එය ඔහු තියුණු උපහාසයන්ද, එවැනිම උත්ප්‍රාසයක්ද සහිතව නිමවයි.

ඇන්ටනා තුරේ රූටා
අලූත් තරුවක් බසිනා තුරා
යෙහෙන් වැජඹෙව කලවයේ

රෝහණගේ කවි තුල ඇති සුවිශේෂය වන්නේ මෙයයි. එනම්, නූතන ධනවාදී සමාජයේ අධි පරිභෝජනවාදී සංස්කෘතියේ අත්දැකීම් රැඩිකල් කාව්‍යමය වහරකින් තියුණු උත්ප්‍රාසයකින් යුතුව සහෘදයා වෙත ගෙන ඒමයි.

මගේ සුභ උදෑසන නම් කවිය අපවෙත ගෙන එන අත්දැකීම නම් අතීතයේ,

ඇසෙන්නෙ කා කා හඬ සෑම පැත්තෙන්
නැගෙව් කියන්නා වැනි දැන්ම නින්දෙන්
දොරෙන් අඩක් මේ ඇරියාම එන්නේ
සිහිල් සුලං ආයුබෝවන් කියා මෙන්...

හෝ

පිණි බර යාමේ සැවුලන් හඬලනවා
අම්මා වටකර ලිප ගිනි මෙළ වෙනවා
කොළඹ රේල්ලූව රජ ගමනක යනවා
නැගිටින් පුතුනේ බිම්මල් හිනැහෙනවා...

ආදී වශයෙන් වර නැගුන අත් දැකීම රෝහණට අනුව,

සිහිනයේ අතර මැද
හැමදාම බෙල් වදී
සීතලද,.....ද හාමතද ගෙන
මේ දැන්ම යා යුතුයි..

...තිත්ත පිත ඔක්කාරයට ගෙනෙන
පඩත්තල (එෆ්.එම්) බෑඟිරිය
සෙත් පිරිතක් සේ ඉවසමි.

ඉර එන්න කලින් අහසට හා පොතට
රිංගුවොත් කොළඹට
කැළණි ගං තොටින්
දහසක් බුදුන් බුදුවන
ඒ සුභ උදෑසන මගෙයි.

වර්තමානිකයාගේ, ෆැන්ටසි වර්ණනා රහිත නමුත් කවි ලකුණු සහිත සබෑ උදෑසන ඔහු එලෙස අපවෙත ගෙන එයි.

රෝහණගේ තවත් කවියක් පිළිබඳව අවධානය යොමු කිරීමට පෙර, යම් උපුටනයක් ගෙන එය පහසුවක් කරගනිමි.

වොයිස් කට් බුද්ධිමතුන් විසින් මෙලෙස, අපයෝජනයට ලක් කරනු ලබන සමාජ විග්‍රයන්ට එරෙහිව ජනමතයක් සංවිධානය කළයුතු කාලය එළඹ තිබේ. අප වොයිස් කට් බුද්ධිමත්තු යනුවෙන් මෙහිලා අවධාරණය කරන්නේ, විද්‍යුත් මාධ්‍ය කැමරාවට හෝ මයික්‍රෆෝනයට හෝ සමාජ සංස්කෘතික කලා හා දේශපාලන ප්‍රස්තූතයන් පිළිබඳව යථාභූත ඥානයෙන් තොරව හිතළු අත්තනෝමත මනෝවිකාර ඇදබාන හෙවත් වොයිස් කට් ලබාදෙන අල්පශ්‍රැත ජනප්‍රියවාදී වෙළඳ මාධ්‍ය චරිත නිරූපණය කරන ඊනියා ලිබරල් වාදී පුද්ගල කණ්ඩායමය.

-වෙළඳ මාධ්‍ය හා බුද්ධිමත්තු
කුමාර ලියනගේ
ලංකා ඉරිදා සංග්‍රහය

එයට එරෙහිව ජනමත සංවිධානය වීමක් නොපෙනෙතත් හුදී ජනතාව බහුතරයක් මේ බොල් පිළිම සැබෑ සෙල් පිළිම සේ හඟිති. ඉහත විචාරකයා මැනවින් දැක්වූ පරිදි පසුබිමින් දැනට මෙලොව නැති ෆැන්ටසි ගම් ආදිය නිමවා ගෙන ලොව විශේෂිත යම් යම් දේ ගැන සංඛ්‍යා ලේඛන කටපාඩම් කරගෙන බෑඟිරි ගාන වොයිස් කට් බුද්ධිමතුන්ට රෝහණගේ බත් පණ්ඩිත කවිය තුළින් කන්සයට පහරක් එල්ල කරයි. 90 දශකයේදී පුද්ගලිකව සමාජ විඥාණයට දැඩි බලපෑම් කරන සමහර බොල් පුද්ගල චරිත ං කණ්ඩායමේ නිර්දය ප්‍රහාරයට ලක් වූ අයුරු සිහිපත් කරවයි.

ඒඩ්ස් මාරාන්තිකයි කවිය ඉතා සංවේදී එමෙන්ම, තියුණු දේශපාලන අදහසක් කාව්‍යමය ලෙස කැටිකර ගත්තකි. පරිධියේ කවියක් වැන්නකත් පූජාච පූජනීයානං වැනි කවියකත් කවි බස ගම් වැසි පදනරුත් රසසුන් බවටම වැටේ යන්න මත සිට විමසන්නෙකු සිත සසල කරවන් තරම් රළු බවක් ගත්තද මගේ අදහසට අනුව ඉහත නිර්මාණයන්හි අනුභූතීන්ට අදාලව රෝහණගේ වචන ජාඩියට මූඩිය මෙන් පෑහේ.

සමස්ථයක් ලෙස ගෙන බලන කල මෙම කවි එකතුවේ අහකට දැමීමට කවියක් මට නැත. ඒ අතරම වන මබිරිඳ උවැසියක වී, කෝ ඒ සමනළුන්, මා එක්ක පැමිණි ඔබ, සාදයට තනිව පැමිණි මහත්මිය වැනි නිර්මාණ අතිශය දුෂ්කර ජීවන කොන්දේසි මත ගෙවන්නේ වුවද ජීවිතයට පෙම් බන්දවයි.

නිර්මාණ එකතුව තුල යම් වාර්තාමය ව්‍යාජ රැඩිකල් බවකින් නිර්මාණද නැතුවා නොවේ. ජාතියේ නුගරුක, සංකා වැනි කවි වල ගුණ සුවඳ ඒවා වසා පැතිරෙයි.

බොහෝ කරුණු සඳහන් කළයුතු වුවද, මේ සටහන අවසන් කළ යුතු බැවින් රෝහණගෙන් ඉල්ලීමක්ද සහිතව සමුගනිමි. කවි පොතක් කවියෙකුගේ උපසම්පදාව සටහන් කලා වුවද, පුවත් පත් වල පිලිකන්න බවට පත්ව ඇතත් කවි පිටු අත නොහරින ලෙසයි. කොතරම් දුෂ්කරතා මධ්‍යයේ වුවද තවමත් කවි පිටු කියවන සහෘදයන්ගේ ප්‍රමාණය කවි පොතක් මිලට ගෙන කියවන රසිකයින්ගේ ප්‍රමාණයට වඩා වැඩිය.

කුසලානයක් නොවේ ජීවිතය - දිනුම් කණු පසු කළ විට ලබන
මේ දැන් මෙතැන මී විතකි - ඔබට මට රස විඳිත හැකි
-අහස හැඩි වී ඇත
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Rohana Pothuliyadda, Ahasa Hadi Wi Atha
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Kapila Jayavilal Herath මෙහෙම කියනවා :
MAMA NAM KIYANNE ROHANA THAMANGEMA MAGAK SOYANNA BAHOO WERA DARANAWA

කිවුව වෙලාව- 2011-02-01 04:26:02
Rasindu මෙහෙම කියනවා :
Boondiyata liyanna.potha ganna hakiy.

කිවුව වෙලාව- 2011-01-12 20:22:37
Anonymous මෙහෙම කියනවා :
මේ පොත ගන්න පුලුවන් කොහෙන්ද?

කිවුව වෙලාව- 2011-01-12 12:08:25
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සඳුන් ප්‍රියංකර විතානගේගෙන් තවත් වියමන්
පොත්
පරාගේ "ක්ලැරා" සිරා ද?
පොත්
කලාව සහ කතිකාව- නූතන කලා සංස්කෘතික දෘෂ්ටිවාදී කතිකාව කෙරෙහි අකුටිල මැදිහත්වීමක්
පොත්
'කියන්නට හදන විදිහ' විසින් 'කියන්නට හදන දෙය' යටපත් කළ 'මගේ ආද‍රණීය යක්ෂණී'
පොත්
වීරයන් අවැසි සමයක - මරියා සිලොනිකා වස්තුව
පොත්
කියනු මැන දිවි අරුත- ගුණදාස අමරසේකර
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
දාර්ශනිකයා සහ මී පැටවු
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ... [More]
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook