Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
කාලෝට සහ වාසුට
බූන්දි, 22:15:45
ඈත දුර දිගට විහිදුණු
තැනිතලාවේ සිට
මං හසර සෙවූ සඳ
මඟ පෙන්වූ උස් කඳුපෙළ
කාලයේ වලා තිමිරයෙන්
වැසී ගොස් ඇත

එනමුදු,
ඔබ පමණක්
තවම උස්ව නැඟී සිටී

එනමුදු,
කුමක් වීද
ඒ සරුසාර හරිතවත් තුරුලතා පිරි
සුන්දරත්වයට,
ගලා බැස ගිය
නිල්වන් සොඳුරු දියවැල්වලට

සතර වටින් හමා ආ
මහෝඝයන් ඉදිරියේ
නෙතට උළෙලක් වූ
ඒ තුරුලතා පෙළ
පවිටු මාර සේනා විසින්
සුණු විසුණු කර ඇත

මහා තැනිතලා බිම සරු කළ
අප සා පිපාසා ද නිවූ
ඒ සොඳුරු දියවැල්
සිඳී ගොසිනි....

කඳුළු පිරි දෑසින් බලා සිටිමි
පවිටු සෙන් නඟන උස් හඬ
තුරු පෙළින් දියවැල්වලින් තොර
ඔබ මත
අටවාගෙන නෙක කූඩාරම්
ඔබගේ ජීවය සිඳී ගොස්ය

නැත පෙනෙන මානෙක
මේඝ වලාවක සේයාවක්වත්
හෙළා මහවැසි
සෝදා හැර පවිටුන්
යළි පුබුවන්නට
ඔබ මත
ඒ තුරුලතා පෙළ
යළි උපදින්නට
ඒ මනරම් දියවැල්

බලා සිටිමි
කඳුළු පිරි දෙනෙතින්
තවමත් උස්ව නැගී සිටින ඔබ දෙස
ඉස්සුවේ- [රාවය- 18 පිටුවෙන්]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Carlo Fonseka, Wasudeva Nanayakkara
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
චන්දරේ මෙහෙම කියනවා :
18වන ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡුන්දයදීමට ආණ්ඩුවේ
වාමාංශික එකමුතුවේ මන්ත‍්‍රීවරු 5දෙනා තීරණය කරනු ලැබූ බවත්,
ඒ අනුව තමාද ඇතුලූව එම එකමුතුවේ සහයෝගය ආණ්ඩුවට
ලබාදෙන බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ පා.ම. වාසුදේව
නානායක්කාර මහතා අප කළ විමසීමකදී පැවසීය. එසේ වුවද විධායක
ජනාධිපති ක‍්‍රමයට එරෙහිව තම එකමුතුව අඛන්ඩව සටන් කරන බවද
හෙතෙම සඳහන් කළේය.

හහ් හහ් හහ් හි හි හි හු හු හු හෙ හෙ හෙ හො හො හො හහ් හහ් හහ් හි හි හි හු හු හු හෙ හෙ හෙ හො හො හො හහ් හහ් හහ් හි හි හි හු හු හු හෙ හෙ හෙ හො හො හොහහ් හහ් හහ් හි හි හි හු හු හු හෙ හෙ හෙ හො හො හො


කිවුව වෙලාව- 2010-09-15 16:34:29
gadfly මෙහෙම කියනවා :
it seems that nirmal is also facing the same fate as his former political gurus. I don't understand why we should have emotinal feelings toward these guys .

කිවුව වෙලාව- 2010-06-14 12:20:09
Piyal මෙහෙම කියනවා :
ඈත දුර අතීතයට විහිදුන
ස්වාධීන තැනි තලාවේ සිට
මන්මුලාවී මග සොයන සඳ
මග පෙන්වූ උස් කඳු පෙළ

මෝහයේ වලා තිරයෙන්
සදා වැසී ඇත
එනමුදු

බාහු පමණක්
තනිව නැගී සිටී

එනමුදු
කුමක්වීද
ඒ මිනිස්කමින් සරුසාරවූ
වීරයන්ට
දෝරේ ගලා ගිය
වේගවත් වදන්වැල් වලට

සතර වටින් හමා ආ
ජාතිවාදය ඉදිරියේ
නෙතට අඳුනක්වූ
ඒ මිනිස් කැල
පවි‍ටු ම....ජ ..අතින්
උඩු යටි කුරු ව ඇත

තැලුන සිත් සතු‍ටු කළ
අපෙ එඩියද වැඩූ
ඒ අභීත කටවල්
වියළි ගොස් ඇත

බියෙන් පිරි දෑසින් බලා සිටිමි
ම ර සෙන් නගන ජය හඬ
අදීන හඬකින් තොර
ඔබ සැම
ඇදුන පසු ඒ දන්සලට
ඔබ මළ කදන් සේ විය

නෙත පෙනෙන මානෙක
නැත සැනසුමක ලකුණක්
යොදා ජනබල
එලවා හැර ම....ජුන්
යලි අවදිකරන්නට

ඒ හඬ
ඒ මිනිස්කම

යලි උපද්දන්න
සාමයේ මල්වැල්
නොහැකිය මෙමට

මේ ජහමනයා දෙස
තවත් ඇස් ඇරගෙනම
බලා හිටපන් වමා
උඹේ දිවි ගෙවෙනතුරු...!


කිවුව වෙලාව- 2010-05-28 03:12:29
A READER මෙහෙම කියනවා :
chandare kiwuwa kaviya- meka hodayi me karlo-wushu kawiyata wadiya..

21 වන සියවසේ සිංහල – බෞද්ධ ඡන්ද දායකයාගේ විචාරාත්මක හෘදසාක්ෂියේ කවිය
නිර්මාල් රංජිත් දේවසිරි විසිනි


චම්පික මැතිදු පිං දී තිබුණි සැමට
මනාප දුන් එතුමන්ට

සෙස්සන් පිදුවේ
“ප්‍රණාමය”, “උපහාරය” වැනි
ලාභ වදන් පමණි
ඒවා කන්නද?

“පිං” ඒ වගේද?

ලබන ආත්මේ කැබිනට් ඇමති කෙනෙක්
නැතිනම්, කැබිනට් නොවන ඇමති කෙනෙක්
ඒත් නැතිනම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කෙනෙක් (අධීක්ෂක බලයද ඇතිව)
අඩුම වශයෙන් විපක්ෂ මන්ත්‍රී කෙනෙක්වත්
වී උපදින්නට
ඒ පිං මදි නොවේවිද?

හදිසියේම සිහිවුණි
20 වන සියවසේදි
“සැඳෑ බලය” ගැනැ
කුමරතුඟු මුනිදස් පඩිතුමන් කි වදන්

“ඔබට ලැබී ඇති සැඳෑ බලය සිහලුනි
දීන කම නසන ගුරු ක‍ෙමකි නොදෙ‍විනි
අණට බණට මිලයට දුනහොතිනි
රටට පිහිට කවරද විමසව් නැණිනි”
කම් නැත,
පිනට දුන්නාට වරදක් ඇතැයි “සැඳෑ බලය” එතුමා කියා නෑ නොවැ!

හදිසියේම……..
කුකුසක් නැගිනි පව්කාර මා සිතට
කවර නම් පිංකමක් ද කලේ මා
මනාපය දී චම්පික මැතිදුන්ට?

සෙසු උතුමන් මෙන්ම
එතුමන්ද
ජනතා සේවයට මැ ඇප කැප වී සිටිනා උතුමෙක් නොවේද?
මනාපය ලැබූයේ ඒ උදෙසාම නොවේද?
ඉදින්
එතුමන්ගේ වටිනා ජීවිතය අප උදෙස‍ා කැප කිරීම ගැන
අප නොවේද එතුමන්ට පිං දිය යුත්තේ
නොකල පිංකමක් උදෙසා පිං ලැබීම
පව්කාර කමක් දෝ මංදා!

කම් නැත!
අප වැනි නිවටුන්ට සේවය කරනට
ඉස්පාසුවක් ලැබීම මැ
මහානුභාව සම්පන්න පිංකමක් මැ නොවේද?
ඒ පිංකම කරනට වරම් දීමෙන් එතුමනට
අපද කර ගත්තේ
පිංකමක් මැ නොවේද?


කිවුව වෙලාව- 2010-05-25 22:39:23
SudarshanA මෙහෙම කියනවා :
HALI CHOKE KAWIYAKNE
AY ME BANINNE?


කිවුව වෙලාව- 2010-05-25 22:36:31
චන්දරේ මෙහෙම කියනවා :
මෙච්චර කල් කවියට ඉමහත් සේවයක් කරපු වමා කවි ලියන්න පටන් අරං...චම්පික රණවකටත් කවියක් ලියලා තිබුනා... තව ලිස්ට් එකේ ඇති...මහින්ද, රනිල්, දීප්ති, පැරකුම්, ප්‍රභා මනුරත්න, තිස්ස විතාරණ.....

ගිහින් බලන්න kathika.wordpress.com/2010/04/26/


කිවුව වෙලාව- 2010-05-25 15:54:35
Sumena Gomes මෙහෙම කියනවා :
amapa umbatanum hodetama pissu nirmal, lagedi idela mokade bote vahila inne yakka, u wame ykade ahemath nathnum pra de, pashchath nuthena wdida, pashchath marx wadida ?.
athetama mokade bolun, umbema kiwe nathnum apita hithganda ba, mokeda umbeta kalen kaleta vahicha yakkunta anuwa.


කිවුව වෙලාව- 2010-05-25 07:15:26
බුද්ධික මෙහෙම කියනවා :
රෙජිනෝල්ඞ් මෙන්ඩිස්ව දැනගන්න හිරු පත්තරේ කියවන්න ඕනෙ නෑ. වම ජෝක් එකක් බවට පත් කරන්න සහ නිර්මල් වගේ අය ඒ වමේ වීරයෝ විදිහට ඉතුරු කරන්න වාසු හා කාලෝ කරපු දේවල් දැනගන්න වමේ පොතේ ගුරෙක් වෙන්න ඕනෙත් නෑ. අහසේ සිංහල තරුව හොයන කෙනා කිව්වෙ වගේ සුරුවම් වන්දනා කරපු කාලේ ගිහිල්ලා.

කිවුව වෙලාව- 2010-05-25 05:43:57
Koka මෙහෙම කියනවා :
Regi= Vasu : menna bayilaa

කිවුව වෙලාව- 2010-05-25 05:01:00
Rishi මෙහෙම කියනවා :
@Nirmal Ranjith Dewasiri

Regi Mendis?
tell me a bit about him
that might be useful 4 all


කිවුව වෙලාව- 2010-05-25 04:58:54
Nirmal Ranjith Dewasiri මෙහෙම කියනවා :
I can understand why the present generation has no emotional feelings about these old fallen heroes. But we belong to a different generation. We learned a lot from them. When we looked around for ideals we saw them as real fighters. Therefore they were our "Political fathers". We cannot abandon our fathers whatever happened to them now. It is true that the present generation has no sensitivity to feel our emotions about them. Hiru news paper carried an issue about another such old hero, Regi Mendis. Perhaps young generation has to look at it.

කිවුව වෙලාව- 2010-05-25 04:15:21
වික්‍රමසිරි මෙහෙම කියනවා :
[BOONDI " L i v e "] BOONDI.LK [ කාලෝට සහ වාසුට - [නිර්මාල් රංජිත් දේවසිරි] ]

මට ආපු Email එකේ Heading එක තිබුනෙ මෙහෙම. ම‍ට හිතෙන්නෙ වැරදීමක්. අනිත් එක නිර්මාල් රංජිත් දේවසිරි කවි ලියන කෙනෙක් නොවෙයි නේද? මෙහෙම වෙන්න ඕනා.

[BOONDI " L i v e "] BOONDI.LK [ කාලෝට සහ වාසුට - නිර්මාල් රංජිත් දේවසිරිට ]


කිවුව වෙලාව- 2010-05-25 04:07:23
Kamalika Tennakoon මෙහෙම කියනවා :
ඒ අඬනහැටි අසා
මටම හිතුනා
කාට පිස්සුද ?:P
ඇත්තටම කියා


කිවුව වෙලාව- 2010-05-25 03:07:02
Hashitha Abeywardana මෙහෙම කියනවා :
ඇයි දැන් ඔහුත් ඇතුලත්
සසප මධ්‍යම කමිටුව
පක්ෂය වැදගත් නෙව
ප්‍රතිපත්ති වලට කෙළවී ගියද


කිවුව වෙලාව- 2010-05-25 03:06:41
Kamalika Tennakoon- මෙහෙම කියනවා :
දැන් වැලපිලා කුමටද ??
පෙරහැර ගිහිං අවසන


කිවුව වෙලාව- 2010-05-25 03:06:21
Hasantha Gunaweera මෙහෙම කියනවා :
the ex-Marxist Vasu, now became the rajawasala kawataya (joker of the royal palace)

@FB


කිවුව වෙලාව- 2010-05-25 03:03:51
Voodoo මෙහෙම කියනවා :
MATA THERENNE NAHA AYI NIRMAL RANJIT DEVASIRI ME MALAGIYA PRANAKARAYO WENUWEN WELAWA NASTHI KARANNE KIYALA. MUN MOKKUDA? KUKKO. BALU KUKKO. META WADA HONDAYI WELAKA INNA PABAYO GANA LIYANA EKA

කිවුව වෙලාව- 2010-05-25 01:58:45
ජෝති මෙහෙම කියනවා :
ඔබ නිදන්න...ඔබ නිදන්න සුවෙන් සැතපිලා...
පා අද්දර මම ඉන්නම් කදුළු සල සලා..


කිවුව වෙලාව- 2010-05-25 01:06:07
maCca මෙහෙම කියනවා :
wasudewa dan manthri neda?
karlo lokkatath chit ekak wada karalada?


කිවුව වෙලාව- 2010-05-25 00:42:45
Hashitha Abeywardana මෙහෙම කියනවා :
නාය යන කඳු දැක
වමා වැලපෙයි
කඳුලු සල සල

@BLive


කිවුව වෙලාව- 2010-05-24 23:46:28
Jayarathna Florists මෙහෙම කියනවා :
RIP
KARLO, WASU AND NRD!!!!

-Jayarathna Florists
Opposite the borella cemetery
Colombo 08


කිවුව වෙලාව- 2010-05-24 23:20:19
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
නිර්මාල් රංජිත් දේවසිරිගෙන් තවත් වියමන්
Cine
බහුචිතවාදීයා- සමකාලීන අගනාගරික සමාජ සැකැස්ම සහ එහි දේශපාලන ආර්ථීකය පිළිබද නියෝජනයක් ලෙස
අදහස්
මාධ්‍යය හිමිකාරිත්වය සහ තොරතුරු දැනගැනීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස
අදහස්
භික්ෂුන් දේශපාලනයට පැමිණීම වැලැක්වීමේ පනත
වෙසෙස්
යුද්ධයට පසු ශ‍්‍රී ලංකාව: පශ්චාත් යුධ සහජීවනය සඳහා වන අභියෝග
පොත්
ප්‍රබන්ධ ලෝකය හා යථා ලෝකය අතර සම්බන්ධය ගැන කතිකාවක් | "පොදු පුරුෂයා" නවකතාව ඇසුරෙන්
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
අයිසෙක් බුෂෙවිස් සිංගර් කියයි.
සාහිත‍්‍යයේ නියම හරය වන්නේ බුද්ධිය සහ හැඟීම් අතර ද ජීවිතය සහ මරණය අතර ද ඇතිවන සංග්‍රාමය යි. සාහිත්‍යය ඕනෑවට වඩා බුද්ධිමය වන විට, එනම් ආශාවන්... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook