Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ඉස්ලාම් හොල්මන් අවතාර ගැන කවදාවත් අසා තිබෙනවාද?
බූන්දි, 17:25:52
ඉස්ලාම් ආගම ලෝකයේ බොහෝ වාද විවාද වලට ලක්වන්නකි. ඒ එහි දැක්වෙන දේශපාලනික, ආර්ථික සහ සංස්කෘතික කරුණු පදනම් කර ගනිමිනි. ලොව පුරා ආගමික ව්‍යාප්තවාදය, අන්තවාදය සහ මූලධර්මවාදය ඉස්ලාම් දහම සමඟ සෘජුව බැඳී ඇතැයි ලොව බොහෝ දෙනෙක් සිතති. එහි එක්තරා ප්‍රායෝගික සත්‍යයක් තිබේ. එහෙත් එහි ඉස්ලාමීය ආගම හා සම්බන්ධ කිසිදු දාර්ශනික වැදගත් කමක් නැත. ඉස්ලාම් දහමෙහි එන ඇතැම් ඉගැන්වීම් වලට ලබා දී ඇති පසුකාලීන අර්ථ නිරූපණ මුල්කොට එසේ ඉස්ලාම් ව්‍යාප්තවාදය, මූලධර්මවාදය ලොව පුරා පැතිර යන බව මැදහත් නිරීක්ෂකයන්ගේ මෙන්ම මධ්‍යස්ථ ඉස්ලාම් භක්තිකයන්ගේ ද පොදු පිළිගැනීමය.

එහෙත් ලොව බොහෝ ආගම් අතර ඇතැම් කරුණු යථාර්ථවාදී ලෙසින් ප්‍රකාශ වීම අතින් ඉස්ලාම් දහමට විශේෂ තැනක් හිමිවන බව අප අවිවාදයෙන් පිළිගත යුතුය.

යක්ෂයන්, ප්‍රේතයන්, ‍භූතයන්, පිසාචයන්, කුම්භාණ්ඩයන්, කුම්බරයන් ආදී වශයෙන් හඳුන්වන අමනුෂ්‍ය කොටස් පිළිබඳ විශ්වාසය මූලික ඉස්ලාම් දහමින් ඉඳුරාම ප්‍රතික්ෂේප වන බව බොහෝ දෙනෙක් නොදනිති.

ඒ අනුව ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් විශ්වාස කරන හොල්මන් අවතාර පිළිබඳව විශ්වාස කිරීමට ඉස්ලාම් භක්තිකයන්ට කිසිදු ආගමික අවසරයක් නැත.

මරණයට පත් වන විටත් නින්දට යන විටත් එම ප්‍රාණයන් අල්ලාහ් විසින් අත්කරගනු ලබන බව කුරානයේ (39:42) පැහැදිළිවම සඳහන් වෙයි. ඒ අනුව අල්ලාහ් ගේ එම පරම අයිතිය පිළිගන්නා සෑම ඉස්ලාම් ආගමිකයෙකුම නින්දට යාමට පෙර මෙසේ දෙවියන් යැදිය යුතුය.

"මාගේ ස්වාමීනි ඔබගේ පරිශුද්ධ වූ නාමයෙන් මම නැවත පිබිදෙමි. එහෙත් නින්දේ දී ඔබ මගේ ප්‍රාණය අත්පත් කර ගන්නේ නම් එයට කරුණාව දක්වනු මැනවි. ඔබ එය ආපසු භාර දෙන්නේ නම් ඔබගේ යහපත් වහලුන් මෙන් මගේ ප්‍රාණය ද ආරක්ෂා කර දෙනු මැනවි."

ඉහත සඳහන් යැදුම අනුව සෑම මුස්ලිම්වරයකුම මරණයෙන් පසු නියත වශයෙන්ම දෙවියන්ගේ භාරයට පත්වේ. ඒ අනුව ජීවිතය සහ මරණය වෙන් කරන දිව්‍යමය තිරයක් ඔවුන් ඉදිරියේ නිර්මාණය වේ. ඉස්ලාම් දහමෙහි එම තිරය හැඳින්වෙන්නේ "බර්සක්" යනුවෙනි. කුරානයෙහි (55:19-20) ජීවත්වන්නවුන් සහ මළවුන් අතර ඇති මෙම දිව්‍යමය තිරය පිළිබඳව සඳහන් වෙයි.

මරණයත් සමඟම දෙවියන් විසින් මෙම තිරයෙන් වෙන් කරනු ලබන කිසිවෙකුටත් කවර ආකාරයකින් හෝ යළි කිසිදු අයුරකින් ජීවත්වන්නවුන්ගේ ලෝකයට පැමිණිය නොහැක.

ඒ පිළිබඳව ඉස්ලාමීය ආගමික ග්‍රන්ථවල සඳහන් වන රසවත් පුවතක් මෙලෙසිනි.

මරණයෙන් පසු භූමදාන වන තැනැත්තා වෙත කළු සහ නිල් පැහැති දෙනෙත් වලින් යුත් දේව දූතයෝ දෙදෙනෙක් පැමිණෙති. ඉන් එක් අයෙක් ‘මුන්කර්’ නමින්ද අනෙකා ‘නකීර්’ නමින් ද හැඳින්වෙති. මේ දෙදෙනා මියගිය තැනැත්තාගෙන් දේව විශ්වාසය (ඊමාන්) පිළිබඳව විමසීමක් කරති. එහිදී දේව විශ්වාසය සේම ඒ තැනැත්තා ගත කළ සදාචාරාත්මක ජීවිතය පිළිබඳවද විමසීමක් කරනු ලැබේ. එහිදී මියගිය තැනැත්තාගෙන් සාර්ථක ලෙස පිළිතුරු ලද හොත් ඔහුගේ සොහොන (පරලොව ජීවිතය) එම දේවදූතයෝ ආලෝකමත් කරති. ඉන් සතුටට පත්වන මියගිය තැනැත්තා මෙම තොරතුරු මගේ පවුලේ අයට කියා නැවත එන්නදැයි එම දේවදූතයන්ගෙන් ප්‍රශ්න කරයි. ඉන්පසු ඔවුන් මියගිය තැනැත්තාට දැනුම් දෙනුයේ මිය ගිය කිසිවෙකුත් අවසාන විනිශ්චය හෙවත් ‘කියාමත් දිනය’ වන තුරු නැඟිටීමට අල්ලාගෙන් කිසිදු අවසරයක් නොමැති බවය. එබැවින් ‘කියාමත් දිනයේ’ අල්ලා පැමිණ නැඟිටුවන තෙක් අලුත් මනමාලයෙක් මෙන් එම සොහොනේ නිදා ගන්නැයි මිය ගිය තැනැත්තාට දන්වන ඔවුහු ආපසු යති.

නමුදු මිය ගිය තැනැත්තා දුෂ්ඨ ජීවිතයක් ගත කළ තැනැත්තෙකු (මුනාෆික්) නම් මෙම සුරදූතයන්ගේ ප්‍රශ්න වලට සාර්ථක ලෙස පිළිතුරු දීමට ඔහුට නොහැකි වෙයි. එවිට එම සුර දූතයන් ඔබ ජීවත් වන කාලයේදීත් දෙවියන් විශ්වාස නොකළ අයෙකු බව අපි දනිමු යැයි කියා ඔහුගේ ඇට කටු කුඩු වන තුරු සොහොන (පර‍ළොව ජීවිතය) තුළ ඔහු තදකොට තබන බව ඉස්ලාමීය දහමෙහි සඳහන් වෙයි.

ලොව සෙසු බොහෝ ආගම් වල දේවත්වයට පත් වන මිනිසුන් පිළිබඳව සඳහන් වෙයි. 'සාන්තු වරුන්' යනු ද මෙසේ දේවාරෝපණයට පත් මිනිස්සුය. ඉස්ලාම් දහමෙහි මෙවන් ශ්‍රේෂ්ඨ මිනිසුන් හඳුන්වනුයේ නබි වරු යනුවෙනි. ඔවුනට පමණක් දෙවන වන ‘ෂහීඩ්’ නමැති ශ්‍රේෂ්ඨ මිනිස්සු ද වෙති. මෙම නබි වරුන් අතර ප්‍රමුඛයා ‘මොහොමඩ් නබි’ (සල්) තුමන්ය.

දෙවියන් වෙනුවෙන් කැප වූ එතුමන් වුව මරණයෙන් ‘උත්ථානය’ වූ බව පිළිගැනීම ඉස්ලාම් දහමට ඉඳුරාම පටහැනිය. ඔවුන් පවසනුයේ මොහොමඩ් නබි තුමන්ටවත් මරණයෙන් පිබිදීමට නොහැකි වී නම් සෙසු නබිවරුන්, ෂහීඩ් වරුන් ඇතුළු සාමාන්‍ය මිනිසුන් දෙවියන් යක්ෂයන්, භූතයන් නැතහොත් හොල්මන් අවතාර ලෙස යළි මිනිසුන් හමුවේ පෙනී සිටින්නේ ‘කෙසේද’ යන්නය.

ඒ අනුව ආගමික විශ්වාසයක් ලෙසින් හෝ මියගිය පුද්ගලයකු මුල්කොට හොල්මන් අවතාර පැන නැගිය හැකිය යන ලොවපුරා පවතින පොදු විශ්වාසයට පටහැනි යථාර්ථවාදී දහමක් සේ ඉස්ලාමය හඳුනාගැනීමේ කිසිදු වරදක් නැත.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Superstition, Irrational belief, Ghosts, Quran, Islam, Allah, Muhammad, Prophets, Shahids
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තිලක් සේනාසිංහ ගෙන් තවත් වියමන්
වෙසෙස්
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වෙසෙස්
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
වෙසෙස්
ආරියසේන යූ ගමගේ- සොඳුරු මතක ඉතිරි කොට නික්ම ගිය වෛද්‍යවරයා
වෙසෙස්
තොවිල් වලදී යකුන් පලා යන විට ගස් අතු කඩා වැටෙන හැටි!
වෙසෙස්
භූතයෙක්, යකැදුරෙක් සහ සත්‍ය කතාවක්
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
Castro says...
Fight against the impossible and win.

[Luchar contra lo imposible y vencer.]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook