Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
බූන්දි, 18:37:40
මානව සමාජයේ ඉතා සුවිශේෂ හැරවුම් ලක්ෂ්‍යයන් දෙකක් වන සමාජවාදය සහ ධනවාදය දත්තවාදී දෘෂ්ටිකෝණයෙන් කියවාගත යුතු බව ඉතිහාස හා සමාජ විද්‍යා විශේෂඥයෙකු වන යුවෙල් නෝව් හරාරි (Yuval Noah Harari) පවසනවා. ඔහු සිය Homo Deus (මීළඟ හතළිස් වසරේ ඉතිහාසය) නම් වූ කෘතියේ එකොළොස්වන පරිච්ඡේදයෙන් දත්තවාදය ගැන මතු කළ අදහස්වල සිංහල අනුවාදය මීට ඉහත පළවූ අතර (මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?) මේ එහි දෙවන කොටසයි.

දේශපාලනයේ දිශානිතිය වෙනස්කරන දත්තවාදය

සමාජවාදය සහ ධනවාදය යනු එකිනෙකට වෙනස් දත්ත සැකසුම් ක්‍රමවේදයන් දෙකක්. සමාජවාදී සමාජයක් තුළ දත්ත හැසිරීම සලකා බැලුවොත් එය එක් න්‍යෂ්ඨියකට කේන්ද්‍රගත වෙනවා. දත්ත සංසරණය වෙන අවස්ථා අඩුයි. ධනවාදී සමාජයක දත්ත විසුරුණු ස්භාවයක් පෙන්නුම් කරනවා. නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා දත්තවාදය විසින් එකිනෙකට මුණගස්සනවා. මේ නිසා නිෂ්පාදකයාට තීරණ ගැනීමේ හැකියාව වැඩිවෙනවා. ධනවාදී වෙළඳපොළ ආර්ථික ක්‍රමයේ මුල් කාලයේ නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා අතර දත්තවාදී සංවාදයක් ඇතිවී දත්තවාදය විසින් මේ බලවේග දෙකම පාලනය කරන තත්වයක් තිබුනත් අද මේ සංවාදයෙන් නිෂ්පාදකයා ජයගෙන ඇති අතර පාරිභෝගිකයා යනූ නිෂ්පාදකයාට දත්ත නිෂ්පාදනය කරන යන්ත්‍රයක් බවට විතැන් වී ඇත.

වෙළඳපොළේ පාන් මිල පිළිබඳව උදාහරණයක් සලකමු. අපි පාරිභෝජනය කරන පාන් වල මිල තීරණය කරන්නේ කවුද? සමාජවාදී රාජ්‍යයකදී එය නිෂ්පාදකයා සහ පාරිභෝගිකයා පිලිබදව සමාලෝචනයකින් පසුව රාජ්‍යය විසින් තීරණය කරනු ඇත. වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් තුළදී එය තීරණය කරනුයේ දත්තවාදය විසින්. එහෙත් මෙහිදී දත්තවාදය විසින් කිසිම වෙළඳපොළක් හෝ සමාජයක පාන් අවශ්‍යතාවය පිළිබඳව සමාලෝචනයක් නොකරයි. දත්තවාදය සලකන්නේ දත්ත පමණයි.



පාන් පාරිභෝජනය කිරීම තුලින් පාරිභෝගිකයා පාන්වලට අදාළ බොහෝ දත්ත නිෂ්පාදනය කරයි. මේ දත්ත එක එල්ලේම විශ්ලේෂණය කිරීමට පාන් නිෂ්පාදකයාට හැකිවෙයි. එම දත්ත ඇසුරෙන් පාන් මිල, හැඩය හෝ ගුණය නිෂ්පාදකයා විසින් තීරණය කරයි. මීට එදිරිව පාන් නිෂ්පාදකයා සතු දත්ත කිසියම් ප්‍රමාණයක් පාරිභෝගිකයා වෙතට ද සංසරණය වෙයි. නිෂ්පාදකයාගේ ගුණාත්මකභාවය, සමාජ වගකීම ආදී දත්ත. මෙම දත්ත ගොනු එකිනෙකට ගැටීමේ ප්‍රතිඑලයක් ලෙස ප්‍රමුඛ වන දත්ත ගොනුවේ, බොහෝවිට පාන් නිෂ්පාදකයාගේ දත්ත විශ්ලේෂණය මත අවසානයේ පාන් මිල තීරණය වේ.

කිසියම් පාන් නිෂ්පාදකයෙක් අසාමාන්‍ය මිලකට පාන් ගෙඩියක් වෙළඳපොළට නිකුත් කළා යැයි සිතමු. මේ පාන් විශේෂයේ මිල ඩොලර් 100කට (පැහැදිලි කිරීමේ පහසුව සඳහා) නියම වේයෑයි සිතමු. කිසිවෙකු මේවා මිලදී ගනිතැයි සිතිය නොහැකියි. මේ මිල සාධාරණීකරණය කිරීමට බොහෝ දත්ත නිෂ්පාදනය කිරීමට සිදුවෙනවා. උදාහරණයක් ලෙසට එම පාන් වලට යොදා ඇති සුවිශේෂ පිටි වර්ගයක් ගැන, එසේත් නැතිනම්, එම පාන් පාරිභෝජනය කිරීම මගින් ලැබෙන සුවිශේෂ සෞඛ්‍ය වාසියක් ගැන. මේ දත්ත වලට පාරිභෝගික සමාජයේ ‘ඉල්ලීමක්’ නිර්මාණය උනොත් ඔවුන් ඒවා මිලදී ගන්නවා. මෙම ඉල්ලුම ඉතා ඉහළ ගියහොත් වෙළඳපොළේ ‘සුවිශේෂී පාන්’ නම් භාණ්ඩයක් නිර්මාණය වී එහි මිල ඩොලර් 100ක් බවට පත්වෙනවා.

ඇතැම් රටවල්වල, වෙළඳපොළ ආර්ථිකය ක්‍රියාත්මක වෙන රටවල් වල පවා පාන් වැනි සංවේදී පාරිභෝගික භාණ්ඩයක මිල තීරණය කිරීමේ සාධකයට රාජ්‍ය තන්ත්‍රයේ මැදිහත්වීම දක්නට ලැබෙනවා. බැලු බැල්මට මෙය දත්තවාදයේ වෙළඳපොළ ආධිපත්‍යය පිළිබඳ තර්කනයට විරුද්ධව සිදුවෙන ක්‍රියාවලියක්. එහෙත් මේ මැදිහත්වීම් හුදු චාරිත්‍රානුකූල එකක්. (ceremonial interference) දත්තවාදයේ තර්කනයට අනුව රාජ්‍යයට ඇත්තේ ඉතා සුළු මැදිහත්වීමේ අවස්ථාවක් පමණයි.

දත්තවායේ තර්කනයට යටත්ව බිහිවූ ඉතා වැදගත් ආයතනයක් වන්නේ කොටස් වෙළඳපොළයි. කොටස් වෙළඳපොළ යනු ලෝකයේ නවතම අධිරාජ්‍යවාදයයි. කොටස් වෙළඳපොළ තම දත්ත ජාලය මගින් ලෝක ආර්ථිකය පාලනය කරන ආයතනයයි. සෘජුව හෝ වක්‍රව ලෝකයේ සියළු මිනිසුන් කොටස් වෙළඳපොළ සමග සම්බන්ධ වී සිටිනවා. අප්‍රිකාවේ ගෝත්‍රික ග්‍රාමයක සිටින මිනිසෙකුට පවා නිව්යෝක් කොටස් වෙළඳපොළේ චලනයන් බලපානව. දත්තවාදය අනුව ලෝකයේ කොටස් වෙළඳපොළ ජාලය හැදින්විය හැකි හොඳම නිර්වචනය 'ස්වාධීන සහ එකිනෙකා මත යැපෙන' (independent and inter dependent) ආයතන යන්නයි.

කොටස් වෙළඳපොළ චලනයන් සිදුවීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ ලෝකයේ සිදුවන සමාජ ආර්ථික සහ දේශපාලන කාලගුණය බව අප දන්නා ජනප්‍රිය කාරණයයි. ලෝකයේ රටවල්වල සිදුවන දේශපාලන හැලහැප්පීම් සහ ස්භාවික විපත් සෘජු ලෙසම එම රටවල් වල ආර්ථිකයට බලපෑම් ඇති කරනවා. ඒත් දත්තවාදයේ නීති රිති වලට අනුව රටක ආර්ථික චලනයන්ට බලපෑම් ඇතිකරන්නේ එරට කොටස් වෙළඳපොළ කරා එන දත්ත වල ප්‍රබලත්වය මගින්.

උදාහරණයක් ලෙසට අප්‍රිකාවේ දරුවන් මන්දපෝෂණයෙන් මියයෑම කියන කාරණය ඉතා සංවේදී සහ දුක්මුසු පුවතක් ලෙස අපට දැනුනත් ඉන් නිව්යෝර්ක් හෝ යුරෝපයේ කොටස් වෙළඳපොළට බලපෑම් කරන්න පුළුවන් කමක් ලැබිල නෑ. අප්‍රිකාවේ මියයන දරුවන් නිෂ්පාදනය කරන්නේ ඉතා දුර්වල දත්තයි. නමුත් අප්‍රිකානු කලාපයේම පැතිර ගිය එබෝලා වසංගතය එම කලාපයේ සංචාරය කළ යුරෝපා ජාතිකයන් කිහිප දෙනෙකුට වැළදී එම වසංගතයේ භයානක කම යුරෝපයට දැනෙන්නට පටන් ගත්තා. අප්‍රිකානු සංචාරක ව්‍යාපාරය තාවකාලිකව අඩපණ වීමෙන් වසංගතයේ ආර්ථික කාරණය කොටස් වෙළඳපොළටත් දැනුනා.

මේ වසංගතය පසු කාලයේදී පාලනය කළ අතර ඉන් ජිවිතක්ෂයට පත්වුයේ සාපේක්ෂව ඉතා අඩු මිනිසුන් පිරිසක්. නමුත් මෙම ක්‍රියාවලියෙන් නිෂ්පාදනය වූ දත්ත ඉතා ප්‍රබල නිසා එය යුරෝ-අප්‍රිකා ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් වුනා. මේ ලියන මොහොත වනවිට අප්‍රිකාවේ මන්දපෝෂණයෙන් දහස් ගණනක් මියයන මුත් ඔවුන් නිසා අප්‍රිකාවේ, යුරෝපයේ හෝ ලෝකයේ කිසිම රටක කොටස් වෙළඳපොළට බලපෑමක් එල්ල කරන්නේ නෑ. එනිසා ඒවා දත්තවාදය තුල වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේ නෑ.

පැරණි ලෝකයේ සංවේදී සහ වැදගත් සිදුවීම් දත්තවාදී ලෝකයට පැමිණෙන විට නැවත පරික්ෂාවකට ලක්කෙරෙන අතර මේ අළුත් ලෝකයේදී සංවේදී මනුස්සකම් වලට ලැබෙන්නේ දත්තමය අගයක්. බොහෝවිට එය ඉතා දුර්වල දත්තමය අගයක්.

මා කලින් සදහන් කළ සමාජවාදී ආර්ථික ක්‍රමයක් අත්හදා බැලු සෝවියට් රුසියාවේ සිටි ජීව විද්‍යාඥයෙක් වූ ට්‍රොෆිම් ලිසෙන්කෝ (Trofim Lysenko) කෘෂිකර්මාන්තය අදාළ බොහෝ පර්යේෂණ කළා. කොමියුනිස්ට් පක්ෂයේ පුර්ණ අනුග්‍රහයෙන් ඔහු සයිබිරියාවේදී කළ පර්යේෂණයක අරමුණ වූයේ අධික සීතලට ඔරොත්තු දෙන අන්දමේ තිරිඟු බීජ නිෂ්පාදනය කිරීමයි. ඔහුගේ පර්යේෂණ අසාර්ථක වී රට ආහාර අර්බුද අවදානමකට පවා ලක්වූ බව පැවසෙනවා. ලිසෙන්කෝගේ පර්යේෂණ පිළිබඳ දත්තවල දිශානතිය එල්ලවී තිබුනේ පක්ෂය සමග බැවින් දත්තවාදය අනුව එය දුර්වල දත්ත පෙළගැස්මක්. එහිදී නිෂ්පාදනය කෙරෙන්නේ ඉතා දුර්වල දත්තයි. වරදින්න සහ නොමග යන්න තියන ඉඩප්‍රස්ථා අඩුයි.

මීට එදිරිව ඇමරිකාවේ, ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් පිළිබඳ උදාහරණය ගමු. ඔහු තම තාක්ෂණය තරඟකාරී ලෙස දියුණුකළේ කොහොමද? දේශසීමා සහ දේශපාලන සම්බාධක කඩා බිඳ දමමින් ආසියාවේ, අප්‍රිකාවේ සහ යුරෝපයේ රටවල් වලින් නිෂ්පාදනය කළ තාක්ෂණික ඔළුගෙඩි ඇපල් සමාගමේ විශ්මිත මෘදුකාංග නිෂ්පානය කිරීම සදහා යෙදවීමේ පරිසරයක් ඇතිකිරීමයි. ලිසෙන්කෝ සේම ඇපල් සමාගමත් එක් කාලයක අසාර්ථක වන අතර ඔවුන් යළිත් ගොඩ එන්නේ ලෝකයේම විසිරුණු දැනුම තම සමාගම වෙතට ග්‍රහණය කර ගැනීමෙන්.



ඇපල් සමාගම සතු දත්ත ගබඩාව යනු ඉතා ප්‍රබල දත්ත සංකීර්ණයක්. එය පාලනය කිරීමට ලෝකයේ කිසිම නීතිමය හෝ ව්‍යවස්ථාපිත ආයතනයකට නොහැකිවී ඇත. මෙහි ඇති උභතෝකෝටිකය නම් ලිසෙන්කෝගේ පර්යේෂණ එකල සෝවියට් රුසියාවේ සමාජය ගොඩනැංවීම සදහා පෙනී සිටි අතර ඇපල් සමාගම වෙළඳපොළ සමාජය වෙනුවෙන් පෙනී සිටීමයි. වෙළඳපොළ සමාජයේ මිනිසුන් නැති අතර ඇත්තේ දත්ත පමණි. හැම මිනිසෙක්ම දත්ත නිෂ්පාදකයෙකි. විශාල දත්ත ගොනු (Big Data) වල පුංචි ඒකකයකි.

ඉතිහාසයේ එක් තීරණාත්මක අවස්ථාවක සමාජවාදී සමාජ ආර්ථික ක්‍රමය පරදා ධනවාදී ආර්ථික අභිලාෂය ලෝකයේ පෙරට එන්නේ එය ඉතා කාර්යක්ෂම, සාධාරණ හෝ ප්‍රායෝගික, එසේත් නැත්නම් ‘දෙවියන්ගේ කැමැත්ත’ නිසා හෝ නොවේ. ධනවාදය ඉතා කාර්යක්ෂම ලෙස දත්ත පරිශීලනය කරන නිසාය. ධනවාදයේ මුල් වකවානුවේ එය ඉතා කාර්යක්ෂම ආර්ථික ක්‍රමයක් ලෙස බොහෝ සමාජවාදී ආර්ථික විද්‍යාර්ථයින් පවා වරනැගුවා. ඒත් අපි මේ ජීවත්වෙන පසු ධනවාදී යුගයේ කාර්යක්ෂමභාවය දෙගුණ තෙගුණ වී, මිනිසා වෙනුවට දත්ත සහ සමාජය වෙනුවට වෙළඳපොළ පැමිණ තිබෙනවා.

රෝම අධිරාජ්‍යවාදය හෝ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදය පැවතුණු යුගයන් වලදී එකී සමාජයන්ගේ හැසිරීම ගැන කල්පනා කරන්න. මේ වකවානු වලදී සමාජය ලෙස අර්ථ ගැන්වුවේ අධිරාජ්‍යයා වටා විවිධ ස්ථර වලින් පෙළගස්වන ලද සහ හික්මවන ලද ජන සමුහයන් හෝ රාජ්‍යන් වලට. සමාජය පරිණාමයට හසුවී ප්‍රජාතන්ත්‍රවාදී පාලන ආයතන බිහිවී, යලිත් සර්පිලාකාර ලෙස මුලටම ගමන් කොට ඇත. එනම් මනුෂ්‍ය සමාජය මත අධිරාජ්‍යවාදය යලිත් බිහිවෙමින් පවතී. මේ අළුත් අධිරාජ්‍යවාදය අන් කිසිවක් නොවෙ දත්තවාදයයි. මේ අළුත් අධිරාජ්‍යවාදයේ විශේෂත්වය නම් අධිරාජ්‍යවාදී මිනිසුන් හෝ පවුල් වෙනුවට ඇත්තේ දත්ත වලින් සමන්විත බැලු බැල්මට කිසිවෙකුටත් නොපෙනෙන පද්ධතියක් වීමයි. ඉපැරණි අධිරාජ්‍යවාදී සමාජයන් වලදී මෙන් මිනිස්සු මේ අදිසි පද්ධතියට කීකරුව, පද්ධතියේ අණසකට යටත්ව ජිවත් වෙති.

විසිවන සියවසේදී බිහිවූ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන විසිඑක්වන සියවසේදී දත්තවාදය විසින් අභියෝගයට ලක්කරමින් සිටී. හෙට දවසේදී දත්තවාදය විසින් මේ සියළු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන පෙරළා දමනු ඇත. එකල බිහිවූ ආයතන වන පාර්ලිමේන්තු, මැතිවරණ සහ අධිකරණ පද්ධති ගොඩනැගෙන කාලවකවානු වලදී තාක්ෂණය තිබුනේ සිහින කොදෙව්වලය. ඉන්පසුව පැමිණි වකවානුව වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල අධිපතිවාදයට යටත්ව තාක්ෂණය දියුණු වීමයි. එහෙත් අප ජිවත්වන මේ යුගය යනු තාක්ෂණය විසින් සම්ප්‍රදායික ආයතන යටපත් කරමින් යන යුගයයි. හෙට දවසේදී තාක්ෂණය විසින් මේ ආයතන අතාර්තික කර දමනු ඇත.

යම් රටක අන්තර්ජාලය හරහා දත්ත එකතු කොට එම දත්ත පද්ධති මගින් සමාජය අනියම් ආකාරයෙන් මෙහෙයවීමේ ක්‍රියාවලිය එරට පාර්ලිමේන්තුවට හෝ ඉන් පනවන නීති රීති වලට හෝ පාලනය කිරීමට හැකිද? කිසියම් රටක දත්ත පද්ධති තවත් රටක දත්ත සමග එක් කිරීම සම්ප්‍රදායික පාර්ලිමේන්තුවාදයේදී බරපතල දේශසීමා ආක්‍රමණයකි. එහෙත් දත්තවාදයේදී එය පරිගණකයක් තුළ විසඳා ගන්නා පුංචි කටයුත්තකි.

එහෙත් තවමත් සම්ප්‍රදායික ප්‍රජාතන්ත්‍රවාදී ආයතන මහපොළොව මත පවතියි. සමාජය තවමත් ඒ ආයතනවල පැවත්ත්ම වෙනුවෙන් වෙහෙසෙයි. මෙම ආයතන හෝ එහි යථාර්ථවාදී බව යනු අද සමාජය දකින සිහිනයකි. එහෙත් දත්තවාදය විසින් නුදුරු අනාගතයේදී මනුෂ්‍ය සමාජයට මේ හීනය තේරුම් බේරුම් කර දෙනු ඇත.


Yuval Noah Harari

(පළමු කොටස- 'මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?') |
(තෙවන කොටස- 'දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!')
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Introduction to Homo Deus: A Brief History of Tomorrow, Yuval Noah Harari, Socialism, Capitalism, Dataism, Data, Information, Civilization, Technology
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සරද සමරසිංහගෙන් තවත් වියමන්
කතන්දර
සෙන්ටෙනියල් දෝණි
වෙසෙස්
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
වෙසෙස්
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
වෙසෙස්
හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!
වෙසෙස්
පශ්චාත් සත්‍ය යුගයේ ජනමාධ්‍යයේ කාර්යභාරය අවසන්ද?
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා
BoondiLets
සිත්තරා මරා ඝාතකයා පහළ වීම
හිට්ලර්, ස්වකීය තුරුණු විය මුලුල්ලේම සිහින දුටුවේ සිත්තරෙකු වීමටයි! වියානා කලා ඇකඩමියට ඇතුළත් වීම සඳහා හිට්ලර් ඉදිරිපත් කළ අයදුම්පත් දෙවරක් ම ප්‍රතික්ෂේප විය. පසු කලෙක... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook