Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
මතක පෙට්ටි සහ ගින්දර
බූන්දි, 18:34:36
‘පරණ බස් ටිකට් වලින් ආපහු බස් එකේ යන්න බෑ නේද?'
සංසුන් ඇමතුම ඇගෙනි.

‘බෑ ඇයි?‘
නොසන්සුන් උත්තරය මගෙනි.

‘පරණ ටොෆී කොල තියාගෙන හිටියා කියලා ඒවට කවුරුත් තෑගි දෙන්නේ නෑ නේද?‘
පෙරටත් වඩා සංසුන් ප‍්‍රශ්නය ඇගෙනි.

‘නෑ. නෑ ඇයි මේ?‘
පෙරටත් වඩා නොසන්සුන් විමසුම මගෙනි.

‘පරණ ටොෆි කොල, පරණ බස් ටිකට්, පරණ කෝච්චි ටිකට්, පිරිත් නූල්, පුස් බැඳුනු මල් පෙති ඒ විතරක් නෙවේ කර වෙච්ච වෙරළු ගෙඩි පවා තියෙන ඔයාගේ පෙට්ටියක් හම්බ වුණා. ඒකේ කූඹි පිරිලා. මොකද කරන්නේ. තියන්නද? වීසි කරන්නද?‘

මම නොදැනෙන්නට හිස් හුස්මක් පිට කළෙමි. තාවකාලික නවාතැනක් තනනු පිණිස ගොඩව, ඉක්මනින් මා කියවා හමාරව, නොනිමෙන අඟුරු කැට කිහිපයක් පපුවේ අහුමුලූ වල ඉතිරි කොට, නික්ම ගිය පැරණි පේ‍්‍රමයක ‘නටඹුන් මතක‘ ඈට හමු වී ඇත.
අතිශය සංසුන් ලීලාවෙන් ඈ අසන්නී ඊට කුමක් කරන්නේදැයි කියාය.

‘වීසි කරන්න... එක්කෝ ගිනි තියන්න. ඕක මගෙන් අහන්න ඕනද?‘
මම උත්තර දුන්නේ සභාවක් මැද විලිවසා ගන්නට වෑයම් කරන්නෙකු සේය. ජීවිතයේ ඇතැම් අවස්ථාවලදී හිටි අඩියේ දෙන උත්තර හිතට එකඟ ඒවා නොවේ. නමුත් ඒවා නොදී බැරිය.

‘ඔන්න එහෙනම් මම ඒකට ගිනි තියනවා‘
ඈ තින්දුව ප‍්‍රකාශ කළාය. ඈ ගිනි තැබූ මතක පෙට්ටිය නිල්, දුඹුරු, කලු දුම් සමඟ අළු වෙන්නට ඇත.

‘ආදරේ යනු යන්ට දීමය...
ආයේ ආවොත් ඉන්ට දීමය...‘

යනුවෙන් රසිකා ගුණවර්ධන ලියූ ‘හුස්ම ගන්න වචන‘ ටිකක් මට සිහිපත් විණි.

මන්දාරම් අහස හඬන්නට පටන් ගත්තේය. ඈ ‘මතක පෙට්ටිය‘ට භෞතිකව ගිනි තබා වසරකට පමණ අවෑමෙන් වරක් වෙනත් කටයුත්තකට අල්මාරිය අරිද්දී මම විමතියට පත් වීමී. ඈ එය ගිනි තබා අළු කොට තිබුණේ නැත.ඒ වෙනුවට ඕ එය පරිස්සමට තබා තිබිණි.

‘එයා ගියාට ඒවා ඔයාගේ මතකනේ‘
ඉතින් එහෙම කියන ඈ පුදුම ගැහැනියකි.

වසර කිහිපයකට පෙරාතුව එක්තරා මන්දාරම් හැන්දෑවක හුදකලාවේ නැරඹු 'සමනල සංධවනියේ' කෙලවර එන සටහනක් සිහිපත් වෙයි.
"සමහර දේවල් අමතක කරන්න ගිහින් වැදගත්ම දේත් මට අමතක වෙලා. තවත් අයට දෙන්න ආදරය ඉතුරු කරගන්න ඕන කියල මට අමතක වෙලා.එක්තරා දවසක මම ආදරයත්, ආදරය මාවත් මරාගෙන මැරුණා."
කෙතරම් නම් සත්‍යයක් ද?

ජීවිත ගෙවෙන්නේ අසීමාන්තික හඹා යෑම් සහ ලුහුබැඳීම් සමඟය. සම්පූර්ණ දේ පවා අසම්පූර්ණ සේ දැනීමත් එකී අසම්පූර්ණය පූරණය උදෙසා යත්න දැරීමත් ජීවිතයේ ලලාසාවය.

ප‍්‍රබන්ධගත කතාවක කෙටි සටහන මෙසේ තබමි.

‘එක්තරා අවදියක ගැහැනියත් පිරිමියාත් උන්නේ එකම ශරීරයේ එකටම ය. එකිනෙකාට පිටුපා දෙපස බලාගෙන එකම සිරුරක සිටි මේ ‘අමුතු සත්වයා‘ සියල්ල එකටම සිදු කර ගත්තේය. අවාසනාවට තමන්ගේ අනෙකා කිසිදාක දැක ගන්නට ඔවුන්ට හැකි වාතාවරණයක් තිබුණේ නැත. දෙවියන් දවසක් පුදුමාකාර තීන්දුවක් ගත්තේය. එක්තරා දිගු රාත‍්‍රියක සියල්ලෝම එකතැනකට කැඳ වූ දෙවියන් අන්ධකාරයේ නිදා ගන්නට ඔවුනට අණ කළහ. එළිවෙන කොට සිදුව තිබුණේ අරුමයකි. එකට සිටි සිරුරු වෙන්වී තිබිණි. චිරාත් කාලයක් තමාගේ අනෙක් කොටස සේ සිටි ‘අනෙක් අඩ‘ ඔවුන්ගෙන් අහිමි වී තිබිණි. සියල්ලෝම විලාප තබා හඬමින් තමාගේ ‘අනෙක් අඩ‘ සොයමින් මහා ජන සමූහයා පීරන්නට වූහ. කාලය දින සති මාස වසර සියවස් ආදී ලෙස ගෙවී ගියේය. තාමත් අපි අපේ අනෙකා සොයා යාම අත්හැර නැත. එදා සිටි අනෙකා අද හමු වන්නේද නැත. අඩුවැඩි වශයෙන් සමීප කම් අතරේ හමුවෙන කිසිවෙක් අනෙක් අඩ වන්නේ ද නැත. එහෙත් සොයන එකේ කෙලවරක්ද නැත.'

සිය ගානක් වූ චිත‍්‍රපට එකතුවේ හදවතේ ‘අපූරු කහට පැල්ලම්‘ ඉතිරි කරන ‘ඔපූ සංසාර්‘ සිනමා වියමන නැවත සිහිපත් වේ. අපේක්ෂා නොකළ සිදුවීම් දෙකක් හේතුවෙන් ජීවිතය සහමුලින් වෙනස් කර ගන්නා මිනිසෙකුගේ කතාව එහි වෙයි. ඔපූ ලේඛකයෙක් වන්නට පෙරුම් පුරන්නෙක්. එහෙත් කඩා වැටුණු ආර්ථික වටපිටාවක එක අතක සිහිනයත් අනෙක් අතේ ජීවිතයත් රැහෙන ‘රස්තියාදු‘ ගසන්නෙක්. පුලූ ඔහුගේ මිතුරා. පුලූගේ ඥාති සොයුරියගේ විවාහ උත්සවය සඳහා ඔපූට ආරාධනාව ලැබෙන්නේ ඒ හිතමිතුරුකම හේතුවෙන්.

ඈත කොලපාට ගම්මානයක පැවැති විවාහ මංගල්‍යය ඔපූගේ ජීවිතය තීරණාත්මක වෙනසකට ලක් කරන අයුරු අපූරුය. පූලූගේ ඥාති සොයුරිය විවාහ කර ගන්නට එන මනාලයාට මානසික රෝගයක්. පෝරුව මත විකාර නටන ඔහු නිසා මුලු මංගල්‍යම චේදවාචකයක්. නියමිත වෙලාවට විවාහය නොවුණොත් මනාලියගේ ජීවිතය ශාපයකට.

‘ඔපූට බැරිද අපර්ණා නංගිව බඳින්න?‘

යෝජනාව මිතුරාගෙන් ඔපූ ට. විමතියටත්, කෝපයටත් පත් වන ඔපූ අප‍්‍රමාණ කැළඹීමකට පත් වෙයි. එහෙත් අන්තිමට මින් පෙර කිසිදාක නොදැක සිටි යුවතිය විවාහ කරගන්නට තීන්දු කරන ඔපූ, ඔප්පු කරන්නේ ජීවිතයේ කොයි මොහොතක හෝ ‘පේ‍්‍රමණිය ඇක්සිඩන්ට්‘ සිදුවිය හැකි බවයි. කල්කටාවේ කුලී කාමරයේදී ඔහු ඈට මුල් වරට කතා කරන්නේ ඈ හා කතා බහ ආරම්භ කරන අතර සියුම් පේ‍්‍රමයේ ලදලූ ඇස් අරින්නට පටන් ගන්නේ ඒ ලා දුඹුරු පාට රාත‍්‍රියේදීයි. අනුරාගී හැඟීමකින් තොරව අතිශය සංයමයකින් ඒ තීරණාත්මක සෙනෙහස තිරයේ චිත‍්‍රනය වෙන හැටි!

අපර්ණා ගැබ් ගැනීම නිසා ඇයට තම දෙමාපියන් වෙත යෑමට සිදු වන අතර ඔහුට ලිපිකරුවකු ලෙස රැකියාවක් ලැබීම නිසා කල්කටා නගරයේ නතර වන්නට සිදු වෙයි. ආදරය පටන් ගනිද්දීම දෙදෙනා දෙපසක ය. දෙදනා අතර හුවමාරු වන ලිපි හරහා එකී පේ‍්‍රමය අතු ඉති ලා වැඩන අතර මේ හැඟීම් දෙදෙනාටම ‘සොඳුරු ආශ්වාදයක්‘ ගෙනේ.

නිතර නොදුටුවද දෙදෙනා දැන් පේ‍්‍රමයෙන් ආතුරව ගොසිනි.
හිටි ගමන් ඔපූට මිතුරාගෙන් පණිවිඩයක් ලැබේ.

‘දරු ප‍්‍රසූතියේදී අපර්ණා මැරුණා‘

ඇතැමුන් සිතන්නේ කතාව එතැනින් හමාර බවයි. නමුත් පපු කුහර රිදුම් දෙන, ආත්මය සොලවා දමන කතාව පටන් ගන්නේ එතැන් සිටයි. ජීවිතයේ වටිනාම සන්තකය අහිමි වූ කල ජීවිතය ද හමාරයැයි යමෙක් සිතන්නේ නම් ඊට වඩා මගහැර යා නොහැකි බැඳීම් අප වටා ඇති බව එතැන් සිට ඔප්පු වෙන්නට පටන් ගනී. අපර්ණා බිහි කළ දරුවා එකී බැඳීමෙහි නොබිදෙන පුරුක වෙයි. මානව බැඳීම් මොනතරම් අහඹුද? එසේම ශක්තිමත්ද යන්න සත්‍යජිත් රායි ‘ඔපූ සංසාර්‘ තුළින් ආත්මගත කරන අයුරු අරුම ය.


-හුස්ම ගන්න අකුරු
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ranjith Samarakoon, Husma ganna Akuru
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
රංජිත් කුමාර සමරකෝන්ගෙන් තවත් වියමන්
රත්තරං ටික
ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!
තවත් රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
පළතුරු සහ චාරිත්‍රය
මිත්‍රත්වයේ ගිනිසිළුව
වරෙං වරෙං සුළංනේ- සුළං සුළං වරෙන්නේ
රිද්මයක් නැතිකම තමයි බවුල් වල රිද්මය. උමතුව.
BoondiLets
ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook