Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
අක්කරෙයිපත්තු අක්ෂර- අත්‍යවශ්‍ය හදිසි කියැවීමක්!
බූන්දි, 17:59:58
එක් පසෙකින් ප්‍රතිවිරුද්ධ මත දරන්නන්ගේ හිස ගසා දමන බවට ගර්ජනය කිරීම නිසා උත්කර්ෂයට නැංවෙන බ්‍රිගේඩියර්වරුන් ය. තව පසෙකින් ජාතිය වඳ කිරීමේ මහා කුමන්ත්‍රණයට එරෙහිව අවි රැගෙන සීරුවෙන් පෙළ ගැසෙන දේශප්‍රේමී ජනයා ය. තවත් පසෙකින් නිදහස් අදහස් නිසා එවන් වූ දේශප්‍රේමීන්ගේ මරණ තර්ජනයට ගොදුරු වුණු දේශද්‍රෝහී මාධ්‍යවේදීන් ය. කාලගුණය වැසි සහිත තෙතබරිත එකක් බව අදාළ දෙපාර්තුමේන්තුවේ අනාවැකි මගින් කියවුණ ද මේ ගෙවී යන්නේ අතිශයින් ම උණුසුම්, අතීරණමය දින ගණනාවකි. රාක්කයේ ඇති පොත් මදෙස බල බලා සිනාසෙයි. අධික දාහය සංසිඳුවා ගැනීමට පොතකින් ලබා ගත හැකි උපරිම ම පිටුබලය පවන් සැලීම පමණක්ද? මම මේ මොහොතට අදාළ කර ගත හැකි පොතක් අස ඇස නතර කරගමි.

'අක්කරෙයිපත්තු අක්ෂර!'

චලක ප්‍රමුදිත ලුණුවිලගේ තරුණයා මේ අක්ෂර පෙළ ගස්වන්නේ අපට අතීතයේ මග හැරුණු, වර්තමානයේ මග හැරෙන සහ අනාගතයේදී ද මග හැරෙන්නට නියමිත ඇත්ත වෙනුවෙන් නොවෙයිද?

"සිංහලෙන් දුරු වෙච්ච
ජාතියෙන් වෙඩි වැදුණ
තුවාලෙන් ලේ ගලන
අකුරකින් පටන් ගෙන,
ලෝහිතෙන් ලියැවුණ
කවියකින් විඳින්නට
කල් අරන් වැඩි වැන්න"


ඔන්න, ඔය කියන මහ ජාතියේ පසුතැවෙන හර්ද සාක්ෂිය අක්ෂර ලෙසින් පෙළ ගැසෙන්නේ බොහොමත් ම කලාතුරකිනි. එවන් වූ පසුබිමක පසුතැවිල්ලට එහා ගිය විසඳුමක් වෙනුවෙන් අප අහස දෙස නෙත් යොමා කන්නලව් කර කර හිඳීමෙන් ඵලක් නැත. ඒ වෙනුවට මේ තරුණ කවියා අපට කරන යෝජනාව ආරම්භයේ දී ම ඔබේ අවධානය හිමි කර ගත යුතුය.

"අක්කරෙයිපත්තුවේ
අක්කර ගණන් දිගට
වක්කරන කවියකට
අක්ෂර කොහෙන් ගන්නද...?"

"අක්කරෙයිපත්තුවෙන්
පත්තුවක් බැඳ ගනිමු
දැන්වත්..."


නමුත් අප තවමත් පත්තුව බැඳ ගන්නට කිසිම සුදානමක් නැත. තුවාලය හද පාර පාරා වේදනාවේ නිය විලිස්සමින් හිඳියි. සහනය පිළිබඳ සරල ම අදහස් පවා ඊනියා දේශප්‍රේමය තුළ අවසන් ගමන් යවා අහවර ය. ඉදින් අපි තව දුරටත් උත්කර්ෂයට නැංවෙන බ්‍රිගේඩියර්වරුන් දෙස බැතිබරව බලා හිඳ සැනසෙන්නෙමු. එවන් මොහොතක් පිළිබඳ සජීවී සාක්ෂිකරුවෙකු වෙමින් චලක මේ කියන නිදහස ගැන අදහස මොන තරම් නම් උත්ප්‍රාසජනකද?

"උපතක් ය කියන්නේ මෙයට ම ද මන්දා
තවම ගන්ධබ්බ ම යි භවය නැති හින්දා
හිස ම අතගාගෙන මුළු කෙස්ස සින්දා
ජාතියක අයිතියක් පන්තියක බැන්දා

ප්‍රශස්ත ම ප්‍රශස්තිය සද්දෙට ම ගැයෙනා
වසරකට වතාවක් එක ම සර වැයෙනා
සිංහ කොඩි කඩපිලේ වැල්වල ම ලෙළෙනා
කළු කොඩිය අතෑරපු සිංහයොත් වැනුනා..."


තමන් ගේ මතය වෙනුවෙන් නිර්භයව පෙනී සිටින්නන්ට එදිරිව 'ඒ කාලෙ හම්බ වුණා නම් තෝත් ඉවර කරනවා' යනුවෙන් ප්‍රතිචාර දක්වන්නේ චලක මෙන්න මේ කියන සිංහයන් විය යුතුය. කිසි දිනෙක වෙනස් හෝ අලුත් නොවන නිදහසේ කතිකාවතක සිංහයන්ට තලු මැරීම පිණිස එකම ගොදුර විවිධ ආකාරයෙන් නැවත නැවතත් හමුවීම මොනම හේතුවක් යටතේ වුව සාහිත්‍යමය අහම්බයක් නොවන වග ඔබ නිශ්චිතව ම දැන සිටිය යුතුය. ඇතැම් විට මහ මුහුද වුව වෙරළෙහි ළය ගසා වැළපෙන්නේ ඒ බැව් දැන ඉවසිය නොහී වේදනාවෙන් විය නොහැකිද?

"කෑගහල හඬන්නේ නැතිවාට
මහ මුහුද සුසුම් ලයි හැමදාම
කවි කරල කඩදහියෙ නො ලිවාට
ඉකිබිඳින කවියක් ය හෝ ගාන..."


එසේ වුවද සමස්ත ඛේදවාචකය මධ්‍යයේ හිඳගෙන චලක අනාගතය දෙස හෙලන්නේ අසුබවාදී බැල්මක් නොවේ. එකී බැල්ම තුළ බලාපොරොත්තුව යහමින් රැදී තිබේ. ඔහු මෙසේ ලියන්නේ එබැවිනි.

"රුක වසා ඇති පත්‍ර
හරිතයෙන් වැසුණු සඳ
කෝපයෙන් වර්ණ වුණ
සුදු රෝස පෙති මත
රුහිරු බිඳු වගුරමින්
උපන්නේ රතු රෝස මල්..."


හදිසි තත්ත්වයන් යටතේ කොනැහුණු හද චලකගේ අක්ෂර මතින් ඇවිද ගියේ තරමක් වේගයෙනි. නමුත් නිවී සැනසිල්ලේ බලා විමසිය යුතු තවත් කවි බොහොමයක් මේ පිටු අතර තැම්පත්ව තිබේ. ඒ දීර්ඝ සංවාදය මදකට කල් දමා මේ ගෙවී යන තීරණාත්මක නිමේෂයේ දී චලකගේ කවි මතින් අප නැවතත් අපව ම කොනිත්තා ගෙන බලමු යැයි අවසානයට පෙර මම ඔබට යෝජනා කරමි.

"අවන් හල් වසාගෙන
පහන් දැල් නිවාගෙන
සහන් එළියේ වරෙන්
රහස් ඇති ඉසවුවට..."
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Book Reviews, Akkareipaththu Akshara, Chalaka Pramuditha Lunuwilage, Sinhala Kavi, Sri Lankan Poems
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
කසුන් සමරතුංගගෙන් තවත් වියමන්
සිත්තර
ගුවෙර්නිකා යථාර්ථය!
වෙසෙස්
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
කතා-බස්
ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?
කතා-බස්
ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න
වෙසෙස්
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
මාර්කේස්ගේ සමුගැනීමේ ලිපියෙන්.
අප සියළු දෙනාට ම අවශ්‍යව ඇත්තේ සාර්ථකත්වය නම් වූ ගිරි-ශිඛරයට ළං වීමටයි. එහෙත් ජීවිතයේ සැබෑ තෘප්තිය ළඟාකර ගත හැක්කේ එතැනට ළඟාවීමෙන් නොව එතැනට යාමට අප... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook