Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
අරාබි සාහිත්‍යයේ ඛලීල් සලකුණ
ආනන්ද අමරසිරි විසින් පරිවර්තනය කර ඇති 'ඛලීල් ජිබ්රාන්ගේ සුභාෂිතය' [Spiritual Sayings of Kahlil Gibran] කෘතිය ඇසුරිනි.
බූන්දි, 18:16:05
උපදේශ සාහිත්‍යයේ පෙරදිග ලකුණ සනිටුහන් කිරිමෙහිලා පුරෝගාමී වූ ලේඛක ප්‍රජාවක් පිළිබඳව කරුණු සාහිත ලොව සුලබ වුවත්, එය අපරදිග හා මුසුකිරීමෙහි භාරකාරත්වය ගැනීමට ප්‍රමුඛ වූවන් සම්බන්ධයෙන් කෙරෙන විමසුම් සීමිත වේ. සංස්කෘත උපනිෂද් සාහිත්‍යය යේට්ස් විසින් ඉංග්‍රීසි බසට පෙරළීමත්, එඩ්වඩ් පිට්ස්ජෙරල්ඩ් වැනි භාෂා පරිවර්තකයන් විසින් පර්සියාව කේන්ද්‍රීය කරගනිමින් බිහිවූ ඕමාර් ඛයියාම්ගේ රුබෙයියාට් නැවත නැවත පරිවර්තනය කිරීමත්, ඊසොප්ගේ උපමා කථා වැනි කෘතීන් නැවත මුද්‍රණය වීමත්, එලියට් වැනි කවීන් පෙරදිග උපදේශ කවිවල ආභාසය ලැබීමත්, බයිබලයේ පුරාණ ගිවිසුමෙහි එන ගීතාවලිය සහ හිතෝපදේශය යන කාණ්ඩවල යාවත්කාලීනබවත් යන මෙකී කාරණා ද උක්ත කරුණ සුපෝෂණය කරයි. ලාංකේය සාහිත්‍යයේ පවා ලෝකෝපකාරය, සුභාෂිතය වැනි උපදේශාත්මක කාව්‍ය රචනා වී තිබුණ ද ඒවා සහ අපරදිග චින්තන අතර සංස්පර්ශයක් හෝ සිදුනොවී තිබීම ද සැලකිය යුතු කරුණකි. අරාබි සාහිත්‍යය වැනි බටහිරට නුපුරුදු සාහිත ලොවක සිට ක්‍රිස්තියානිය ද ඈදා ගනිමින් පොදුවේ පෙර'පර දෙදිග දර්ශනය මුසුකිරීමෙහි ලා ගෞරවය හිමිවිය යුත්තේ ඛලීල් ජිබ්රාන් (1883-1931) හට ය. ඔහු සතු සෑම අතට ම විහිදි ගැඹුරු වැටහෙන නුවණත් සෘජු ප්‍රකාශන ලීලය දැරූ දාර්ශනික චින්තා සමුච්චයත් 'සුභාෂිතය' (Spiritual Sayings) කෘතියෙන් විද්‍යමාන වේ. තත් කෘතිය පිළිබඳ සමාලෝචනයක යෙදීම මෙම ලිපියෙන් අපේක්ෂිතය.

ඛලීල් ජිබ්රාන්ගේ කෘතිය නමින් සුභාෂිතය වුව ද මෙයට වඩාත් ගැළපෙනුයේ 'අධ්‍යාත්මික කියමන්' නම් මැයයි. එතෙකුදු වූවත් අධ්‍යාත්මික කියුම් ලෙසින් ද වර්ග කළ නොහැකි මෙය කාව්‍ය ග්‍රන්ථයක් වන්නේ ද නැති. ආකෘතිකමය වශයෙන් ඛණ්ඩනය කළහොත් සමස්ත කෘතියේ අන්තර්ගතය කෙටි වැකි, දිගු වැකි, ඡේද, කථාන්දර සහ නාට්‍ය වශයෙන් වර්ග කළ හැකිය. එක ම ආකෘතියක නොපිහිටා විවිධ සාහිත ශානර තුළට සිය සදූපදේශ භාවිත කිරීම හේතුවෙන් ඛලීල්ගේ කෘතිය නීරස නොවෙයි. නිසඳැස් යැයි කිව හැකි ආකාරයේ වැකි කිහිපයක් හමුවූව ද ඒවා කවි නොව ගද්‍යමය ස්වභාවයක් ගනී. මෙකී සියලු අනු කොටස් ආගමික, දේශපාලනික, ජීව විද්‍යාත්මක, ආර්ථීක, අධ්‍යාපනික ඈ ක්ෂේත්‍ර අරා සිටී.

ඛලීල්ගේ කෙටි වැකි සරල වාක්‍යය ලෙසින් දිස් වුණ ද වෙඩි මෙන් සෘජු ප්‍රකාශන ස්වරූප දරන්නේ වෙයි. ඒවා හුදු උපදේශ ම නොවෙයි. එක ම වැකිය නැවත කියවා සිතීමේ තැනට පාඨකයා පත්කරවීමේ හැකියාවක් ඒවා සතු ය. එවන් වූ පහත වැකියෙහි ඓතිහාසික සම්පර්කය ඔබට වටහාගත හැකිද?

"මිනිසා මුල්වරට පොළොව හාරා බිජුවට වැපිරූ තැන් පටන් ශිෂ්ටාචාරය ඇරඹිණි." (අමරසිරි: 2016: 53)

මොහොන්දජාරෝ-හරප්පා, යුප්‍රටීස්-ටයිග්‍රීස් ආදී විවිධ ශිෂ්ටාචාර පිළිබඳව, මිනිසා ගින්දර නිපදවාගැනීමේ සිට දඩයම් අවධිය කෙළවරවීම පටන් ශිෂ්ටාචාරගතවීමේ ඉතිහාසය ගැන ඩෙස්මන් මොරිස්, එංගල්ස් ආදීන් කළ දහසකුත් සිද්ධාන්ත පිළිබඳ කෙරෙන විමසුම් සඳහා මේ එක් වැකිය මූල බීජය නොසපයන්නේ ද?

ඛලීල්ගේ වැකි දේශපාලනික අරුත් ජනනයෙහි ප්‍රමුඛ ව ක්‍රියාකිරීමෙහි සමත් ප්‍රබලත ම අවි යැයි කීම යුක්තියුක්ත ය. එංගලන්තයෙන් ඇරඹි කාර්මික විප්ලවයත් පුනරුද ව්‍යාපාරයත් නව සොයාගැනීමුත් අභිමුව යුරෝපා රටවල දියුණවීමෙහි නොතිත් ජනයාට නොදැනී නිෂ්පාදන ක්‍රියාවලියෙහි සැඟවුණු වහලා බිහිවූ සත්‍ය කථාන්දරය ඔහු වටහා ගනියි. ස්පාටක්ස් වැනි යුදෙව් වහලුන් රෝමවරු සමඟ සටන් වැදුණේ වහලුන්ට අවැසි නිදහස් සමාජයක් ගොඩනැගීමට වුවත් යාන්ත්‍රික මිනිසා සටන් කරනුයේ තමා නිපදවාගත් කෘතිම සමාජ ක්‍රමයෙන් මිදීම පිණිස ම බැව් ඛලීල් උපහාසයෙන් පවසයි.

"මිනිසා අලුතින් යන්ත්‍රයක් නිපදවූ කල්හි ඔහු එය ක්‍රියාත්මක කරයි. අනතුරුව යන්ත්‍රය විසින් ඔහු ක්‍රියාත්මක කරනු ලැබීම අරඹයි. ඔහු තම වහලාගේ වහලා බවට පත්වෙයි."

ඛලීල් සාන්තුවරයකු හෝ බණ දෙසන උපදේශකයකු හෝ නොව වැටහෙන නුවණ සහිත කලාකරුවෙකු ද වන බව අපට හැෙඟයි. ලොව පවත්නා සියලු කලාවන් සූක්ෂම නිරීක්ෂණයට ලක් කරනා ඔහු වැකි දහස් ගණනකින් පවසන සල්ලාප නිශ්චිත අරුත් ද සමඟින් එක් වැකියකින් පවසයි. සුභාෂිතය කෘතියේ ඇතුළත් කලාව අරභයා ඔහු කරන 'ප්‍රශස්තතම කියවිල්ල' පහත දැක්වේ. මෙය කලාව පමණක් නොව ලොව විවිධ ජාතීන් ක්‍රියාත්මකවන සමාජ- ආර්ථීක -දේශපාලනික යාන්ත්‍රණයේ නොපෙනෙන පාදම විලසින් කටයුතු කරන මූලික හර පද්ධතිය සූක්ෂ්මව ස්පර්ශ කිරීමකි.

"ඊජිප්තුවන්ගේ කලාව ගුප්ත විද්‍යාව තුළ ය. කැලඩීනියානුවන්ගේ කලාව ගණනය කිරීම තුළ ය. ග්‍රීකයනගේ කලාව සම්පිණ්ඩනය තුළ ය. රෝමානුවන්ගේ කලාව ප්‍රතිරාවය තුළ ය. චීනුන්ගේ කලාව ආචාර විද්‍යාව තුළ ය. හින්දූන්ගේ කලාව හොඳ නරක මැන බැලීම තුළ ය. යුදෙව්වන්ගේ කලාව ලෝක විනාශය පිළිබඳ හැඟීම තුළ ය. අරාබියානුවන්ගේ කලාව සැමරුම් හා අතිශයෝක්තිය තුළ ය. පර්සියානුවන්ගේ කලාව අතෘප්තිමත්භාවය තුළ ය. ප්‍රංශයන්ගේ කලාව අනගිබව තුළ ය. ඉංග්‍රීසින්ගේ කලාව විග්‍රහය හා ස්වයංධාර්මිකභාවය තුළ ය. ස්පාඤ්ඤයන්ගේ කලාව ආගම් උමතුව තුළ ය. ඉතාලියානුවන්ගේ කලාව සුන්දරත්වය තුළ ය. ජර්මානුවන්ගේ කලාව අභිලාෂය තුළ ය. රුසියානුවන්ගේ කලාව ශෝකය තුළ ය."

කවිය, විචාරය, සාහිත්‍යය සම්බන්ධයෙන් ඛලීල් දක්වා ඇති අදහස් වත්මනට ද ඔබින්නේ වෙයි. සුභාෂිත කියමන් අතර ඇති පහත ආකාරයේ වැකි ප්ලේටෝ, ඇරිස්ටෝටල් කළ ප්‍රකාශ සිහිකැඳවනුසුලුය. සාහිත්‍යකරුවාගේ භූමිකාව පටු නොවූවකි. එය අවශ්‍යයෙන් ම රාජ්‍ය බලය සහ දේශපාලනය මතින් ගොඩනැගෙන්නක් වන්නා හා ම ඒවා නාභිගත කරවීමට සමත් කක්ෂය ද වේ. එබැවිනි 'සන් පෝල් ශාස්ත්‍රේ යනු ප්‍රංශය ම' වූයේ. ඛලීල් මේ අරඹයා සිටින ස්ථාවරය බලන්න.

"පෑන යනු රාජ්‍යත්වයේ සෙංකෝලය යි. එහෙත් ලේඛකයන් අතර රජවරු දුර්ලභ වෙති."

සමකාලීන විචාරක හා ලේඛක ප්‍රජාව සම්බන්ධයෙන් ඔහු දරන විවේචනාත්මක අදහස් ද මෙහි කියමන් අතර හමු වේ.

"ශබ්දකෝෂවලින් ලබාගන්නා පැලැස්තරවලින් බොහෝ ලේඛකයෝ තමන්ගේ වැරහැලි වූ අදහස් අලුත්වැඩියා කැරගනිති.

පොතකින් තමාගේ අමුද්‍රව්‍ය ලබාගන්නා ලේඛකයා ණයට දීම සඳහා පමණක් මුදල් ණයට ගන්නා කෙනෙකු හා සමාන ය."


මෙම කෘතියේ අන්තර්ගත කථාන්දර ආකාර ගත් ආඛ්‍යාන සයක් වෙයි. 'තර්ක ශාස්ත්‍රයේ දර්ශනවාදය' නම් කථාව ලොව විසූ ප්‍රකට ම පුද්ගලයන්ගේ ශාරීරික ස්වරූපයේ පැවති විශේෂත්වය පිළිබඳව කෙරෙන සංක්ෂිප්ත විස්තරයක් වැන්න. මෙතෙක් කලක් ඔවුන්ගේ වියත් ප්‍රකාශ කෙරේ ආශක්ත වූ පාඨකයා මෙතැන් පටන් ඔවුන් මනැසින් දකී.

"මම ශරීර ප්‍රමාණයෙන් මිටි පුද්ගලයෙක්. ඒත් නැපෝලියනුත් එහෙම කෙනෙක් ව හිටියා. වික්ටර් හියුගෝත් එහෙම කෙනෙක් වුණා. මට තියෙන්නෙ පටු නළලක්. ඒත් සොක්‍රටීස්, ස්පිනෝසා කියන දෙන්නටත් තිබුණෙ ඒ වගේ පටු නළල් තල. මම තට්ට මිනිහෙක්. ශේක්ස්පියරුත් තට්ට මිනිහෙක්. මගේ නාසය දිගයි, අගින් වක්වෙලා. වොල්ටෙයර්ගේත්, ජෝර්ජ් වොෂින්ටන්ගේත් නහයවලුත් ඒ වගේ වුණා..."

රාජ්‍යය සහ ආගම ලොව පාලනය කරන්නා වූ ප්‍රධානතම මෙවලම් වෙය. එක් පසෙකින් බලය හා කාමය අරක්ගන්නා වූත් අනෙක් පසින් සදාචාරයේ පිරුවටෙන් ඒවා වසන්නාවූත් ලෝකයක් තුළ උත්තම යැයි සලකන මිනිසා දෝලනය වන්නේ කෙසේදැයි යන්නට 'කන්‍යාවගේ මරණය' කථාව දෙස් දෙයි. හමුදා සෙන්පතියකුගේ ආශාව අභිමුව කන්‍යා සොහොයුරියක දිවි නසාගැනීමෙන් සිය කන්‍යාභාවය රැක ගැනීමට තැත්කිරීම සම්බන්ධ මෙම කථාව කෙටි කථා ස්වරූපය දරන්නේ වෙයි. මෙම සන්දර්භයේ ම ගිණිය හැකි ලියෝ තෝල්ස්තෝයිගේ 'සර්ජියස් පියතුමා', හර්මන් හෙසගේ 'රති විරති', සුගතපාල ද සිල්වාගේ 'ඇට මැස්සා' වැනි නිර්මාණ පවා අඩුවැඩි වශයෙන් යථෝක්ත කරුණ සුපෝෂණය කරයි. මාක්ස්වාදී චින්තකයන් විසින් එළඹ සිටි න්‍යායෙහි කූඨ ප්‍රාප්තිය පෙන්වන මෙවන් ආඛ්‍යාන හුදු උපදේශ ලෙසින් හැඳින්විය නොහේ. ඛලීල්ගේ ආගමික චින්තන ස්වරූපය කෘතියේ කිහිප තැනෙක පාඨකයාට ග්‍රහණය කරගත හැකි බැවින් ඔහු මෙයින් සදාචාරයට තුති පුදන්නේද වැනි අදහසක් මතුනොවන්නේ ද නොවේ.

මෙහි එන 'තුර්කි තොප්පිය' කථාව මාර්ටින් වික්‍රමසිංහ මුල් අවධියේ ලියූ එදිනෙදා සිදුවීම් ආකාරයේ කථාන්දර ස්වරූප එනම්, ඇනෙක්ඩෝට් (Anecdote) කථා ආකාරය ගනී. 'ඔබගේ ලෙබනනය සහ මගේ ලෙබනනය' ඛලීල් උපන් ලෙබනනයෙහි ස්වභාවික පිහිටීම්, අර්ථ ක්‍රමය, මිනිසුන් පිළිබඳ සමස්ත විස්තර කථනයක් ඉදිරිපත් කරයි. 'ඇසිල්බන්', ඛලීල් ම චරිතයක් වශයෙන් පෙනී සිටින උපදේශාත්මක දෑ සාකච්ඡා කරන නිවසෙක වන සිදුවීමක් විලසින් දක්වා තිබෙන මුත් එය නාට්‍ය ආකාරයක් විනා නාට්‍යයකැයි කීම යුක්තියුක්ත නොවේ. මෙහි එන ඇතැම් ආඛ්‍යාන හුදු උපදේශාත්මක වාර්තා වශයෙන් ක්‍රියාත්මක වන්නේ යැයි පාඨකයාට සිතෙන අවස්ථා ද බහුලය.

ඛලීල් ජිබ්රාන්ගේ සුභාෂිතයෙහි වඩාත් ම තියුණු කියුම් හමුවන්නේ කෙටි වැකි, දිගු වැකි සහ ජේද ආකාර කියමන් තුළින් බැව් පැහැදිලි ය. සෙසු උපදේශ සාහිත කෘතිවල මෙන් අවවාදාත්මක විධාන ස්වරූපයේ මත නොව එක් මැයකින් විවිධ ස්ථර සංස්පර්ශ කරන ඉඟි වැකි ස්වරූපයේ කියමන් පාඨකයා නොවෙහසවයි. අධ්‍යාත්මික රචනා ඔස්සේ සිය මත පළ කිරීමෙහි නිමග්න වූ ඕෂෝ මෙන් ඛලීල් අපව භාවනානුයෝගී පාඨකයෙකු නොකරවයි. සාහිත කලාව ආශ්‍රිත කියමන් ඛලීල් එදිනෙදා ලෝකය පිළිබඳ සවිඥානික විප්ලවීය මත දරන එහෙත් ළතෙත් සාහිතකාමියකු බව පළ කරන්නකි. තත් ක්ෂේත්‍රයේ කවීන් ඔහුව 'සුධීමත්භාවයේ ගිනි සිළුව' ලෙසින් හඳුන්වන්නේ එනිසා විය යුතුය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Khalil Gibran, Lebanese writer, Spiritual Sayings of Kahlil Gibran, Ananda Amarasiri, Subhashithaya, Anecdote, Martin Wickramasinghe
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ඩිල්ෂානි චතුරිකා දාබරේගෙන් තවත් වියමන්
Cine
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
වෙසෙස්
ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා
කවි
පෙට්ටියක් දිනා ඇත!
කතන්දර
සැප්තැම්බරයේ දවසක්
Cine
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
තවත් වෙසෙස් බූන්දි
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකු ගේ කතාව
සුන්දර කළු කෙල්ල- රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!
තෝල්ස්තෝයි අදට වලංගු ද?
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
BoondiLets
පාවුලෝ කොයියෝ ලියයි.
ආදරේ කරන ඕනෑම කෙනෙක්, තමා එකිනෙකා හා නොමැති විට පවා එකිනෙකා තුල ජීවත්වෙනවා. සිරුරු දෙකක් හමුවුනාම ඒක හරියටම කුසලානයක් උතුරා යෑමක්. ඔවුනට පැය ගණක්, සමහරවිට... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook