Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!
බූන්දි, 18:42:30
මේ කාලයේ සමාජයේ, විශේෂයෙන් මැද පන්තියේ මිනිසුන් සහ ගැහැණුන්ට යහළුවෝ වර්ග දෙකක් සිටිති. එක් වර්ගයක් නම් උදේ හවා හමුවෙන- අහන දකින, සමහරවිට අපි අමාරුවෙන් නඩත්තු කරන යහළුවෝ වන අතර අනෙක් වර්ගය නම් ෆේස්බුක් තුළින් ඉතා පහසුවෙන් උපයාගන්නා සිය ගණනේ සිට දහස් ගණන් දක්වා වූ ඩිජිටල් යහළුවෝය. මේ අතරින් ෆේස්බුක් සමාගමේ අයිතිකාරයා වන මාර්ක් සකබර්ග් කැමති වන්නේ අපේ ඩිජිටල් යාළුකම් වලටයි. සාමාන්‍ය මිනිසුන්ගේ සම්බන්ධතා ‘ඩිජිටල්’ වෙන තරමට සකබර්ග් වැනි අයට තම ජිවිත ඉතා සාමකාමී සහ ස්වාභාවික කරගැනීමට පුළුවන් වෙයි.

යුරෝපයේ සහ ඇමරිකාවේ මේ දවස්වල කරළියට පැමිණ ඇති කතාබහක් වන්නේ, ෆේස්බුක් සමාජ ජාලය භාවිතා කරන බිලියන 2.3 ක් පමණ වන පිරිසකගේ දත්ත හොර රහසේම තුන්වන පාර්ශවයන් සදහා අලෙවි කර ඇති බවයි. බ්‍රිතාන්‍යයේ පිහිටා ඇති කේම්බ්‍රිජ් ඇනලටිකා (Cambridge Analytica) නම් දත්ත විශ්ලේෂක සමාගමට සේවා සපයන්නෙකු ලෙස ක්‍රියා කරන ෆේස්බුක් සමාගම අනියම් අකාරයෙන් ලෝක දේශපාලනය හසුරුවන හස්තය බවට පත්වී ඇති බව ඊයේ පෙරේදා එම සමාගමින් ඉවත්වූ දත්ත විශ්ලේෂකයෙකු වන මාර්ක් බ්‍රවුන් නැමැත්තා බ්‍රතාන්‍යයේ Observer පුවත්පතට පවසා තිබුනා.

ඔහු පවසන්නේ මේ ක්‍රියාවලිය හුදු ෆේස්බුක් හරහා කරන ප්‍රචාරක ක්‍රියාවලියක් නොවන බවයි. ෆේස්බුක් පාවිච්චි කරන මිලියන 58 ක් පමණ වන ඇමරිකානු ජනතාවගේ දත්ත ඇමරිකානු ජනාධිපතිවරණ සමයේ කේම්බ්‍රිජ් ඇනලටිකා සමාගමට විකුණු බවට මාර්ක් පවසනව. කේම්බ්‍රිජ් සමාගම මෙම දත්ත විශ්ලේෂණය කොට ට්‍රම්ප් කඳවුරට වාසි සහගත වන පරිදි ඒවා සාර්ථක ලෙස ස්ථානගත කල බවටත් ඔහු පවසනවා. මේ ක්‍රියාවලිය ඔවුන් හදුන්වන්නේ Data Harvesting නමිනි.



මාර්ක් තවදුරටත් පවසන්නේ ඊජිප්තුවේ හිටපු නායක හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමේ ‘අරාබි වසන්තය’ පණගැන්වීමේ කාර්යභාරයේ සිට බ්‍රිතාන්‍යය යුරෝපයෙන් වෙන්වීමේ ජනමත විචාරණය සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ස් ඇමරිකාවේ ජනාධිපති වීම දක්වා සියළුම දේශපාලන පෙරළි වල තිරය පිටුපස සිට අනියම් ආකාරයට ප්‍රධාන භූමිකාව කිරීමට ෆේස්බුක් සමාගම ක්‍රියා කොට ඇති බවයි.

සකර්බර්ග් ෆේස්බුක් ජාලය පටන් ගත්තේ තමා නැවතී සිටි හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර සිසුන් අතර සන්නිවේදන කටයුතු සඳහායි. මෙම ජාලයේ ව්‍යාප්තිය සදහා විශ්ව විද්‍යාලයේ සිටින සිසුන් 4000කගේ පමණ දත්ත සකබර්ග් නොමිලයේම ලබාදුන් බව පැවසෙනවා. එහෙත් සකබර්ගේ විනෝද ක්‍රීඩාව අක් මුල් විහිදවමින් විසිරී පැතිරිල ලෝකය පුරා බිලියන ගණනක් ජනතාවගේ හුදකලාව පුරවාලන ඩිජිටල් ක්‍රීඩාව බවට පත්වෙද්දී ඔහුගේ ෆේස්බුක් සමාගම ඇමරිකාවේ කොටස් වෙළඳපොලේ ලාභ ඉතිරෙන ප්‍රමුඛ සමාගමක් බවට පත්වෙනවා.

ෆේස්බුක් සමාගමට කොටස් වෙළඳපොලේ උණු උණුවේ විකිණීමට තිබෙන හුවමාරු භාණ්ඩය කුමක්ද? ඒ අන් කිසිවක් නොව ඔබ අප සියලු දෙනාම ෆේස්බුක් ජාලය තුල නොවලහා සැරිසරමින් ජාලය තුලට ඇතුල් කරන අපේ දත්තයි.

ෆේස්බුක් සමාගමේ මුල් අවදියේ එහි සේවා කළ චමත් පලිහපිටිය පවා වරක් සඳහන් කොට තිබුනේ සමාගමේ අනාගතය රැදි පවතින්නේ එය තුළට පැමිණෙන මිනිසුන් කොපමණ කාලයක් එහි සැරිසරනවාද යන කාරණය මත බවයි. ෆේස්බුක් ජාලය නිර්මාණය කළ පසුව සකබර්ග් සහ පිරිස තම නිෂ්පාදනය සමාජගත කිරීම සහ මිනිසුන්ගේ දත්ත එකතු කිරීමේ උපක්‍රම පිලිබදව වසරක පමණ කාලයක් පර්යේෂණ කල බව කියවෙනවා. මේ සඳහා සමාජ විද්වතුන්ගේ පවා සේවය ලබාගත් බව සඳහන්.

අප ජීවත්වෙන මේ යුගයේ සමාජය තුල තිබෙන මිනිස් සබඳතා තුල ප්‍රතිරෝධතාවයක් අවක්ෂේප වී තිබෙනවා. පුද්ගලිකත්වය අධිනිශ්චය වී ඇති වටපිටාවක අම්මාගේ ආදරය පවා වෙළඳ වටිනාකමකින් උරගා බැලෙන මේ කාලයේ සමාජ යන්ත්‍රය ක්‍රියාත්මක වෙන සංඝටකය බවට පත්වී ඇත්තේ අප අනෙකාට දක්වන බියයි. අනෙකාව විශ්වාස නැති සමාජය තුළ අපි දැන් සුරක්ෂිතව ජීවත්වීමට කදිම ක්‍රමවේදයක් සොයාගෙන සිටින්නෙමු. එනම් හුදකලාව ජිවත් වීමයි. එහෙත් සමාජ සත්ත්වයෙක් වූ මිනිසා මේ කෘතීම හුදකලාව තුළ ප්‍රතිරෝධතා ගැටුමකට මුහුණපා සිටිනවා. ෆේස්බුක් බිස්නස් මොඩලය සමාජගත කිරීමට පිඹුරුපත් සකසමින් සිටි සකර්බර්ග් ඉතා දක්ෂ ලෙස සමාජයේ මේ ප්‍රතිරෝධතාවය අල්ලා ගන්නවා. මහපොළවේ සමාජය වෙනුවට ඔහු ‘සයිබර් සමාජයක්’ හදනවා.

දැන් වැඩේ ඉතාමත් ලස්සනට කෙරීගෙන යනවා. මහපොළවේ මිනිස් සබඳතා අනතුර වෙනුවට දැන් අපට ඉතා සුරක්ෂිත ‘සයිබර් සමාජයක්’ තියනව. ගෙවල් ඇතුළට වෙලා දොරගුළු ලාගෙන ඉතා ‘සුරක්ෂිතව’ ඉන්න අපිට පරිගණකය ඉස්සරහට ගොස් තුන් හාරදාහක් යාළුවන් ඇසුරු සැනෙන් ඇසුරු කරන්න පුළුවන්. සකර්බර්ගේ ‘ස්මාර්ට්’ සයිබර් අවකාශය තුල ඇඟපත තුවාල කරගන්නේ නැතිව, මහපොළවේ මිනිසුන්ගේ දාඩිය ගඳ අමාරුවෙන් උහුලා ගන්නේ නැතුව හරිම ලේසියෙන් යාළුවො ඇතිකර ගන්න සහ නැති කරගන්න පුළුවන්.

ඒ විතරක් නෙමේ අපිට අපේම උන් එක්ක හරිම ලේසියෙන් රංචු ගැහෙන්න පුළුවන්. අපේ ශරීර සුවතාවයට අනතුරක් වෙන මහපොළවේ විරුද්ධවාදීන් අමතක කර දමා සයිබර් ලෝකයේ විරුද්ධවාදීන් රොත්තක් හදාගෙන අපේ ඔළුගෙඩි ඇතුලේ කැකෑරෙන ආතතිය උන් මත දියකර අරින්නත් පුළුවන්! වීරයෝ අතුරුදහන් වෙලා තියෙන මහපොළවේ සමාජයට ඉතා ලේසියෙන් සයිබර් සමාජය තුල වීරයෙක් හොයාගන්නත් පුළුවන්. එහෙම නැතිනම් තමන්ගේම කියාගත් ‘සයිබර් රංචුවක්’ හදාගෙන ඉතා නිර්මාණාත්මක විදිහට තම තමන්ගේ පුංචි කුඩූ ඇතුලේ තමන්ටම වීරයෙක් වෙන්නත් පුළුවන්.

අපි මෙසේ සයිබර් අවකාශයේ විනෝද වෙද්දී එහි අයිතිකාරයා වන සකබර්ග් සහ සමාගම අපි සමග සයිබර් විනෝදයේ කිමිදෙනවා වෙනුවට අපේ විනෝදය ගැන බැරෑරුම් විදිහට හිතන්න පටන් ගත්තා. මේ බැරෑරුම් හිතීමේ හිතීමේ ප්‍රතිඑලයක් විදිහට ෆේස්බුක් සමාගම ඩොලර් බිලියන 100ක වත්කමක් තියෙන ලෝකයේ විශාලතම සමාගම් අතරින් එකක් බවට පත්වී තිබෙනවා.

ෆේස්බුක් සමාගම සල්ලි මවන්නේ කොහොමද කියලා මේ සයිබර් ලෝකයේ සැරිසරන පිරිස් ඉතා සිහින් කෙඳිරිලි ස්වරුපයෙනුත් සමාජ සහ ආර්ථික විද්වතුන් ඉතා බැරෑරුම් ලෙසටත් කතා කරනවා. සමාජ ජාලයක් සතුව තිබෙන වෙළඳ වටිනාකම් වලට අමතරව ‘දොරේ ගලා යන’ අමතර වටිනාකමක් ෆේස්බුක් සමාගම ලබාගන්නේ ෆේස්බුක් භාවිතා කරන්නන් ගේ දත්ත ‘ඇල්ගරිදම්’ (algorithm) මගින් ඉතා සුක්ෂම ලෙස වර්ගීකරණය කිරීමෙන්.

ඇල්ගරිදම් ගැන ගැන බොහෝ අධ්‍යනයන් කර ඇති ඊශ්‍රායල් ජාතික සමාජ විශ්ලේෂකයෙකු වන Yuval Noah Harari ප්‍රකාශයට පත්කොට ඇති නවතම අදහස වන්නේ Homo Deus නොහොත් ‘මීලග හතලිස් වසරේ ඉතිහාසය’ යන්නයි. ඔහුට අනුව ඇල්ගරිදම් යනු මේ සියවසේ මනුෂ්‍ය සමාජයේ තීරණාත්මක හැරවුම් ලක්ෂයක්. මිනිසුන්ව රොබෝවරුන් බවට පත්වී ඔවුන්ව අදෘශ්‍යමානව මෙහෙයවීමේ හැකියාවක් ඇල්ගරිදම් සතුවන බව ඔහු සාධක සහිතවම පෙන්වා දෙනව.



ඇන්ටෝනියෝ මාර්ටිනස් කියන්නේ ෆේස්බුක් සමාගමේ තවත් ආරම්භක සාමාජිකයෙක්. පසු කාලයේදී ඔහු සමාගමෙන් අස්වී ෆේස්බුක් සම්බන්ධව ඉතා සංවේදී පාපොච්චාරණයක් කලා. ඔහු කියා සිටියේ ෆේස්බුක් පාවිච්චි කරන්නන්ගේ දත්ත ඇල්ගරිදම් මගින් විශ්ලේෂණය කොට ඉතා දක්ෂ ලෙස ‘දත්ත වෙළද භාණ්ඩ බවට පරිවර්තනය කිරීමේ’ ක්‍රයාවලිය තමන් ආරම්භ කල බවයි.

"ඔබ ෆේස්බුක් පිටුවේ ඉහළ පහළ යනවිට ඔබට වෙළඳ දැන්වීම් හමුවීම ඔබේ වරදක් නොවේ. එම වෙළද දැන්වීම් ඔබේ සිතැඟි සමග සමපාත වීම හෝ අන්තර්ජාලයේ ඔබ හොයන- බලන දේවල් වලට සමපාත වීම අහම්බයක් ද නොවේ. ෆේස්බුක් සමාගම ඔබේ දත්ත ඇසුරෙන් ඔබව කියවා විවිධ සමාගම් වලට ඔබව විකිණීමේ ක්‍රියාවලියේ ප්‍රතිඑලයක් තමයි ඒ..."
-ඇන්ටෝනියෝ


ෆේස්බුක් සමාගමේ ගිණුම් මතට ඩොලර් පොම්ප වෙන අතර ඔවුන්ගේ දත්ත ගබඩාවට ලෝකයේම මිනිසුන්ගේ දත්ත ගොඩගැහෙන විට දත්ත- ඩොලර් බවට පත්කර ගැනීමේ තවත් අපූරු ක්‍රමයක් අන්ටෝනියා විසින් සමාගමට හඳුන්වා දුන්නා.

සමාගමේ දත්ත වලට අනුව සාපේක්ෂව ලෝකයේ වැඩියෙන්ම ෆේස්බුක් ජාලයේ සැරිසරන මිනිසුන් සිටින්නේ නයිජීරියාවේ. වසර 2015 දී එරට පැවති මහමැතිවරණය සඳහා සමගම සතුව ඇති නයිජිරියානු ජාතිකයන්ගේ විස්තීරණ දත්ත සමුහය නිර්මාණාත්මකව යොදාගැනීමේ ක්‍රමවේද ගැන ඔවුන් කල්පනා කරනවා. එවකට එරට සිටි ජනාධිපති Goodluck Jonathan ගේ මැතිවරණ නිලධාරීන් මෙන්ම ඔහුගේ ප්‍රතිවාදියා වුනු වත්මන් ජනාධිපති Muhammadu Buhariගේ මැතිවරණ කඳවුර අමතන ෆේස්බුක් නිලධාරින් තමන් සතුව ඇති නයිජිරියානු ජාතිකයන්ගේ දත්ත වලින් ‘වැඩගන්නා’ හැටි ඔවුන්ට කියා සිටියා.

ඉන් පසුව හිටපු ජනාධිපති Goodluck Jonathanගේ පොහොසත් මිතුරන් පිරිසක් එකතුවී තුන්වන පාර්ශව සමාගමක් මාර්ගයෙන් ෆේස්බුක් සමාගමේ සේවය ලබාගන්නට තීරණය කළා. ඉතිහාසයේ ප්‍රථම වතාවට නයිජිරියානු ජනතාවගේ ෆේස්බුක් දත්ත ඇල්ගරිදම්කරණයට හසුකොට මැතිවරණයේ ජනමතය වෙනස් කිරීම අත්හදා බලනවා. ෆේස්බුක් සමාගම උපකාර කළ Goodluck Jonathan මැතිවරණයේදී පරාජයට පත්වුනත් සමාගම ජයග්‍රහණය කළබවයි ඇන්ටෝනියෝ පවසන්නේ. නයිජිරියානු අත්හදාබැලීම් උපයෝගී කරගෙන මිනිසුන්ගේ දත්ත ඩොලර් බවට පත්කිරීමේ විශාල දේශපාලන ව්‍යාපෘති සදහා ෆේස්බුක් සමාගම යොමුවී ඇති බව ඇන්ටෝනියෝ පවසනවා.

මෙම සටහන ඔබ කියවන අවස්ථාව වනවිට ඇමරිකානු ජනාධිපතිවරණයට ෆේස්බුක් දත්ත සමග මැදිහත්වූ ලන්ඩන් නගරයේ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා. එහෙත් මේ පිළිබඳ උනන්දුවක් දක්වන දේශපාලන විචාරකයින් පවසන්නේ ෆේස්බුක් සමාගම රාජ්‍ය වලට වඩා විශාල වන නිසා මේ පරීක්ෂණ විහිළුවක් බවට පත්වී අවසන් වීමට නියමිත බවයි. සැබවින්ම ෆේස්බුක් යනු භූමියක් නැති රාජ්‍යයක්. එහි සිමා මායිම් නිර්මාණය වී ඇත්තේ ඩිජිටල්කරණය වූ මිනිස් සබඳතා මතයි.

මුලාශ්‍ර- The Gardian, BBC Panorama, Homo Deus- Yuval Noah Harari
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Facebook, Mark Zuckerberg, Data Harvesting, Chamath Palihapitiya, Cambridge Analytica, Donald Trump, United States Presidential Election
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සරද සමරසිංහගෙන් තවත් වියමන්
කතන්දර
සෙන්ටෙනියල් දෝණි
වෙසෙස්
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
වෙසෙස්
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
වෙසෙස්
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
වෙසෙස්
පශ්චාත් සත්‍ය යුගයේ ජනමාධ්‍යයේ කාර්යභාරය අවසන්ද?
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා
BoondiLets
සොෆී ෂෝල් කියයි.
කිසිවෙකු විසින් හෝ ආරම්භයක් ගත යුතුව තිබිණ. අප ලියූ දෑ ද පැවසූ දෑ ද විශ්වාස කරන්නෝ බොහෝදෙනෙකු සිටිති. එහෙත්, ස්වකීය අදහස් ප්‍රකාශ කිරීමෙහි ලා ඔවුහු... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook