Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ඡ්‍යෝතිෂය පදනම්වන්නේ ව්‍යාජ දෘශ්‍ය මායාවක් මතය!
බූන්දි, 18:27:16
ඡ්‍යෝතිෂයේ ඇති මුලික මිත්‍යාව නම් "පෙනෙන අහස සත්‍යයකි" යන්නයි. අපට පෙනෙන අහස යනු ග්‍රහ වස්තූන් වල ඇත්ත පිහිටීම නොවේ. අනෙක් අතට පෙනෙන වස්තූන් වලට වඩා අතිවිශාල දුර හේතුවෙන් නොපෙනෙන වස්තූන් ප්‍රමාණය විශාල බව ද අද අපි දනිමු. ඊට අමතරව අඳුරු පදාර්ථ (හෙවත් Dark Matter) කළු කුහර (හෙවත් Black holes) වැනි පදාර්ථමය නොවන නමුත් ගුරුත්වාකර්ෂණයක් ඇති තාරකා විද්‍යාත්මක අවස්ථා සහ සංසිද්ධි විශ්වයේ පවතී. ඒවා ඡ්‍යෝතිෂයට අදාළ නොවන්නේ කෙලෙසද කියා ඒ කිසිවෙක් පැහැදිලි නොකරයි. ප්‍රබල දුරේක්ෂ නොමැති එවකට පියවි ඇසට පෙනෙන දීප්තිමත් තරු පමණක් යාකරමින් මවාගත් හැඩරුවකට නමක් යොදා රාශියක් ලෙස හඳුන්වා දුනි. ඒ මනඃකල්පිත රාශි අපේ දෛනික ජීවිතයේ ඉරණම තීන්දු කරනවා යැයි විශ්වාස කිරීම මුග්ධභාවයකි.

පියවි ඇසට පෙනුණු අහසේ තරු හා ග්‍රහලෝක වල චලිතය තුල තිබෙන වාර්ෂික රටාව එක් එක් පුද්ගලයාගේ දෛනික ජීවිතයේ ඉරණම තීන්දු කරන්නේය යන පුරාණ විශ්වාසය පදනම් කරගනිමින් බිහිවූ මෙම ඡ්‍යෝතිෂය විශ්වාසය කිසිදු පදනමක් නැති මිත්‍යාවක් බව තේරුම්ගැනීමට නූතන තාරකා විද්‍යාව පිලිබඳ ලොකු දැනුමක් අවශ්‍ය නොවේ. අපට පෙනෙන අහස යනු, පෘථිවිය නිශ්චලව පවතින අතර සූර්යයා ඇතුළු අනෙක් ග්‍රහලෝක අප වටා භ්‍රමණය වේය යන දෘශ්‍ය මායාව තුළින් ගොඩනැගුනකි. එහෙත් අපි අද දන්නා පරිදි පෘථිවිය (තමා වටා භ්‍රමණයක යෙදෙමින්) සූර්යයා වටා ද භ්‍රමණය වනවා මිස සූර්යයා පෘථිවිය වටා භ්‍රමණය නොවන වග තහවුරු කොට ඇත. අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහලෝකයන් ද භ්‍රමණය වන්නේ (අපේ තරුව වන) සූර්යයා වටාය.

ඡ්‍යෝතිෂය විශ්වාසය බිහිවන්නේ මේ මුලික දැනුම පවා නොමැති වකවානුවකයි. අප අතීතයේ දැනුම උපයාගත්තේ ඉතා සෙමිනි. මෑත සියවස් දෙකතුනකදී මෙන් වේගවත්ව නොවේ. කොටින්ම යාන්ත්‍ර විද්‍යාව ඇතුළු සමස්ත විද්‍යාවේ වේගවත්ම පිම්ම ලෙස සැලකෙන රෝදය සොයාගත්තේ (දැනට ඇති සාක්ෂි අනුව) මීට අවුරුදු 4000කට පමණ පෙර කුඹල්කරුවන් විසිනි. ඒ ජ්‍යාමිතික ව්‍යුහය සිරස් අතට රෝදයක් ලෙස යොදා ගත හැකි බව අවබෝධ කරගත්තේ ඊට‍ත් අවුරුදු 500 කට පමණ පසුවය. අතීතයේ දැනුම වර්ධනය වුයේ එලෙසය. එවන් අතීතයක බිහිවූ "විශ්වාසයක්" "විද්‍යාවක්" වන්නේ කෙලෙසද?

යම්කිසි විෂයයක් විද්‍යාවක් වන්නේ ක්‍රමානුකුලව ගොඩනැගෙන දැනුමක් මානව ශිෂ්ටාචාරයට (හෝ සමස්ත ලෝකයට) යම් ප්‍රයෝජ්‍යතා මෙවලම් බිහිවීම තුලින් හෝ විධික්‍රමයක් හෝ දැනුම් පද්ධතියක් ලෙස ස්ථාපිත වීමෙන් හෝ එසේත් නැත්නම් විවිධ අයුරින් තහවුරු වී විවිධ අදියරයන් වෙත වර්ධනය වෙමින් තවදුරටත් එය පරීක්ෂණයන් තුලින් නිරවුල් වූ පසුවයි.

ආලෝක ශක්තිය යනු කුමක්ද එහි තරංගමය ස්වභාවය, තරංග ආයාමය, එහි අඩංගු ශක්තිය, එම ගුණාංග මනිනු ලබන උපකරණ-මෙවලම්, ආලෝක ශක්තිය වෙනත් ශක්ති ස්වභාවයකට පරිවර්තනය කරන්නේ කෙසේද යන්න මෙන්ම එම ශක්තියෙන් වැඩ ගන්නේ කෙසේද යන්න ඊට‍ අදාළ විද්‍යාව තුල ඉදිරිපත් කොට ඇත; ගණනය කිරීමට අදාළ සූත්‍ර ගොඩනගා ඇත. ඡ්‍යෝතිෂය විශ්වාසය තහවුරු කිරීමට එලෙස න්‍යායික පදනමක් නොමැති අතර තාරකා විද්‍යාවේ වර්ධනයත් සමගම සිදුවුයේ වඩාත් නිරවුල්ව ඡ්‍යෝතිෂය මිත්‍යාවක් වන ආකාරය විද්‍යාත්මකව තහවුරු වීමයි.

විශ්වයේ විශාලත්වය තාරකා භෞතික විද්‍යාව තුලින් අවබෝධ වීමත් සමගම එක් එක් තාරකා සහ වෙනත් වස්තූන් හා පද්ධතීන් කෙතරම් ඈතින් පිහිටන්නේ ද ඒවා කෙතරම් වේගයන්ගෙන් චලනය වන්නේද යන දැනුම අපට ලැබුණි. කිලෝමීටර් පහළොස් කෝටියක්‌ දුරින් තිබෙන අපේ (තරුව වන) සූර්යයාගේ ආලෝකය අප කරා ඒමට විනාඩි අට හමාරක් පමණ ගතවේ. අපට ආසන්නයේම ඇති ඊළඟ තරුව වන ප්‍රොක්සිමා සෙන්චුරි නම් තරුවේ ආලෝකය අප වෙත ලඟාවීමට අවුරුදු 4 මාස 3ක පමණ කාලයක් ගතවේ. එය එතරම් දුරකින් පිහිටා ඇත. [ආලෝක තරංග වල වේගය තත්පරයකට කිලෝමීටර් ලක්ෂ තුනක් පමණවේ.] එයින් අදහස් වන්නේ මේ මොහොතේ එම තරුව මියගිය ද මේ මොහොතේ නිකුත්වූ ආලෝකය අප කරා ලඟා වන්නට තව වසර 4 මාස 3ක් ගතවන බවයි. මේ මොහොතේ අපි ප්‍රොක්සිමා සෙන්චුරි නම් තරුව දකිනවා යන්නෙන් අදහස් වන්නේ මීට වසර 4 මාස 3කට පෙර එයින් නිකුත්වූ ආලෝකය අප වෙත පැමිණ ඇති බවයි.

මේ මොහොතේ එම තරුව විනාශ වුවද තව වසර 4 මාස 3ක් ගතවන තුරුම එම තරුව අපට දිස්වනු ඇත. ඈත තිබෙන සමහර තරු වලින් නිකුත්වන ආලෝකය අප කරා ලඟාවීමට වසර ගණනක් (සමහරවිට වසර දහස් ගණනක්) ගතවේ. ඒ කාලය තුල එම වස්තූන් අපට පෙනෙන පිහිටුමට වඩා වෙනත් පිහිටුමක් කරා ගමන්කොට ඇත. මක්නිසාද විශ්වයේ සෑම වස්තුවක්ම චලිතයන් ගණනාවක නියැලෙන බැවිනි. උදාහණයක් වශයෙන් පෘථිවිය තමා වටා භ්‍රමණය වන අතර සූර්යයා වටාද පරිභ්‍රමණයක නියැලෙයි. සූර්යයා ද ඔහු අයත්වන මන්දාකිණිය තුළ අනවරත චලිතයක නියැලෙයි. එනම් අපේ පෘථිවිය ඇතුළු ග්‍රහ මණ්ඩලය ද රැගෙන සූර්යයා ඒ ගමනේ නියැලෙයි. මන්දාකිණිය ද, මන්දාකිණි පොකුරක් තුළ තවත් චලිතයක නියැලෙන නිසා අපේ පෘථිවිය එකී චලිතයන්හි ද නියැලෙනු ඇත. ඊට අමතරව විශ්වය ප්‍රසාරණය වේ. එයද තවත් "චලිතයකි". මෙලෙස මේ ග්‍රහ තාරකා හා පද්ධති චලිතයන් ගණනාවක නියැලෙයි.

මේ අනුව සමහර රාශි වල අපට පෙනෙන තරුවක් පිහිටියේ ආලෝක වර්ෂ දහසකට වඩා ඈතින් විය හැකිය. එනම් ඒ තරු අපට පෙනෙනවා යන්නෙන් අදහස් වන්නේ මීට‍ අවුරුදු දහසකටත් පෙරාතුව නිකුත්වූ ආලෝකය "දැන්" අප දකිනවා යන්නය. පෙනෙන දේ එම වස්තුවේ සැබෑ පිහිටීම නොවන වග මේ අනුව තේරුම්ගත යුතුය. එනිසා පියවි ඇසට පෙනෙන තරු හා පෙනෙන අනෙකුත් වස්තූන් ඒවායේ ඇත්ත පිහිටුම් නොවන වග අවබෝධ කර දීමට මීටත් වඩා කරුණු දැක්වීමක් අවශ්‍ය නොවේ.

ආලෝකය නිකුත්වූ මොහොත හා එම ආලෝකය (මෙම විශාල දුර තරණය කොට) අප කරා ලඟා වීමට ගතවන කාලය තුළ එම වස්තුව චලිතයක නියැලෙන බැවින් නියත ලෙසම අපට පෙනෙන පිහිටුමට වඩා වෙනස් පිහිටුමක් කරා ගොස් ඇත. එනිසා ව්‍යාජ පිහිටුමක් මත සකස්වූ ඡ්‍යෝතිෂය විශ්වාසය, නූතන තාරකා විද්‍යාව විසින් අහෝසි වන ආකාරය අධ්‍යයනය කිරීම කදිම බුද්ධිමය අභ්‍යාසයකි.

එනිසා ඡ්‍යෝතිෂය යනු ගණිතයක් හෝ ශාස්ත්‍රයක් නොවේ. එය ශාස්ත්‍රයක් යැයි පවසන අයෙකු ඒ ශාස්ත්‍රය න්‍යායිකව හා සූත්‍ර ආශ්‍රයෙන් පෙන්විය යුතුය. එම "ශාස්ත්‍රය" පදනම්කොට ගෙන මෙවලම් තැනිය යුතු වෙයි; විද්‍යාවක් තවත් විද්‍යාවන් හා අනුකලනය වන ආකාරයට ඡ්‍යෝතිෂය අනෙක් විද්‍යාවන් හා අනුකලනය වන ආකාරය පෙන්විය හැකිවිය යුතුය. භෞතික විද්‍යා නියමයන් පෘථිවියේ දී මෙන්ම චන්ද්‍රයා මතදී ද වලංගු වෙයි; වෙනත් ග්‍රහලෝකයකදී ද වලංගු වෙයි. හැකිනම් ඡ්‍යෝතිෂය චන්ද්‍රයා මතුපිටදී වලංගු වන ආකාරය පෙන්වා දෙන ලෙස ලංකාවේ සිටින ඡ්‍යෝතිෂ විශාරදයින්ට අභියෝග කිරීමට කැමැත්තෙමි. ‘පෙනෙන අහස’ මුලික පදනම වූ ආචීර්ණ කල්පික විශ්වාසයක්, නූතන තාරකා විද්‍යාවෙන් ණයට ගත් දේවල් වලින්වත් ගොඩගන්නට නොහැකි වග තාරකා විද්‍යාවේ මූලික දැනුම ඇසුරු කල අයෙකුට පවා ප්‍රත්‍යක්ෂ වනු ඇත.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Astrology, Astronomy, Superstitious Beliefs, Science, Celestial Object, Sun, Earth, Moon, Stars, Solar System Planets
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තාරක වරාපිටියගෙන් තවත් වියමන්
අදහස්
To Sir, With Love!
වෙසෙස්
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
අදහස්
විද්‍යාවේ සියවසක පිම්ම!
අදහස්
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
අදහස්
සිංහලයා වඳ වෙමින් යනවද?
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
BoondiLets
නෙල්සන් මැන්ඩෙලා කියයි.
සමේ පැහැය නිසා හෝ පසුබිම නිසා හෝ ඇදහිල්ල අනුව හෝ අනෙකා කෙරෙහි වූ වෛරයකින් කිසිවෙකු උපදින්නේ නැත. මිනිසුන් වෛරකිරීමට උගත යුතුය. එසේ වෛර කරන්නට ඉගෙන... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook