Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
To Sir, With Love!
බූන්දි, 19:49:58
To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක් මෙතෙක් මාගේ මතකයේ ඉහළින්ම රැඳුනු චිත්‍රපටයක් විය. එය මේ මොහොතේ මාගේ මේ රචනාවට අදාළ වන්නේ, පසුගියදා ගුරුවරියක් පාසල් ශිෂ්‍යයෙකුට කල පහරදීම හේතුවෙන් (දඬුවම් කිරීම හේතුවෙන්) අධිකරණයෙන් සිර දඬුවම් නියමවීමෙන් අනතුරුව පැන නැගුනු සංවාදය නිසාය.

එම චිත්‍රපටයේ, කළු ජාතික ගුරුවරයෙකු තමන්ට ලැබුණු දඩබ්බර ළමුන් සිටින අලුත් පංතියක් ඉතා බුද්ධිමත් අයුරින් ශික්ෂණය කරන අයුරු අනුවේදනීය ලෙස ඉදිරිපත් කරයි. මේ දඩබ්බර ළමුන් අවසානයේ තම ගුරුවරයාට ආදරය කරන තරමට ඔවුන් වෙනස් වන ආකාරය අපගේ ඇස්වලට කඳුළු නංවයි. තම කළු හම කෙරෙහි දක්වන නිග්‍රහාත්මක ආකල්ප සම්බන්ධයෙන් පවා ඉතා ඉවසිලිවන්තව මුහුණදෙන ඒ ගුරුවරයා පිළිබඳ කතාන්දරය මනුෂ්‍යත්වය උත්කර්ෂයට නංවන එකකි. ලංකාවේ සියලු ගුරුවර ගුරුවරියන් හට ඔවුන්ගේ විද්‍යා පීඨ පුහුණුව තුල පෙන්විය යුතු, විචාරයට ලක්කළ යුතු තරමේ චිත්‍රපටයකි එය. ළමුන් අරභයා විශිෂ්ඨ ගුරුවරයකු වන්නේ කෙසේද යන්න ඉන් උගත හැකිය. එය අමාරු අභ්‍යාසයකි. අපේ රටේ වෘත්තිකයින් මෙන්ම ජනතාව ද නැඹුරු වන්නේ අසීරු යහපත් දේ වෙනුවෙන් නොව පහසු දේ වෙනුවෙනි.

රටේ රාජ්‍ය නායකයාගේ සිට බොහෝදෙනා තම තමන්ගේ පර්යාවලෝකනයේ මට්ටම අනුව මේ සිදුවීම හා නඩු තීන්දුව අරභයා අදහස් මතුකොට ඇත. එනිසා මේ ක්ෂුද්‍ර සිදුවීමට අදාළ සංවාදය අපගේ චින්තන පර්යාය පරීක්ෂාවට ලක් කරන ලිට්මස් පරීක්ෂණයකි.

ළමුන් යනු ‘පොඩි වැඩිහිටියන්’ නොවේ. මිනිස් පරිණාමයේ ජෛව විද්‍යාත්මක/ජානමය කාරණා මෙන්ම සමාජ මනෝවිද්‍යාත්මක සාධක වල බලපෑම මත වැඩෙන අලුත් ජීවියෙකි. මිනිස් පරිණාමීය අවශ්‍යතා අනුව නීරෝගී දරුවෙක් සැබවින්ම අපගේ "ඉවසීමේ සීමාව" ඉක්මවා යන තරම් ක්‍රියාශීලී හා අවනත නොවන අයෙකි. විවිධ වයස් මට්ටම් වලදී මේ ක්‍රියාශීලිත්වය මුදා හැරීමට සුදුසු වටපිටාවක්, විවේකයක් හා දිරිගැන්වීමක් ඔවුන්ට තිබිය යුතුය. අතීතයේ ළමුන් හට තම අධි ක්‍රියාකාරිත්වය මුදා හැරීමට වටපිටාවක්, ඉඩකඩක් හා විවේකයක් තම ස්වභාවික අවකාශය තුල තිබුණි. (එහෙත් පාසල තුල නම් තිබුණු තත්ත්වය නම් නිසැකයෙන්ම අදට වඩා නරක තත්ත්වයක් විය.) අද ඒ නිදහස් වටපිටාව හෝ විවේකය හෝ දිරිගැන්වීම ළමුන්ට අහිමිය. එනිසා ඒ පීඩනය වෙනත් ආකාර වලින් පුපුරා යයි. මෙය පාසල් දරු දැරියන්ට පමණක් නොව තරුණ තරුණියන්ට පවා පීඩාකාරී ලෙස බලපාන ගැටළුවකි. තම තරුණ "මදය" මුදා හැරීමට සුදුසු අවකාශයක් ඔවුනට නැත. එනිසා ඒවා මුදා හරින්නේ ලිංගික ආවේගයන් ලෙස, මත්වීම තුල හෝ ආතතීන් ලෙසය. ඔවුන්ට විනෝදය, ක්‍රීඩාව, මිත්‍රත්වය, සාමූහිකත්වය භුක්ති විඳිය හැකි අවකාශ, දියුණු සමාජ වල මෙන් ගොඩනගා දී නැත.

අනෙක් අතට ටෙලිවිෂන් නාලිකා තුලින් විකාශය වන ටෙලිනාට්‍ය වල තිබෙන, අවමානුෂික භාවයන් ජනනය කරන්නාවූ මුග්ධ කථා ළමා මනස කුරුවල් කොට ඇත; ඔවුන් තුල, ගැටුම් ඉල්ලා සිටින මනෝභාවයන් නිර්මාණය කොට ඇත. දේශපාලන සමාජය තුලින්, ජනමාධ්‍ය තුලින්, සමහර පුජ්‍ය පක්ෂ කොටස් තුලින්, ප්‍රචණ්ඩත්වය යනු ප්‍රශ්න වලට එළඹෙන ප්‍රවේශය ලෙස ළමුන්ට/සමාජයට සන්නිවේදය කරමින් ඇත. ඒවා ළමා මනසටත් වැඩිහිටි සමාජයටත් අත්කරදී ඇති විපාකය මෙවැනි සිදුවීම් වලින් විග්‍රහ කරගත යුතුය.

එක් අතකින් මේ ආකාරයේ ළමා ක්‍රියාශීලිත්වය සීමා කිරීමට ගොදුරුවූ සමහර පාසල් දරුවන්ගේ දඩබ්බර කම් වලට සමීපව, ඓන්ද්‍රීය ලෙස මුහුණදෙන ගුරුවරයාට/ගුරුවරියට, පිටතින් සිට බලන (සිද්ධියෙන් දුරස්ථ) කෙනෙකුට මෙන් ඉවසීමේ සීමාව තුල අවේග පාලනය කරගත නොහැකි වනු ඇත.

කෙසේමුත් මෙම අධිකරණ ක්‍රියාවලියට භාජනයවූ සිදුවීම හුදෙක් තරවටුවක් හෝ වේවැලකින් කරන ලද සාමාන්‍ය පහරදීමකට එහා ගිය එකක් බව පෙනෙන්නට ඇත. සමහර ගුරුවරු තුවාල සිදුවන තරමේ/රෝහල් ගතවන තරමේ පහරදීම් සිදුකර ඇති බව යථාර්ථයකි. අපගේ පාසල් සමය තුල ද සාධාරණ හේතු මත නොවන, සීමාව ඉක්මවා ගිය දඬුවම් අප විඳ ඇත. එවැනි දඬුවම් කිසි ලෙසකින් අප ශික්ෂණය කිරීමකට හෝ නිවැරදි කිරීමකට හෝ ඉවහල් නොවූ අයුක්ති සහගත ඒවා බව ඒකාන්තය. එවැනි දේවල් එදා ද නොවිය යුතු, ඉදිරියට ද නොවිය යුතු බැහැර කලයුතු දේවල්ය.

පිරිසක් අවනත කරගැනීම, ඔවුනට කරුණු ඒත්තු ගැන්වීම හා අධ්‍යාපනය ලබා දීම යනු දැනුම හා කුසලතාවය අවශ්‍ය දියුණු පෞරුෂයක් ඇතිව කළ යුතු කාර්යයකි. ඒ දක්ෂතාවය නොමැති අය දඩබ්බරයින් හමුවේ අසමත් වන අතර එහි අවසන් ප්‍රතිපලය ඉහත නඩු නිමිත්ත ආකාරයේ එකකි. To Sir With Love වැනි පැරණි චිත්‍රපටයක් යළි නැරඹීම කෙසේවෙතත් දැන් තිරගත වන "තාල" චිත්‍රපටය හා ඊට ප්‍රථම තිරගතවූ "ගෝල්" චිත්‍රපටය පවා අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයට යම් ආකාරයේ වැදගත් අත්දැකීමක් එකතුකොට ඇතිබව මතක් කල යුතුය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan Education System, Sri Lankan Schools, Sri Lankan Teachers, Sir With Love (1967) British Drama Film, James Clavell, Sidney Poitier
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තාරක වරාපිටියගෙන් තවත් වියමන්
වෙසෙස්
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
අදහස්
විද්‍යාවේ සියවසක පිම්ම!
අදහස්
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
අදහස්
සිංහලයා වඳ වෙමින් යනවද?
වෙසෙස්
ඡ්‍යෝතිෂය පදනම්වන්නේ ව්‍යාජ දෘශ්‍ය මායාවක් මතය!
තවත් අදහස් බූන්දි
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
කාලෝ අයංතේ
[සරදගේ ලියුං හැකින්ස්]- හීන දෙවියන්වහන්සේගෙන් ලියුමක්!
BoondiLets
එලී වියෙසෙල් කියයි.
ඇතැම් විට අයුක්තියට එරෙහිව නැගී සිටීමට තරම් බලයක් අප සතුව නොතිබිය හැකිය. එහෙත් එම මොහොතේ ඊට විරෝධතාව දක්වන්නට අප අසමත් වන්නේ නම් කෙදිනකවත් ඒ සඳහා... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook