Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
මී පුප් සේ රස 'හෑල්ල'
බූන්දි, 21:10:40
"තිත්ත ම තිත්ත කසායටත් සීනි මී පැණි අවශ්‍ය වන්නා සේ යකඩම යකඩ තැපැල් පෙට්ටියටත් මී පැණි පටල පිටින් ලැබීමෙන්, සතුරන් හට තිත්ත කතා කියා බැණ අඬ ගසා යවනු ලබන ලියුම් මේ තැපැල් පෙට්ටියේ තිබුණහොත් ඒවායේ තිත්ත ගතිය මැකී පැණිරස වීමත්, මී පැණි වැනි වදන් මාලාවෙන් ලියනු ලබන පෙම්පත් මේ තැපැල් පෙට්ටියේ තිබුණහොත් ඒවා මීයේ ටීය වත්කළා සේ මධුරෙනුත් මධුර බවට පත්වීම නිරායාසයෙන් ම සිදුවීම ස්වභාවික වුවත්...."

මී පුප් සේ රස මෙ වදන් පෙළ එන්නේ ඩේවිඩ් කරුණාරත්නයන්, දවස සහ රිවිරැස පුවත්පත්වලට ලියූ හෑල්ල තීරු ලිපියක ය. රස බස් පිරි හෑල්ල තීරු ලිපි ගණනාවක් කෘතියක් ලෙසින් සංගෘහිතව කියවන්නට ලැබිණි. එය "දවස, රිවිරැස රස කළ ඩේවිඩ් කරුණාරත්නයන්ගේ හෑල්ල" නමි. ඩේවිඩ් කරුණාරත්න පිළිබඳ සුවිසෙස් පැහැදිලි කිරීම් අනවශ්‍ය ය. රොබට් නොක්ස්ගේ සුප්‍රකට An Historical Relation Of the Island Ceylon කෘතිය 'එදා හෙළ දිව' නමින් සිංහලට අනුවර්තනය කිරීම මෙන් ම තවත් එවැනි වටිනා පොත් ගණනාවක ම රචකයා, පරිවර්තකයා, අනුවාදකයා මොහු ය.

භාෂාව, සොබා දහම වෙනුවට සංස්කෘතිය නියෝජනය කරයි. සිංහල භාෂාව නියෝජනය කරන්නේ එදා මෙදා තුර මෙකල වැසියා මහත් ආයාසයෙන් මෙන් ම නිරායාසයෙන් ද වැඩූ සංකේතීය දේවල් ය. ශ්‍රමයේ ඵලාප්තීන් ය. එහෙයින් භාෂාවක් යනු හිතුමතේ පාදඩකරණයේ යෙදීමට අවසර ඇත්තක් නොවේ. භාෂාව කිසිවිටෙකත් අපභ්‍රංශයක් නොවිය යුතු ය. භාෂාව අපභ්‍රංශයක් කොට ලියන්නෝ වහා ම ඩේවිඩ් කරුණාරත්නයන්ගේ මේ ලිපි පෙළ කියවිය යුත්තාහ. හෑල්ලෙහි බස කිසි විටෙකත් සරල බව ඉන් අදහස් නොවේ. ලේඛකයාගේ බස ඕජෝ ගුණයෙන් යුතු වන අතර එහි පුහු අරුත් සුන් වාගාලංකාර වෙනුවට අර්ථ බාහුල්‍යයෙන් යුත් පණ ගැහෙන බස් වහරක් දක්නට ලැබෙයි.

තවත් විශේෂත්වයකි. එනම්, මේ සෑම තීරු ලිපියක් ම තනි වැකියකි. පටන් ගන්නා වැකිය නිම වන්නේ තීරු ලිපිය ද නිම වීමෙනි. උපමා, රූපක, පිරුළු, ආප්තෝපදේශ, කවි, ගීත, ශ්ලෝක, ටීකා ආදී නා නා සාහිත්‍යාංග මෙන් ම පාලි, සංස්කෘත, සිංහල හා අව්‍යාජ ගැමි වදන් ද යහමින් භාවිත කිරීමට කරුණාරත්නයන් පසුබට වී නැත. ලිපිය ලියවෙන්නේ සරල කරුණකට විය හැකිය. ඔහු ඒ කරුණට එන්නේ රස ගුලාවක් වපුරවමිනි. විටෙක දේශපාලන උපහාස සපයන්නේ, දවස නිවසේ පුවත් වැකිවලින් ම උපුටා ගත් සත්ව නිදසුන්වලිනි. 'නරි' මැයෙන් වන තීරු ලිපිය ලේඛකයා අරඹන්නේ හිවලුන් ගැන පුවත් ගණනාවක් දස දෙසින් සිහි ගන්වමිනි. නරියාගේ හූවේ තරම, පංචතන්ත්‍රයේ එන නිල් දියේ වැටි නරියා, ඒ ගැන සඳහන් සිංහල ජනකවි ආදී සියල්ලෙන් පසු මෙසේ ද ලියයි.

"අපේ සරසවිවලින්- අපේ විශ්වවිද්‍යාලවලින්- පිටවන්නේ 'නරි' යැයි අප රටේ උච්චාවචන මහ වචනවලින් උච්චස්වරයෙන් හා වේගස්වරයෙන් ප්‍රකාශ වන සැටි ඇසෙන විට, නූතන ජන සමාජයේ නරියාටත්, නරි හූවටත්, නරිවාදමටත්, ලැබී ඇත්තේ නැතහොත් ලැබී ගෙන යන්නේ හරිම හර තැනක් බව හරියටම කිරි ගහට ඇන්නා වාගේ කියා සිටින්නට බැරිකමක් නැත්තේය."

අප මේ විමසුමෙන් අවධාරණය කරන්නේ ලේඛකයාගේ අපූර්ව බස් වහර වුව ද තීරු ලිපි අතුරින් මතු වන සමාජ- දේශපාලන විචාර ද ඊට දෙවැනි නොවේ. මේ බස් වහර සමාන වන්නේ කවි සමයට ය. හෑල්ල ලිපි එකතුවට පූර්විකාවක් ලියන පී. ඇම්. සේනාරත්න එය මෙසේ ඔජ වඩවයි.

"රසවත් වැකිය පැදියෙකි යන ප්‍රකට කියමන අනුව නම් හෑල්ල රසවත් වැකියෙන්ම පිරුණු පැදි නදියකි."

හෑල්ල පුවත්පතක පළවන තීරු ලිපියකි. තීරු ලිපියට මහ ඉඩක් වෙන් වන්නේ නැත. කොටින් ම මේ හෑල්ල යනු එක වැකියකි. එසේ වුව ද එහි වපසරිය දවස පත්තර කාර්යාලයෙන් එළියට පැන, කොළඹින් ද අට වටින් මුහුදුකරයෙන් වට සිරිලකෙන් ද පැන දේශ- දේශාන්තර බලා යයි. විශ්ව සාහිත්‍යය ම විත් හෑල්ල රස කරයි. මේ සියලු හරඹ සංගෘහිත ලිපි නම් වන්නේ උත්ප්‍රාසය මිශ්‍ර රූපකාර්ථවත් මාතෘකාවන්ගෙනි. ලිපි හැත්තෑ තුනක් අතුරින් කිහිපයක නාම දැක්වීම මේ කරුණ සනාථ කිරීමෙහි ලා වැදගත් ය. 'මී පැණි‚ ලියුම්', 'කෙස්ස කැපීම', 'බලු ලේඛන', 'කොර හිනා', 'වල්ගා නැති හරකුන්', 'පවුම් අස්සේ කැවුම්', 'ට්‍රාන්සිස්ටර් හදවත්', 'ඇත්තු හා පෝසත්තු', 'එකොළොස් බලුකම', 'කකුල් දෙකේ ගොනා', 'ඔරුවලින් ගිය මරු ගමන්', 'නවීන උම්මග්ග ජාතකය', 'ලෙවකන කලාව'

මේ රස බර හෑල්ල භාෂාව රසමුසුව භාවිත කරන්නට රිස්සෝ කියවිය යුතු බව නැවතත් යෝජනා කළ යුතු නැත. බහුතර වත්මන් පුවත්පත්වල පුහු තීරු ලිපි කියවා හිස් නරක් කර ගන්නවා වෙනුවට හෑල්ල කියවන ලෙස යෝජනා කරන්නේ මේ හෙයිනි. රස බසක් යස දැයක් පෙන්වන අතර ම පෙරළා හිස් දැයක් පුස් බසකින් පෙන්වන්නේ ය. මේ විමසුම නිම කිරීමට 'හැට හතේ අවසන් හෑල්ල' නමැති තීරු ලිපියේ එන උපුටනයක් ඉතා යෝග්‍ය වන්නේ ය.

තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා
කටු කැලේ ගාලෙ නොලිහා වදදෙනවා
බඩු මිලේ තරම දුටුවම බඩදනවා
පව් කළ ගොනෝ ඇදපන් හැට අට එනවා
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Halla, David Karunarathna, Sri Lankan Writer, Dawasa, Rivirasa, Newspaper Columns, Author of Eda HEladiva, An Historical Relation of the Island Ceylon, Robert Knox
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කේ.ඩී. දර්ශනගෙන් තවත් වියමන්
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
පොත්
යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා
ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
කතන්දර
නිල් සුළිය
කතා-බස්
"ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook