Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
සෙන්ටෙනියල් දෝණි
බූන්දි, 20:42:08
දෝණි දොර ඇරගෙන ගෙට ගොඩවෙනකොට අම්මයි රාජ් අන්කලුයි සාලයේ සෝපාවේ තුරුළු වෙලා ඉඳගෙන ෆෝන් එකේ මොකක්දෝ බලනවා. දෙන්නම ඩිංගක් තිගැස්සෙනව. එකිනෙකා ඇලී ගැලී හිටපු සෙයියාවෙන් කරන්ට් වැදිලා වගේ දුරස් වෙනව.

‘හායි දෝණි... අද පන්ති කලින්ම ඉවර වෙලා වගේ....’ -රාජ් අන්කල්.
දෝණිත් ‘හායි’ පාරක් දාගෙනම කාමරයට ගිහිල්ල ඇඳුම් පිටින්ම, එල්ලගෙන ආපු බෑග් එක පිටින්ම ඇඳේ දිගාවෙනවා.
‘දෝණි අද හවසට අපි සීයා බලන්න යනව. ඇඳගන්න.’ -අම්ම.
ඇස්දෙක පියාගෙන ඉන්නකොට සාලේ මුනුමුනුව යාන්තමට වගේ දෝනිගේ කනට යනව. ඒ ලෙවල් පන්තියෙන් අනතුරුව බස්එකේ තෙරපුමේ ගමන් මහන්සිය ඇඳ උඩ දියකර හරින ගමන්.

‘දෝණිට මේවා හැඩල් කරන්න පුළුවන්... එයා සෙන්ටෙනියල් ගර්ල් කෙනෙක්නෙ’- රාජ් අන්කල්.
දෝණි ෆෝන් ඒක අරගෙන සෙන්ටෙනියල් වචනේ තේරුම හොයනව. ෆෝන් එක පපුවට තියන් සිවිලිමට හිනා වෙනව. සාලේ දොර ඇරිලා වැහෙන සද්දේ ඇහෙනව. ඊට පස්සේ කාර් එකේ දොර. කාර් එක ස්ටාර්ට් වෙන සද්දේ.
දෝණිට රාජ් අංකල් ගැන ආදරයක් ඇතිවෙනව.

අම්ම කාමරේට එනව. කේක්ද මොනාද අතේ. ජනේලයෙන් එළියේ බලාගෙන දෝණිගේ ඔළුව අතගානව.
දෝණිට අම්ම ගැන දුක හිතෙනව.
‘රාජ්.....පර දෙමල. ත්‍රස්‌තවාදියා.’
අම්මයි තාත්තයි රාජ් කියන නම මැදි කරගෙන හයි හයියෙන් කථා කරනවා. තාත්ත බනිනවා. අම්ම අඬනව. දෝණි කාමරයට වෙලා අහගෙන ඉන්නව. මේ වගේම. ගහ බැනගැනීම් වල සද්දේ වැඩිවියට පත්වූ එක් අවස්ථාවක තාත්ත ගෙදරින් යනව. අම්මත් ගෙදරින් යනව. අතට අහුවෙන අඩුම කුඩුම ටිකක් එකතු පහදු කරගෙන, දෝණිත් ඉස්සර කරගෙන. දෙන්නම පුංචි තට්ටු ගෙදරක නතර වෙනව. වැඩි කථා බහක් නැතිව. මාස කීපෙකට ඉස්සර.

‘දුව මේ රාජ් අන්කල්..... මගේ ඔෆිස් එකේ වැඩ කරන්නේ...’
පංති ඉවරවෙලා දෝණි පුංචි තට්ටු ගෙදරට එනකොට, රැවුල වවාගෙන නිවිච්ච පාටට සෝපාවේ අද්දර වාඩි වෙලා ඉන්න මනුස්සයව පෙන්නල අම්ම කියනව. කට්ටිය හිනා හුවමාරු කරගන්නව. සමහර දාට රාජ් අංකල් රෑ බෝ වෙනකංම ඉන්නවා. දෝණි උදේ නැගිටල සාලෙට එනකොටත් රාජ් අංකල් පුටුවේ වාඩි වෙලා ඉන්නව. රාජ් අංකල්... රාජ් අංකල්...රාජ් අංකල්....

‘ඉක්මනට යං දුවේ සීය බලාගෙන ඇති’
අම්ම එහෙම කීවට කවුරුවත් අපි එනකං බලාගෙන ඉන්නේ නෑ කියල දෝණි කියනව. තමාටම. දෝණි සහ අම්ම ආයෙත් හුදකලා වෙලාවක කොටුවෙනව. අම්ම කාර් එක එලවගෙන නගරයෙන් නගරය පහුකරගෙන සීයලගේ ගෙදර යනව. දෝණි අනෙක් සීට් එකේ. දෙන්නම නිශ්ශබ්දයි. කාර් එකේ ජනේලෙන් බර බර සද්දෙට එන හුළඟ විතරයි කථා කරන්නේ.

අතරමග තේ එකක් බොන්න වාඩිවෙලා ඉන්නකොට දෝණිගේ ෆෝන් එක කෑ ගහනව. දෝණි ෆෝන් එකට එබෙනව. අම්මත්.
‘ඉලියාස්..... මගේ යාළුවා... ටෙක්ස්ට් එකක්. හෙට හෙට හවස හම්බවෙන්න දාගෙන.’ - දෝණි.
දෝණිගේ දිලිසෙන ඇස් අම්මට ඇහෙනව. අම්ම තේ කෝප්පේ දිහා බලනවා. නෑහුනා වගේ ඉන්නව.
අම්ම ගැන දෝණිට දුක හිතෙනව.

ඉලියාස්ට ලස්සන ඇස් දෙකක් තියනව. ටියුෂන් පංතියේ අහම්බෙන් දෙන්න එකිනෙකා ළඟ වාඩිවෙනව. ලෙන්ගතු හිනාවල් හුවමාරු කරගන්නව. ආපහු දවසක ටවුමේ කලබල වීදි දිගේ...... අහම්බෙන් ලස්සන ඇස් එකට පැටලෙනව. වාර අවසාන ‘බැච් පාටියේදී’ කොල්ලෝ කෙල්ලෝ ගොඩක් මැද ඉලියාස් එක්කම නටන්න දෝණිට ඕනිවෙනවා. ඉලියාස්ගේ හුස්ම දෝණිගෙ මුනට වදිනව. හරි උණුහුම් ආදරණිය හුස්ම පොදි. ‘හැන්සම් බෝයිනම් තමයි... ඒත් මුස්ලිම් නේ....’ යාලුවෝ කියනව. එතකොට දෝණි හයියෙන් හිනා වෙනව.
‘ඔවු අනේ හරි ස්වීට්’- දෝණි
ඉලියාස්ගේ කන්පෙති අග්ගිස්සවල්, සුදුම සුදු, සිනිදු, තම ඇගිලි තුඩින් මිරික මිරිකා කාලේත් එක්ක පාවෙවී ඉන්න තමයි දෝණි ගොඩාක්ම කැමති.

‘ඔයා නිකං එහෙට මෙහෙට පාවෙවී කාලේ නාස්ති කරන්නේ නැතුව ජිවිතේ එල්ලයක් හදාගෙන වැඩ කරන්න’- තාත්තා.
තාත්ත දෝණිව බලන්න ක්ලාස් එකට එනව. ඉදල හිටලා. අවවාද වලින් නාවනව. අම්මට බනිනවා. ආයේ කවදද එන්නේ කියල අහපුවම ‘වැඩ වැඩ...හරි බිසී..’ කියල සල්ලි ටිකක් දෝණිගේ හෑන්ඩ්බෑග් ඒකේ දමා නොපෙනී යනවා.

දෝණියි අම්මයි කතාබහක් නැතිවම සීයාගේ ගෙදරට එනව. කරුවලත් අරගෙනම. ආච්චි අත්දෙක පිහද පිහද ඇවිල්ල දොර අරිනව. ‘සුදු දුවේ’ කියාගෙන ආච්චි දෝණිගේ ඔළුව අතගානව.
‘වඳින්න දුවේ ආච්චිට’ – අම්ම.
දෝණි ‘හායි’ කියාගෙන ආච්චිගේ කම්මුල් සිපගන්නව.

සීයා පේන්න නැත්තේ මොකද කියල අම්ම අහනව. ඉක්මනට එන්නම් කියල පන්සලට ගිය මනුස්සය තාම නෑ කියල ආච්චි කියනව. කුස්සියට යන ගමන්. දත්මිටි කාගෙනම.

සීයා නොහොත් ධර්මසේන නොහොත් ධර්මසේන රාලහාමි පන්සලේ බෝධිපුජාව ඉවරවෙලා නායක හාමුදුරුවන්ගේ ධර්මානුසාසනාවෙන් පස්සේ ගිහි දේශනාවකුත් කරල වෙලාව බලනව. තවම හරිහැටි රෑ වෙලා නෑ. ලොකු හාමුදුරුවොයි තව පන්සල නඩත්තු කරන මුදලාලිලා, ඉස්කෝලේ මහත්තුරු කීප දෙනෙක් එක්ක ඉබේටම වගේ ආවාස ගෙට එකතු වෙනව. දෙමළ මුස්ලිම් මුදලාලිලා හොරෙන් හොරෙන් ටවුමේ කඩ ආක්‍රමණය කරල වෙළදාම අතට ගන්න එක ගැන කථා කරනව. පංසලට දානේ ටිකක් වත් ගේන්න එකෙක් ඉතුරු වෙන්නේ නෑ කියමින් විස්සෝප වෙවී ඉද එලියට බහිනවා.

කරුවල බැහැල තියෙන පාර දිගේ සීය ඇවිදගෙන යනව. මහ දවල් වගේ හුරු පුරුදු පාර දිගේ හුරුපුරුදු ගෙවල් එකින් ඒක පහුකරගෙන ගිහිං එක හුරුපුරුදු ගෙයක් ලග නවතිනවා. ගේ ඉස්සරහ ඉන්න කළුවර ගුලිය හුරුපුරුදු විදිහටම සීයව අඳුනගන්නවා.

‘රාලහාමි අද ටිකක් පරක්කුයි...’ -ගුණා.

ගුණාගේ මනුස්සයා රට රස්සාවකට යන්න ඉල්ලුම්පත්‍ර පුරව ගන්න රාලහාමිව හොයාගෙන එනව. දුක කියනව. දුක අහන්න රාලහාමි ගුනාගේ ගෙදර යනව, මනුස්සය රට ගියාට පස්සෙත්. ගුණාගේ ඉගුරු කෝපි වලට රාලහාමි ආස වෙනව. කළුවර වැටුනට පස්සේ අහංකාර බැරෑරුම්කාර ඇදුම් පැළදුම් ලිහා දමා ගුණා එක්ක ඔද්දල් වෙලා ආයෙත් උදේට අතවරයකින් තොරව අහංකාර බරෑරුම්කාර රාලහාමි වෙන්න සීය පුරුදු වෙනව.

‘ඔය පදු ගෑණි.....ඉනාවක් කවල රාලහාමිව රවට්ටගෙන’ -දෝණිගේ ආච්චි

රෑ කෑමෙන් පස්සේ, අම්මයි ආචිචියි කෑම මේසෙම ඉදගෙන හති අරිනව. දෝණි ෆෝන් එකත් අරන් ටෙක්ස්ට් කිචිබිචියක ඉන්න ගමන්, ඉලියාස් එක්ක, අම්මගේ මුණ බලනව. අම්ම බිම බලාගන්නව. හැමදාම වගේ.

කිසිම දෙයක් දන්නේ නෑ වගේ උදේ වෙනව.

සීයා ඉස්ස්තොප්පුවට එනකොට දවස ගොඩක් තරුණ වෙලා. දෝණි, සීය වෙනුවෙන්ම වෙන්කරපු ඉස්තෝප්පු පුටුවේ දිගෑදිල, කොට කලිසමකුත් ගහගෙන, ෆෝන් එකත් කනේ, සීයට ‘හායි’ පාරක් දානවා. සීයට ඉඳගන්න තැනක් නෑ. අනික් ඉස්තෝප්පු පුටු තිබුනත් ඒවා සීයාගේ නෙමෙයි. අම්ම ගොජදාන තේ කෝප්පයක් අරං සීයාගේ පස්සෙන්.

සීය කථා කරනකම් හැමෝම බුම්මගෙන ඉන්නවා. අන්තිමට සීය කථා කරනවා. දෝණි ගැන අහනව. දැන් හරි ලොකුයි, හොදට බලාගන්ඩ වෙයි ඔය නරකම කාලේ. ඔය කාලේ අවුල් උනොත් ආයේ හදනවා බොරු.

‘දැන් ඔය ළමයටත් හැමදාම ඔහොම ඔහොම ඉන්න පුලුවන්ද. මොකක් හරි කලදසාවක් වෙන විදිහක් ගැන බලන්න එපාද. ලොකු කරුමයක් පටිසන් දුන්න කියල හිතාගෙන අපිට ගැලපෙන හොද තැනකින් ආයෙත් කසාදයක් බලමු’
ඉයෆෝනයක් කනේ ගහගෙන හිටපු දෝණි එකපාරටම අම්ම දිහා බලනවා. අම්ම වහලේ පරාල ගනන්කරන්න ගන්නව.
දෝණිට අම්ම ගැන දුක හිතෙනව.

‘ආපු එකේ දෙන්න අදත් ඉදල යන්න. මං දන්න හොද කපුවෙක් ඉන්නව. දස්සය. මනුස්සයව හම්බ වෙන්න යමු.’
සීයාගේ වචන කරන්ට් එකක් වගේ දෝණිගේ කන්දෙක පසාරු කරනව.

‘හෙට..! බෑ බෑ අදම යන්න ඕනි අම්මේ.... හෙට මං ඉලියාස්ව හම්බවෙන්න දාගෙන ඉන්නේ. මං පොරොන්දු උනා...’
දෝණිගේ අම්ම සීය දිහා බලනව. සීය ඇහුනේ නෑ වගේ ඉන්නව.

වත්තේ කොනේ එල්ලා තියෙන රඹුටන් ටකේ බල් බල් සද්දේ නැවතිල. වත්ත බලාගන්න බාලා පේන්න නෑ. ටකේ ඇදිල්ල පුතාට බාරදීලා කොහේට හරි වෙලා. බාලාගේ පුතා, දෝණිගේම වයස, බාලත් එක්ක වත්තේම එහෙට මෙහෙට වෙවී ඉන්න, ටකේ ඇදිල්ල නවත්තල වෙන වෙන සෙල්ලම් වැඩ. සීය උගුර පාදනව. කොල්ල කලබලේ කෝටු කෑල්ල විසිකරල ටකේ එල්ලෙනව.

පපුවට පුංචි සැහැල්ලුවක් දැනෙනව. කාලෙකට පස්සේ. ඉස්තෝප්පු පුටුවේ දිගාවෙලා කහට කෝප්පයක් බොන්ඩ ඇත්තම් කියල සීයට හිතෙනවා.


-"කැත ගැහැණියකගේ සිහිනය" කෙටිකතා සංග්‍රහයෙන්.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Keti Katha, Short Stories, Kathandara
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සරද සමරසිංහගෙන් තවත් වියමන්
වෙසෙස්
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
වෙසෙස්
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
වෙසෙස්
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
වෙසෙස්
හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!
වෙසෙස්
පශ්චාත් සත්‍ය යුගයේ ජනමාධ්‍යයේ කාර්යභාරය අවසන්ද?
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
චිත්‍ර ප්‍රදර්ශනය
BoondiLets
පාවුලෝ කොයියෝ ලියයි.
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook