Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කතා-බස් කරන්ට්ස්
ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නොවෙයි...!- වී.අයි.එස්. ජයපාලන්
බූන්දි, 01:34:11
පසුගියදා ලන්ඩන් නගරයේ එක්තරා ස්ථානයකට ලංකාවේ මිනිසුන් පිරිසක් එකතු වෙනවා. මේ එකතු වීමට නිමිත්ත වන්නේ කවියෙක්. ලංකාවේ රාජ්‍යයෙන් පිටමං කල කවියෙක්. වී.අයි.එස්. ජෙයපාලන්..! ඔහුගේ අවි වගේ කවි යුධ සමයේ විමුක්තිකාමින්ට දිරවාගන්නට බැරි වෙනවා. ඔහු ජාතිවාදීන් ඉදිරියේ ත්‍රස්තවාදියෙක් වෙනවා. යහපාලකයන් ඉදිරියේ තවමත් බ්ලැක්-ලිස්ට් වී රටෙන් පිටමං වී ඉන්නට සිද්ධ වෙනවා. ලේ වැගිරුණු යුද්ධයකින් අනතුරුව විශ්වාසය තුවාල කරගෙන සිටින දූපතේ ජාතීන් දෙකක් අතර පාලමක් තැනීමේ සිහින දකින මේ අපුරු කවියා සමග බූන්දිය වෙනුවෙන් සරද සමරසිංහ කළ කතාබහකි මේ.

මේ හමුව ගැන ඔබේ අදහස කුමක්ද?

ලංකාවේ සිංහල ප්‍රජාව සමග සංවාදයක යෙදෙන්නට ලැබීම ඇත්තෙන්ම හරිම විශේෂ කාරණයක්. එය අද දවසේ අවශ්‍යතාවයක්. මගේ පොත් කිහිපයක් සිංහල භාෂාවට පරිවර්තනය කොට එළිදැක්වීමේ උත්සවයට සහභාගිවිමට සිටියත් ලංකාවේ රාජ්‍යය විසින් එය වැලක්වූවා. ජාතික සංහිඳියාව ගැන, ජාතික සමගිය ගැන ටොන් ගණන් කයිවාරු ගහන රටක ආණ්ඩුවක් මේවගේ ක්‍රියාවලියක ඇති වැදගත්කම අවබෝධ කරගෙන ඉන්නවද කියන එක සැකයි.

ජාතික සංහිඳියාව ගොඩනැගීමට කලාවෙන් ලැබෙන තල්ලුව ගැන රාජ්‍යයට අදහසක් නෑ. 'සාමිනාදන් විමල්' වගේ සංවේදී මිනිස්සුන්ගේ හුදකලා කැපකිරීම් නිසා මේ වගේ පරිවර්තන වලට උර දුන්නාට රාජ්‍යයක් විදිහට බලධාරීන් මොනවාද කරලා තියෙන්නේ? පරිවර්තන ක්‍රියාවලිය සදහා ආයතනයක් හෝ වැඩපිළිවෙලක් තිබෙනවාද? රටේ බුද්ධිමතුන් කියල හඳුන්වන පිරිසෙන් කිසිවෙකු හෝ අඩුම ගානේ මේ ගැන කථාකරලා තියනවාද?

ඔබ මේ ගැන බලධාරීන්ට කියලා තිබෙනවාද?

මා බොහෝ දේවල් කියලා තියනවා. මේ ආණ්ඩුව ආපු ගමන්ම කීවා. කිසියම් හෝ යුද්ධයකට පසුව රටක ජාතීන් අතර සංහිඳියාවක් ඇතිකරන්න ලෝකයේ රටවල් ක්‍රියාත්මක කරන ලද ක්‍රමවේද තියනවා. ඒ තමයි යුද්ධය නිසා සිරගත වූ සිරකරුවන් නිදහස් කිරීම, රට අතහැරයෑමට සිදුවූ පුද්ගලයන්ට ආපසු රටට ඒමට අවශ්‍ය වාතාවරණය සැකසීම වගේ සංවේදී කාරණා. රජය ඉතා අවාසනාවන්ත ලෙස මේ අවස්ථා මගහැරගනිමින් සිටිනවා.

ජාතික සංහිඳියාව ඇතිකරනවා කියන්නේ පිටරටක කවුරුහරි හදල දෙන ඩොකියුමන්ට් එකක් කියවන එක නොවෙයි. එහෙම නැතිනම් හැම ජාතියේම මිනිස්සු එකතු කරල අලංකාරවත් උත්සව පවත්වන එක නොවෙයි. කොටින්ම කියනවනම් ජාතික සංහිඳියාව කියන්නේ ජෝක් එකක් නොවෙයි...! අපි අද ඉන්නේ අපේ පරම්පරාවේ මිනිසුන් දහස් ගණනකගේ ජිවිත අහිමිවූ යුද්ධයක් අවසානයේ කියන එක අමතක කරන්න එපා.

ඔබට අසාධාරණයක් වූ අවස්ථාවක බොහෝ සිංහල මිනිසුන් පවා ඔබ වෙනුවෙන් කථා කළා. එතන සංහිඳියාව ගැන පුංචි හෝ බලාපොරොත්තුවක් තිබෙනවා නේද?

මා ගැන සංවේදි සිංහල මිනිසුන් මා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ ගැන මට අවබෝධයක් තියනවා. ඒත් ඔවුන් මහා සමාජයේ මැද හුදකලා වෙලා ඉන්නේ. හුදකලා සටන් සිංහල මහා සමාජය මැදට අරන් යන්න ඕනි. ඔවුන්ගේ කාර්යභාරය වෙන්නේ සිංහල සමාජයේ ඇතුළේ මේ ගැන සංවාදයක් ඇතිකිරීම. මට මතකයි අතීතයේ මම යාපනයේ තරුණ ලීගයේ සභාපති වුනාට පස්සේ එවකට Daily News පත්තරෙයි Daily Mirror පත්තරෙයි එකම විදිහේ කතෘ වාක්‍ය ලියලා තිබුණා මගේ පත්වීමට එරෙහිව. ඒ වගේම 1975 වසරේ මගේ හොඳම මිත්‍රයෙක් වන නඩරාජා මහත්මයා දුප්පත් ගොවීන්ගේ අයිතීන් වෙනුවෙන් ඔවුන්ව සංවිධානය කළා. ඒත් ඒක දේශපාලන බලය යොදවලා ප්‍රදේශයේ දිසාපති හරහා කඩාකප්පල් කරලා දැම්මා. මේ වගේ සිද්ධි තමයි යුද්ධයක් දක්වා ඇදිලා ගිය ප්‍රපංචයේ මුලික අඩිතාලම්. ඒවාට ආමන්ත්‍රණය කරන්න ඕනි.

මගේ ජීවිතකාලය පුරාම මා සටන් කලේ වරප්‍රසාද අහිමි වූ මිනිසුන් වෙනුවෙන්. ඔවුන්ගේ ජාතිය ගැන මට එච්චර වැදගත් නෑ. මට මතකයි යාපනයේ ඉන්න සිංහල මිනිස්සුන්ව බේරාගන්න ඒ කාලයේ මං දිවිහිමියෙන් ඉදිරිපත් උනා. ඒ වගේම යාපනයෙන් මුස්ලිම් මිනිසුන් එළවා දමනවිට බොහෝ අවහිරතා මැද මං ඔවුන් වෙනුවෙන් පෙනී හිටියා. මේ මෑතක ඉන්දියාවට ආපු ලංකාවේ කලාකාරයෙක් ඉන්දියාවේදී තාඩන පීඩනයට ලක්වීමට ගිය අවස්ථාවේ මම ඉදිරිපත් වෙලා ඔහුව ඉන් මුදවා ගත්තා. ඒ තමයි ජයපාලන්. ඒ ජයපාලන් ම තමයි දෙමළ මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ. ඒ කාරණය නිවැරදිව අර්ථකතනය කරගන්න සිංහල සමාජය සමත්වෙන්න ඕනි.

මෑතකදි සිදුවුණු ආණ්ඩු වෙනසත් සමග කිසියම් වූ බලාපොරොත්තුවක් ඔබට නැද්ද?

මහින්ද රාජපක්ෂ පැරදවීම අනිවාර්යයක්. ඒත් මේ වෙනස යථාර්ථයක් බවට පත්වෙන්නේ ඊළඟ පරපුර යුද්ධයක් කරා තල්ලු වුනේ නැත්නම් විතරයි. ඒක තීරණය වෙන්නේ දේශපාලන බලය බෙදාගන්නවාද කියන කාරණය මත. දේශපාලන බලය තීරණාත්මකයි. පුද්ගලිකව මම ෆෙඩරල් ක්‍රමයක් ගැන විශ්වාස කරන කෙනෙක්. මේකෙන් ලෝකය පුරා සිටින දෙමළ මිනිසුන්ගේ ශක්තිය ලංකාවට ඇදගන්න පුළුවන්. ඒත් මම සංවාදයකට කැමතියි. සියළු බලවේග එකට එකතුකරන සංවාදයක් අපට අවශ්‍යයි. එවැන්නක් ඇතිකිරීම රාජ්‍යයක මෙන්ම සිවිල් සමාජයේ වගකීමක්. මේක හරිම පුදුම තත්ත්වයක්. වසර තිහක යුද්ධයකට පසුවත් ජාතික ප්‍රශ්ණය ගැන රට තුල සංවාදයක් නෑ. ඒත් මේ හැමෝම පිටරටින් ගෙනල්ල විසඳුමක් පැල කරනකන් බලාගෙන ඉන්නවා. දුපත හරහා ගංගාවක් ගලාගෙන ගියාට දුපත දෙකට බෙදෙන්නේ නෑ. ඒ දුපත තව තවත් ලස්සන වෙනව. මම ප්‍රාර්ථනා කරන විසඳුමත් ඒ වගේ එකක්.

අවසාන වශයෙන් ඔබ ආයෙත් ලංකාවට යනවාද?

ලංකාව කියන්නේ මගේ රට. මගේ රටට යන එක වලක්වන්න කාටවත් බෑ. මේක පරම්පරා ගණනාවක මගේ මුතුන් මිත්තන් ඉපදුණු, මැරුණු රට. මගේ සිතැඟි පරිදි මේ රටේ ජිවිත්විම මගේ අයිතියක්. ඒක නිත්‍යානුකූලව කරන්න බැරිනම් නිත්‍යානුකූල නොවන ක්‍රමයකට හරි මගේ රටට යන්න මා පසුබට වෙන්නේ නෑ.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- V.I.S. Jeyapalan, Saminathan Wimal, Sri Lankan Poet, Sri Lankan Civil War, Sahodara Piyapath, Mahinda Rajapaksa, Yaha Palana Government, National Reconciliation in Sri Lanka
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සරද සමරසිංහගෙන් තවත් වියමන්
කතන්දර
සෙන්ටෙනියල් දෝණි
වෙසෙස්
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
වෙසෙස්
සමාජවාදයේ සහ ධනවාදයේ දත්තවාදී කියවීම
වෙසෙස්
මානව සමාජයේ මීළඟ විප්ලවය 'දත්තවාදය'ද?
වෙසෙස්
හුදකලාව විකුණා විනෝදවෙන්න එන්න!
තවත් කතා-බස් කරන්ට්ස්
ඇමෙරිකානු ව්‍යාපෘතියේ පාපිෂ්ට කාලසටහන! (ජෙනරාල් වෙස්ලි ක්ලාර්ක් සමග)
"උසාවිය තුළ දී රජයේ නිළධාරීන්ට සහ මට උස් හඬින් බැණ වැදුණා"- සන්ධ්‍යා එක්නැලිගොඩ
අපේ පූජක පැලැන්තිය ක‍්‍රිස්තුස් වහන්සේ අල්ලලා කුරුසියේ ඇණ ගහනවා- වික‍්‍රම ෆොන්සේකා පියනම
ඒ උතුම් බොදු බල සේනාවෝ පෑ තවත් එක් ශ්‍රී වික්‍රමයක්...!
"ජනමාධ්‍යවේදීන් සතු සුවිශේෂ කාර්යභාරය ජනතාවගේ බුද්ධිය පුළුල් කිරීම යි." -දයාසේන ගුණසිංහ
BoondiLets
හැනා අරෙන්ඩ්ට් කියයි.
ඒකාධිපති රාජ්‍යයකට අතිශයින්ම සුදුසු, ඇති තතු හා ප්‍රබන්ධ අතරත්- සත්‍යය හා අසත්‍යය අතරත්, වෙනසක් නැතැයි අදහන සාමාන්‍ය ජනතාවය.
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook