Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
බූන්දි, 18:05:50
මට 'ඇය' මුණ ගැසුණේ අහම්බයකිනි. මගේ මිතුරෙකුගේ මැදිහත්වීමෙනි.

"ඔය ඉතින් ඔයත් මං දිහා බලන්නේ අමුතු විදියට. එතකොට ඉතින් අනිත් මිනිස්සු ගැන කවර කතාද?" 'ඇය' නෝක්කාඩුවෙන් මෙන්, එහෙත් සිනාසෙමින් පැවසුවාය.

මගේ සිතට ක්ෂණිකව නැගුණු ලැජ්ජාව අපහසුවෙන් වසන් කර ගත්තෙමි. මගේ මිතුරා අපේ හමුවීමට විධිවිධාන සකස් කරන අතරතුර 'ඇය' ගැන පැවසූ වදන් මට යළිත් සිහිපත් විය.

"උන් වැඩිය කාවවත් ආශ්‍රය කරන්න කැමති නැහැ. මිනිස්සු හිනා වෙනවා, විහිළු කරනවා කියල. උඹ වුණත් මුණ ගැහුණම වෙනසක් නැතුව හැසිරෙන්න මතක තියා ගනින්, හොඳද?"

මගේ මිතුරා කලින් එසේ මා දැනුවත් කළද, මනසින් සුදානම් වී මා එතනට පැමිණියද මටත් නොදැනීම නිරායාසයෙන් 'ඇය' වෙත නුහුරු බැල්මක් යොමු වන්නට ඇත. කමක් නැහැ! වරද මගෙයි. ඒ නිසා එය නිවැරදි කරගත යුත්තේද මමමයි. නමුත් ඊට පෙර මා ඔබට 'ඇය' පිළිඹඳ යමක් පවසා සිටිය යුතුමයි. නැතිනම් මේ කතාව මෙතැනින් ඉදිරියට ගෙන යන්නට නොහැකි වෙයි.

මීට අවුරුදු කීපයකට පෙර අපේ හමුවීම සිදු වූවා නම් එදා මා 'ඇය'ට කතා කරන්නට, ලියන්නට නියමිතව තිබුණේ 'ඔහු' යනුවෙනුයි. ඔවු! ඔබ සිතුවා නිවැරදියි. දැන් මේ මොහොතේ මා ඉදිරියේ සිටින්නේ, මා මේ කතා බහ කරන්නට සුදානම් වන්නේ සංක්‍රාන්ති ලිංගිකයෙකු සමගයි. 'ඔහු' වෙතින් 'ඇය' වෙතට සංක්‍රමණය වූ අප මෙන්ම සාමාන්‍ය මනුස්ස ප්‍රාණියෙකු සමගයි. ඇමතීමේ පහසුව සඳහා අපි ඇයව 'කුමාරි' ලෙස නම් කරමු. කුමාරිට කියන්නට නම් මොන තරම් කතන්දර ඇද්ද?

"සමාවෙන්න! මම එහෙම හිතා මතා වැරදි විදියට බැලුවේ නැහැ." මම මුලින්ම මගේ අතින් වූ වැරැද්ද නිවැරදි කර ගන්නට උත්සහ කළෙමි.

"අයියෝ! ඒක ප්‍රශ්නයක් නැහැ. මට ඕවා දැන් හොඳට පුරුදුයි. එක අතකට මම මුහුණ දීපු දේවල් එක්ක ඕවා මොනවාද අනේ?" කුමාරි සැහැල්ලුවෙන් පිළිතුරු දුන්නාය.

ගැහැණියක් සතු විය යුතු ලාලිත්‍ය ඇය තුළද නොඅඩුව දකින්නට තිබේ. කතා බහ, හැසිරීම අතිශයින්ම සාමාන්‍යය. නමුත් ඇගේ ඇතුළත ලෝකය ගැන තොරතුරු දන්නේ ඇයම පමණකි. ඉතින් ඇය කතා කරවිය යුතුමය.

"මට පොඩි කාලෙ ඉඳලම වැඩිපුර හිටියේ ගෑනු යාලුවෝ තමයි. පිරිමි යාළුවෝ හිටියෙම නැති තරම්. ඇත්තම කිව්වොත් පිරිමි ළමයි මාව ආශ්‍රය කරන්න කැමති වුණේ නැහැ. එක නිසාම වෙන්න ඇති මමත් වැඩිපුර ගෑනු ළමයි ආශ්‍රය කරන්න පෙළඹුනේ. මට පොඩි කාලෙ ඉඳලම ඕනේ වුණේ ගෑනු ළමයෙක් වගේ හැසිරෙන්න. ඒ වගේ ලස්සනට අඳින්න. බෝනික්කෝ එක්ක සෙල්ලම් කරන්න. කලිසමට වඩා මම ආසා කළේ ගවුමට. ඒක නිසා පොඩි කාලෙ ඉඳන්ම මම යාලුවෝ අතරේ විහිළුවක් වුණා. පිරිමි ළමයි විතරක් නෙවෙයි ගෑනු ළමයි පවා මන් දිහා බැලුවේ හරි අමුතු විදියට. නිකං අමුතු සතෙක් දිහා බලන්න වගේ. එක නිසා පොඩි කාලෙ ඉඳන්ම මම හැදුනේ වැඩුණේ ටිකක් හුදෙකලාව කිව්වොත් ඒක වැරදි නැහැ. ඒක ඇත්තටම මට මානසික වදයක් වුණා. මට ඇත්තටම ඕනේ වුණේ එහෙම හුදෙකලා වුණ ජීවිතයක් නෙවෙයි. අනිත් ළමයි වගේ-විශේෂයෙන් ගෑනු ළමයි වගේ හැසිරෙන්නයි මටත් ඕනේ වුනේ. එත් ඉතින් මට උරුම වුනේ ඊට වඩා වෙනස් ඉරණමක්. එතනින් ඇති වුණ මානසික පසුබෑම අදටත් මගේ ජීවිතේ පුරා හොල්මන් කරනවා."

කුමාරි ජීවිතය පිලිබඳ ඇගේ කියවීම මා ඉදිරියේ දිග හරින්නීය. ඇගේ වචනවල අවංකභාවය සංවේදී මොහොතක පවා උවන සිසාරා සෙමෙන් පැතිර යන මන්දස්මිතයෙන් කියවා ගත හැකිය. හේතුවක් ඇතිව හෝ නැතිව ඇගේ කතාවට බාධා කරන්නට මට සිතක් පහළ විය.

"ඔයාගේ ගෙදර තිබුණේ මොන වගේ තත්ත්වයක්ද?"

"මට හිටියේ අක්ක කෙනෙකුයි, නංගි කෙනෙකුයි. එකම පිරිමි ළමයා මං විතරයි. අක්කගේ වැඩි විශේෂත්වයක් තිබුණේ නැහැ. එයා සාමාන්‍ය ගෑනු ළමයෙක් විදියට හිටියා. එත් නංගි නම් තනිකරම කොල්ලා! එයා කරේ කොල්ලෝ කරන වැඩමයි. ගස් නගිනවා, ගඟේ පීනන්න යනවා, සෙල්ලම් කරන්න යනවා. එයාට නම් වැඩිපුර හිටියේ පිරිමි යාලුවෝ. ඒ කාලෙ නෑදෑයෝ මාවයි නංගිවයි පෙන්නලා විහිළු කරන්නේ කොල්ල වෙන්න ඕනේ එකා කෙල්ල වෙලා කෙල්ල වෙන්න ඕනේ එකා කොල්ල වෙලා කියලා. ගෙදර අයටත් මගේ වෙනසක් තේරෙන්න ඇති. ඒත් අම්මයි තාත්තයි මට කිසිම වෙනසක් කරේ නැහැ. සාමාන්‍ය විදියට සැලකුවා. මං ගොඩක් දේවල් කතා කරේ නංගිත් එක්ක. අක්කා අපි දෙන්නට වඩා ගොඩක් වැඩිමල්. ඒත් අපි දෙන්න එක ළඟ වයසේ. අනික නංගි තනිකර කොල්ල වගේනේ! එක නිසා මන් එයත් එක්ක ගොඩක් ලං වුණා. අපි දෙන්න කතා කරද්දී මන් නංගිට විහිළුවට වගේ කියනවා තමුසෙගෙ කෙලිකම මට දීල මගේ මේ කොලුකම තමුසේ ගන්නවකො කියල. අපෝ ඔයාගේ ඔය කොලුකමට වඩා නම් මගේ මේ කෙලිකම හොඳයි කියල නංගි ඒ වගේ වෙලාවට මට හිනාවෙනවා. ඇත්තටම මම ඒ කාලෙ විහිළුවට වගේ කිව්වේ ඇත්තටම මගේ හිතේ තිබුණ දේවල්. මට හැමදාම ඕනේ වුණේ කෙල්ලෙක් වෙන්න."

"ඉතින් කොහොමද ඒක කරගත්තේ?" මම නැවතත් අතරමැදින් කඩා පැන්නෙමි.

"ඒක දිග කතාවක්." ඇය සන්සුන්ව කියයි. "මම කෙටියෙන් කියන්නම්. ඉස්කෝලෙන් අයින් වෙලා නිදහසේ ඉන්න කාලෙ මං තව කෙනෙක් එක්ක සම්බන්ධතාවයක් ඇති කර ගත්ත. ඒ අපේ ඉස්කෝලෙම හිටපු මට වඩා අවුරුදු හතරක් වැඩිමහල් අයියා කෙනෙක් එක්ක. ඒක ඇත්තටම සමලිංගික සම්භන්ධතාවයක්. එයා ඉස්කෝලේ යන කාලේ ඉඳලම මං ගැන ආසාවෙන් ඉඳල තියෙන්නේ. මාත් පස්සේ තමයි දන්නේ. ඉතින් කොහොම හරි අපි දෙන්නා අතර සම්බන්ධතාවයක් ඇති වුණා. අපි දෙන්නා එකට ඉන්න හැමවෙලාවෙම එයා හැමතිස්සෙම කියන කතාවක් තිබුණා. ඔයා කෙල්ලෙක් වුණා නම් කොච්චර ෂෝක්ද? එයා හැමතිස්සෙම කිව්වේ එකයි. මට හැමදාම ඕනේ වෙලා තිබුණෙත් ඒකයි. ඉතින් ඇත්තටම එහෙම වෙන්න බැරිද? අපි දෙන්නම කල්පනා කළා. අන්තිමට මව කෙල්ලෙක් කරන්න මටත් වඩා ඕනෙකම තිබුණේ එයාට. ඉතින් අපි දෙන්නම එක ගැන හෙව්වා. අන්තිමට එය ක්‍රමයක් හොයා ගත්ත. ඉතින් අපි දෙන්නම දාහක් බොරු ගෙවල්වලට කියල පිටරට ගියා. කොල්ලෙක් විදියට රට ගිය මම අපහු ලංකාවට ආවේ කෙල්ලෙක් විදියට. ඔන්න ඕක තමයි බොහොම කෙටියෙන් කියනවා නම් කතාව."

"බය හිතුනේ නැද්ද?"

මගේ ප්‍රශ්නය බොළඳ එකක් යැයි හැඟුණ නිසාදෝ කුමාරි මහා හඬින් සිනාසුණාය.

"මට හැමදාම ඕනේ වෙලා තිබුණේ එහෙම වෙන්න. ඉතින් මොකටද මම බයවෙන්නේ?"

"මම ඇහුවේ ඔපරේෂන් එකට බය හිතුණද කියලම නෙවෙයි. සමාජෙන්, ගෙදරින්, අනාගතෙන් එන ප්‍රශ්න ගැන බය හිතුණේ නැද්ද?"

මම මගේ ප්‍රශ්නය පැහැදිලි කළෙමි. ඇය සිනාව නවත්වා මදක් කල්පනාකාරී වුවාය.

"ඇත්තටම මට-මම කිව්වේ අපි දෙන්නටම ඒ වෙලාවේ එහෙම දේවල් ගැන කල්පනාවක් ඔළුවට ආවේ නැහැ. අපිට ඕනේ වෙලා තිබුණ දේ අපි කොහොම හරි කර ගත්තා. ඔයා අහපු ප්‍රශ්නෙට මම මෙහෙම උත්තරයක් දෙන්නම්. ඒකෙන් ඔයා කැමති දෙයක් හිතා ගන්න. ලංකාවට ඇවිත් මම මුලින්ම ගියේ අපේ ගෙදරට. ගෙදර කවුරුවත් මං කියපු දේ විශ්වාස කරේ නැහැ. මම කොහෙද ගියේ, මේවා කර ගන්න සල්ලි කොහෙන්ද ඒවා මොකුත් එයාලට ප්‍රශ්නයක් වුණේ නැහැ. එකම ප්‍රශ්නෙ වුණේ මම පවුලේ නම්බුව විනාශ කළා කියන එක විතරයි. ඔයා විශ්වාස කරන්න එදා ඉඳල අද වෙනතුරු මම තාම අපේ ගෙදර හතර මායිමේ අඩියක් තියල නැහැ. මම පණ වගේ ආදරේ කරපු මගේ නංගිවත් මට අද ටෙලිෆෝන් කෝල් එකක්වත් දෙන්නේ නැහැ. එච්චරයි! මං හිතන්නේ ඔය අහපු ප්‍රශ්නෙට ඔයාට උත්තරේ හම්බ වුණා."

නැවතත් මම ඇය අබියස නිරුත්තර වුණෙමි. ප්‍රශ්න අහන තරම් පිළිතුරු සොයන එක ලෙහෙසි පහසු නැත. මා කුමක් කියන්නද, ඇගෙන් කුමක් අසන්නද?

"ඉතින්?" මම අසමි.

"ඉතින් කියන්නේ?" කුමාරි නැවතත් සැහැල්ලුවෙන් සිනාසෙයි. "ඔයා පොඩි ළමයෙක් වගේ අනේ ප්‍රශ්න අහන්නේ? දැන් වයස කීයද?" ඇය අසන්නේ ඇස් දෙකෙන් පවා සිනාසෙමිනි.

ඇගේ ප්‍රශ්නය එවර මා වෙත රැගෙන ආවේ ලැජ්ජාව ද මිශ්‍ර සියුම් නොරිස්සුමකි. නමුත් කතාව ඉදිරියට රැගෙන යා යුතුය. ඇගේ ප්‍රශ්න-උත්තර තුළත් ගැබ්වී ඇත්තේ අමුතුම, අපූරු ලාලිත්‍යකි. ඒ රිද්මය බිඳ හෙළන්නට හදවත ඉඩ නොදෙයි.

"ඉතින් ඒ හැමදෙයක්ම වුණාට පස්සෙත් ඔය දැන් සතුටින්ද ඉන්නේ?"

"ඔවු! ගොඩක් සතුටින්. මම එහෙම කියන්නේ බොරුවට, මුනිච්චාවට නෙවෙයි, ඇත්තටමයි. මට හැමදාම ඕනේ වුණේ කෙල්ලෙක් වගේ, ගෑනියක් වගේ ජීවත් වෙන්න. දැන් මන් ඒ ජීවිතේ ජීවත් වෙනවා. මොන ප්‍රශ්න ආවත් මම සතුටින් ඉන්න එකම කාරනෙත් ඒකම තමයි."

"ඒක කොහොමද දැනෙන්නේ?" මගේ කුතුහලය ඇවිස්සිණි.

"මාරයි!" ඇගේ පිළිතුර කෙටි එහෙත් තිර, තෘප්තිමත් වචනයකි.

"මුහුණ දෙන්න වුණ දේවල් ගැන මම අහන්නේ නැහැ. ඒත් ඒ මුහුණ දුන්න දේවල් නිසා දැන් මිනිස්සු, සමාජය ගැන හිතෙන්නේ මොනවාද කියල නම් අහනවා?"

"ඔවු! කමක් නැහැ. ඇත්තටම මට මිනිස්සු ගැන නම් තියෙන්නේ කලකිරීමක් විතරයි. ඒකයි මම වැඩිය එළියට පහළියට යන්නේ නැතුව තනියම ජීවත් වෙන්නේ. මං එක සිද්ධියක් කියන්නම්. මේ ලඟදි කිසිම හේතුවක් නැතුව පොලිසියෙන් මාව අරගෙන ගියා. කිසිම චෝදනාවක් නැතුව බොරුවට ප්‍රශ්න අහ අහා රෑ දොළහ විතර වෙනකම් මව රස්තියාදු කරලා තමයි ආපහු එව්වේ. සමහර නිලධාරීන් කතා කරපු විදිය හරිම අප්‍රසන්නයි. මන් දන්නා විදියට අපි වගේ ගොඩක් දෙනෙක් එහෙම අතවරවලට මුහුණ දෙනවා. ගොඩක් අය අපි දිහා බලන්නෙත් පිළිකුලෙන් වගේ. කතා කරන්නවත් කැමති නැහැ. එත් අපිත් මනුස්සයෝ! අපිටත් හැගීම් දැනීම් තියනවා. එහෙම දේවල් වෙද්දී අපිට සමාජේ ගැන, මිනිස්සු ගැන හරිම කලකිරීමක් තමයි එන්නේ. එත් මන් දැන් වැඩිය ඒවා ගැන හිතන්නේ නැහැ. ඕනෙවට වැඩ හිතන්න ගියාම තමයි හැම ප්‍රශ්නයක්ම. එක නිසා මන් දැන් අපිට හිනාවෙන, අපිව කොන් කරන, අතවර කරන මිනිස්සුන්ට අනුකම්පා කරනවා විතරයි."

"ඒ මිනිස්සුන්ට තේරෙන්න මොනවා හරි දෙයක් කියන්න කැමති නැද්ද?"

"කැමතියි. බොහොම කැමතියි!" කුමාරි මගේ ප්‍රශ්නය දැඩිව ග්‍රහණය කර ගත්තාය. "ගොඩක් මිනිස්සු ඔය විප්ලව අරව මේව ගැන කතා කරනවා නේද? මම කියනවා අපි තමයි නියම විප්ලවකාරයෝ. අපි දෛවය අපිට දීපු ජීවිතේ ඒ විදියටම බාර ගත්තේ නැහැ. අපි අපිට ඕනේ දේ වෙනුවෙන් සටන් කරා. ඒ වෙනුවෙන් වෙනස් වෙන්න තරම් ශක්තියක් අපිට තිබුණා. අන්තිමේදී අපි අපේ අරමුණ ඉෂ්ට කර ගත්තා. ඉතින් ඕකට නෙවෙයිද විප්ලවේ කියන්නේ? වෙනස්වීම! සමහර විට මම වැරදි ඇති. එත් මම අහන්නේ මට තේරෙන විදියට. අපේ ඒ විප්ලවය දර ගන්න බැරි මිනිස්සු ටිකක් එකතු වෙලා කොහොමද සමාජ විප්ලවයක් කරන්නේ? මට තේරෙන්නේ නැහැ! තේරෙන කෙනෙක් ඉන්නවා නම් මට පැහැදිලි කරලා දෙන්න."

පැහැදිලි කරගත යුතු කාරණා නම් මොන තරම්ද? නමුත් කාලය අපට හරස් වෙයි. එබැවින් නිශ්චිත පිළිතුරු නැති ප්‍රශ්න ගොන්නක් තුරුළු කරගෙන අප ඇයට සමුදිය යුතුව ඇති නිමේෂය එළැඹෙයි. නමුත් සමුගැනීමට පෙර මෙතෙක් වේලා සිත පෙලූ අවසන් ප්‍රශ්නය ඇය වෙතට මුදාහැර හදවත සැහැල්ලු කර ගත යුතුය.

"අර අයියා! එයාට මොකද වුණේ?"

"මම කිව්වා හරියටම හරි. ඔයා ප්‍රශ්න අහන්නේ පොඩි ළමයෙක් වගේමයි." ඇය නැවතත් ඇස් දෙකෙන් සිනාසෙන්නීය. "එයා තාම මාත් එක්ක ඉන්නවා. තව ටිකක් වෙලා හිටියොත් මට එයාවත් ඔයාට මුණ ගස්සවන්න පුළුවන් වෙයි."

අපි පිටත්ව ආවෙමු. ඉතින් හිතවතුනි, නිශ්චිත අවසානයක් නැති මේ සටහනට මම මෙතැනින් නැවතීමේ තිත තබමි.
සිත්තම- Celia Jacobs
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Transgender People, Gender Identity, Gender Expression, LGBT
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කසුන් සමරතුංගගෙන් තවත් වියමන්
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
වෙසෙස්
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
කතා-බස්
ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?
කතා-බස්
ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න
සිත්තර
"දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
BoondiLets
ඒබ්‍රහම් ජේ. හෙසල් කියයි.
ජාතිවාදය යනු මිනිසෙකු විසින් තවත් මිනිසෙකු වෙත එල්ල කරන බරපතලම තර්ජනයයි. ඇත්තෙන්ම එය නොසැලකිය හැකි තරම් කුඩා හේතුවක් සඳහා වූ අප්‍රමාණ වෛරයකි.
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook