Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
කාලෝ අයංතේ
බූන්දි, 19:43:11
වර්තමානයෙහි සිදු වූ හා සිදුවෙමින් පවතින සිද්ධීන් සියල්ල ලාංකීය සමාජය අධ්‍යාපනික, මානූෂීය හා බුද්ධිමය වශයෙන් අසාර්ථක වී ඇති බව නැවත නැවත පසක් කර දෙයි. ආගම්, ජාතීන් වල සිට පංති කුල භේදයන් දක්වා ඇති සියළු බෙදීම් ආදරයෙන් පෝෂණය කොට රැක බලා ගැනීමේ ඵල විපාක ලාංකිකයන් වශයෙන් දැන් අපි අත්විඳිමු. නිදහසින් පසු තෙවරක් දකුණේත් උතුරේත් සිදුවූ ඝාතන දැක දැකම අපි තවත් එවන් ශෝකාන්තයකට වේදිකාව සරසමින් සිටිමු. ප්‍රවේශම් වන්න. අවසානයේ සියල්ල යහපත් ලෙස විසඳීමට වේදිකාව මතට කඩා පාත් වීමට දෙවියෙක් මෙම නාටකය තුළ නැත.

සිදුවන සිදුවීම් වලට සබැඳුනු අතීතය මෙහිදී සාකච්ඡා කිරීම අනවශ්‍ය, ඒ පිළිබඳ බොහෝ විද්වතුන් විශ්ලේණයන් ඉදිරිපත් කොට ඇති හෙයිනි. අඩුම තරමේ පරපුරක් දෙකක් ඉදි‍රියට ගොස් වත් එකිනෙකා හා සහජීවනයෙන්, මානුෂිකත්වයෙන් ජීවත්වෙන සබුද්ධික ජනතාවක් ඇති රාජ්‍යයක් බිහි කිරීමට කල හැක්කේ කුමක්ද යන්න සාකච්ඡා කිරීම ලිපියේ අරමුණයි.

උදේ හවස පන්සල්, පල්ලි, කෝවිල් තුළට වී ආගම් ඇදහූවත්, ගස් ගල් යට පෙරළි පෙරළී වැඳ වැටුනත් ආගම නම් ප්‍රපංචය, එකිනකාගේ අදහස් සහ විෂමතාවයන්ට ගරු කරන, මානුෂික ආකල්ප සහිත, සහකම්පනීය, නූතන ලෝකයට ගැළපෙන ප්‍රබුද්ධ මිනිසෙකු බිහි කිරීම යන කාරණාවේදී කොතරම් අසමත්දැයි ලාංකික සමාජය දෙස බැලූ විට උදක්ම තේරුම් ගත හැකිය. ආගම් තුලින් මේ දෙය ඉටු වෙනවායැයි උපකල්පනය කරයිනම් 99% ක් ආගමික මිනිසුන් සිටිනා රටක් (2011 සංඛ්‍යා ලේඛන වලට අනුව) කේතුමතී පාරාදීසයක් බඳු විය යුතු නොවේද?

ඒ ඒ කාලයන්ට අනුරූපව පැවති සමාජ, දේශපාලනික සහ සංස්කෘතික කාරාණා හේතුකොට ගෙන, සමකාලීන සමාජය වෙනස් දිශානතියක් කරා ගෙන යාමේදී සහ සමාජය යම් තරමකින් හික්මීමේදී, එම සමකාලීන සමාජයන් උදෙසා ආගම් තුළින් යම් සාධනීය කාර්ය භාරයක් ඉටු වූ බව සත්‍යයකි. පැරණි භාරතීය සමාජය තුළ බුදු දහම, ජෛන දහම, උච්ඡේදවාදය වැනි විවිධ වූ ආගමික මතවාදයන් ඇති වන්නේ මූලිකවම පැවති සාම්ප්‍රදායික හින්දු ලබ්ධියට එල්ල වුනු ප්‍රතිරෝධයක් වශයෙනි. මේ එකින් එක අන්‍යෝන්‍ය වශයෙන් අනෙකාගේ ඉගැන්වීම් වලින් පෝෂණය වූ අතරම, අනෙකාගෙන් වෙනස් වීම ද පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය කරුණක් විය. බොහෝ විට බුදුන්ගේ ඉගෙන්වීම් තුළ අප මෙම කියූ අනෙක් දර්ශනයන්ට සමාන්තර ලෙස මෙන්ම සාපෙක්ෂ ලෙස ද වූ කරුණු ගොඩ නැඟීම් දකිමු.

අද වන විට ලෝකය විවිධ වූ විෂයය පථයන් ඔස්සේ බොහෝ දුර පැමිණ ඇත. ආගම් බිහි වූ කාල වකවානුව හා සසැඳීමේදී නව විද්‍යාත්මක, දේශපාලනික සහ දාර්ශනික චින්තනයන් ඔස්සේ අපි බුද්ධිමය වශයෙන් පරිණාමය වී ඇත. මෙම නව දැනුමට සාපේක්ෂව තම දර්ශනයන් යාවත්කාලීන කර ගැනීමට සියළු ආගම් අසමත් වී ඇති අතර, සැබෑ ලෙසම ගතහොත්, එවන් යාවත්කාලීන වීමකට ආගම් තුළ ඉඩකඩක් ද නැත. සිදුවන්නේ නව බුද්ධිය අභියස ආගමික මතවාදයන් දිය වී යාම පමණකි.

ඉතින්, එවන් වූ යල් පැන ගිය, ප්‍රාථමික සමාජ ව්‍යුහයකට සරිලන සේ ගොඩනැඟුනු ආගමක් තුළින් වත්මන් සමාජ, දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික කාරණා අර්ථ දක්වන්නට යෑම නිෂ්ඵල මෙන්ම භයානක තත්ව‍යකි. මේ කිසිඳු ආගමක් තුළ තාර්කික බුද්ධියට ඉඩක් නොමැති අතර ඇත්තේ ශාස්තෘවරයෙකුගේ දේශනාවක් ලෙස පොතක ඇති දෙයක් එලෙසම පිළිගැනීම පමණි. අන් දර්ශනයන්ට සාපේක්ෂව බුදු දහම විචාර බුද්ධිය යන කාරණාවෙහිදී වඩා නිදහස් ආස්ථානයක් පෙන්නුම් කලත් (මේ සඳහා බොහෝ දෙනා උදාහරණයට දක්වන කාළාම සූත්‍රයට අනුව) තමා සාපේක්ෂව වටහා ගත්තායැයි සිතූ පසු නැවත ඒ ගැන විවේචනයක්, විචාරීමක් කිරීමට ඒ තුළ ද ඉඩ නොමැති අතර ඒ මඟ හැර අන් මඟක් නැති බවද සිය ශ්‍රද්ධාව තුළ පිළිගැනීමට ලබ්ධිකයාට සිදුවෙයි.

මෙතෙක් ලිපිය තුළ මෙම ප්‍රතිගාමී ආගමික සන්දර්භය සාකච්ඡාවට බඳුන් කලේ රාජ්‍යයක් ආගමික වීම අද පවතින සමාජ යථාර්ථයන් හමුවේ කෙතරම් අසාධනීය ද යන්න පෙන්වීමටයි. පින් පව්, කුසල් අකුසල්, යහපත අහයපත යනුවෙන් බෙදා වෙන් කොට, පවට භයත් පිනට ඇල්මත් ඇතිකොට, මිනිසුන් හික්මවන්නට යාම මිනිස් බුද්ධිය එතරම් විකාශය නොවූ ප්‍රාථමික සමාජයකට ප්‍රායෝගික විය හැකි වුවද මෙවන් දියුණු සමාජයකට කිසිසේත් ගෝචර නොවේ. මිනිසුන් යහපත් විය යුත්තේ යහපතෙහි යෙදිය යුත්තේ ඒ පිළිබඳ වූ මනා අවබෝධයෙන්ය. මිනිසුන් තුළ සහකම්පනක් ගොඩ නැඟෙන්නේ එවන් අවබෝධයක්, සිතීමක්, කියැවීමක් තුළින් මිස පවට භය වීමක් ඔස්සේ නොවේ. භය වීම තුළ ඇත්තේ විචාර බුද්ධිය හීන වීමයි. අනෙක් අතට සියළු පව් හෝ පින් විශ්වීය සත්‍යයන් නොවන අතර බොහෝ දේවල් පවතින සමාජීය යථාර්තයට සාපේක්ෂ සහ වාස්තවික ද වේ.

කෙතරම් භක්තියෙන්, ශ්‍රද්ධාවෙන් යුතුව ධර්මය ඇදහුවත්, අනෙකාත් තමා මෙන්ම හැඟීම් දැනීම් ඇති, තමා මෙන්ම ජීවන අරගලයක යෙදෙන, තමාට මෙන්ම පවුල් සබඳතා ඇති, තමාට මෙන්ම දුක සතුට, වේදනාව, භය දැනෙන සහෝදර මානවයෙකු ලෙස සිතන්නට එම ධර්මය ඔබ යොමු නොකරයිනම්, එම ධර්මය ඇදහීමෙහි තේරුමක් නැත. අනෙක් අතට, අනෙකා ගැන හිතන සහකම්පනයෙන් යුත් පුද්ගලයෙකු ගොඩනැඟීම උදෙසා ආගමික දර්ශනවල යම් හරවත් කරුණු ඇති මුත්, පූජ්‍ය පක්ෂය බොහෝ දුරට ජනයාට සම්ප්‍රේෂණය කරන්නේ ඔවුනට පහසුවෙන් අවබෝධ කොටගතහැකි, හැඟීම් අවුස්සන සුළු, ජනප්‍රිය සහ තමන්ට වාසි සහගත කාරණා පමණි.

දීර්ඝ කාලීන සන්දර්භයෙහිදී ආගමික සංස්ථාවන් විසින් මිනිස් චින්තනයෙහි ප්‍රගමනයට කල හානිය සුළු පටු නොවේ. ආගමික යුද්ධ, මායාකාරීන් දඩයම, ස්ත්‍රී පීඩනය, තාර්කික බුද්ධිය මොට කිරීම, ජනතාව මිත්‍යාවෙහි ගිල්වීම, විද්‍යාත්මක දියුණුවට බාධා එල්ල කිරීම, ආගමික ත්‍රස්තවාදය ආදී බොහෝ හානිකර බලපෑම් එමඟින් මානව සමාජයට එල්ලවිය. අද අප අත්දකින ඛේදවාචකයන් ද එහිම දිගුවකි.

ඇල්බ්ට් අයින්ස්ටයින් කියා සිටින පරිදි මිනිසුන් දඬුවමට ඇති බය නිසා පමණක් එයින් වළකීනම් මිනිස් වර්ගයා සිටින්නේ ඉතාම කණගාටුදාක තැනකය. සුළු සිදුවීමක් වූ විට කිසිත් සොයා නොබලා අනෙකා වූ පමණින් මිනිසුන් කපා කොටා පීඩනයට පත් කරන්නේ අසා ඇති පව් ටිකට භය එවන් බුද්ධි හීනයෝය.

වසර පන්සීයක සිට පමණ ඇරඹි විද්‍යාත්මක සොයා ගැනීම් ඔස්සේ ආගමික මතවාද එකින් එක බිඳ වැටෙමින් පවතින අතර, අනාගතයෙහිදී විද්‍යාත්මක චින්තනය ඉදිරියේ ආගම් නැත්තටම නැතිවී යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණකි. දැනටත් දියුණු රටවල් වල ආගම් අදහන ජන සංඛ්‍යාව ඉතා අඩු අතර, සරදම්කාරී ලෙස ලොව අපරාධ අඩුම, සාමකාමීම සහ ජීව්ත් වීමට උචිතම රටවල් බොහෝමයක් ද ඒ නිරාගමික රටවල්ම වේ.

මෙවන් සන්දර්භයක් තුළ සිදුවිය යුත්ත නම් රාජ්‍ය අනාගාමික වීමය. මතු පරපුර හෝ මේ මර උගුලෙන් ගලවාගැනීමට එය සිදු කළ යුතුමය.
නව ලෝකයට පිය නඟන බොහෝ රටවල් ආගම සහ රාජ්‍යය වෙන් කර ගත්තෝ වෙති. ආගම පුද්ගලික අවකාශයට සීමා විය යුතුය. ඔබ අදහන හෝ නොඅදහන ආගම මට දැනගැනීමට අවශ්‍යය නොවේ. එය මට අදාළ ද නැත. එය ඔබගේ ආධ්‍යාත්මය හා සම්බන්ධ අතිශය පුද්ගලික කාරණාවකි.

බුදුන්, භද්දවග්ගිය කුමාරවරුන්ට දෙසුවේ අනෙකා ගැන සොයා නොසිට තමා ගැන බලා ගන්නා ලෙසයි. විශේෂයෙන් ගතහොත් බුදුදහම තුළ නිවනට ඇත්තේ තමා තුළින් අවබෝධ කරගන්නා සත්‍යය තුළ යායුතු මාර්ගයක් විනා, ජන සමූහයක් ලෙස එකට එක්වී යාග හෝම සිදු කර නිවනට යන මාර්ගයක් නොවේ. අතාර්කිකත්වය, අවිද්‍යාව උදෙසා රාජ්‍ය අනුග්‍රයක් අවශ්‍ය නොවේ.

කළ යුතු අනෙක් දෙය නම් යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමය වෙනුවට නූතන ලෝකයට, නව දැනුම් පද්ධතියට අනුකූල වන සාධනීය අධ්‍යාපනයක් රට තුළ ස්ථාපිත කිරීමයි. ලෝකයේ ගතික ස්වභාවය අවබෝධ කරගෙන අදට පමණක් නොව හෙට ලොවට ද ගැළපෙන අයුරින් ලාංකීය අධ්‍යාපන ක්‍රම වේදයන් වෙනස් විය යුතුය. කට පාඩම් කර විභාගය සමත් වීම ඉලක්ක කරගෙන නොව, ස්වාධීන චින්තනයක් හිමි, විනය ගරුක, මානුෂිය ගුණාංග වලින් පිරිපුන් සියල්ලටම වඩා අනෙකා පිළිබඳ සංවේදී වන, සහකම්පනීය ප්‍රබුද්ධ මිනිසෙකු හෝ ගැහැණියක බිහි කරගත හැකි එවන් අධ්‍යාපනයක් තුළින් පමණි.

විද්‍යාව, දර්ශනය, සාහිත්‍ය, ඉතිහාසය, මානව ශාස්ත්‍රය යන විෂයන් යම් තරමක් දුරට හෝ පුළුල් ලෙස ඉගැන්වීම පාසල් අධ්‍යාපනය තුළ සිදු විය යුත්තේ මේ විෂයයන් පිළිබඳ මනා දැනුමකින් සන්නද්ධ තරුණයා හෝ තරුණිය, වඳ පෙති, කලවන් නොවූ පිරිසිදු ලේ, දෙවියන් වෙනුවෙන් මිනී මැරීම, ගස් ගල් වැඳීම, සිතාගැනීමට වත් නොහැකි තරම් දුරින් පිහිටි භෞතික ග්‍රහ වස්තූන්ට අනුව තම ජීවිතය පිළිබඳ තීරණ ගැනීම, දිවි හිමියෙන් රැක ගත යුතු නිදහස තක්කඩින්ට භාර දී තමාම සතුටින් වහල් භාවයට පත් වීම යන ගෝත්‍රික කාරණා පසුපස්සේ යෑම සිදු වීමට ඉඩක් නොමැති නිසාය. එමෙන්ම ජාතිවාදය, ආගම්වාදය, මිත්‍යාව යනාදී කාරණා අවුස්සා එවන් සබුද්ධික ජනතාවක් නොමඟ යැවීමට කපටි පාලකයන්ට ද නොහැකි වනු ඇත. ජනතාවක් බුද්ධිමත් වෙනවාට ආත්මාර්ථකාමී පාලකයන් අකමැති වන්නේ මේ හෙතුවෙනි. බ්‍රෙෂ්ට් කී පරිදි අමන ජනතාවක් කිසිවිට පාදඩ පාලකයින්ට එරෙහි නොවෙති.

එමෙන්ම කළ යුතු අනෙක් දෙය නම් සමාජය තුළ බහුවාර්ගිකත්වය ව්‍යාප්ත කිරීමයි. ලංකාව සිංගප්පූරුවක් කරන තුරු බලා සිටින යුටෝපියානුවාදීන්ට මඟ හැරෙන කරුණ නම් සිංගප්පූරුව ගොඩ නැඟීමේදී ලී ක්වාන් යූ භාවිත කළ එක් යෝධ පියවරක් වූයේ රට තුළ බහුවාර්ගිකත්වය ව්‍යාප්ත කිරීම බවයි. එමෙන්ම විෂයානුකූල ලෙස, බුද්ධිමත්, උගත්, පිරිසකට රාජ්‍ය පාලනය භාරදීමත්, නූතන ලෝකයට ඔබින අධ්‍යාපනයත්, රට තුළ ඇති කළ සංස්කෘතික විවෘතභාවයත් සිංගප්පූරුවේ දියුණුවට හේතු වුනු අනෙක් තීරණාත්මක සාධකයන් වේ. බහුවාර්ගිත්වය අගයන රටක් තුළ ජාතීන් හෝ ආගම් මුල් කර ගනිමින් අනෙකාට වෙනස් ලෙස සැලකීමට ඉඩක් නැත. වෙනස් ජාතීන්ට කියා වෙනස් නීති රීති ක්‍රියාත්මක කිරීමට ද ඉඩක් නැත.

සුද්දාටත් එපා වූ කල් පිනූ නීති පද්ධතිය වෙනස් කිරීම මේ සඳහා ගත යුතු අනෙක් පියවරයි. සිංහල බෞද්ධ යැයි කියා රකින ඊනියා වික්ටෝරියානු සුචරිතවාදී කුහකත්වය බැහැර කොට සංස්කෘතිය යන ප්‍රපංචයෙහි ඇති ගතික ස්වභාවය හඳුනාගනිමින්, නව මානුෂික වටිනාකම් වලට මුල් තැන දෙන වඩා විවෘත සහ අනෙකාට ගරු කරන, ස්වයං විනයක් සහිත සංස්කෘතියක් බිහි කර ගත යුතුය. සංස්කෘතිය යනු පවතින තාක්ෂණයට අනුකූල ප්‍රාකශිතයක් බැවින් සීඝ්‍රයෙන් දියුණු වන තාක්ෂණය හමුවෙහි සංස්කෘතියක් පල් වීම භයානකය. එය කෙතරම් භයානක ද යන්න හඳුනාගැනීමට ඔබ ගැහැණියක නම් පොදු ප්‍රවාහන සේවයක යාම ප්‍රමාණවත්ය. (පිරිමියෙකුනම් මිනිසුන් වඳ කළ හැකි පෙත්තක් නොමැති බව සමාජ ජාලයකදී පවසන්න. ඔබගේ DNA වාර්තාවක් ඒ මොහොතේම ඔබට ලැබෙනු ඇත!)

එමෙන්ම නීතිය සහ ආරක්ෂාව පිළිබඳ මහජනයා තුළ විශ්වාසයක් ගොඩ නැඟෙන අයුරින් එම නීති රීති අකුරටම ක්‍රියාත්මක කළ යුතුය.

රට තවත් ඛේදවාචකයන් කරා යන ගමන නවතා ගැනීමට නම් වහ වහා මෙම සමාජීය, දේශපාලනික සහ සංස්කෘතිමය වෙනස්කම් කළ යුතු අතර, එසේ කළහොත් මතු පරපුරටවත් යහපත් ජීවිතයක් මේ පොළොව මත බිහි කර ගත හැකි වනු ඇත. නමුත් එය පහසු කටයුත්තක් නොවන්නේ මෙම කපටි පාලකයින් තුළ තම දේශපාලනය පිලිබඳ ඇත්තේ මැකියාවේලියානු දෘෂ්ටියක් වන නිසාය.
කාටූනය- අවන්ත ආටිගල (Awantha Artigala Facebook Page)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Communal Violence 2018, Ethnic Clashes Kandy, Sri Lankan National Unity, Reconciliation, Sinhala, Tamil, Muslim, Communal Unity
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මහේෂි බී. වීරකෝන්ගෙන් තවත් වියමන්
අදහස්
ඒ ඇගේ අහසයි!
වෙසෙස්
එකල්හී ස්ත්‍රී නිදහස කෙබඳු වී ද යත්- ඇතන්ස් සහ ස්පාර්ටා
රංග
යුරිපිඩීස් චිත්‍රණය කළ ස්ත්‍රීත්වය
කවි
මල් පෙති තරම් සියුමැලි තුරුපත්ය
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
එලී වියෙසෙල් කියයි.
ඇතැම් විට අයුක්තියට එරෙහිව නැගී සිටීමට තරම් බලයක් අප සතුව නොතිබිය හැකිය. එහෙත් එම මොහොතේ ඊට විරෝධතාව දක්වන්නට අප අසමත් වන්නේ නම් කෙදිනකවත් ඒ සඳහා... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook