Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!
බූන්දි, 17:14:11
‘අම්මා අන්තරා වුණා භූමදානේ හෙට‘

ටැලිග‍්‍රෑම් එක ආවේ දැන්. මැරුණේ ඊයේ. නැත්නම් අද. මං හරියට දන්නේ නෑ. දැන ගත්තත් ඇති වැඩක් නෑ. ඇල්බෙයා කැමූගේ ‘පිටස්තරයා' නවකතාව ආරම්භ වෙන්නේ එහෙම ය. ජීවිතයේ නේක විද ‘සැරිසැරීම්‘ අතරේ මර්සෝට අම්මා මඟ හැරෙන හැටි ‘පිටස්තරයා‘ ආරම්භ කරමින් කැමූ පැහැදිලි කරයි. ජීවිතයේ කායික පක්ෂය පමණක් සලකා ජීවත් වෙන, සම්ප‍්‍රදායික මාතෘ පේ‍්‍රමය නොතේරෙන මිනිසෙකුගේ ‘අසම්මත‘ ජීවිතය ඉතා සියුම්ව‘පිටස්තරයා‘ තුළින් එළි බසී.

‘මෙය අවසන් නොවන ඉරිදාවක්-දැන් අම්මා භූමදානය කරලත් ඉවරයි. දැන් ආයේ වැඩ පටන් ගන්න ඕන. කොටින්ම කියනවා නම් වෙනස් වුණු කිසි දෙයක් නෑ.‘

මර්සෝ විටෙක එහෙම සිතයි. ‘පිටස්තරයා‘ කියවූවොත් දැනෙන්නේ ජීවිතය මොනතරම් ‘සාහසික අත්හැරීමක්ද‘ කියා ය. මේ හැඟීම් විරහිත ජීවන සොභාව ඔබ විමතියටත්, තිගැස්මටත් පත් කරනවාට සැක නැත. ‘මිනිසෙකුට එහෙම කළ හැකිද?‘ සත්තකින්ම නොහැකිය...!

එහෙත් සෙනෙහසේ භාෂාව නොදන්නා, ආදරයේ ලතෙත් බව ඈතින් තැබූ මිනිසෙකුගෙන් එහෙම වීම අරුමයක් නොවේ. පිටස්තරයා කියවා හමාර වෙත්දී හදවත ගල් ගැසී අන්දුන්කුංදුන් වී යන්නේ අපේ ජීවිත තවදුරටත් ආදරය සෙනෙහස හා බැඳීම් අතිශය ආලවන්ත බවකින් ‘රක්ෂා' කරන නිසා ය.

ජීවිත ‘රස්තියාදුවේ‘ කෙළවරක් නොවන ‘සැරිසැරීම්‘ අතරේ ‘අහිමිවීම්‘ සේම ‘මඟහැරීම්ද‘ ඉන් ඔබ්බට ‘අත්හැරීම්‘ ද ‘අමුතු‘ දේ නොවේ. ඇතැම් විට ඔරලෝසු කටුවටත් හොරා බොහෝ දේ සිදුව තිබේ.

අතිශය දයාබර බැඳිම් වලට සමු ගැනීමේ තිත තබන මොහොතේදී සිදුවන ‘වේදනාබර හේතු පාඨ‘ මා සේම ඔබත් අසා ඇතිවාට සැක නැත. බැඳීම් හා සෙනෙහෙවන්තකම් නඩත්තු කරමින් හිඳිනා වකවානුවේ තිබූ ‘ආශ්වාදනීය හැඟීම්‘ ඊට හමාර බණවර කියන දා වියරු සුළි සුළඟට හසු වූවා සේය. අතිශය කෘතිම ලීලාවකින් ඒකී මොහොතට මුහුණ දීමට සිදුවීම කෙතරම් අභාග්‍යයක් ද?

වෙරළු ගැට කිහිපයක් සේම අයිස් සරුවත් බීම වීදුරුවක් පවා ජීවිතය කෙතරම් ආශ්වාදනීය මතක බවට පත් කරනවාද?

‘සුගත්ට' මේ තරම් අතීතය මතකදැයි ඇයට සිතුණේය. ඔහුට පමණක් නොව ඇයටත් ඒ සියල්ල මතකය. ටක්ෂොප් එක ළඟදී කස ඇට දැමූ අයිස් සරුවත් බොන්නට තමා ආසා කරන බව, ඈ අනුලා හා පේමවතී ද ඉස්සරහා පිට දී කීවාය. එදා සුගත් හැඳ සිටියේ නිල් ඉරි කමිසයක් බව ඇයට තවමත් මතක ය.

ගොළු හදවතේ තැනක එහෙම සටහනක් එයි. අමතක කළ නොහැකි 'මතක' ජීවිතය රිදවන බවත්, විටින් විට පහුරු ගාන බවත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එකී සොඳුරු කරදරය විඳිනු රිසින් හුදකලාවේ ‘ඉඩකඩ‘ හොයන බවත් ඇත්තය.

‘සියලූම දෙනාට මේ ලෝකය තුළ තමන්ගේ කියා එවරස්ට් කන්දක් නැඟීමට තිබේ‘ කියා කියමනක් තිබේ.

කාටත් නොදැනෙන්නට හෝ දැනෙන්නට අපි සිටින්නේ එකී එවරස්ට් කන්ද නඟිමිනි.

ඇල්බෙයා කැමූ වරක් කියන්නේ මෙවැන්නකි. ‘දවසක මම මැරෙයි. ඒත් මං මැරෙන්නේ ආශ්වාස ප‍්‍රාශ්වාස විතරක් කරමින් ජීවත් වෙලා නෙවෙයි. ඇඬෙන තරමට ජීවත් වුණාට පස්සේ.'

හැම උත්සාහයක්ම වැය කරලා, හැම වචනයක්ම කතා කරලා හැම වචනයක්ම ලියලා, හැම සටනක්ම කරලා, හැම අවදානමක්ම අරගෙන ඉවර වෙලා, මගේ කකුල් දෙක උඩ හිට ගෙන, මට හදන්න පුළුවන් හැමදේම හදලා, ඔබත් එක්ක හිනාවෙන්න පුලූවන් උපරිම හිනා වෙලා, අඬන්න පුලූවන් උපරිම අඬලා, පුළුවන් උපරිමේට ආදරේ කරලා දවසක මං මැරෙයි.

එතකල් මං ඔබත් එක්ක ජීවත් වෙනවා.

රත්න ශ‍්‍රී ගේ "සුබ උදෑසන" කෘතියේ හමාර කවිය ජීවිතයේ ‘සමුගැනීම‘ ගැන ‘ආයුබෝවන්‘ යනුවෙන් සටහන් තබා තිබේ. එය මට කටපාඩම් ය.

තුඩට අමිහිරි තිත්ත කළුවර
අපුල වී කෙළ ගසනා
කුරුල්ලන් ඝන අන්ධකාරෙට
ආයුබෝවන් කියනා
උදාගිර විළි පහරමින්
නව උදෑසන බිහි කරනා
ළහිරු බිළිඳුට හාදුවක් දෙන
මොහොත සිහිනෙන් දකිනා
මැරුණු කවිවල ලේ සුවඳ සිබ
සැඬ සුළං රළ හමනා
අකුරු ඇලපිලි පවා දිළිසී
වියරු රණ ගී ගයනා
සහෝදරයිනි අවසාන පැය
ළඟම එළඹෙනු පෙනෙනා
මහෝඝය තුඟු නාඹ තල් කඳ
සා ඉහළ පැන නැගෙනා
ඔබේ දෑතට පිපෙන මල් වල
සුවඳ නුදුරෙහි ඇසෙනා
අරුණු කෙඳි හසරැල් ගොතා ගෙන
ආයුබෝවන් කියනා....



-හුස්ම ගන්න අකුරු
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ranjith Samarakoon, Husma ganna Akuru, Albert Camus, The Stranger, L'Étranger, The Outsider, Pitastharaya
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රංජිත් කුමාර සමරකෝන්ගෙන් තවත් වියමන්
රත්තරං ටික
මතක පෙට්ටි සහ ගින්දර
තවත් රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
පළතුරු සහ චාරිත්‍රය
මිත්‍රත්වයේ ගිනිසිළුව
වරෙං වරෙං සුළංනේ- සුළං සුළං වරෙන්නේ
රිද්මයක් නැතිකම තමයි බවුල් වල රිද්මය. උමතුව.
BoondiLets
හරුකි මුරකාමි ලියයි.
මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook