Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
දහමට බියෙන් සයුරට පනින මියන්මාර රොහින්ගානුවෝ
බූන්දි, 18:05:43
ලොව වඩාත්ම හිංසනයට පත්වන ජන වර්ගයක් ලෙස ලැයිස්තුගත වන (එක්සත් ජාතීන්ගේ සංවිධාන වාර්තාව, 2013) මියන්මාර‍යේ රොහින්ගා මුස්ලිම් ජනයා දස දහස් ගණනින් මේ වන විට බංග්ලාදේශය, තායිලන්තය, ඉන්දුනීසියාව ආදී රටවලට පලා යමින් සිටින්නේ ජීවිතය බේරා ගැනීමේ අරමුණිනි. කුඩා දරුවන් පවා කපා කොටා දමමින්, හිස ගසා දමමින්, දැරියන් සහ කාන්තාවන් සමූහ දූෂණයන්ට ලක්කරමින් මේ නිරායුධ ජන වර්ගයට එරෙහිව ක්‍රියාත්මක වන්නේ මියන්මාරයේ බින් ලාඩන් ලෙස තමන්වම හදුන්වා ගන්නා කුප්‍රකට අශීන් විරතු හෙවත් මුස්ලිම් ජනයාට එරෙහි බෞද්ධ ව්‍යාපාරයේ නායක භික්ෂුවගේ සියලු ක්‍රියාකාරී මැදිහත්වීම් සහිත රාජ්‍ය ත්‍රස්තවාදයයි. මිලිටරි හමුදා විසින් සිදුකරන විනාශය සම්බන්ධයෙන් මුණිවත් රකින අවුං සාං සුකී නායකත්වය මේ මොහොතේ ලොව ඉදිරිපිට දැඩිව අභියෝගයට ලක් වන්නේ මිලියනයකට අධික රොහින්ගා ජනතාව ජීවත් වන රහයින් පළාතේ එම හමුදා විසින් ඇති කරන අමානුෂික භීෂණය හේතුවෙනි. පසුගිය දින කිහිපය තුළ මරා දමනු ලැබූ රොහින්ගා ජාතිකයින් ගණන සියයකට ආසන්නය. පසුගිය දින දහය තුළ කුසගින්නෙන් සහ අධිකතර පීඩාවන් විදිමින් බංග්ලාදේශය බලා පලාගිය ගණන 87,000 ඉක්මවයි. නාසි හමුදා විසින් යුදෙව්වන් ඝාතනය කරමින් කරන්නට උත්සාහ කළ ජන ශුද්ධිකරණයට (ethnic cleansing) සමාන අදහසක් දරමින් මියන්මාරය විසින් ඊළඟට එළඹෙන්නේ සමූල ඝාතනයකට බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ආසියානු කලාපයට සහ ලෝක දේශපාලනික බලවතුන්ට අනතුරු අඟවමින් සිටියි.

රොහින්ගාවරු

රොහින්ගා නැතහොත් ඇරකන් ඉන්දියානුවන් ලෙස හැඳින්වෙන මේ ඉන්දු-ආර්ය ජනවර්ගය මියන්මාරයේ රහයින් පළාතේ වසන්නේ පරම්පරා ගණනක් තිස්සේ රටක් අහිමි අනාථයින් ලෙසය. මිලියන 1.3 ක් වන මේ ජනතාව සමන්විත වන්නේ බහුතර මුස්ලිම්වරුන්ගෙන් සහ සුළුතරයක් වන හින්දුන්ගෙනි. ඉන්දියානු උපමහාද්වීපයේ සිට මියන්මාරයට (මීට පෙර බුරුමය ලෙස හැඳින්විණ.) ජනයා සංක්‍රමණය වීම සියවස් ගණනාවක් තිස්සේ සිදුවූවකි. මේ වන විට බංග්ලාදේශය සහ ඉන්දියානු රජයට අයත් බටහිර බෙංගාලය අතර බෙදී ඇති ඓතිහාසික බෙංගාලි කලාපය සහ මින් පෙර ඇරකන් ලෙස හැදින්වූ රහයින් පළාත සමග ඓතිහාසික හා සංස්කෘතික සම්බන්ධතා තිබේ. බෙංගාලි බස කතා කරන පදිංචිකරුවන් පිළිබඳව ඇරකන් පළාතෙන් වාර්තා වන්නේ දාහත් වන සියවසේ සිටය. රොහින්ගා බස බෙංගාලි උප බසක් වන චිතගොං බසට නෑකම් කියයි. එක්දහස් හත්සිය අනූ ගණන්වල බ්‍රිතාන්‍ය පාලන සමයේදී පවා මෙම ජනවර්ගය රූයිංගා නමින් ලේඛනගත කොට තිබුණ ද බුරුම ජාතිකවාදීන් මෙම මූලාශ්‍ර ප්‍රතික්ෂේප කරයි. ඉන්දියාවේ සිට බුරුමය වෙත සිදුවූ ජනසංක්‍රමණය වැඩි වූයේ බුරුමය බ්‍රිතාන්‍ය පාලනය යටතේ තිබියදී ය. ඇරකන් පළාතේ ජනගහණය විශාල බ්‍රිතාන්‍ය ඉන්දියානු ප්‍රතිශතයකින් සමන්විත වූ අතර ඔවුහු කෘෂිකර්මාන්තයේ සහ වෙළදාමෙහි නියැළුණහ. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඇරකන් පළාතේ දෙවැනි විශාලතම ජනගහණය වූයේ ඉන්දියානු මුස්ලිම් ජනගහණයයි.

රොහින්ගාවරුන්ට අනුව ඔවුන් බටහිර මියන්මාරයේ දිගුකාලීන පදිංචිකරුවන් වන අතර තම ජනගහණය පූර්ව යටත්විජිත මෙන්ම, යටත්විජිත වැසියන්ගෙන් ද සමන්විත ය. නමුත් මියන්මාර රජයට අනුව ඔවුන් බංග්ලාදේශයෙන් පැමිණි නීත්‍යානුකූල නොවන සංක්‍රමණිකයන් ය.


මියන්රමාර රජයට එරෙහි විරෝධතා (ඡායාරූපය-independent.co.uk)

රොහින්ගාවරුන්ගේ වත්මන් ඛේදවාචකය

සියවස් ගණනාවක් තිස්සේ මියන්මාරයේ ජීවත් වුවද මෙම ජන කොට්ඨාසයට පුරවැසිභාවය ලබා දීම මියන්මාර රජය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරයි. 1982 බුරුම පුරවැසි නීතිය යටතේ මෙම තීරණය නීතිගත එකක් බවට පත්වුනේ 1823 පසු සංක්‍රමණය වූ සියලු රොහින්ගාවරුන් හට පුරවැසි අයිතිය ලබා ගැනීමේ අවස්ථාව අහිමි කරමිනි. ඔවුන්ට රාජ්‍ය අධ්‍යාපනය ද කැමති තැනක ජීවත් වීමේ සහ රාජ්‍ය සේවයේ නියැලීමේ අයිතිය ද අහිමි ය. එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවෙකු වන යැංහී ලී ට අනුව රජයට සහ අඩ මිලියනයක් වන බෞද්ධ භික්ෂු බලවේගයට අවැසි සම්පූර්ණයෙන් ම රොහින්ගා ජනයාගෙන් තොර 'පිරිසිදු' මියන්මාරයකි.

ඉතිහාසය පුරා සිදුව ඇති වෙන්කොට සැලකීම් සහ ඔවුන්ට එරෙහිව සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා එක්හදහස් නවසිය හැත්තෑ ගණන්වල අග භාගයේදී තීව්‍ර වීමත් සමග පලා යෑම ඇරඹිණි. ගතවුණ වසර පණහ පුරා එසේ පලා ගිය මිලියනයක පමණ ජනතාවක් සරණාගතයින් ලෙස බංග්ලාදේශය, සවුදි අරාබිය, පාකිස්ථානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දියාව, ඇමරිකාව වැනි රටවල ජීවත් වෙයි. බුරුම ජාතිකවාදයේ සහ ථෙරවාදී බෞද්ධ බලපෑමෙන් යුක්තව එක්දහස් නවසිය අනූවේ සිට දෙ‍දහස් එකොළහ දක්වා රට පාලනය කළ බුරුම ජුන්ටාව විසින් සුළුතරයක් වන රොහින්ගාවරුන් සේම චීන කෝකන් සහ පැන්තේ ජන කණ්ඩායම්වලට ද දරුණු ප්‍රහාරයන් එල්ල කරන ලදි. ඉන් පසුව පත්වූ රජයන් විසින් එවැනි ක්‍රියා තහනම් කළද 2012 වසරේදී උතුරු සහ දකුණු රහයින් ප්‍රදේශවල විසූ රොහින්ගානුවන් සහ බර්මානුවන් අතර ඇතිවූ ගැටුම්වලින් දෙපාර්ශවයට ම හානි සිදුවිය. ඉන් අනතුරුව 2015 දී සිදුවූ පහරදීම් මත මෑත කාලීනව මියන්මාරයේ ඉතිරිව සිටින මිලියනයකට අධික ඉතිරි රොහින්ගාවරුන් ද ජීවිත අවදානම නොතකා සිරියානු සරණාගතයින් මෙන් බෝට්ටුවලින් මුහුදු මාර්ගයෙන් පලා යමින් සිටින්නේ දිනෙන් දින උත්සන්න වෙමින් පවතින භීෂණය මරණීය තත්ත්වයක් දක්වා ළඟා වී ඇති බැවිනි. ආසියානු රටවල සරණාගත ප්‍රතිපත්ති හේතුවෙන් වන ප්‍රතික්ෂේප කිරීම්, අනතුරුදායක මුහුදු ගමන ඇතුළත සිදුවන මරණ, සංක්‍රමණික ක්‍රියාවලිය තුළ සිදුවන රැවටීම් සහ පැහැර ගැනීම, වහල් සේවයේ යෙදවීම මෙන්ම ස්ත්‍රී දුෂණ ද ජීවිතය පිණිස කරන මෙම පලායාම ඔවුන්ට තවත් අසීරු කරමින් තිබෙයි.

අන්තවාදී මිථ්‍යාවන්වලින් වසන යථාර්ථය

මියන්මාරය තුළ භීෂණය ක්‍රියාත්මක වන්නේ හුදෙක් මුස්ලිම්වරුනට එරෙහිව නොවේ. රොහින්ගා ජනවර්ගයට සහ කුඩා චීන ජන කණ්ඩායම්වලට එරෙහිව ය. පුරවැසි බව ලත් රොහින්ගා නොවන මුස්ලිම්වරුන්ට මෙතරම් ප්‍රබල තර්ජන නැත. රොහින්ගාවරුන්ගෙන් බහුතරය මුස්ලිම් වීම යන්න මුස්ලිම්වරුන්ට එරෙහි ජන සංහාරයක් ලෙස වැරදි ලෙස අර්ථකථනය කරමින් ජාතිවාදී ගැටළුවක් ලෙස විග්‍රහ කිරීම අන්තවාදී මුස්ලිම් සේම බෞද්ධ බලවේගවල ද කූඨ දේශපාලනික වුවමනාවක් මිස අන් යමක් නොවේ. රහයින් භූමිය පිළිබඳ ගැටළුවක්ව ඔඩු දුවන මේ සියවස් ගණනක් පැරණි තුවාලය පීඩිත ජනවාර්ගික ගැටළුවක් මිස ජාතිවාදී යමක් නොවන බව වටහා ගත යුතු අතර ලොව පුරා තැන් තැන්වල සිදුවන අන්තවාදී ISIS හෝ තලෙයිබාන් ක්‍රියාවන් ට පිළිතුරක් ලෙස පීඩිත රොහින්ගා ජන කොටස සමූල ඝාතනය කිරීමේ සැලසුම සාධාරණිකරණය කිරීම මනුෂ්‍යත්වයට මෙන් ම අවිහිසංවාදය විශ්වාස කරන බෞද්ධ දර්ශනයට ද පටහැණි ය.

සුළු ජනවර්ගයක් පීඩනයට ලක්කොට අයිතිවාසිකම් අහිමි කිරීම සඳහා ජාතිවාදයේ (Racism) රුදුරු මැජික් යෂ්ටිය යොදා ගැනීම ලංකාවට ද අලුත් දෙයක් නොවේ. පසුගිය දශක පහක් තිස්සේ උතුරු නැගෙනහිර දෙමළ ජනයාට අත් වූ ඉරණම ද දෙමළ වතු කම්කරුවන්ට සියවස් පුරා පුරවැසි අයිතිය අහිමි වූයේ ද අදටත් ඔවුන් සමාජ ගෞරවය අහිමි පිරිසක් ලෙස ජීවත් වන්නේ ද ඒ ජනවාර්ගික (Ethnic) ගැටළුවේ ප්‍රතිඵලයක් ලෙසිනි. සවුදියේ වහාබ් නීතිය ලංකාවේ ක්‍රියාත්මක කිරීමට ලංකාවේ සුළුතර මුස්ලිම් කණ්ඩායමක් උත්සාහ දැරීම මෙන්ම ISIS ක්‍රියාකාරකම්වලට පක්ෂ වීම ද බහුතර ශ්‍රී ලාංකේය මුස්ලිම්වරුන් එරෙහි බව අපට නො පෙනෙන්නේ ද මෙම උපක්‍රමශීලී අර්ථ ගැන්වීම් හේතුවෙනි. අශීන් විරතුගේ ප්‍රචණ්ඩ බුද්ධාගම මෙන් ම ඥානසාරලා සහ ඩෑන් ප්‍රිසාද්ලාගේ මැර බුද්ධාගම ද අප ප්‍රතික්ෂේප කළ යුත්තේ ඒවා මියන්මාරය තුළ නිර්මාණය කරන ලද දේශපාලනික මිථ්‍යාවන් සේම භයානක ප්‍රතිඵල ගෙන දිය හැකි බැවිනි. ජනවර්ගය මත, ආගම, කුලය මත, ජීවත් වන ප්‍රදේශය මත හෝ ආවේ බෝට්ටුවෙන් ද නැවෙන් ද යන්න මත මිනිස් කුලකයක් පීඩාවට පත් කිරීමට හෝ මරා දැමීමට අනෙක් මිනිස් කණ්ඩායම්වලට හැකිවන්නේ නම් සියලු ආගම්වල සාරය රැගත් බවට බහුතරය විශ්වාස කරන මිනිස් ශිෂ්ටාචාරය පිළිබද අපේ විග්‍රහයන් ප්‍රශ්න කෙරෙන බව අප අමතක නොකළ යුතුය.


(ඡායාරූපය -rfa.org)

රොහින්ගානු සංක්‍රමණික ගැටළුව සහ ලෝකය

කලාපයීය වශයෙන් ආසියනු රටවල් අතර සහසම්බන්ධිත හෝ නිශ්චිත ක්‍රමවේදයක් පෙනෙන්නට නැති අතර ඒ සඳහා ඒ රටවල ඇති නීතිමය රාමු ද ප්‍රමාණවත් ඒවා නොවේ. ඉන්දුනීසියාව, මියන්මාරය, තායිලන්තය සහ මැලේසියාව වැනි ආසියනු රටවල් සරණාගතයින් පිළිබඳ වන එක්සත් ජාතීන්ගේ ගිවිසුමට තවමත් එකඟතාව දක්වා නැතිකම තවත් ගැටළුවක් වන්නේ අදාළ මැදිහත් කිරීම් සඳහා එය බාධාවක් වන බැවිනි. නමුත් එය මේ වෙනුවෙන් ක්‍රියාකාරී වීමට සම්පූර්ණ බාධාවක් නොවන බව පෙනී යන්නේ දේශපාලනික වශයෙන් ඇති වුවමනාව ඇතැම් රටවල් කෙරෙන් දැකිය හැකි වන බැවිනි. බංග්ලාදේශය මේ වන විටත් ලක්ෂ පහක රොහින්ගානු ජනතාවකට රැකවරණය දෙමින් සිටියි. අන්තර්ජාතික සංවිධාන ද අමෙරිකානු එක්සත් ජනපදය ද මියන්මාර රජයට බලපෑම් කරමින් සිටින්නේ මේ සුළුතර ජන කොටස කෙරෙහි ඇතිකරන මරණීය පීඩාව ඉවත් කරගන්නා ලෙසට ය. දේශපාලනික විශ්ලේෂකයින් පවසන්නේ මේ පිළිබඳ මුළු වරද මියන්මාර රජයට පටවමින් නොසිට ගෝලීය සහ කලාපයීය වශයෙන් ක්‍රියාත්මක හැකි යථාර්තවාදී වැඩපිලිවෙලකට යා යුතු බවයි.


බෝට්ටුවලින් පලායන රොහින්ගානුවෝ (ඡායාරූපය-abc.net.au)

රොහින්ගානු ජන කොටසගේ අයිතීන් සුරක්ෂිත කරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ට සහ මියන්මාර රජයට බලපෑම් කරන පෙත්සම අත්සන් කිරීම සඳහා මෙතනින් පිවිසෙන්න.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Rohingya Muslim Crisis in Myanmar’s Rakhine state, Buddhist Terrorism in Myanmar, Aung San Suu Kyi, Talibans, United Nations, Ashin Wirathu, Bodu Bala Sena, Rohingya Migrants , Bangaledsh , Indoo Aryans , British Colony , Arakan state , Racism
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගෙන් තවත් වියමන්
වෙසෙස්
සීමිත ලොවකට අසීමිත කවි තබා ගිය දිලිසෙන පියවර, සමර
කවි
විස්මය
කවි
ඔබ නැවතුණ තැන
කවි
ගිළිහෙන ස්මෘතිය, එනම් රික්තයක මතකය
කවි
අප්සරා
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
ක්‍රිස් හෙජස් කියයි.
අප දැන් සිටින්නේ වෛද්‍යවරුන් විසින් සෞඛ්‍යය වනසන, නීතිවේදීන් විසින් සාධාරණය වනසන, විශ්වවිද්‍යාල විසින් දැනුම වනසන, ආණ්ඩු විසින් නිදහස වනසන, මාධ්‍ය විසින් තොරතුරු වනසන, ආගම විසින්... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook