Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
කවියා සැඟවුණු සාදය සූදානම්ය.
මේ 2009 සැප්තැම්බරයේ දී බූන්දි ප්‍රකාශනයක් ලෙස එළි දැක්වූ ටිම්රාන් කීර්තිගේ සාදය සූදානම්ය කාව්‍ය සංග්‍රහය නිමිති කොට ගෙන තවත් තරුණ කවියෙකු වන සඳුන් ප්‍රියංකර විතානගේ විසින් ලියා එවන ලද කෙටි විචාර සටහනකි. සාදය ටිම්රාන් විසින් ඉකුත් සමයේ ලියූ කවි තිස් අටකින් සමන්විත වන අතර ඔහුගේ පළමු කවි සංග්‍රහයයි.
බූන්දි, 02:28:20
මෙය හුදෙක් පෞද්ගලික රුචිය, එල්බ ගෙන සිටින සංකල්ප ආදිය මත පදනම් ව ලියූ සටහනක් බව ප්‍රථමයෙන් කිව යුතුව ඇත. ටිම්රාන්ගේ කවි එකතුව දිගු විචාරයකට ලක් කිරීම, පරිණත විචාරකයන්ට තබා යම් අදහසක් පළ කරමි.

ප්‍රථම කොට මේ කවි එකතුව කොටස් දෙකකට බෙදා දක්වනු කැමත්තෙමි.
1. ආත්ම මූලික රචනා
2. සමාජ මූලික රචනා

1. ආත්ම මූලික රචනා

මින් මා අදහස් කරන්නේ, ටිම්රාන් තම ඇතුළු හදට නැඹුරු ව පෞද්ගලික අනුභූතීන් මත පිහිටා කළ නිර්මාණයන් ය. මේ අඩංගුව තුළ ඒවා විශාල ප්‍රමාණයක් වේ. මගේ අදහසට අනුව මේ කවි සංග්‍රහය සඳහා එකවි, ප්‍රමාණාත්මකව පවා වැඩිය. උදාහරණ ලෙස ''ඉඩ අවුරන ප්‍රේමයක්'', ''කොටදෙණියාව පාලම නොකීී කවිය'', ''ගිරි උල්ලේ ගල මා ඔයට නොකී කවිය'', ''සඳවතිය, ජීවිතය සහ මුර කුටිය'', ''කිරීටය අත් හළෙමි'' ආදී වශයෙන් තවත් කීපයක් සඳහන් කළ හැකිය.

මේ තුළ සාර්ථක නිර්මාණයක් දෙකක් නැතුවා නොවේ. පොදුවේ ගත් කළ, මේවා සහෘදයාට තම පොදු අත්දැකීමක් ලෙස රසවිඳීම උගහට ය. කොමා ලකුණු (උධෘත පාඨ) යොදා ඔහු වෙසෙසින් දක්වන පද තුළ ඔහුටම අනන්‍ය ද්වන්ධාර්ථ ඇතැයි හැඟුන ද ඒවා පොදුවේ අවබෝධ කොට ගත නොහෙන යෙදුම් ය. ''මා ඔය'', ''වනස්පති ප්‍රේමය'', ''තනිය'', ''ගිරග'', ''ප්‍රේමය'' ආදී වශයෙන්, මෙයින් යම් අරුතක් ජනනය කරතැයි හැඟුණ ද සහෘද හදට එය දුරස් ය. අසාර්ථක ය. මෙකළ, කවිය තුළ යම් අඩුවක්, සහෘදයාට අවබෝධ කොට ගත නොහෙන ගැඹුරක්, පැටලිලි සොබාවක් දැක්වීම සමහර කවීහු විසින් සිදු කරනු ලබති. බොහෝවුන් මේවා අස නිහඬ වන්නේ, තමා රස හීනයෙකැයි ද අන් අයට මේවා තේරුනු ඇතැයි ද සිතමිනි. එය හරියට රජුගේ සීතාම්බර සළුව මෙනි. ඒ අනුව ටිම්රාන් ද මේ ''සීතාම්බර කවි'' වෙත විතැන් වේදැයි මම බිය වෙමි.

මේ කවි තුළ ((1) වර්ගයේ) සාර්ථක නිර්මාණ (යම් පමණකට හෝ) ලෙස මා සිතන්නේ, ''ලොලිටා හමුවී'', ''සද්දන්ත ප්‍රේමයක කඳුළු'' ආදියයි. ඒ අතරින් ද, ''අපහසුයි මේ පිළිවෙල'' වෙසෙසින් දක්වමි.

2. සමාජ මූලික රචනා

වෙනත් අනුභූතීන් සහිත, බාහිර අනුභූතී සහිත රචනා ය. ටිම්රාන්ට හිමි සැබෑ කවි ලකුණු මෙකවි තුළ මම දකිමි. ඒවා ගැටළුවකින් තොරව සහෘදයාට තමාගේ ම අත්දැකීමක්ව ගෙන විඳිය හැකිය. ''වැලන්ටයින් නොදුටු කවිය'' සාර්ථකම නිමැවුමක් ලෙස හඟිමි.

'වැලන්ටයින්' නුදුටු කවිය

මං නොදන්න මලක් පිපිල
ගේ මැද වේවැල් රාක්කෙ
වැලන්ටයින් උනත් මොකද
ඒකත් තව එක් මලක් නෙ

රෙජිස්ටර් කරපු දවසෙ,
'කිරියි පැණියි වගේ යසට
හැමදාමත් ඉන්න ඕනෙ'
එහෙම කියලා නොතාරිසුත්
රන් එතනගෙ කන මිරිකුව
'ඌයි ' කියල හිනා වුණා
පව් ඒකිට රිදෙන්න ඇති

කෙකටිය මල් කඩන් ඇවිත්
පන්සල් යං කියද්දි මං
''බයිස්කෝප් බලන්න යං''
මතක් වෙනව එතන කිව්ව
කෝල කතා

ඒ සේරටමත් වැඩියෙන්
මුදලාලිගෙ ඇස් තිබුණට
එතන වැදුව පොඩි එකීගෙ
කිරි පුසුඹට මං ලෝබයි
ඒ පුසුඹට ගේ එළියයි
එතනයි පොඩි කෙලියි දෙන්න
මට මගෙ ඇස් දෙක වාගෙයි

එහිදී ඔහු යොදන ''කොමා ලකුණු'' ඵලදරයි. අරුත් ජනනය කරයි. ද්වන්ධාර්ථ සාර්ථක වෙයි. ''ඒ සේරටමත් වැඩියෙන් මුදලාලිගේ ඇස් තිබුණට....'' යනුවෙන් ඇරඹෙන කොටස තුළ නොසලකා හැරීමට, අවමානයට ලක් කොට තැබූවෙකුගේ නිර්මල මානුෂීයභාවය කදිමට නිරූපිතයි.

''හීනයට වෙඩි තැබීම'' එවැනි සාර්ථක වූවකි. ''හඬනු පෙම්බර දේශයේ'' සජු ගුණයම රූපක, උපමා අඩු බවම තුළ කවිය සාර්ථක වේ.

හඬනු පෙම්බර දේශය

මේ කතාවේ වීරයාගේ
ලේ පැල්ලම් තැවරුණේ
පිට පැත්තේය
මේ කවිය
සියලු දන
'රස නොවි‘ඳ'
වි‘ඳගත යුතුව ඇත්තේ
එනිසාය

පාලම් ඇන්ද මත සිට
ජීවිතේ ගැන
හීන තේරුව,
අලුත් හීනෙකට යාවී
පාලමෙන් එතෙර වුණ
වීරයා මියගිය කතාවේ
පාලම් ඇන්ද පාළුය

ඔහු මගේ
සොඟරුතම මිතුරාය
කෙළවරක් නැති
හීනවල නිමැවුම් කරුවාය
ශෝක රස - ලා ලියන
සමරු කවියක
යළි නොඑන
නිමිති කරුවාය

පෙම් බැන්ද දෙරණට
ඇණ ගැසූ දින හදවත
හීනයක මළගම
ඔහු නොලී කවි තුළින්
මට හමු විය

තරු පටි මකරන්ද යට
ඔප කළත් මරණය,
ජීවිතය උදෙසාම
කළ සටනක
සිහින් කෙඳිරුම
ඇසෙන්නේ
'යුද්ධයට වෙඩි තියන'
මිනිසුන්ට පමණය

කවිපද තුළින් වුව
සෙල් වෙඩි රිංගලා යන
මල් වෙඩි ගොළු වෙලා
තැන තැන සුසුම්ලන,

හඬනු පෙම්බර දේශය
පිරිමි පුතුගෙ
ලෙයින් හේදෙන

''සිල් බින්ඳ ගැහැණිය'', ''වේදනාත්මක සමු ගැනීම'' තවත් සාර්ථක කවි සඳහා උදාහරණ වේ.

අම්මා

සැවොම කියවන
ඉවරයක් වෙනතුරු
කිසිවෙකුත් කියවලා නැති
අපරිමිත දයාවේ
මහ පොත

අනෙක් අතට, කෙටි කවි ද කවියැයි හඟින මට අනුව ''අම්මා''හි ටිම්රාන් අසාර්ථක වන්නේ කෙටි කවියේ වරදකින් නොව කවියාගේ කෙටි කවිය තුළ හැසිරීම තුළ ය. එමෙන්ම ''මට හඬන්න දෙන්න'' කවිය මල් පන්නයේ ඕලාරික නිර්මාණයකි. රස හීන ය.

ටිම්රාන්ව පුම්බා උඩ නොයවන්නේ ඌට ආදරේ බැවිනි. මගේ යෝජනාව ටිම්රාන්ට මේ පාරෙන් එන්නට ය. පැරණි ගද්‍ය පද්‍ය සාහිත්‍ය ඇසුර, නූතන සාහිත්‍ය ප්‍රවණතා ඇසුර දැනට වඩා වැඩියෙන් මම ඔහුගෙන් ඉල්ලා සිටිමි. ඔහුගේ ''නස්රුදීන්'' වැනි සාර්ථක නිර්මාණයක් මෙම එකතුවට අඩංගු නොවීම ගැන කුකුස ද සහිතව සමු ගනිමි.

ටිම්රාන්ට සුභ පතමින් තව කවි පතමි.
බූන්දියේ වෙහෙසට හිස නමමි.

2009.10.08
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sadaya Sudanamya, D.M. Timran Keerthi, Sandun Priyankara Vithanage, Boondi Publications
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සඳුන් ප්‍රියංකර විතානගේගෙන් තවත් වියමන්
පොත්
පරාගේ "ක්ලැරා" සිරා ද?
පොත්
කලාව සහ කතිකාව- නූතන කලා සංස්කෘතික දෘෂ්ටිවාදී කතිකාව කෙරෙහි අකුටිල මැදිහත්වීමක්
පොත්
'කියන්නට හදන විදිහ' විසින් 'කියන්නට හදන දෙය' යටපත් කළ 'මගේ ආද‍රණීය යක්ෂණී'
පොත්
වීරයන් අවැසි සමයක - මරියා සිලොනිකා වස්තුව
පොත්
කියනු මැන දිවි අරුත- ගුණදාස අමරසේකර
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook