Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
යුතෝපියාව- සුන්දර ගම්මානය පිළිබඳ ප්‍රතිවික්ටෝරියානු කියවීමක් සඳහා
බූන්දි, 20:33:59
ලිඛිත කලා මාධ්‍යයන් අතර කෙටිකතාවට හිමි වන්නේ සුවිශේෂී තැනකි. එය පමණක් නොව, ඉදිරියට කෙටි යන විශේෂණය සහිත සෑම කලා මාධ්‍යයක් ම සූක්ෂම ගුණයෙන් හා කලාත්මක පක්ෂයෙන් සුවිශේෂීය. කෙටි නාට්‍ය, කෙටි චිත්‍රපට, කෙටි කාව්‍ය මේ සැමෙකක් ම කෙටි යන නාමයත් සමඟ උරුම කරගත් (නො)නිල තීක්ෂණතාවයකින් යුතුය. 'කෙටි' නාමකරණය ඇඟවුම් කරන්නේ සංක්ෂිප්ත හෝ ස්වල්ප බව නොව තීක්ෂණතාවය යි. විටෙක එය නිශ්චල ඡායාරූපයක සිරි ගනියි. කාලය ගල් කර ගැනීමේ අපූර්ව ශක්‍යතාවය මේ නිර්මාණවලට තිබේ. එහෙයින් කෙටිකතාව යනු කාලය හා අවකාශය අතර මොහොතක සීඝ්‍ර ගල් කර ගැනීමක් වන්නේය.

ඉහත සඳහන සිත්හි තබා ගනිමින් අප අත්පත් අලුත්ම කෙටිකතා සංග්‍රහයක් දළ විමසුමකට ලක් කිරීම මේ සටහනේ අරමුණයි. සාහිත්‍ය විචාර අවකාශය තුළ නම් දරා සිටින චින්තක රණසිංහ විරචිත පළමු කෙටිකතා සංග්‍රහය වන උතෝපියාව කෙටිකතා හතරකින් යුක්තය. ගම පිළිබඳ වන පරිපූර්ණ, සුන්දර ෆැන්ටසික ලෝකය බිඳ දමන කතුවරයා සංග්‍රහයෙන් කෙටිකතා දෙකක් ම වෙන් කරනුයේ උක්ත තේමාව ප්‍රකාශයට පත් කිරීමටයි. අනෙක් කතා දෙකෙන් එකක් නූතන සරසවි අධ්‍යාපනයේ ඛේදවාචකය ඉඟි කෙරෙන කතුවරයාගේ පෞද්ගලික අත්දැකීම්වල සමීප රූපයක් ලෙසින් ලියැවුණකි. සතරවැන්න හෙවත් කෘතියේ පිළිවෙළට නම් තෙවැන්න මනෝවිශ්ලේෂණ විෂයට බර වූ කෙටිකතා සංග්‍රහයේ එන සාර්ථක ම කෙටිකතාවයි. උතෝපියාව සමකාලීන සමාජ යථාර්ථය ස්පර්ශ කරන්නක් හෙයින් විමසුමට ලක් කිරීමේ සැබෑ වැදගත්කමක් ඇත්තේය.

ප්‍රතිවික්ටෝරියානු දැක්මකින් ගම දෙස බලන්නෙකුට ලංකාවේ සාම්ප්‍රදායික ගම පිළිබඳ නිවැරදි කටු සටහනක් ගසා ගැනීමට හැකි වුව ද වික්ටෝරියානු සභ්‍යත්වය විසින් අන්ධව ඇති කලෙක ගම පරමාදර්ශී, සුන්දර ෆැන්ටසියකි. එය දුරාචාරයට ලක්ව ඇත් නම් ඒ නගරය විසින් කළ හදියේ ඵලයක් නිසාය. සැබෑය. නාගරීකරණය ගම්මානවල පැවැති සරල, චාම් ගති සිරිත් දෙදරවූවේය. එසේ වුව ද ගම යනු මුනිවරුන්ගේ නිජබිමක් යන වික්ටෝරියානු සිතිවිල්ල නම් මුසාවකි. පුරාණ වැඩවසම් සමාජය තුළ ගම අර්ථ ගැන්වුණු ආකාරය කිසිසේත් නූතන ගම අර්ථ ගැන්වීම සඳහා යෝග්‍ය නොවන්නේය. ගම තුළ සිදු වන සියලු විපර්යාසයන් සමාජයක අධෝ ව්‍යුහය විසින් කරන සංචලනයන් මත රඳා පවතින බැවින් ශුද්ධ වූ ගමක් මායා කතාවල හැරෙන්නට මිහිබට තිබිය නොහැකිය. විශේෂයෙන් ම ලිංගික සබඳතා අතින් නිරවුල් වූ ගමක් සමකාලීන සමාජයේ නම් අපට දැක ගත නොහැක්කේ ම ය.

'නූතන ගැමියාට අතීතයේ මෙන් නොව ගම හුදෙකලා කොට පලායාම තම ස්වයං මමත්වය මගින් මෙහෙයවනු ලබයි. එහෙයින් නූතන සමාජ ක්‍රම හමුවේ සාමූහිකත්වය හා සහයෝගීතාවය මත පදනම් වූ මානසික බැඳීම යන්න හුදු මිත්‍යාවක් මිස අද්‍යතන යථාර්ථයක් නොවේ.'
(-හෙට්ටිතංත්‍රී, සුජීව. (2009) අද්‍යතන ශ්‍රී ලංකාවේ ගම සහ සහභාගිත්ව සංවර්ධනයේ භාවිතය, ප්‍රවාද(ජනවාරි-දෙසැම්බර්) කොළඹ; සමාජ විද්‍යාඥයින්ගේ සංගමය.)

එහෙයින් සංග්‍රහයේ එන මිත්‍රයෝ දෙදෙනෙක් සහ යුතෝපියාව ගම පිළිබඳ වන වික්ටෝරියානු ෆැන්ටසිය බිඳ දමයි. පශ්චාත් යටත්විජිතවාදී ඌන සංවර්ධිත පීතෘ මූලික රටක ජනයා වෙත අධි ආගමික රාජ්‍ය තන්ත්‍රය පිරිනමන උතෝපියාව නම් පරමාදර්ශී ගමයි. සකලාකාරයෙන් දූෂ්‍යව ඇති නගරය (කොළඹ නගරය) අසහනය වපුරමින් සිටී. පිටකොටුවේ එක් වීදියට ලංකාවේ සෑම ගමක් ම පොදි කන අතර සෑම දිවා රාත්‍රී බණක ම සැහැල්ලුවෙන් ඇවිද ගිය පරමාදර්ශී ගමක් ගැන කියැවේ. මේ උතෝපියාව සොයා යන ගමෙන් නගරයට ආ තරුණයා කිසි විටෙකත් ගම පිළිබඳ සිය මිත්‍රයන්ගේ කීම් පිළි නොගනී. ඒ වෙනුවට තමස සිත්හි මවාගත් උතෝපියාව පසු පස ම ඇදෙයි. 'ඈත ගම්නියම්ගම්වල පැසී ඉදී කිරිවදින ජීවිතය සොයා' කාලයකට පසු ගමට යන තරුණයාට තරු පෙනෙන්නේ ඔහුට ගමට ඇරයුම් කළ තැනැත්තිය (ඇය ඔහුට සමකාලීනව පාසලේ පහළ පන්තියක ඉගෙන ගත් තරුණියකි. අහම්බෙන් අත දරුවාට බෙහෙත් ගැනීමට පැමිණ සිටිය දී තරුණයාට හමුවෙයි. මේ හොතේදීය ඔහුගේ කැමැත්ත පරිදි ඇය තරුණයාට ගමට ආරාධනා කරනුයේ) සිය වනගත නිවෙසේ දී තරුණයාව පොළඹවා ගන්නට තැත් කරන කල්හිය. ඔහු සිය පරමාදශී ලෝකය බිඳ වැටුණු බව පවසමින් මිතුරාත් සමඟ නගරයට පිටත් වෙයි.

'හරි හරි විජේ දැං ඉතිං ඕක නවත්තපං අපි හිතුව ගම දැං ඉවරයි කියල දැන ගත්තා.'

ඊට විජේ දෙන පිළිතුර තරමක් ප්‍රකාශනවාදී වුව ද කතානායක ෆැන්ටසිය බිඳ වැටීම විද්‍යාත්මකව තහවුරු කරයි.

'මං ඔය ලොකු ලොකු දේවල් දන්නෙ නෑ, ඒත් ගම කියන එක එදා ඉඳල ඔහොමයි.'

ගමට යෑමේ මනස්ගාතය අතෑරගන්නා ලෙස කතා නායක තරුණයාට ලැබෙන මිතුරු උපදෙස් ඵල දරන්නේ ඔහු ලද මේ අත්දැකීමෙනි. ලක්බිමේ කාලයක් පරිපාලන නිලධරයෙකු ලෙස විසූ ලෙනාඩ් වුල්ෆ් රචනා කළ බැද්දේගම ලාංකීය ගම පිළිබඳ කටුසටහනකට කදිම මූලාශ්‍රය සපයයි. පසුගිය කාලයේ ඉතා දෘඪ ලෙස ප්‍රතික්ෂේපිත විමුක්ති ජයසුන්දරගේ සුළඟ එනු පිණිස වැනි සිනමාකෘතිවල ද අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ ගම පිළිබඳ වන පරම ෆැන්ටසියේ ප්‍රතිවික්ටෝරියානු නිර්වචනයයි.

මිත්‍රයෝ දෙදෙනෙක් කෙටිකතාව ද ගම පිළිබඳ පරිපූර්ණ චිත්‍රය වෙනුවට අක්‍රමිකත්වයේ චිත්‍රයක් පාඨක මනසේ අඳියි. පරිපූර්ණ චිත්‍රය යනුවෙන් මෙහි දී අදහස් කළේ රේඛීය මනුෂ්‍ය සම්බන්ධතා, සාමකාමී පවුල් සංස්ථා, පරමාදර්ශී ලිංගික ගනුදෙනු ආදී කාරණාවන්ය.

කෘතියේ අවසාන කෙටිකතාව වන පර්යේෂකයෙකුගේ කතා වස්තුව මෙරට උසස් අධ්‍යාපනයේ සමකාලීන යථාර්ථය හෙළිදරව් කරන්නේය. විදේශීය රටක ශාස්ත්‍ර ගවේෂණය ම පරම කොටගත් පසුබිමක වැඩෙන පර්යේෂකයා ලංකාවට පැමිණි කල විශ්වවිද්‍යාල තුළ නව පර්යේෂණ කෙරෙහි වන ප්‍රවණතාවය විද්‍යාර්ථීන් තුළ තබා ආචාර්යවරුන් තුළවත් නොවන බව දැක හෝටල් කාමරයකට වී කල් ගෙවයි. පර්යේෂණකාමී මහාචාර්යවරයාට නිවැරදි ම පුද්ගලයා ලැබෙනුයේ මෙරට විශ්වවිද්‍යාල ගොඩනැගිලි අස්සේ නොව, නවාතැන් ගත් හෝටලය තුළ දී ය. හෝටල් කළමනාකාරවරයා අපූර්ව ශාස්ත්‍රකාමියෙකි. සැබැවින් ම ඔහු කලක් විශ්වවිද්‍යාල කථීකාචාර්යවරයෙකුව සිට විෂයයක් වශයෙන් බටහිර සාහිත්‍ය අධ්‍යයනය විෂය නිර්දේශවලට ඇතුළත් කළ නිසා සරසවියෙන් නෙරපූවෙකි. මේ තතු වත්මන් සරසවිවල නිතර සිදු වන දෑය. කතුවරයාගේ පෞද්ගලික අත්දැකීමක් මෙසේ පාඨකයා වෙත ගෙන එන්නට ගත් උත්සහාය සමාජ යථාර්ථය විවරණය කිරීම අතින් පැසසුම්කටයුතු අතර ආරම්භයේ දී අප සඳහන් කළ කරුණුවලට සාපේක්ෂව නම් සරු නොවේ.

යුතෝපියාව කෙටිකතා සංග්‍රහයේ එන සාර්ථක ම කෙටිකතාව නම් මදුරුවෝ යි. එය අපූර්වය. සංකල්ප රූප බහුලය. තත්පරයෙන් දහසෙන් පංගුවක් ගල්කොට අනාවරණය කර ගත් නිශ්චල ඡායාරූපයක් මෙනි. මදුරුවන් මැරීමටත්, මරා උන්ගේ රුධිරය දැකීමටත් අසීමිත ලෙස ආශා කරන්නෙකු (සිරී) මෙහි කතා නායකයා වෙයි. සමස්තයක් ලෙස ඔහුගේ සියලු ලිංගික ආරම්මණයන්ගේ කූඨප්‍රාප්තිය මදුරුවාගේ රුධිරය දැකීම මත තීරණය වෙයි. ෆ්‍රොයිඩියානු අර්ථයෙන් ලේ දැකීම හා ඝාතනය කිරීමේ ආශාව පූර්වයේ පටන් මිනිසා උරුම කරගත් සහජාශයකි. එහෙත් මේ නම් විකෘතියකි. නෝමන් බෙට්ස් (හිච්කොක් ගේ සයිකෝ සිනමාපටයේ) මෙන් සිරී ද අමුතු වින්දනයක් ලබන්නේ විකෘත සහගත අත්දැකීමකිනි. ඔහු සිය පෙම්වතියට ලියන පෙම් හසුන්වල තමා මැරූ මදුරුවන් ප්‍රමාණය ලියා යවයි. නුරුස්නා දේ තඩි කළු මදුරුවන්ට උපමාකොට දක්වයි. කාමරයේ තනිව ස්වයං වින්දනය කරන්නට ඔහු භාවිත කරන්නේ ද රති දූ පත්තරයේ පළ වූ 'මදුරුවෙකු කී රති රහස්' නමැති කතාවකි. එහි දී මදුරුවෙකු තරුණියකගේ නිදන කාමරයට ඇතුළු වී දකින දෑ මදුරු දෘෂ්ටියෙන් ලියැ වී ඇත. ඔහු පරම සුඛාස්වාදය ලබන්නේ මේ මදුරු ලේඛනය කියවා විඳීම මගිනි. කොටින් ම ඔහු සිය පෙම්වතිය හමුවන ස්ථානය ලෙස යොදා ගන්නේ ද, හමු වෙමු යැයි යෝජනා කරමින් පෙම්වතියට ලියා යවන්නේ ද 'සිකුරාදා පොළ හන්දියේ නින්ජා ලොකු දැන්වීම ඇඳි පුවරුව ළඟට' පැමිණෙන්න යැයි කියාය. ඔහුගේ පෙම් හබය නිමා වන්නේ ද මදුරුවෙක් නිසා පොදු ප්‍රවාහන බස් රථයක සිදු වන අකරතැබ්බයකිනි.

ආකෘතිමය පක්ෂයෙන් කිසිදු නව්‍ය බවක් නොපෙන්වුව ද චින්තක රණසිංහගේ යුතෝපියාව සාරාත්මක වැදගත්කමක් අරා සිටියි. ඒ සමකාලීන සමාජ යථාර්ථය ප්‍රතිනිරූපණය කිරීම අතිනි. කාලය හා අවකාශය ගල් කර ගැනීමේ කලාත්මක සමීප රූපයක් වශයෙන් එහි බලය මද බව පැවසිය යුතුය. එසේ වුවත් කෘතියේ එන අනෙක් කෙටිකතා තුන පරයා විශ්වීය වටිනාකමක් මදුරුවෝ කෙටිකතාවට පිරිනැමීමට මැළිවිය යුතු නැත.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Book Review, YUTHOPIYAWA, Collection of Sinhala Short Stories, Chinthaka Ranasinghe, Sinhala Ketikatha
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කේ.ඩී. දර්ශනගෙන් තවත් වියමන්
පොත්
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
පොත්
මී පුප් සේ රස 'හෑල්ල'
ගී කිය(ව)මු
ග්‍රීස් ගහේ මුදුනට ම ගියා මම- ඇය අවුරුදු කුමරිය වෙන්න ගියා!
කතන්දර
නිල් සුළිය
කතා-බස්
"ජාතිය තීරණය කරන්නේ ලේ නෙවෙයි; සංස්කෘතිය!"- නැගෙනහිර වෙරළෙන් ඇසුණු හඬ- හඳගම සමග කතාබහක්
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
උතුරා යන්න ගඟ මම කැමති පොකුණට- විමසුමක්
ලිස්සන පපුව මැද නොලිස්සන ගැහැනු සලකුණ
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook