Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතන්දර බූන්දි
චිත්‍ර ප්‍රදර්ශනය
බූන්දි, 17:15:48
පොඩි එවුන්ගෙ චිත්‍ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් ශාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි මේ සැරෙත් චිත්‍ර ටික ඔක්කොම ප්‍රදර්ශනේට තියනවා. පොඩි උන්ගේ සතුටනේ. ඔක්කොටම තෑගි දෙනව කිව්වම සෑහෙන්න උනන්දුවෙන් කට්ටිය චිත්‍ර ඇන්දා. බලමු මොනාද මේ සැරේ කියල. "අපි පංසල් යනවා" කවුද මේ....දිනිඳු උදාර... 3 වසර... ආ... පවුලම පන්සල් යනවා. ඈතින් චෛත්‍යය පේන්නෙ. පස්සෙන්ම දිනිඳුලගෙ බල්ලත් යනවා. දිනිදු අඳින ඕනම චිත්‍රයක කොහෙන් හරි මේ බල්ලත් ඉන්නවා. එක පාරක් දිනිඳු "බුදු වීම" ඇඳල තිබ්බ. සිදුහත් බෝසතාණෝ බුදුවෙන තැන පැත්තක දිනිඳුගෙ බල්ලත් ඉන්නව. එහෙම තමයි ඉතින් පොඩි උන්ගෙ ලෝකෙ.

මේ මොකද්ද? යුද්ධයක් වගේ. "හමුදාවෙ මාමලයි කොටි මාමලයි යුද්ධ කරපු හැටි". මොකක් යකෝ... කොටි මාමල...? මමත් ගුටි කනව මේ මාතෘකාව දැම්මොත්... කමක් නෑ "යුද්ධය" කියල මාතෘකාව නම් වෙනස් කරන්න බැරියැ. කවුද මේ ආටිස්ට්? පසන් තාරක... ආ පසන්ගෙ මාමා කෙනෙක් ඉන්නෙ හමුදාවෙනෙ. මිනිහට ටිකක් ආමි උණ... ඒකයි.

ඊළඟට චේතන ගෙ "රොකට් එක". රොකට් එක ඇතුලෙ චේතන ඉන්නවා. හිනා වෙවී. පොඩි එවුන්ගෙ ලෝකෙ මොන තරම් නිදහස් ද? හිතෙන දේ අඳිනවා. ඒත් මේකා මේ හැම එකේම ඇමෙරිකන් කොඩිය ගහන්නෙ මොකෝ. අපේ කොඩිය ඇඳපන්කො පුතේ.

මේ කවුද? හොල්මනක් ද? "මනමාලී". පබසරා දිලිනි ගෙ චිත්‍රෙ. නිකන් ලේ බීල වගේ. මඟුල් ඇඳුමත් හරි විච්චූර්ණයි. පොඩි එකී සෑහෙන්න මහන්සි වෙලා තියෙනව මඟුල් ඇඳුම අඳින්න. පාට පාට. ඒකිට හිතෙන හැටි නෙ. ලොකු උනාම බියුටි සැලෝන් එකක් වත් දාන්නෙ නැතෑ.

ඊළඟට "තාත්තා බැංකුවට යනවා". දෙව්මිණිගේ චිත්‍රෙ. තාත්තා කාර් එකේ වැඩට යනවා. දෙව්මිණී ගෙ ගෙදර අය සේරම "ටටා" කියනවා එළියෙ ඉඳන්. දරුවා හැඩතල සහ වස්තූන් හොඳට අඳුන ගෙන තියෙනවා. වර්ණ සංකලනයත් හොඳයි. තව දියුණු වෙන්න පුළුවන් දරුවෙක්.

මේ මොකද්ද? "නුග ගහ". සඳුන් තිසර. 4 වසර. පුදුමයි. මේ වයසෙ සාමාන්‍ය ළමයෙකුට වඩා සෑහෙන්න ඇඩ්වාන්ස්. බලමුකො නුග ගහේ තියෙන අපූරු හැඩ තල මතුකරගෙන තියෙන අපූරුව. පරිසරයෙන් නුග ගහ කැපිල පේන විදිහට වර්ණ පාචිචි කරල තියෙන හැටි. අපූරුයි දරුවෝ...! මට ඉතින් ඕන තරම් කාලයක් පොඩි එවුන්ගෙ චිත්‍ර එක්ක ගත කරන්න පුලුවන්. හරිම අව්‍යාජ ලෝකයක් තියෙන්නෙ. තව චිත්‍ර මිටියක් ම තියෙනවා බලන්න.

බලමු මේකත්. "අපේ චිත්‍ර සර්".... මෙන්න මාව ඇඳල. අපොයි මගේ හැටි!. හෙන බඩක් දාල. මට ටයි එකකුත් දාල. කවුද මේක ඇන්දේ?... තත්සරණි පෙරේරා... අපොයි දුවේ මං මෙච්චර කැතද? පොල්මුඩ්ඩක් වගේ රැවුලකුත් තියෙනවා. ප්‍රදර්ශනෙන් පස්සෙ මේක මං තියා ගන්නවා.

මේ මොකද්ද? වෙස්සන්තර කතාවෙ ජාලිය ක්‍රිෂ්ණජිනා දන් දීමද? නෑ. "තාත්තා අම්මට ගහනවා. මල්ලීයි මායි අඬනවා".... අපොයි... කවුද මේ දරුවා?... දිළිණි අප්සරා... 3 වසර..... මගේ පිට දිගේ හීන් දාඩියක් මතුවෙනවා වගේ. මේ යකෙක් වගේ ඇඳල තියෙන්නෙ තාත්තාද? අම්ම බිම වැටීගෙන ඔලුව අල්ලගෙන ඉන්නව. දිළිණියි මල්ලියි මේ පැත්තක අඬනවා. පුටු පෙරළිලා. වලං පිඟන් බිම වැටිලා. මං හීනයක් දකිනවද? නෑ මේ මගේ අතේ තියෙන්නෙ චිත්‍රෙ. අපොයි දෙය්යනේ මේ චිත්‍රෙ මගේ අතට ආවෙ ඇයි? මොකටද මට මෙහෙම ප්‍රදර්ශනයක් තියන්න හිතුනෙ? මගෙ ඔලුව කැරකෙනවා වගේ. මෙච්චර වෙලා මට තිබ්බ සතුට කොහේද? පපුවෙ මහා බරක් දැනෙනවා. එක්කෝ දිළිණිගෙ චිත්‍රෙ අයින් කරනවා. ඒත් එහෙම හොඳද? නෑ. චිත්‍රෙට සායම් හැලුනා කියනවා. කියල වෙන එකක් ඇඳල දෙන්න කියනවා. ඒත් කෙල්ල මේකම ඇන්දොත්.. නෑ. එහෙම වෙන එකක් නෑ. කෙල්ල වෙන මොනව හරි අඳියි. ඔව් එහෙමවත් කරනවා. මට යාන්තම් හුස්මක් වැටෙනවා වගේ. මේ චිත්‍රෙ මං පරිස්සම් කරල තියා ගන්නවා.

"තාත්තා අම්මාට ගහනවා. මල්ලියි මායි අඬනවා". දිළිණි අප්සරා. 3 වසර.
සිත්තම- Eileen
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sinhala Ketikatha, Sri Lankan Short Stories
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
අනුෂ්ක තිලකරත්නගෙන් තවත් වියමන්
කවි
මායිම් ගම්මානයේ ටීචර්
කවි
හිම කුමරිය මිය ගිහිල්ල
කවි
හිතේ තියෙන ගඟ
කවි
පුංචි ගිනිකූරු වෙළෙන්දිය
කවි
අන්තිම නවාතැන
තවත් කතන්දර බූන්දි
සැප්තැම්බරයේ දවසක්
සෙන්ටෙනියල් දෝණි
විරාම ලකුණු
වනවාසි සහ ලෝකවාසී
නිල් සුළිය
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook