Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ආණ්ඩුවේ සමකාමී-සංක්‍රාන්ති ලිංගික භීතිකාවට එරෙහිව පෙත්සමක්..
සමකාමීත්වය ලංකාවේ ව්‍යස්ථාපිත නීතියට අනුව ඇතුලත් (365 වගන්තිය) අපරාධ වරදකි. සම ලිංගිකයන්ගේ හා සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතීන් නීති ගත කරන ලෙස යුරෝපා සංගමය විසින් ලංකා රජයට යෝජනා කිරීමෙන් අනතුරුව ජනවාරි 17 වන දින රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කර සිටියේ යුරෝපා සංගමය විසින් ලබාදෙන GSP තීරු බදු සහනය නැවත ලබා ගැනීම සදහා වූ නිර්දේශ ඇතුලත් මූලෝපාය සැලැස්මෙන් සමකාමී අයිතීන් තහවුරු කිරීම ඇතුලු 'සංස්කෘතියට නොගැලපෙන්නා' වූ යෝජනා කිහිපයක් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කළ බවයි. අදාල යෝජනාවලට කැබිනට් මණ්ඩලයේ දැඩි විරෝධය පළ වූ බව ද මාධ්‍ය විසින් වාර්තා කරන ලදි.

මිනිස් නිදහස සහ සමාන අයිතිවාසිකම් විශ්වාස කරන පුද්ගලයින් ලෙස රජයේ මේ ස්ථාවරයට විරුද්ධ වෙමින් සමකාමී- සංක්‍රාන්ති ලිංගික සුළුතරය කොන් කිරීම සහ ඔවුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නවත්වන ලෙස රජයට බල කරමින් මේ වන විට අන්තර්ජාල පෙත්සමක් අත්සන් කෙරමින් පවතී. එම පෙත්සමට අත්සන් කොට විවිධ හේතූන් මුල්කොට ගෙන සුළුතර ප්‍රජාවන් හට සිදු කරන සියලුම අකාරයේ වෙනස් කොට සැලකීම්වලට විරුද්ධ වන ලෙස ඉල්ලා සිටිමු.

පෙත්සම අත්සන් කිරීමට මෙම සබැඳියවෙන් පිවිසෙන්න.

පෙත්සමේ සිංහල හා දමිළ පරිවර්තන වෙත සබැඳියාවන් පෙත්සම් පිටුවේ ඉහළින්ම සඳහන් කොට ඇත.

පෙත්සම අත්සන් කිරීමෙන් ඔබ විසින් ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ පහත කාරණාවන් ය. (සාරාංශය)-

1. ජාතික මානව හිමික්ම් ක්‍රියාකාරී සැලසුම හරහා සමකාමී - සංක්‍රාන්ති ලිංගික (LGBT) ප්‍රජාව මුහුණ පාන ප්‍රචණ්ඩත්වය සහ පහත් කොට සැළකීම් වැළැක්වීමට සහතික කිරීම

2. දණ්ඩ නීති සංග්‍රහයේ 365 (අ) වගන්තිය ඉවත් කිරීම (මේ වගන්තියෙන් නිදන කාමරයක හෝ හෝටල් කාමරයක පවා සිදු කෙරෙන ලිංගික ක්‍රියාවක් 'බරපතල අශෝභන ක්‍රියාවක්' ලෙස අර්ථ දක්වා යමෙකුව අත් අඩංගුවට ගැනීමේ බලය පොලිසියට ලබා දී ඇත.)

3. පාදඩ ආඥා පණත ඉවත් කිරීම (මෙම බ්‍රිතාන්‍ය නීතිය අදටත් වරප්‍රසාද නැති ලාංකිකයන්ට එරෙහිව පොලිස් හිංසනය ක්‍රියාත්මක කිරීමට යොදා ගනු ලැබේ, එනම් වීථි කාන්තාවන්, යාචකයන් හා සමකාමී - සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන් පමණක් නොව වෙරලේ පෙම් කරන අහිංසක තරුණ තරුණියන්ව අත් අඩංගුවට ගැනීමටද යොදා ගනු ලබයි).

4. ව්‍යවස්ථා සංශෝධනයකින් සමකාමී- සංක්‍රාන්ති ලිංගික (LGBT) කොන් කිරීම මුලිනුපුටා දැමීම.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Human Rights, Petition to Sri Lankan Government on LGBTIQ rights, Sri Lankan Law, Public Opinion, GSP Plus
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
මයිකල් මුවර් කියයි.
ධනවාදය, අප විශ්වාස කරන සාධාරණත්වය, තෝරාගැනීමේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය බඳු සියළු දේවලට එරෙහිය. එය ඇත්තේ, ධනවතුන් රැකීමටත් බඩජහරිකම නීත්‍යානුකූල කොට පවත්වා ගැනීමටත් ය. කෑදරකම අපගේ ආර්ථික... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook