Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
සම්ප්‍රදාය
බූන්දි, 00:52:54
එවං මේ සුතං[1]
මේ අප සිතන පිළිවෙළ
ජේතවන[2] ඈ සියල්
ඉදි කළ පතුල් පාදම

එවං මේ සුතං
මේ අප සිතන පිළිවෙළ
බුත්සරණ[3] ඈ සියල්
ලියැවුනු පරණ පන්හිඳ

එවං මේ සුතං
මේ අප සිතන පිළිවෙළ
අගත අනගත[4] වදන
කෙටු විදුරවිය නොපැකිළ

එවං මේ සුතං
මේ අප සිතන පිළිවෙළ
අද වුවද දත යුතු ලියන
නොලියන පිළිවෙළ

තිබ්බත යාන අතහැර
මෙහි වැඩි මිහිඳු S[5] තෙර
හෙණපද ලිවී නොබියව
නිදහස පතා රටක

ටයිටල් පිටුව පත්තර
දිනරැස[5] සවස[6] හුට පට[7]
ඇති නැති පිරිස් එකතුව
කියැවී හොඳින් රසකර

සීගිරි ග්‍රැෆිටි[8] පොත් දෙක
කැටපත් පවුරු පිටකය
සුචරිත[9] නැත්ද අහවර
පෙරළා ඔබේ හෙළයට

මලලෙ[11] මම රෝමන්
හලාවත බිෂොප් එඩ්මන්[12]
ඔය තියෙන්නේ අපට
සිංහල අනගි මුතු කැට

ආවර්ජනා[13] පැදි පොත
මුද්‍රිත වසර නිශ්චිත
දනු සිසුව අඳ බල
වසන මාරිස්ට් විදුහල[14]

සීදේවි[15] මුද්‍රණ
තව තව ඒවි නොනැවත
ඇතු පිට තබා ගෙන
අප යා යුතුය රට රට

බ්‍රම්පෝඩ්[16] ඉයුජින්[17]
සිංඤෝ ලියූ පිටපත්
පිරිසිදු නොකර වුව
පෙන්විය හැකිය රට වට

වීණා අතර මැද
කේමා[18] තවම රතු ඇඳ
සක්වළ සසල කර
අස ගිනි පිරිත[19] කියවන

නොකැපූ දැළි රැවුල්
මුහුණේ විඳින ලතැවුල්
සිතන පිළිවෙල නොදත්
අපි පැදි ලියමු සුනරුත්


1. එවං මේ සුතං - (මාවිසින් මෙසේ අසන ලදී ) ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරණුවන් විසින් බුදුන් ගේ සෘජු භාෂිතයෙන් ශ්‍රවණය කරන ලද ධර්මය නැවත දේශනා කිරීමේදී යොදන ලද ආරම්භක ධර්ම පාඨය.
2. ජේතවන- මහසෙන් රජු විසින් අභයගිරියට යාබදව ඉදි කරන ලද මහා ආරාමය
3. බුත්සරණ - සිංහල සාහිත්‍යයේ පුරෝගාමී සම්භාව්‍ය ධර්ම ප්‍රබන්ධ කෘතිය
4. අගත අනගත - (පැමිණියා වූ ද, නොපැමිණියා වූ ද ) ක්‍රි. පූ. පළවෙනි සියවසේ සිට ලෙන් විහාර පූජා කිරීමේදී ඒවායේ පියස්සේ කොටවන ලද පාලි පාඨය
5. මිහිඳු S තෙර - නිදහස් සටන් යුගයේ ලංකාවේ වාසය කරමින් සිංහල කවි රචනා කළ සිකීම් ජාතික භික්ෂුව
6. දිනරැස - උදම්මිට සිරි ධම්මරක්ඛිත ස්ථවිර විසින් 1915 දී ආරම්භ කරන ලද මාසික සඟරාව
7. සවස- ස්වාධීන ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් පළ කරන ලද සන්ධ්‍යා ප්‍රවෘත්ති පත්‍රය
8. හුටපට - 1926 දී පාණදුර කුලසිරි හෝටලයේ කේ. වී. පෙරේරා විසින් ආරම්භ කරන ලද විනෝදාත්මක මාසික සඟරාව
9. සීගිරි ග්‍රැෆිටි - පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් සීගිරියේ කැටපත් පවුරේ ගී පිළිබඳව 1954 දී පළ කරන ලද වෙලුම් දෙකකින් යුතු ග්‍රන්ථය. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවි මුද්‍රණාලයේ ප්‍රකාශනයකි
10. සුචරිත - සන්ධිස්ථානීය ශාස්ත්‍රීය ග්‍රන්ථ සමූහයක සහ පරිවර්තන ග්‍රන්ථ රාශියක කතුවරයා වූ මහාචාර්ය සුචරිත ගම්ලත්.
11. මලලෙ - ඉංග්‍රිසි භාෂාව ඉගෙනීමට ආශා ඇත්තවුන්ගේ ප්‍රයෝජනයට 1948 දී පළකළ ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයේ කතුවරයා, පාලි මහාචාර්ය සහ සෝවියට් රුසියාවේ ලංකා තානාපතිවරයා වූ ගුණපාල මලලසේකර
12. එඩ්මන් - කතෝලික ශාසනික මූලාචාර්ය සහ ප්‍රාචීන, ප්‍රතිචීන පඬිවර හලාවත එඩ්මන්ඩ් පීරිස් බිෂොප්වරයා
13. ආවර්ජනා - ගුණදාස අමරසේකර 1975 දී පල කරන ලද කාව්‍ය සංග්‍රහය, මෙහි දෙ වන සංස්කරණය 2009 දී පළ විය
14. මාරිස්ට් විදුහල - ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුවේ පිහිටි කතෝලික පාසල
15. සීදේවි මුද්‍රණ - ආවර්ජනා කාව්‍ය සංග්‍රහයේ දෙවන සංස්කරණය පළ කළ මුද්‍රණ ශිල්පීන්
16. බ්‍රම්පෝර්ඩ් - ස්කොට්ලන්තයේ රාජ දියණියන්ගේ ප්‍රේම ජීවිතය තේමා කර ගනිමින් වී ක්‍රිස්තියන් පෙරේරා විසින් 1890 දී රචිත නාඩගම
17. ඉයුජින් - බර්ලිනයේ රජ කුමර මිලන් හා ඩෙන්මාර්කයේ රජ දූ ඉයුජින් අතර ඇති වන ප්‍රේම සම්බන්ධතාව තේමා කර ගනිමින් යථෝක්ත නාඩගම් කරු විසින් රචිත නාඩගම
18. කේමා - සිංහල භාෂීය කැන්ටාටා හා ඔපෙරා නිර්මාණය කළ සංගීතඥ ප්‍රේමසිරි කේමදාස
19. ගිනි පිරිත - ඔහුගේ අවසන් නිර්මාණය වූ අග්නි ඔපෙරාව


කිසිවෙක් කවියන් නොමරති [2009 සැප්තැම්බර්]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Eric Ilayapparachchi, Kisiwek Kaviyan Nomarathi 2009
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
ඇක්මන් කොන්ටූරි මෙහෙම කියනවා :
1 sita 19 ta thiyena poth path tika kiyawala kawi liyanna mahathwaruni.

jaya wewa! nirogee wewa!! dahasak mal pipewa!!!


කිවුව වෙලාව- 2010-05-20 01:20:27
Bim bassa මෙහෙම කියනවා :
Niyamai niyamai

කිවුව වෙලාව- 2010-05-19 23:32:32
E.A. Dawson Preethi මෙහෙම කියනවා :
මහා පිපිරුමට පෙර සිට
සිටියෙමි මම තරුණව සදාකල
මහා පිපිරුමෙන් පසුව
වයසට යන්නට විය මගේ තරුණ කය

මහා පිපිරුමට පෙර සිට
කිසිදා කුස ගිනි නොවිනි මට
මහා පිපිරුමෙන් පසු
බඩජරි වීයැ ආත්මය

ඉන්පසු කාලය ගෙවී ගිය සඳ
වයසට යාම සහ කුසගිනි හැර
වෙන් අන් දෙයක් නොවුනි හාත්පස
විශ්වය දිනෙන් දින විය ප්‍රසාරණ

කෙළතොළු බමුණන් එක්ව
බිලි පුද පූජා ඇරඹි කල
අට අනූවක් රෝග පීඩා
නව අනූවක් ව්‍යධි
දෙසිය හැටක් උපද්‍රව
ව්‍යාධි ජරා ලද්දෙමු තුටු පඩුරු ලෙස

නොදකින් සම්ප්‍රදාය!


කිවුව වෙලාව- 2010-05-18 03:02:51
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
එරික් ඉලයප්ආරච්චිගෙන් තවත් වියමන්
Cine
ස්වරූප නොපෙන්වීමේ සහ නොබැලීමේ විනෝදය
රත්තරං ටික
සොක්‍රටීස්ගේ මරණය
කවි
ෂෙල්ටන් සහ කාන්ති
කවි
මද්‍රි දේවි හෙවත් ගමෙන් උපන් නිළිය
Cine
ජෝ අබේවික්‍රමගේ මුහුණ, වෙස්‌ මුහුණ සහ ප්‍රබන්ධිත මුහුණ
තවත් කවි බූන්දි
ආනන්ද
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
මා බිරිඳ උවැසියක වී
නගා මැරූ අල....
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook