Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
බූන්දි, 18:09:04
අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය පවතින්නේ කුණු වී දුඟඳ හමන තත්ත්වයක බව අමුතුවෙන් පැවසිය යුතු නැත. එය අපේ රටේ දේශපාලන සංස්කෘතිය තරම්ම දූෂිත, පිරිහුණු, මජර සංස්කෘතියක් බව සාමාන්‍ය ජනතාව කෙසේ වෙතත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නා අය මෙන්ම ඊට සම්බන්ධ වෙනත් ක්ෂේත්‍රවල ඉන්නා පුද්ගලයෝ ද දනිති. මෙම තත්ත්වය තුළ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තියකට පිවිසෙන උගත් නූගත් ඕනෑම අයෙකුට එම කුණු වලේ බැස කුණු නාගෙන කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ජනමාධ්‍ය තුළ කටයුතු කරන්නට සිදුවී තිබේ. කුණු කන්නට කැමති, කුණු විකුණා සැප විඳින්නට කැමති බොහෝ පුද්ගලයින්ගේ පාරාදීසය බවට පත්වී ඇත්තේ මෙම ජනමාධ්‍ය ක්ෂේත්‍රයයි.

ඕනෑම ඇත්තක් බොරුවක් කළ හැකි, ඕනෑම බොරුවක් ඇත්තක් කළ හැකි සහ කපුටන් රෑනක් කුණු මස් වැදැල්ලක් ලැබෙන තෙක් බලා ඉන්නවා මෙන් ස්ත්‍රී දූෂණයක්, ළමා අපචාරයක්, මිනීමැරුමක් හෝ රටේ නමගිය කෙනෙකු ගෑවෙන මඟුලක්, මළගෙයක්, උපන්දින පාටියක් හෝ කොටහළු මඟුලක් වුවත් අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය තුළ විකුණන් කෑ හැකි තත්ත්වයක් දැන් නිර්මාණය වී තිබේ. බොහෝ විට තමන්ගේ සමීපතමයින්ට එවැන්නක් සිදුවුණා නම් අඩුම තරමින් අසල්වැසියෙකු සමඟවත් ඒ පිළිබඳ පැවසීමට කටයුතු නොකරන බොහෝ දෑ අපේ රටේ මාධ්‍යකරුවෙකුට දැන ගන්නට ලැබුණොත් සිද්ධියට මුහුණ පෑ පුද්ගලයාට ඉන්පසු පාරේ බැහැලා යා හැකි තත්ත්වයක් කෙසේ වෙතත් අඩුම තරමින් පවුලේ පුද්ගලයින්ගේ මුහුණ බලා කතා කළ හැකි තත්ත්වයක්වත් ඉතුරු වන්නේ නැත. ඒ, සිදුවූ සෑම දෙයක්ම සිද්ධියට මුහුණ පෑ පුද්ගලයාටත් වඩා ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු නැතුව මාධ්‍යකරුවෙකු විසින් විශේෂ ඥානයකින් දැක එය මාධ්‍යවල ප්‍රසිද්ධ කරන නිසාය.

ඉතින් මෙම කුණු මාධ්‍ය සංස්කෘතිය තුළ ආචාර ධර්ම ගැන කතා කිරීම හෝ එවැනි දෑ නාමිකවවත් ඇත්දැයි සිතීම පවා විහිළු සහගතය. බරපතළ ස්ත්‍රී දූෂණයකට ලක්වූ දැරියන්ගේ ඡායාරූප පත්තරවල මුල් පිටුවල විශාල ප්‍රමාණයෙන් කිසිම පැකිලීමක් නැතුව පළකරන්නට කටයුතු කරනවා නම්, ස්ත්‍රී දූෂණයක් හෝ මිනීමැරුමක් තවත් එවැනි අපරාධ දහයක් කිරීමට හිතෙන විදිහට පත්තරවල වෙබ් අඩවිවල අකුරක් නෑර ලියනවා නම් ඒවාට කිසිම වාරණයක්, නීතියක්, ආචාර ධර්මයක් කෙසේ වෙතත් අඩුම තරමින් සදාචාරයක්වත් නැතිනම් එය කෙතරම් නම් අභාග්‍ය සම්පන්න තත්ත්වයක්ද? මේ ගැන කතා කිරීමේදී බොහෝ මාධ්‍යකරුවන් පවසන්නේ අපේ රටේ මිනිස්සුන්ට කුණු දෙයක් දුන්නේ නැතිනම් මාධ්‍යවල කිසිම දෙයක් විකුණාගන්නට බැරි බවය. එහි යම්කිසි ඇත්තක් ඇතත් සමාජයට පූර්වාදර්ශ සැපයිය යුතු රටේ සිව්වන ආණ්ඩුව ලෙස සංකල්පීකරණය කරන ජනමාධ්‍යයට එසේ කිරීමට කිසිදු අයිතියක් නොමැති බව පැවසිය යුතුය.

මට අනුව නම් අපේ රටේ අඩුම වටිනාකමක් හිමිවී ඇති වචනය වන්නේ "ජනමාධ්‍යවේදියා" නැමති වචනයයි. මන්ද යත් "වේදියා" ලෙස යෙදෙන අන් කිසිදු වචනයක් "ජනමාධ්‍යවේදියා" නැමති වචනය මෙන් හෑල්ලුවට ලක්වී නොමැති බැවිනි. උදාහරණ ලෙස කියන්නේ නම් නීතිවේදියා, සංගීතවේදියා, සුපවේදියා, වෛද්‍යවේදියා, පෝෂණවේදියා, අධ්‍යාපනවේදියා ආදීවූ කවර නාමපදයක් සැලකුව ද ඒ සෑම එකකින්ම හැඳින්වෙන්නේ ඒ අදාළ ක්ෂේත්‍රයට අදාළව ප්‍රාමාණිකව ලබා ඇති අධ්‍යාපනයයි. වේදය යන්නෙහි අර්ථය වන්නේ දැනුමයි. එම දැනුම ශාස්ත්‍රීයව හෝ ප්‍රායෝගිකව ආදී ලෙස ලබා තිබිය යුතුය. ඒ අනුව "වේදියා" ලෙස හැඳින්වෙන අනිකුත් සෑම වචනයක් තුළම එම අදාළ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පිළිගත් අධ්‍යාපන සුදුසුකම් හෝ අදාළ ක්ෂේත්‍රය තුළ ලබා ඇති ඉහළ මට්ටමේ පිළිගත් ප්‍රායෝගික සුසුදුකම් පැවතීම අනිවාර්ය වේ. එහෙත් ජනාමාධ්‍ය පිළිබඳ දැනුමක් තියා අඩුම තරමින් ජනමාධ්‍ය යන්නෙහි තේරුම පවා නොදත් බොහෝ පිරිසක් ජනමාධ්‍යවේදියා යන වචනය අවභාවිත කරමින් සිටිති. මෙහි කණගාටුදායකම තත්ත්වය වන්නේ ජනමාධ්‍ය පිළිබඳ මෙලෝහසරක් නොදැන ජංගම දුරකථනයකින් වීඩියෝවක් පටිගත කර ජනමාධ්‍ය වෙත ලබා දෙන පුද්ගලයාගේ සිට ජනමාධ්‍ය සම්බන්ධයෙන් පශ්චාත් උපාධි ලබා ඇති පුද්ගලයින් දක්වා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලෙන තැනැත්තන් හැඳින්වීමට ජනමාධ්‍යවේදියා නැමති වචනය භාවිතා කිරීමයි. එසේම මෙම අන්ත දෙක අතර මැද සිටින ජනමාධ්‍ය ආයතනවල සේවය කරන බොහෝ පිරිසක් හැඳින්වීමට ද ජනමාධ්‍යවේදියා නැමති වචනය අවභාවිතයට ගන්නා බව පැවසිය යුතුය.

ඉතින් මෙම කුණු වී ඇති අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය වෙනුවෙන් ජනමාධ්‍ය පිළිබඳ ඉහළ මට්ටමේ ශාස්ත්‍රීය අධ්‍යාපනයක් ලැබූ විද්‍යාර්ථින් වශයෙන් අපට කළ හැක්කේ කුමක්ද? ඊට පිළිතුරු දෙකක් තිබේ. එකක් නම් බොහෝ පිරිසක් දැනටමත් කරමින් ඉන්නවා මෙන් ජනමාධ්‍ය පිළිබඳ උගත් දෑ පසෙකින් තබා මේ මජර, පාදඩ සංස්කෘතියට මිශ්‍ර වී කුණු කමින්, කුණු නාගෙන කිසිදු වැරදි දෙයක් සිදුනොවෙනවා මෙන් ඇස කන වසාගෙන සිටීමය. දෙවැන්න නම් පවත්නා මෙම කුණු දුගඳ හමන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා කවර හෝ උත්සහයක් දැරීමය. මා විශ්වාස කරන්නේ අප ජනමාධ්‍ය පිළිබඳ උගත් ශාස්ත්‍රීය හා ප්‍රායෝගික දැනුම තුළින් මෙම කුණු ජනමාධ්‍ය සංස්කෘතිය සම්බන්ධයෙන් ශාස්ත්‍රීය හා ප්‍රායෝගික විග්‍රහකිරිම්, විශ්ලේෂණය කිරීම් සිදුකරමින් ශාස්ත්‍රීය සමාජය තුළ ඒවා සම්බන්ධයෙන් කතිකා ඇති කිරීමට කටයුතු කළ යුතු බවයි. එම කතිකා පසුව ශාස්ත්‍රීය සමාජයෙන් ඔබ්බට රැගෙන ඒම තුළින් පවත්නා මෙම මජර ජනමාධ්‍ය සංස්කෘතිය නිසි මඟට ගැනීමට කවර අන්දමේ හෝ බලපෑමක් ඇති කළ හැකිය. එසේ නොමැතිව සරසවියේ දී ජනමාධ්‍ය හැදෑරූ පලියට ජනමාධ්‍ය තුළ වෘත්තියක නියැලෙමින් මෙම කුණු සංස්කෘතිය තුළ අනේ අපිත් කීයක් හරි මේකෙන් හම්බකර ගන්නවානෙ යැයි සිතමින් මෙම කුණු සංස්කෘතියට ආවැඩීම මාගේ හෘද සාක්ෂියට එකඟව මට නම් සිදුකළ නොහැකිය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sri Lankan mass media, Influence of mass media, Abuse of Media Power, Sri Lankan Journalists
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුරෝෂන ඉරංගගෙන් තවත් වියමන්
පොත්
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
ඒ ඇගේ අහසයි!
BoondiLets
චේ ලියයි.
යම් රටක් නිදහස් වූ සැම විටම එය අධිරාජ්‍යවාදයේ පරාජයක් ලෙස පෙනී යයි. එහෙත්, අප තේරුම් ගත යුත්තේ හුදෙක් හුදකලා ආයුධ සන්නද්ධ අරගලයකින් හෝ නිදහස ලබා... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook