Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
නරුම ඊශ්‍රායලයේ මුහුදු මංකොල්ලය [1]
බූන්දි, 23:36:59
‘අපි සුදු කොඩි උස්සන් ඉන්නේ..... වෙඩි තියන්න එපා...එපා...’ යටිගිරියෙන් කෑ ගසමින් ඉල්ලා සිටින විටත් ඊශ්‍රායල් කොමාන්ඩෝ වරුන් ‘මාවි මාමරා’ (Mavi Marmara) නැවෙහි සිටි සහන සේවකයින්ට වෙඩි තැබූ බව සිද්ධිය ඇසින් දුටුවෙක් මාධ්‍යය වෙත වාර්තාකර තිබුණේය.

ගාසා තීරය වෙත සහනාධාර වශයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් රැගෙන යාමේ මෙම සාමකාමී ක්‍රියාවලිය යුදකාමී ඊශ්‍රායල් රජය විසින් කඩාකප්පල් කරන ලද්දේ සහන සේවකයින් ලෙසින් ස්වේච්ඡාවෙන් ලොව නන්දෙසින් පැමිණ නැව් මඟින් ගමන් කරමින් සිටි නිරායුද අහිංසකයින් 9 දෙනෙක් ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීමෙන්, 30 කට ආසන්න සංඛ්‍යාවකට තුවාල සිදුකිරීමෙන් සහ-

-ඉතිරි 600 කට ආසන්න සංඛ්‍යාවක් රැඳවුම් මධ්‍යස්ථාන කිහිපයක සිරගත කිරීමෙනි. මේ වන විට අල්ලාගත් ස්වේච්ඡා සහන සේවකයින් අතුරින් ස්ව-කැමත්තෙන් ඊශ්‍රායලයෙන් පිටත් වීම ‍තෝරාගත් පුද්ගලයින්ගෙන් 50 කට ආසන්න සංඛ්‍යාවක් නිදහස් කර ඇති අතර ඉහතින් දැක්වූයේ ඉන් එක් අයෙකුගේ බියකරු අත්දැකීමයි. රටවල් 40 කින් පැමිණි වයස අවුරුදු 1 සිට 80 දක්වා වූ මෙම පිරිස, හිටපු රාජතාන්ත්‍රිකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නිදහස් ජනමාධ්‍යවේදීන්, පුවත් වාර්තාකරුවන්, නොබෙල් සම්මානලාභියෙක් සහ නොයෙකුත් මට්ටමේ පලස්තීනයට ලැදි සිවිල් ක්‍රියාකාරීන්ගෙන් සමන්විත වූහ.

ඊශ්‍රායල් රජයේ අනුදැනුම ඇතිව ඊශ්‍රායල් ආරක්ෂක හමුදාවේ (Israel Defence Forces - IDF) කොමාන්ඩෝවරු මෙම සහන සේවක කන්ඩායම් රැගත් මාවි මාමරා නැව වෙත බලාත්කාරයෙන් ඇතුල් වී මෙම නරුම ප්‍රහාරය සිදු කර ඇති අතර, ආත්මාරක්ෂාව වෙනුවෙන් අතට හසුවූ දෙයකින් ඔවුන් පහර දුන්නා විනා ඊශ්‍රායල් ආරක්ෂක ඇමති එහුඩ් බැරැක් (Ehud Barak) චෝදනා කරන පරිදි වෙඩි තැබීමක් හෝ පිහි කිණිසි වැනි උල් ආයුධ වලින් පහර දීමක් සිදු නොවූ බව ඔහු තව දුරටත් තිර හඬින් පැවසීය.

අන්තර්ජාතික ස‍හයෝගීතා ව්‍යාපාරය (International Solidarity Movement - ISM) හා සබැඳි ගාසා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය (Free Gaza Movement -FGM) විසින් සංවිධානය කරන ලද, ‘ෆ්‍රීඩම් ‍ෆ්ලොටීලා’ (Freedom Flotilla) නම් වූ පලස්තීනයේ ගාසා නුවර වෙත සහනාධාර සැපයීමේ මෙම ව්‍යාපෘතියට නැව් අටක් යොදවා ගෙන තිබුණි. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉල්ලීම ද නොතකා ඊශ්‍රායලය හා ඊජිප්තුව එක්ව ගාසා තීරය වෙත ඇති සියළුම සැපයුම් මාර්ග බලාත්කාරයෙන් වසර තුනකට පමණ ඉහතදී වසා දැමීමෙන් මේ වන විට එහි ආර්ථිකය, සංවර්ධනය සහ ජීවත් වීමේ හැකියාවද අතිශයින්ම දුර්වල කර දමා ඇති බැවිනි. 2007 වසරේ සිට ගාසා තීරය මිලියන එකහමාරක ජනතාවක් රැඳවූ එළිමහන් සිර කඳවුරකි. පෘතුවිය මත ඇති විශාලතම එළිමහන් සිර කඳවුර වශයෙන් දේශපාලන විචාරකයින් විසින් හඳුන්වාදෙන මෙහි ජීවත්වෙන සෑම පුද්ගලයන් 5 ‍දෙනෙකුගෙන් 4 දෙනෙකුම යැපෙන්නේ ලැබෙන සහනාධාර වලිනි. ලෝක බැංකු වාර්තා අනුව එහි රැකියා විරහිතභාවය 50% අධිකය. පානීය ජලයෙන් 90% ක් බීමට නුසුදුසු තත්වයේ පවතී. 80% ගේ ආදායම දිනකට ඇමෙරිකානු ඩොලර් 1 කට ත් අඩුය. 15% අධික කුඩා දරුවෝ අති දරුණු මන්දපෝෂණයෙන් පෙ‍ළෙති. පසුගිය වසර කිහිපය තුළ ඊශ්‍රායලයේ ෂෙල් ප්‍රහාර නිසාවෙන් නිවාස 15,000 ක් ද ඇතුළුව පාසැල්, රෝහල්, සෞඛ්‍ය මධ්‍යස්ථාන, කර්මාන්තශාලා සහ ආගමික ස්ථාන විශාල සංඛ්‍යාවක් විනාශ විණි.

ටොන් 10,000 ක පමණ වූ වියළි ආහාර, ඇඳුම්, කූඩාරම්, බෙහෙත් වර්ග, සෙල්ලම් බඩු, සිමෙන්ති වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍යය ආදියෙන් සමන්විත මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ , නැව් වලට අසුරනු ලැබූයේ බලධාරීන්ගේ දැඩි පරීක්ෂාව යටතේ සයිප්‍රසයේ වරායකදීය. ගිණි අවි හෝ වෙනත් පිපිරුම් ද්‍රව්‍ය නොමැති බවට සහතික කර ගැනීම සයිප්‍රස් බලධාරීන්ගේ ප්‍රධාන ම අවශ්‍යතාවය වූ අතර , නැවට ගොඩ වීමට මත්තෙන් සියලුම පුද්ගලයින් ව තරාතිරම නොබලා එක්ස් රේ පරීක්ෂාවට පවා යොමුකළ බැව් වාර්තා විය.

තුර්කි, අයර්ලන්ත, කිරිබැටි සහ කොමොරස් රටවල ධජ එසවූ එම නැව් අටෙන් හයක් මැයි 30 ඉරිදා උදෑසන සයිප්‍රස් වෙරළ තීරයෙන් ගමනාරම්භ කළේ මැයි 31 සඳුදා හවස් යාමය වන විට ගාසා තීරය වෙත ලඟා වීමේ අරමුණෙනි. (ඉන් නැව් දෙකක ගමනාරම්භය යාන්ත්‍රික දුබලතාවයන් කිහිපයක් හේතුවෙන් පමා විණි.) මෙම නැව් හය ගාසා තීරය දක්වා ගමන් කරන බැව් දැනගත් වහාම, ඉරිදා රාත්‍රී 11 වන විට ඊශ්‍රායල් නාවික හමුදා විසින් සිය ප්‍රථම අනතුරු හැඟවුම නිකුත් කර තිබුණි. ඔවුන් සදහන් කරන ලද්දේ සියලුම නැව් ගාසා තීරයට නොගොස් ඊශ්‍රායලයේ ඈෂ්ඩොඩ් (Ashdod) වරාය වෙත රැගෙන යා යුතු බවයි. එහෙත් නැව් කණ්ඩායම මෙහෙයවූ මාවි මාමරා නැවෙහි කපිතාන් වරයා මෙම අනතුරු හැඟවුම නොසලකා ඉදිරියට ඇදෙන බැව් ඊශ්‍රායල් හමුදා වෙත දැනුම් දුන්නේ ඔවුන්ගේ ගමනාන්තය ගාසා තීරය වූ බැවින් හා නිසි අවසරපත් සහිත සිය චාරිකාව සියලුම ජාත්‍යන්තර නීති වලට අනුකූල වූ බැවිණි. එමෙන්ම ඒ වන විටත් සියලුම නැව් ගමන් කරමින් තිබුණේ ජාත්‍යන්තර මුහුදු සීමාව තුළය.

සිය අරමුණ ඉටු කර ගැනීමට නම් ඊශ්‍රායලය විසින් බලාත්කාරයෙන් වසා දමා ඇති සැපයුම් මාර්ගය බිඳිය යුතු බැවින් අනතුරක සේයාවක් සියල්ලන්ටම දැනුණු නමුදු මේ සාමකාමී නිරායුධ ප්‍රයත්නයට සියලුම ජාත්‍යාන්තර නීතීන් උල්ලංඝනය කරමින් මෙතරම් සාහසික සහ ම්ලේච්ඡ ප්‍රහාරයක් සිදු වෙතැයි කිසිවෙකු බලාපොරොත්තු නොවීය.
සඳුදාවට පහන් වෙමින් තිබිණි. අරුණෝදයටත් මත්තෙන් පාන්දර 4.45 වන විට ඊශ්‍රායල් නාවික හමුදාවේ ප්‍රහාරක නැව් 40 ක් පමණ සහනාධාර රැගත් නැව් හයේ කණ්ඩායම වට කර තිබුණි. ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය ව තිබූ සහන සේවකයින් 600 ක් පමණ දෙනා රැඳි මාවි මාමරා නැව වෙත පළමුව දුම් බෝම්බ සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර වූයේ බාධාවකින් තොරව කොමාන්ඩෝ භටයන් නැව‍ට ගොඩ බැස්සවීමේ අරමුණෙනි.

අල්ජසීරා රූපවාහිනිය සජීවීව වාර්තා කළ පරිදි ඊශ්‍රායල් නාවික හමුදා වෙඩි ප්‍රහාර එල්ල කරන අතරම හෙලිකොප්ටර් මගින් භටයන් නැව් කරා ගොඩ බස්සවා ඇති අතර, මුල් ප්‍රහාර වලින් ම ප්‍රධාන නැවේ කපිතාන්වරයා තුවාල ලබා ඇත. සජීවී විකාශය අතරමඟ නැවතිණි. අවසන් වරට ඇසුණේ “කට වහපිය ඔක්කෝම” හීබෲ භාෂාවෙන් දෙන ලද ඊශ්‍රායල් සොල්දාදුවෙකුගේ නියෝගයක් පමණි.

“නැවට කඩා වැදුණු ගමන් කොමාන්ඩෝවරු සහන සේවකයින්ට අමානුෂික ලෙස පහර දෙන්න පටන් ගත්තා. විදුලි සැර පවා ඇල්ලුවා. පහරදිය හැකි හැම ක්‍රමයක්ම යොදා ගත්තා. වෙඩි තැබීම් පටන් ගත්ත ගමන් නැව් තට්ටුව ලෙයින් පෙඟුණා.” සිද්ධිය ඇසින් දුටු තවත් සහන සේවිකාවක් විසින් වාර්තාකර තිබුණි.

ඊශ්‍රායල් ආරක්ෂක ඇමති එහුඩ් බැරැක් චෝදනා කරන පරිදි ප්‍රහාර සිදු කර ඇත්තේ, ඔවුන්ගේ කොමාන්ඩෝ භටයන් වෙත නැව තුළින් වෙඩි තැබීම් සිදුකළ බැවිණි. එහෙත් ගාසා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශක ඕඩ්රේ බොම්සේ (Audrey Bomse) පවසා තිබුණේ බලාත්කාරයෙන් නැව් වෙත ඇතුලු වූ ඊශ්‍රායල් හමුදාවට එරෙහිව ආත්මාරක්ෂාව පතා සිදු කරන ලද සුළු විරෝධතා හැරුණු කොට, නැව තුළින් වෙඩි තැබීම් සිදු කළ බවට කිසිදු සාක්ෂියක් නැති බවයි.

‘මම දන්නෙ නැහැ පිහි කිණිසි ගැන. ඒත් ඔබ දකින්න ඇති තුර්කි නැවේ සිට ගත් සජීවී දර්ශන. එහි දකින්නට තිබුණේ හෙලිකොප්ටර් වලින් කොමාන්ඩෝවරු වෙඩි තියන හැටි මිසක් නැවේ සිටි අය වෙඩි තියන හැටි නොවෙයි’ ‘මේක තනිකර ම මුහුදු මංකොල්ලයක්. ඒක හරිම අමානුෂිකයි, පිළිකුල් සහගතයි. ඔවුන් බලාත්කාරයෙන් නැවට ඇතුල් වී අහිංසක මිනිසුන් මරා දැම්මා’ ඔහු තවදුරටත් පැවසීය.

මිය ගිය සහ තුවාල ලත් සංඛ්‍යාව පිළිබද නිවැරදි වාර්තා මේ වනතෙක් නොමැති නමුදු පුද්ගලයින් 10-20 අතර ප්‍රමාණයක් මියගොස් 60 කට ආසන්න ප්‍රමාණයක් තුවාල ලබා ඇති බව, ඇසින් දුටුවන් විසින් අනුමාන කර තිබුණි (නිශ්චිත තොරතුරු අනුව 9 දෙනෙකු මියගොස් ඇත. එයින් 4 දෙනෙකු තුර්කි ජාතිකයන් වන අතර අනෙක් 5 දෙනා පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැත).

පුද්ගලයින් 679 ක් වූ සම්පූර්ණ ස්වේච්ඡා සහන කණ්ඩායමේ ඉතිරි වූ සියලු දෙනා අත් අඩංගුවට ගෙන දකුණු ඊශ්‍රායලයේ රඳවා ඇති බැව් ඊශ්‍රායල් රජය විසින් මාධ්‍යය වෙත වාර්තා කර තිබුණි. එහෙත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ට අත් අඩංගුවට පත් වූවන් මුණගැසීමට ඉඩ නොදීමෙන් ඔවුන් අතර සිටින තුවාලකරුවන්ගේ තත්වය පිළිබඳ සැක කටයුතු බැව් ගාසා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකාවක වූ බ්‍රිතාන්‍ය ජාතික ෂැරින් ලොක් (Sharyn Lock) පවසා තිබුණි.
‘පලස්තීනයේ ගිලන් රථ සේවා සමඟ ස්වේච්ඡාවෙන් වැඩකිරීමෙන් ඇති අත් දැකීම් අනුව මම දන්නවා ඊශ්‍රායලය නිරතුරුවම තුවාලකරුවන් වෙත අවශ්‍ය පරිදි ප්‍රතිකාර නොකර මඟ හැරීමෙන් මැරෙන්නට ඉඩහරින බව’ ඇය පැවසුවාය.

යුදකාමී ඊශ්‍රායලය සෑම විටම බලාත්කාරයෙන් උදුරා ගෙන මස් කැබැල්ලක් බුදින දඩයම් බල්ලෙකු වැනිය. මස් කැබැල්ල රැක ගැනීම සදහා ගෙරවීමට සහ සපා කෑමට, වැඩියෙන් කාලය යොදවන දඩයම් බල්ලාගේ ක්‍රියා කලාපය ඊශ්‍රායලයේ යුද ක්‍රියාකාරීත්වය තුළ මැනවින් දිස්වේ.

වසර දෙකක් වැනි මෑත අතීතයේ (2008-2009) ඊශ්‍රායල් හමුදා විසින් කුඩා දරුවන්ද ඇතුලුව අහිංසක පලස්තීන වැසියන් 1400 ක් දෙනා ඝාතනය කර, 50,000 පිරිසක් අවතැන් කරන ලදී. එහිදී සිදුකරන ලද අමානුෂික ගුවන් ප්‍රහාර වලින් ගාසා තීරයේ ගොඩනැගිලි හා යටිතල පහසුකම් විශාල ප්‍රමාණයක් කුඩුපට්ටම් කර දමන ලද අතර මිලියන එකහමාරක වැසියන් වර්ග කිලෝමීටර 360 ක පමණ ප්‍රදේශයක තව දුරටත් කූඩුකර තබන ලදී.

ෆ්‍රීඩම් ‍ෆ්ලොටීලා වෙත ප්‍රහාරයට පෙර සතිය පුරාමත් ඊශ්‍රායලයේ පුරුදු මිලිටරි උන්නතිකාමය ඉස්මතු වී තිබුණේ එහි පැවැත්වූ අති දැවැන්ත වාර්ෂික යුද පෙර පුහුණුව නිසාවෙනි. දින පහක් පුරා පැවති මෙම යුද වැඩ මුළුවෙන් නොදන්වා එල්ල කළ ව්‍යාජ යුද ප්‍රහාර අතරතුර, ආරක්ෂ‍ක හා ගලවා ගැනීමේ කණ්ඩායම් විසින් රට පුරා ඊශ්‍රායල් වැසියන් බංකර් හා ආරක්ෂක ස්ථාන වෙත ගාල් කිරීමට සහ අනෙකුත් ආරක්ෂක ක්‍රියා මාර්ග සඳහා පුරුදු පුහුණු කරන ලදී.

එමෙන්ම මේ වන තුරුත් ගාසා තීරය වෙත වරින් වර එල්ලවෙන ගුවන් ප්‍රහාර වල අවසානයක් නොමැත. පසුගිය සති‍යේ බදාදා ද නැවත වතාවක් ගාසා තීරය වෙත ගුවන් ප්‍රහාර එල්ල කළේය. ප්‍රහාර හේතුවෙන් නිරායුධ පලස්තීන පුරවැසියන් 3 දෙනෙකු ඝාතනයට ලක් වූ අතර 22 කු පමණ තුවාල ලබා තිබුණි. වෙඩි තැබීමකින් තවත් තැනෙක පලස්තීන වැසියන් දෙදෙනෙක් මරා දමා තිබුණි.

ලොව පුරා වෙසෙන පලස්තීන ලැදි ජනතාව සහ සාම ක්‍රියාකාරීන් ගේ විරෝධතා උද්ඝෝෂණ නිසාවෙන් බොහෝ රට වල වීදී පසුගිය සතිය පුරා පිරී පැවතුණු අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය හා නේටෝ සංවිධානයද ඇතුළුව ඉරානය, සිරියාව, ලෙබනනය හා රුසියාව (මේ වන විට බ්‍රිතාන්‍යයද) ඇතුළු සමහර රටවල් ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය හෙළා දකිමින් රාජතාන්ත්‍රික මට්ටමේ නිවේදන නිකුත් කර තිබුණි.

සහනාධාර රැගත් නැව් වෙත සිදු කළ ප්‍රහාරයන්ට එරෙහිව දැඩි ව විරෝධයක් පළ කර තිබුණේ තුර්කි අගමැති වරයාය. ඒ සහනාධාර රැගත් නැව් අතර තුර්කි නැව් කිහිපයක්ම තිබීමත් සහනාධාර කණ්ඩායමේ ක්‍රියාකාරීන් වැඩි පිරිසක් තුර්කි ජාතිකයින් වීමත් නිසාවෙන් විය හැක.

‘ඊශ්‍රායලය අපේ (තුර්කියේ) ඉවසීම පරීක්ෂා නොකළ යුතුයි. මේ සිදු කළ මේලේච්ඡ සහ කෲර ඝාතන වෙනුවෙන් ඔවුන් දඬුවම් ලැබිය යුතුයි’ තුර්කි අගමැති වරයා ප්‍රකාශ කර තිබුණේය. වහාම ක්‍රියාත්මක වන පරිදි තුර්කි තානාපති වරයා ද ඊශ්‍රායලයෙන් ඉවත් කරගෙන තිබුණි.

එහෙත් දුර්වලම ප්‍රකාශය නිකුත් කර තිබුණේ කවදත් ඊශ්‍රායලයේ යුද අපරාද සඟවමින් ඔවුන් සුරැකීමේ ප්‍රතිපත්තියක පිහිටා සිටින ඇමෙරිකා එක්සත් ජනපදය විසිනි. ‘පස්සෙ කියන්නම්’ න්‍යායෙන් පිළිතුරු දී ඇති බැරැක් ඔබාමා ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය හෙළා නොදැක ඝාතනයට ලක් වූවන් වෙනුවෙන් ශෝක වන බව පමණක් දැන්වීය. අඩුම වශයෙන් අත් අඩංගුවට පත්ව සිටින ආමෙරිකානු පුරවැසියන් වහාම ‍සිය රටට ගෙන්වා ගැනීමටවත් උනන්දුවක් දක්වන බවක් නො‍පෙනුණි.

ඊශ්‍රායලයේ මෙම සාහසික ප්‍රහාරය සහ ඝාතනය කිරීම් ජාත්‍යන්තර නීතියට පටහැනිය. එය ම්ලේච්ඡය. කෲරය. පලස්තීන වැසියන් ගාසා තීරුව තුළ සිරකර තැබීම සහ ඔවුන් වෙත නිරතුරුවම ගුවනින් හා ගොඩබිමින් ෂෙල් ප්‍රහාර එල්ල කිරීම තරමට ම එය අමානුෂිකය. ඔවුන් පලස්තීන වැසියන් ව පිළිකුල් සහගත ලෙස දඬුවම් කරන අයුරින්ම ඔවුනට එරෙහිවන ඕනෑම අයෙකු විනාශ කිරීමට සූදානම් බව 2003 වසරේදී සිදු කළ රේචල් කෝරී (Rachel Corrie) ඝාතනය මෙන්ම මෙම සිද්ධියෙන් ද කියා පායි (රේචල් කෝරී, 23 හැවිරිදි ඇමෙරිකානු ජාතික තරුණියකි. ඊශ්‍රායල් හමුදා විසින් පලස්තීන වැසියෙකුගේ නිවෙසක් බුල්ඩෝසර් කිරීමට එරෙහිව වි‍රුද්ධත්වය ප්‍රකාශ කිරීමේදී ඇයව එම බුල්ඩෝසරයටම යට කර මරා දමන ලදී). ඊශ්‍රායලයේ මේ ‍ම්ලේච්ඡ ක්‍රියා මෙන්ම එම ම්ලේච්ඡ බව ප්‍රසිද්ධියේම සුරකින ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රමුඛ බටහිර ධනවාදී රාජ්‍යයන් ද නියත වශයෙන් ම හෙළිදරව් කළ යුතු බවත් ඔවුනට එරෙහිව දේශපාලනිකව විරෝධතාවය පෑ යුතු බවත් වාම වාදී විචාරකයෝ පෙන්වා දෙන්නේ එබැවිනි.

2010 ජුනි 02

පසු සටහන:

මේ වන විට නේටෝ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ අනෙකුත් විදෙස් රටවලින් මෙන් ම පලස්තීනයට ලැදි සංවිධාන වලින් ද නැඟි විරෝධතා හේතුකොට ගෙන ඊශ්‍රායලය විසින් අත් අඩංගුවට ගන්නා ලද සියළුම සහන සේවකයින් නිදහස් කර ඇත. ඊජිප්තුව විසින් වසා දමා තිබූ ගාසා තීරයේ සැපයුම් මාර්ගය සහනාධාර රැගෙන යෑම පිණිස ඔවුන් තාවකාලිකව විවෘත කර ඇති අතර පමා වී පිටත් වුණු එක් නැවක් එම මාර්ගය හරහා සහනාධාර රැගෙන ගාසා තීරුව කරා ළං වෙමින් තිබෙන බව ගාසා නිදහස් කර ගැනීමේ ව්‍යාපාරයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Israel, Free Gaza Movement -FGM, Israel Defence Forces - IDF
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Anonymous මෙහෙම කියනවා :
ඒක ඇත්ත. මේක සහනාධාර අරන් ගිය නැවක්නෙ. පුංචි ළමයිත් පවා ඉදල
තියෙනව.ආයුධ මොකුත්ම තිබිල නෑ.


කිවුව වෙලාව- 2010-06-07 13:50:01
Anonymous මෙහෙම කියනවා :
මෙතන ප්‍රශ්නය ඊශ්‍රායල් ද පලස්තීන ද කියන එකට වඩා නිරායුධ ආධාර නැවකට පහර දෙන්නේ ඇයිද කියන කාරණාවයි.. අනික මේ අය ලංකාවේ උනා යැයි කියන්නා වගේ අවි අමෝරා ගත්තු පලස්තීන කාරයො එක්ක සම්මිශ්‍ර වෙලා ඊශ්‍රායල් කාරයින්ට වෙන්කර හදුනා ගන්න බැරි වෙන විදියට හිටියෙ නැහැ නෙ...

Posted by Anonymous to බූන්දි|BOONDI at 5 June 2010 23:27


කිවුව වෙලාව- 2010-06-06 21:10:25
Anonymous මෙහෙම කියනවා :
As far as I know Muslims are spreading hatred among the nations and Israel is the only country or the movement fight against it.

So called Palestinians, PATA, Hamas and Hezbollah group trained the LTTE too.

I say these Muslim extremist deserve it. Out of 100, 80 Palestinians are terrorists. Let them learn the same lesson.

Posted by Anonymous to බූන්දි|BOONDI at 5 June 2010 11:11


කිවුව වෙලාව- 2010-06-06 21:10:03
maCca මෙහෙම කියනවා :
දිමුතු,
wimal weerawanshage jathiye gam mattek ban.
ohema wenawa samahara ewunta wass kaleta


කිවුව වෙලාව- 2010-06-03 21:37:02
දිමුතු මෙහෙම කියනවා :
සුද්ද කව්ද , මට නම් සුද්දෙක් හොයා ගන්න බැරි උනා

Posted by දිමුතු to බූන්දි|BOONDI at 3 June 2010 14:49


කිවුව වෙලාව- 2010-06-03 21:35:56
Anonymous මෙහෙම කියනවා :
suddanta kade yanna epa..

Posted by Anonymous to බූන්දි|BOONDI at 3 June 2010 12:56


කිවුව වෙලාව- 2010-06-03 21:13:57
Janitha Jeewantha මෙහෙම කියනවා :
Palestin never can beat Israel. I thought Palestin should capitulation. Other-wise they always wasiting their time, like they did in past under Yasser Arafat. For thaT Palestinian need mind revolution.

කිවුව වෙලාව- 2010-06-03 01:14:04
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මහේෂ් මුණසිංහගෙන් තවත් වියමන්
කවි
ඔබ
කවි
කළුවර
කවි
නික්මීම
කරන්ට්ස්
FLASHBACKS
කරන්ට්ස්
රුක්ෂ සාසනේ
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
ජුලියන් අසාංශේ කියයි.
...අප හැම ජීවත්වන්නේ එක්වරකි. එබැවින්ම අපට ලැබී ඇති කාලයෙන් යහපත් ප‍්‍රයෝජනයක් ගැනීමත් අර්ථවත් සහ තෘප්තිකර දෙයක් කිරීමත් අප සතු වගකීමකි. මා යෙදී සිටින්නේ අර්ථවත් සහ... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook