Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
බූන්දි, 21:37:21
ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත් පෞරාණික වටිනාකමක් හෝ කලාත්මක වටිනාකමක් වැනි නිර්ණායකයක් මත නොව, රවටනු ලබන්නාගේ "දක්ෂතාවය" මත හා රැවටීමට භාජනය වන්නාගේ ඕලමොට්ටලකමට සාපේක්ෂවයි. එම වටිනාකම් අපේ මාධ්‍යවේදීන් විසින් ද කිසිදු වගවිභාගයකින් තොරව ‘කෝටි ගණන් වලින්’ මිල කර පුවත්පත් වල පළ කරයි. මාධ්‍යවේදීන් විසින් එහි වටිනාකම විමසා බැලිය යුත්තේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන්ය. එහෙත් ලංකාවේ මාධ්‍යකරුවන් හා ප්‍රාදේශීය මාධ්‍යකරුවන් සැලකියයුතු ප්‍රමාණයක් තම වෘත්තියේ ඇති ආත්ම වංචාවන් පිළිබඳව අවිඥානික නිසා දේවල් පරික්ෂා කොට තහවුරු කරගැනීමට දිරිමත් වන්නේ නැත.

මෙකී වාලම්පුරි යනු වාමාවර්තව කැරකුණු මුහුදු හක් බෙල්ලන්ගේ කටුවයි. මේ හක්බෙල්ලන් අතරින් එක් වර්ගයක් තොග ගණනින් ඉන්දියාවට හා ඉන් කොටසක් අනතුරුව අනුමාන කල හැකි පරිදි ලංකාවටත් ආනයනය කරනු ලබන අතර එහි තිරය පිටුපස කථාව ඉතා විනෝද ජනකය. ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මුහුදු ආහාර (Sea Foods) ආපනශාලා වල එක් ජනප්‍රිය ආහාරයක් වන්නේ "බිසිකොන්" නම්වූ හක්බෙල්ලන් වර්ගයකින් පිස තනාගන්නා අහාරයකි. එම හක්බෙල්ලන් වර්ගය වාමාවර්තව කැරකුණු කටුවක් සහිත වන අතර ආහාරයෙන් අනතුරුව ඉතිරිවන බෙලි කටුව ඉන්දියාවට අපනයනය කරනු ලබයි. ඇමෙරිකානුවන් ආහාරයට ගෙන ඉන් ඉතිරිව ඉවතලන "කටු" ඉන්දියාවේදීත් ශ්‍රී ලංකාවේදීත් අන්ධ භක්තික බැතිමතුන්ගේ වන්දනා මානයට පාත්‍රවී ඇත්තේ එලෙසයි.

දුර්ලභ දේවල් වලට සංකේත වටිනාකමක් ඇතිවීම ස්වභාවිකයි. රත්‍රන් හෝ ප්ලැටිනම් අපට තවමත් වටින්නේ ඒවා දුර්ලභ වන නිසාත් ඒවාට ඇති විශේෂ ගුණයන් නිසාත්ය. අනාගතයේ තාක්ෂණය තුලින් රත්‍රන් හා ප්ලැටිනම් වැනි "වටිනා" ලෝහමය මූලද්‍රව්‍යයන්, ඒවායේ රසායනික සංයුතිය අනුව ඉතා පහසුවෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකරකයක් තුලින් සුලභ ලෙසත් ලාභදායි ලෙසත් නිෂ්පාදනය කළහොත් මේතාක් ඊට හිමිවූ සංකේත වටිනාකම අහෝසි වනු ඇත. මක්නිසාද රත්‍රන් හෝ වෙනත් එවැනි දුර්ලභ ලෝහ වලට වෙනත් මිත්‍යාමය හාස්කමක් ආරූඪ කොට නොමැති හෙයිනි. අතීතයේදී නම් දුර්ලභ දේවල් වලට වන්දනීය බවක් ද උරුම වුනි.



ඒ එවකට නොදියුණු මිනිසුන්ට මේ දේවල් විමර්ශනය කිරීමට තරම් දැනුමක් හා බුද්ධියක් නොවූ නිසාය. එහෙත් ලෝකයේ කලින් කලට බිහිවූ ඥානාන්විත මිනිසුන් විසින් අපේ ශිෂ්ඨාචාරයට ලබාදුන් දැනුම විසින් අඳුරේ තිබුණු ලෝකයේ ඇති දේවල් විග්‍රහ කරගන්නට අවශ්‍ය තරම් බුද්ධිමය ආලෝකය විහිදුවාලීය. එහෙත් තවමත් දකුණු ආසියානු රටවල හා අප්‍රිකානු කලාපයේ සිටින බහුතරයක් මිනිසුන් ආලෝකයට පිටුපා තමන් එතෙක් මෙතෙක් ගැලී හුන් අඳුරේම ප්‍රමෝදය ලබත්. මිත්‍යා ලෝලිත්වය නම් මෙම අලස, බියගුළු මෙන්ම අභියෝගයන්ට පසුබට/පසුගාමී/අතීතකාමී මනෝභාවය දිරිගන්වන්නාවූ සමාජ- සංස්කෘතික- දේශපාලනික- ජනමාධ්‍ය සම්ප්‍රදාය නිසා සමාජය අධ්‍යාත්මිකව රෝගී විපතකට හෙලා ඇත.

මෙම වාලම්පුරි තනනු ලබන්නේ කෘත්‍රිමව ය යන්න යථාර්ථයයි. එසේත් නැත්නම් මෙලෙස ඉවතලන සුන්බුන් (Garbage) දේවල් ය. ඒ බැව් පරීක්ෂා කිරීමට, සැක හැර ගැනුමට අවශ්‍ය වේ යැයි යමෙකු හැඟෙ නම් එය ඉතා සරල පරීක්ෂාවකි. කෘත්‍රිමව තනන ලද "වාලම්පුරියක්" නම් එහි රසායනික සංයුතිය කැල්සියම් කාබනේට් ද නැතිනම් හුදෙක් ‘ප්ලාස්ටර් ඔෆ් පැරිස්’ ද යන්න නිගමනය කිරීම පහසු පරීක්ෂාවකි. පරික්ෂා කිරීම අභියෝගයකි; මක්නිසාද ඒවා විසින් අපේ විශ්වාසයන්ට එරෙහිව ප්‍රතිඵල ජනනය කරන හෙයිනි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Valampuri, Shankh, Sea Snail, Conch Shell, Turbinella Pyrum, Myth, Rarity, Luck
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තාරක වරාපිටියගෙන් තවත් වියමන්
අදහස්
To Sir, With Love!
අදහස්
විද්‍යාවේ සියවසක පිම්ම!
අදහස්
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
අදහස්
සිංහලයා වඳ වෙමින් යනවද?
වෙසෙස්
ඡ්‍යෝතිෂය පදනම්වන්නේ ව්‍යාජ දෘශ්‍ය මායාවක් මතය!
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
BoondiLets
නෙල්සන් මැන්ඩෙලා කියයි.
සමේ පැහැය නිසා හෝ පසුබිම නිසා හෝ ඇදහිල්ල අනුව හෝ අනෙකා කෙරෙහි වූ වෛරයකින් කිසිවෙකු උපදින්නේ නැත. මිනිසුන් වෛරකිරීමට උගත යුතුය. එසේ වෛර කරන්නට ඉගෙන... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
පරිවර්තන| යෑම සහ ඒම අතර

20-Secs

(ඔක්තාවියෝ පාස් | නිලූක කදුරුගමුව) තම විනිවිද පෙනෙනබව සමඟ
ආලයෙන් බැඳුණු දහවල
අවිනිශ්චිතව ටැග්ගැහෙයි
යෑම සහ නැවතීම අතරමැද.
මුළු ලෝකයම නිසලව නැලැවෙන
මුහුදු බොක්කකිය දැන් වටකුරු පස්වරුව.... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook