Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
විරහවේ නොස්ටැල්ජියාව, ආදරය සහ කවිය
බූන්දි, 19:14:05
ජීවිතය යනු බුද්ධීමය සහ භාවමය තල අතර දෝලනයකි. සෑම සංසිද්ධියක ම, සෑම ප්‍රපංචයක ම සෑම සමාජ භූමිකාවක ම පාහේ පවතින්නේ කිසියම් ආකාරයක භාවමය සහ බුද්ධිමය පැතිකඩ එකතුවකි. ගුණදාස අමරසේකරයන්ගේ කතරගම කවිය යථෝක්ත කාරණය පිළිබඳ කිසියම් අධ්‍යනයකට මා හුරුකරවන්නට ඇතැයි සිතේ. කවියකින් දැනෙන සුවපත්භාවය, සැහැල්ලුව වෙනුවෙන් කවි කියවීම පුරුද්දක් කොට ගන්නේ ද එහෙයිනි. කවිය සම්බන්ධව සහ කවියෙහි රස සම්බන්ධව උත්තමාකාර විඳීමක් ද කවිය හුරු කරවන්නාවූ දැකීම ද කවිය ඉස්මතු කරන්නාවූ විඳීමද, එපමණකුත් නොව සියල්ලක් නොපවසා හදවතේ ඇති කරවන්නා වූ සියුම් පෑරිල්ල ද වෙනුවෙන් කවි කියවන පිරිස අතරින් පතර හෝ දැකීම භාග්‍යයකි. කවිය නිවීමකි. මෝක්ෂය යැයි නිර්වචනය කළ නොහැකි නිවීමකි. ජීවිතය ගිනි දදා පිච්චෙමින් පවත්නා වූත් විටෙක අළු යට පුපුරු ගසන්නා වූත් ගිනිකබලක් මෙනි. කවිය සියල් ආකාරයේ වේදනා මොහොතකට හෝ සුව කරන වේදනා නාශකයකි.

ඉහතින් සඳහන් කළ භාවගෝචර සහ බුද්ධිගෝචර සැකැස්මේ, වැඩි භාවගෝචර බරතැබීමක් ද අඩු බුද්ධිගෝචර බර තැබීමක් ද සහිත හැඟීම කි. නමුදු ඒ ඒ පුද්ගලයා සතුකරගත් පරිණතභාවය ද සමඟ ආදරය පිළිබඳව පවත්නා ස්වාධීන කියවීම අනන්‍යය. එහිලා බුද්ධිගෝචර ලෙසින් ආදරය නිර්වචනය කරන්නෝ ද නැතුවා නොවෙති. ආදරය වෙන්වීම වෙනස් වීම විප්‍රවාසය නෝක්කාඩුව සියල් සීමා සහ අනුසිද්ධීන් පුරා කවිය විහිදේ, මෙතෙක් ලියැවුණු කවි සියල්ලක්ම අතරින් ආදරය විරහව පෙම්වතිය පෙම්වතා යනාදිය අනුභූතිකොටගත් කවි කොතෙක්දැයි සැබෑ වශයෙන් නිශ්චය කිරීමද අපහසුය. මන්ද ගණනය නොවූ දින පොත් සටහන් වල රහස් ලේඛන වල පෙම් හසුන් වල ආදරය ගැන ලියැවෙන කවි ද කවි නිසාවෙන් ඒවා ඇස්තමේන්තු කොට මෙතෙකැයි කීම අපහසු සහ නිශ්ඵල හෙයිනි.

මෙහිදී ආදරය මාතෘකා පාඨ කොටගත් කවි ලියැවීම නිරායාසයකි. එහිදී සිදුවන්නේ ප්‍රතිනිර්මාණය නම් කාරණයයි.එහිදී පෙරින් ලියැවුණු කවියකින් අනෙක වෙනස් වන්නේ එහිලා ඉස්මතු කෙරෙන කවියාගේ ප්‍රතිභාවෙනි. කවිය තුළ අතිශය සියුම් මානයන් සංස්පර්ශය කරන්නේ ලැබීමට වඩා නොලැබීම ය, අතහැරීම, වෙන්වීම ය. බොහෝවිට එකී කාරණාවන් දිගහැරෙන්නේ ද ආදරය නම් මතකය නොස්ටැල්ජියාවකින් ප්‍රතිනිර්මාණය කරන ආරකිනි. කාව්‍ය නිර්මාණකරණයෙහි ද සුලභ වශයෙන් මෙවන් කවි දැකිය හැකි වන අතර ඒවාහි අනන්‍ය ලාක්ෂණිකයන් ද වෙන්කොට හඳුනාගත හැකි ය. 2015 දී කුමාරි දිසානායක කිවිඳිය විසින් රචිත 'ඔළු නැති කවි' නමැති කවි පොතෙන් ගත් උපුටනය විරහවේ නොස්ටැල්ජියාව ඉස්මතු කරයි.

"බිඳෙන් බිඳ බිඳුණු හිත
හදාගන්නටත් පෙර
ටිකෙන් ටික
විටින් විට
සියුම් ව බිඳෙව්වත්

ආයෙමත් ආයෙමත්
නොඑන ලෙස
මතකයේ ඉතිරිවුණු
අපේ ඒ
'සුපෙම්වත් දවස්'
යළි නොඑනු ඇත"


වර්තමානයෙන් ඇරඹි අතීතයට කිඳා බස්නා අපූර්ව ප්‍රතිභාව කවිය තුළින් සහෘදයාව මත්කරවන්නට ගන්නා එක්තරා ව්‍යායාමයක් සේ දැකිය හැකිය.

විරහවේ නොස්ටැල්ජියාව පිළිබඳව තදින් සහ සියුම් රිදවීම් පෑරිලි සිදු කරන කවියෙක් ලෙසට නූතන තරුණ කවිය තුළ රුවන් බන්දුජීව කවියා හඳුනාගත හැකි ය. ඔහු විසින් රචනා කරන ලද කවි වලින් සැළකිය යුතු ප්‍රමාණයක් තරම් කවි මෙකියන්නාවූ කාරණය් සඳහා උදාහරණ වශයෙන් සපයාගත හැකි ය.

"පොරි අහුරක්
ජින් බෝතල් තුනෙන්
දෙක හමාරක් ම
හැලුවෙමි
නුවර වැවට
ඉතිරි ටික මට

වැව, නුඹ
වෙරි විය යුතුය
අද

ඉක්බිති
කතා කළ හැක
අපට

මතකද ඇය
මුලින් ම පොරි අහුරක්
විසිකළ මොහොත
නුඹේ දිය රැළි මතට"


එක්තරා සරළ වූ අතීතකාමී මතකයක් වර්තමානය තුළ කවියකින් චිත්‍රණය කොට දැක්වීම පිළිබඳව කවියාගේ ශක්‍යතාවය විශේෂ ලෙස ඉස්මතු වේ. එහිදී භාවිතා කර ඇති වචන මාලාව හරහා ද එක්තරා ආකාරයක විශේෂ රැහැනක් සහෘදයා සහ කවිය අතර ඇද බඳින්නට කවියා සමත්ව ඇති බව පෙනේ.

එසේ ම පුද්ගලයා කොයිතරම් ආකාරයක අතීතකාමියෙක් ද, අතීතයට කොපමණ ලැදි ද යන කාරණය ඉස්මතු කෙරෙන කවියක් ලෙස පහතින් උදෘත කවිය දැක්විය හැකි අතර එයින් කතිකා කෙරෙන්නාවූ සන්දර්භය තුළින් කෙතරම් ආකාරයක මානසික පෑරිල්ලක් සෞන්දර්යයක් ලෙසින් ප්‍රතිනිර්මාණය කරලීමට කවියා සමත්ව ඇත්දැයි යන්න නිශ්චිතව වෙන්කොට විග්‍රහ කරගත හැකි ය. වේදනානුරූපී අතීතකාමය ආනන්දය දනවන ආකාරයකින් ප්‍රතිනිර්මාණය කිරීමේ සාහිත්‍යමය අපූර්වත්වය කවියා ප්‍රකට කරවන ස්වකීය ප්‍රතිභාවමය.

"සුදු වලාකුළු කිහිපයක් සහ
කන්ද මුදුනේ උන්නු පුරසඳ
කපා ගත්තෙමි කතුරකින්

හෙන්දිරික්කා මල් වගේකුත්
කඩාගත්තෙමි පඳුරකින්

කළු පැහැතු කඩදාසියක් මත
ඉහළ කෙළවර ඇලෙව්වෙමි සඳ
වලාකුළු සහ මල් ද අලවා
තබමි තැන තැන පුංචි පිනි කැට

පාට කුරක් අරං ඇවිදින්
මෙන්න මේ කඩදාසියේ මැද
ඇඳල දෙනවද මතක හැටියට
හිටපු හැටි අපි දෙන්න සඳ යට"


එපමණක් නොව ප්‍රේමයේ අතීතකාමය, ස්වභාව ධර්මයේ ප්‍රපංචයන් සමඟ සම්බන්ධකොට එයින් ව්‍යුත්පන්න කරන ලද මනස් සිතුවම සහෘද මනෝභාවයන්හි ප්‍රක්ෂේපණය කරන්න ට ද කවියා උත්සාහ ගෙන ඇති බව පෙනේ.

"ගඟේ මුහුණත්
මගේ මුහුණත්
බොහෝ කලකින්
හමු වුණා

මගේ මුහුණට එබී බැලූ ගඟ
ඇඟිලි තුඩකින් කසා තම හිස
මාව හඳුනා ගන්න ලකුණක්
හොයන බව මට වැටහුණා

සොඳුර ඔබ මා එක ම වර මිස
වෙන වෙන ම දැක පුරුදු නැති ගඟ
තවත් මොහොතක් බලාගෙන හිඳ
වංගුවක් ගෙන හැංගුණා"


කවිය තුළින් ඉස්මතු කෙරෙන සුවය සහ වේදනා පෑරිල්ලෙහි රිදීමේ හිරිවැටීම, උපරිමාකාරයෙන් දැනෙන කවි ලෙසින් උක්ත කවි සියල්ලම නිර්වචනය කළ හැකි අතර, කවිය ඒ ආකාරයෙන් පුද්ගල ජීවිතය වෙත එල්ල කෙරෙන වෙඩි උණ්ඩයෙන්, පසාරූ කොටගත් හදවත, ලෙය පුරාවාගත් පෑරිල්ලේ වේදනාවට කෑගැහෙන භාවයක් වන් රිදුම, සියල්ලම සමීප කෙරෙන සාහිත්‍යය අපූර්ව යැයි හැගෙන තරමට කවිය පුද්ගලයාට සමීප කරලීමට සමත්ව තිබේ.

කවියට අනුරාගය සැපයෙන්නෙ ප්‍රේමයෙනි. එය ද තීව්‍ර වන්නේ ලබා නොගත් සාක්ෂාත් කර නොගත් ප්‍රේමයෙනි. තැනකදි අමිල තේනුවර කවියා කළ උපුටනයක් උක්ත කාරණය සනාථ කරලීම පිණිස උපුටා දක්වමි.

"මට අයිති නැති අයිතිකාරියක් මගෙ නිර්මාණ ලෝකයේ සැරි සරනවා. ඇය අයිති වන තුරු මම ගීත ලියනවා. හැබැයි මට හැමදාම ගීත ලියන්න වෙනවා. මට ඇය අයිති වෙන්නැති හින්දා. ඒක තමයි කවියාගේ ප්‍රේමයේ ස්වභාවය...."

සාහිත්‍ය නිර්මාණයක් ලෙසින් කවිය බිහිවීම උදෙසා කවියා යන චරිතය නිර්මාණය ද එක්තරා ආකාරයක ක්‍රියාවලියකැයි දැක්වීම එක් අතකින් අසාධාරණ නොවේ.
සේයාරුව- Duks Visuals
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Love, Life, Separation, Sinhala Poetry, Sinhala Kavi, Sri Lankan Poets, Gunadasa Amarasekara, Ruwan Bandujeewa, Kumari Dissanayake
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් අදහස් බූන්දි
"ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් නොදනීද?"- බෙනාගේ කවිය ඉදිරියේ ඇති අනතුර- පුබුදු ජයගොඩ [Video]
"වරප්‍රසාදිත සිංහල නිරීක්ෂකයින් අතින් ලියැවෙන කවිය අවවරප්‍රසාදිත දෙමළ ජනතාව ඉවසයිද?"- ලියනගේ අමරකීර්ති [Video]
අවමානය තුරුලට ගෙන සම්මානයට බැටදීම
පිරිත් වතුර, ආසිරි පැන් වෙනුවට කවි ඇසිඩ්
දෝස්තොව්ස්කි හා බෝගම්බර
BoondiLets
ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook