Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
සිත්තර බූන්දි
සිබිල්ලන්තයේ විශ්මය හෙවත් වියපත් නොවන සිඟිත්තිය
බූන්දි, 18:13:50
ගස් වැල් සැදෙයි
ගැන්වී කැකුළු
මල් වාරයට පසු මල් වරයි

දැරියන් මිදෙයි
කෙලි ලොල් වියෙන්
අරුමැති ලෙසින්
උවැසියන් වී...

විය පත්ව යද්දී ලෝකයම
එක දැරිවියක් එතනම හිඳී
ජනේලය ළඟ වාඩිවී

අරුණළු නැගෙන විට
හාත්පස
රන් පාට පිනි මුතු අතුරලා
ඇය පින්සලේ හිරු කිරණ තවරා
උදෑසන සිතුවම් කළා

ජනේලය ළඟ නලා පිඹිනා
කොවුලෙකුගෙ හඬ ඇහිඳලා
දුක හිතෙන හීනෙක
සිඟිති දෙතොලක හිනාවක්
සිතුවම් කළා

විය පත්ව යන විට ලෝකයම
එක දැරිවියක් එතනම හිඳී
ජනේලෙන් ලොව දෙස බලා

හැන්දෑව එන විට
අහස් වියනට
දම් පාට බෝඩරයක් දමා
සිඟිත්තියකගෙ ගවුම් පොඩියක්
රුවට එම්බ්‍රොයිඩර් කළා

කිසිම දවසක හිනා නොවෙනා
මාළුවෙක් ගැන දුක හිතී
මාළු මූණට හරිම පුදුමයි
හිනාවක් පැලඳුව හැටී

කවරදාවත් මූණ අත හැර
රවුළ ගමනක් ගියෙ නැතී
ඒත් රවුළක් ඇවිද ගිය හැටි
සිඟිත්තන් දන්නා හැටී

කැලේ ඉන්නා රිලා හාමිලා
කුඩ ඉහල ගෙන ගියෙ නැති
ඒත් රිලවුන් කුඩ හොරුන් බව
නොදත් ළමයෙක් නැති හැටී

වියපත්ව යන විට ලෝකයම
දැරිවියක් වියපත් නොවී
අනූ හැවිරිදි සිඟිත්තෙකු ලෙස
ලෝකයක් දකිනා හැටී


අපි හැමෝම අපේ සිඟිති වියට පෙම් බඳින්නෙමු. එහෙත් කෙතෙක් ආදරය කළ ද අපිට අපේ සිඟිති වියෙහි නතර වන්නට නොහැක. කාලය පැමිණ අපේ අතින් අල්ලාගෙන අපිව යොවුන් වියට ද, අනතුරුව මැදිවිය දිගේ මහළු වියට ද රැගෙන යන්නේය. අපට සිදුවන්නේ කාලයට කීකරුව ඔහේ බලාසිටීමටයි.

මේ කාලයට අභියෝග කළ එක් කාන්තාවක පිළිබඳව මා දනිමි. කාලය ඇය හමුවේ පරාජය බාර ගෙන මුළු ගැන්වී කරබා ගත්තේ මුළු ලොවටම පෙනෙන්නටය. අනූවියැතිමුත් ඇයව මහළුවියට තබා මැදිවියටවත් කැඳවා ගැනීමට කාලය අසමත්ව සිටී. ඇය තවමත් සමනලුන්, තුන්ඉරි අප්පුලා, කුකුල් හාමිලා, සමඟ පමණක් නොව ඉර, හඳ, තරු පිරිවරා ගත් සොබා දහම සමඟ නොනවතින සංවදයක යෙදෙමින් ඒ අපූර්වත්වය පින්සලෙන් පෑනෙන් ප්‍රතිනිර්මානය කර ළමුන් වෙත පිරි නමන්නේය.

අද අපේ රටේ සිරිත නම් හැකි ඉක්මනින් ළමාවියට සමුදෙන ලෙස ළමයින්ට බලකිරීමයි. මන්ද යත් ඔවුන්ට අතිශයින්ම තරඟකාරී ලොකු ලොකු විභාග සමත්වීමට සිදුවී ඇති බැවිනි. මේ නිසා ලාංකීය දරු දැරියන්ගේ ළමා කාලය අතිශයින්ම කෙටි වී කප්පාදුවට ලක්වී ඇත. අනාගතයට මුහුණ දීම සඳහා මනස සැකසෙන පදනම වැටෙන හොඳම කාලය නිරෝගී ළමාවියක් හිමි වීමයි. අප බොහෝ පැති වලින් අසමත් ජාතියක් වී ඇත්තේ මේ පදනම හරිහැටි වැටී නැති නිසා බව මනාව පැහැදිලිය. බොහෝවිට ළමා කාලය අහිමි කර ඔවුන් අධ්‍යාපන ඉලක්ක කරා මෙහෙයවා ඒවා සපුරාගත් වෘත්තිකයන් දෙස බැලූ විට මේ ශෝචනීය තත්ත්වය මනාව පැහැදිලි වේ. ඔවුන් දෙලොවටම නැති කිසිම සෞන්දර්යාත්මක වින්දනයක් නැති මුදල් පසු පස හඹායන යන්ත්‍ර බවට ලඝු වී ඇත.



ජාතියක් විදියට මේ කෙරුවාව ගැන හොඳම උදාහරණය වන්නේ සිබිල් වෙත්තසිංහ මැතිණිය පිළිබඳ කතාවයි. ලෝකයේ හොඳම රටවල් ඒ රටවල දරුවන් සඳහා ඇගෙන් වැඩ ගනිද්දී අප කර ඇත්තේ කුමක්ද? එවන් අතිශය ජාත්‍යන්තර කීර්තියට පත් ළමා කතා නිර්මාණකාරියක් නොතකා හැරීමය. මේ පිළිබඳව ඇයට දොස් නැගීමට කිසිවෙකුට හෝ නොහැක. මක්නිසාද යත් ඇය ලෝකයේ කිසිදු ළමා සාහිත්‍යවේදියෙකුට නොදෙවෙනුව ඇගේ ජාතික වගකීම ඉටු කර ඇති බැවිනි. වරෙක ඇයගේ 'කුඩ හොරා' නම් ළමා චිත්‍ර කතාව ජපානයේ ජනප්‍රියම ළමා කතාව ලෙස ජපන් දරුවන්ගේ ඡන්දයෙන් තේරී පත්විය. ඔවුන් ඊට සමගාමීව ජපානයේ 1986 වසර "Year of Umbrella Thief" ලෙස නම් කළහ. එරට මේ වන විට එහි හතළිස් වැනි මුද්‍රණයද නිකුත් වී හමාරය. කිජෝ ළමා චිත්‍ර කතන්දර පොත් ගම්මානය (Kijo Picture book village) ඇගේ එම කතාවේ මුල් පිටපත ජපානයට ගෙන ගිය අතර එය මිලියන ගණන් ළමුන්ගේ සම්භාවනාවට පත්වී ඇත. ලංකාවේ ළමුන් සඳහා කටයුතු කරන විවිධ අමාත්‍යාංශ දෙපාර්මේන්තු තිබේ. පූර්ව ළමා සංවර්ධනය පිළිබඳව විවිධ වැඩමුළු පැවැත්වේ. එවා තුල විවිධ කතිකයන් විදේශීය විද්වතුන්ගේ ළමුන් පිළිබඳව අර්ථ දැක්වීම්, අධ්‍යයන වාර්තා පිළිබඳ ගිරවුන් මෙන් කියවනු දක්නට ලැබේ. ඔවුහු සිබිල් වෙත්තසිංහ නම් ගැමි කාන්තාව ළමුන් උදෙසා දැල්වූ නොනිමෙන පහන දෙස හැරී නොබලති.

සිබිල් වෙත්තසිංහ උපදින්නේ 1928 දී දකුණු ලංකාවේ ගාල්ලට නුදුරු ගිංතොට ප්‍රදේශයෙය. ගිංතොට ගැමි පරිසරයේ ගෙවූ ඇගේ ළමා කාලය හා පාසල් විය පිළිබඳව මිහිරි මතකය කවදාකවත් ඇය හැර ගියේ නැත. ඇය දුටුවේ ඒ පරිසරයේ ඇති සෑම දෙයකම වූ සජීවී භාවයයි. සතුන්ගේ ගහකොළ වල හා ළමුන්ගේ සිතුවිලි වල තිබූ සමාන කමයි.

වැලිගම උපන් ඇගේ මව මැහුම් ගෙතුම් අපූරුවට කල කලාකාමී කාන්තාවක වූවාය.

"අපේ ළමාවියේදී ලෝකය අදට වඩා වෙනස්. ඒක ලස්සන, හරිම කදිම නැවුම් ලෝකයක්. ඒ කාලෙ අපේ ගමේ මිනිස්සුන්ගෙ සාමූහික හැඟීම, එකිනෙකා කෙරෙහි දැක්වූ ආදර සැලකිල්ල අදටත් මගෙ හිතේ පිරිලා තියෙනවා. ඒ ළමා කාලය සම්පූර්ණයෙන්ම ළමයටයි අයිති වුණේ. කවුරුවත් ඒක ළමයාගෙන් උදුරා ගත්තෙ නෑ."

ඇගේ ප්‍රීතියෙන් දිලිසෙන දෑස ඇගේ ළමා සාහිත්‍ය පිටුපස වූ නොසිඳෙන උල්පත පිළිබඳව සහතිකයයි.

"මගෙ හොඳම යෙහෙළිය වුණේ මගෙ ආච්චි අම්මා තමයි. ඇය නාන්න මාව ගඟට එක්ක ගියා. ගමේ ඇවිදින්න එක්ක ගියා. ඒත් ඒ සුන්දර කාළෙ ඉක්මනට ගෙවිලා ගියා. අවුරුදු හතේදි අම්ම මාව කොළඹ බම්බලපිටියෙ කොන්වන්ට් එකට බාර දුන්නා. කොන්වන්ට් එකේදි සිංහල කතා බෑ. මට ඉංග්‍රීසි කතාවත් බෑ. ඉතිං මම නිශ්ශබ්දව පොත් කියවන්න පටන් ගත්තා."

ඇගේ සීයා දක්ෂ මූර්ති ශිල්පීයෙකු වූ අතර ඇය එම මූර්ති සිතුවමට නැගීමට පුරුදු වී සිටියාය. මේ අපූරු චිත්‍ර දුටු සීයා ඒවා ඇගේ ගුරුතුමියට පෙන්වන ලෙස එවකට දොලොස් වියැති සිබිල්ව දිරි ගැන්වූවේය. වඳින්න ගිය දේවාලය සිබිල්ගේ හිස මත කඩා වැටුණේය. උඩුකය නිරුවත් මූර්තියක සිතුවම දුටු කොන්වන්ට් එකේ ප්‍රධාන මව් තුමිය ඇයට චිත්‍ර ඇඳීම තහනම් කළාය.

"ඒත් මම පරාජය බාර ගත්තෙ නැහැ. චිත්‍ර ඇඳීම නැවැත්තුවෙ නැහැ. මම සුගතපාල මහත්තයගෙ ළමා පොතකට චිත්‍ර ඇන්දෙ ඔය කාලෙදි. මේ පොත දුටු මාටින් වික්‍රමසිංහ මහත්තයා සිබිල්ට චිත්‍ර අංශෙන් හොඳ අනාගතයක් ඇත කියා අම්මා එක්ක පැවසුවා. මාටින් වික්‍රමසිංහ ට විශාල ගරුත්වයක් තිබුණු අම්මා එදා තමයි මම චිත්‍ර අඳිනවට කැමති වුණේ. ඊට පස්සෙ මම පත්තර ගණනාවකට සම්බන්ධ වෙලා විත්‍ර සහ කතා නිර්මාණය කළ. චීනය ඩෙන්මාර්කය, කොරියාව, බ්‍රිතාන්‍ය, නෝර්වේ වැනි රටවල් ගනනාවක මගෙ පොත් කියවන සිඟිත්තන් සිටිනවා."

නුගේගොඩ, ඩලස් මාවතේ ජනාකීර්ණ පෙදෙසක දිවි ගෙවූවත් ඇගේ නිවස අවට තුරු වදුලින් සමන්විතය. ඇගේ චිත්‍ර කාමරය අල්පේච්ඡ ගුනයෙන් යුතුය. එහි ඇත්තේ ගෘහ භාණ්ඩ ස්වල්පයක් පමණි. ජනේලය අසල පුටුවේ වාඩිවී ඇය තවමත් දවල් කාලය පුරා ළමා කතා ලියන්නීය. ඒවාට ගැලපෙන සිතුවම් නිමවන්නීය. විවිධ පළතුරු හා ධාන්‍ය වර්ග වලින් සංග්‍රහ ලබන ලෙහෙනුන් ද කුරුල්ලන් ද ඇගේ පාළු මැකීමට විවිධ හඬින් කතා කරති. ඒ හඬ ඔස්සේ ඇය කාලය දිගේ ඇගේ ළමාවියට පා තබයි. එහි ආශ්චර්යය ලෝකය පුරා සිටින සුවහසක් ළමුන්ගේ දෝතට පිරිනමයි.
සේයාරුව- nation.lk
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sybil Wettasinghe, Sri Lankan Author and Illustrator, Children's Books, Kids Books, Kuda Hora, Duwana Rawula
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ජයන්ත කහටපිටියගෙන් තවත් වියමන්
Cine
කෘතියෙන් වියුක්තව සංකේත කියවීම තුල "අසම්පුර්ණව පල දෙන කර්ම"
තවත් සිත්තර බූන්දි
ගුවෙර්නිකා යථාර්ථය!
"දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක
"මම අඳින්නෙ මිනිස් හැඟීම්"- හෂිනි චන්ද්‍රසිරි
"දිව-ලොප්" ජාතියක් ඇතිවෙලා...!- චන්ද්‍රගුප්ත තේනුවර
Form and Deform- Reality- පේන හැටි | මැයි 11-12-13
BoondiLets
ඇල්ෆ්‍රඩ් හිච්කොක් කියයි.
සිනමා පටයක "දිග" යනු, මිනිස් මුත්‍රාශයේ දරා සිටීමේ හැකියාව සමග සෘජු ලෙස සම්බන්ධ කොට සැලකිය යුත්තකි!
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook