Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
සිත්තර බූන්දි
"මම අඳින්නෙ මිනිස් හැඟීම්"- හෂිනි චන්ද්‍රසිරි
බූන්දි, 20:27:10
තුන් හැවිරිදි විය තරම් වූ ළමා වියෙහි සිට චිත්‍ර ඇඳීමෙහි නිරත වන හෂිනි චන්ද්‍රසිරි ජාතික සහ අන්තර්ජාතික ජයග්‍රහණ රැසකට හිමිකම් කීම අරඹන්නේ ද කුඩා වියේදීමය. ඇය දෙදහස් හය වර්ෂයේ දී චෙකොස්ලෝවැකියාවේ පැවැත්වුණ ජාත්‍යන්තර ළමා චිත්‍ර තරගයේ ජායග්‍රාහිකාව වෙමින් "Rose of the Lidice – Super Gold Medal" සම්මානය දිනා ගත්තාය.

හෂිනි ගේ චිත්‍ර මෙන්ම ඒ පැමිණි ගමන ද වෙනස් එකකි. ඒ ගමන සිතුවම් වන්නේ දීප්තිමත් වර්ණවලින් පමණක් නොවේ. බොහෝ විට අළු, කළු සහ සුදු වර්ණවලිනි. එළඹෙන පෙබරවාරි 26වැනිදා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී ඇරඹෙන ඇගේ පළමු චිත්‍ර ප්‍රදර්ශනය මෙතෙක් ඈ ආ ගමනේ අග්‍ර ඵලය යි. ඇය බෙදා ගන්නට සූදානම් වන්නේ ඇගේ ජීවිතය සහ ඒ අසාමාන්‍ය ධෛර්යයේ කතාන්දරය යි.


හෂිනි චිත්‍ර අඳින්න පටන් ගත්තෙ කොයි කාලෙද? ඒ ගමන මොන වගේ එකක්ද?

චූටිම කාලෙ ඉඳලම චිත්‍ර අඳිනවා. ඒ කාලෙ ඉඳලම මගේ මූලික ම විනෝදාංශය බවට පත් වෙලා තිබුනේ චිත්‍ර ඇඳීම. මගේ ජීවිතයෙ පළමුවෙනි සහතික පත්‍රය ලැබුනෙ මට වයස අවුරුදු තුනේදි. ඒ, 1997 අවුරුද්දෙ ලෝක ළමා දිනය නිමිත්තෙන් උතුරුමැද පළාතෙ පවත්වපු ජාතික උත්සවයට සමගාමීව පැවතුණු ළමා චිත්‍ර තරඟයෙන් පළමු ස්ථානය ලැබීම වෙනුවෙන්. ඒ කාලෙ ඉඳලම අද වෙනකන් බොහොම ආදරෙන් සහ ගෞරවයෙන්, ජීවිතයේම කොටසක් හැටියට සළකමින් චිත්ර අඳිනවා. අද වෙනකොට මට ජාතික සහ ජාත්‍යන්තර සම්මානත් ගොඩක් ලැබිල තියෙනවා චිත්‍ර වලට අදාළව.


Attitude

හෂිනි මොන මාධ්‍ය ද මේ සඳහා භාවිතා කරන්නෙ?

ඇක්‍රිලික් තීන්ත, ජෙල් පෑන, පැන්සල, අඟුරු, දිය සායම් වැනි විවිධ මාධ්‍ය භාවිත කරමින් මම අඳිනවා.

එහෙම ආසාවෙන් සහ ජයග්‍රහණ ලබමින් කරපු චිත්‍ර ඇඳීම වගේම අධ්‍යාපන කටයුතු වලටත් බාධා වෙන කාලයක් එනව නේද ?

ඔව්.. ඇත්තටම.. හැම කෙනෙකුටම ජීවිතයේ ගැටලුකාරී කාල වකවානු එනවා. මගේ ජීවිතයටත් ඒ වගේ කාල වකවානු ඇවිත් තියෙනවා. මම පුංචි කාලෙ ඉඳලම රෝගී ළමයෙක්. අවුරුදු නවයෙ ඉඳලම Fibrous dysplasia of bone කියන රෝගයෙන් පෙළෙනවා. ඒ රෝගය නිසා මගේ වම් කකුලෙ අස්ථි ඉබේම කැඩෙනවා. ඉතින් ඒ කාලෙ ඉඳලම මට ඇවිදීමේ අපහසුතාවය බොහොම බරපතල විදිහට තිබුනා. කකුලෙ වේදනාවත් බොහොම බරපතළ විදිහට තිබුනා. ඒ නිසා ඉස්කෝලෙ ගියෙත් බොහොම අපහසුවෙන්. හතර වසරෙ ඉඳල උසස් පෙළ දක්වාම මගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියෙ රෝගී තත්වය නිසා ඇති වුණු අපහසුතාවයන් එක්කයි. අදටත් මම මගෙ උසස් අධ්‍යාපන කටයුතු කරන්නෙ පරිගණකය හරහා Distance Learning ක්‍රමයටයි. ඇත්තටම මගේ ජීවිතයෙ මම ගෙදර නිදහසේ හිටපු කාලයට වැඩිය රෝහලේ ඇඳ උඩ හිටපු කාලය වැඩියි කියල කියන්න පුළුවන්. ඒ කාලයන් ඇත්තටම චිත්‍ර ඇඳීමට - අධ්‍යාපන කටයුතු වලට විතරක් නෙවෙයි, ළමයෙක් හැටියට මගෙ මුළු ළමා කාලයටම ලොකු බාධා සහගත කාලයක් උනා.

හෂිනිගෙ චිත්‍රවලින් වැඩිපුර කතා කරන්නෙ මොනවගේ දේවල් ගැනද?

මම පොඩි කාලෙ ඉඳලම චිත්‍ර ඇන්දත් ඇත්තටම මම කලාකාරියක් බවට පත් වුණේ මගෙ අම්මා මියගියාට පස්සෙ. චිත්‍රයක් ඇඳීම බොහොම බරපතල කාර්යයක්. ඒක ඇත්තටම අපි අපේම හැගීම් එක්ක කරන බොහොම සියුම් ගනුදෙනුවක් කියලයි මම හිතන්නෙ. පුරුද්දක් හැටියට චිත්‍ර ඇඳපු මම, මගෙ අම්මා අහිමි වීමත් එක්ක ඒ වේදනාව සිතුවම් බවට පෙරලන්න පටන් ගත්තා. මම මගේ අභ්‍යන්තර හැඟීම් කැන්වස් රෙද්ද මත සටහන් කළා. මට මාව දැනෙන හැටි, මම අම්මව දැකපු හැටි, මට ලෝකයෙ විවිධ දේවල් පෙනෙන හැටි වගේ ගොඩක් දේවල්. මගේ චිත්‍ර වලින් ගොඩක් දුරට කතා කරන්නෙ මිනිස් හැඟීම් ගැන. හරියටම කියනවනම් ලෝකය දිහා, දේවල් දිහා වෙනස් විදිහට බලන ගැහැණු ළමයෙකුගෙ හැඟීම් ගොන්නක් කියල කියන්න පුලුවන්.


Infinity

චිත්‍ර ඇඳීම සියුම් කලාවක්. එය ඔබ තුළ දනවන්නේ කවර හැඟීමක්ද?

ඔවු. චිත්‍ර ඇඳීම ඇත්තටම බොහොම සියුම් කලාවක්. කළබලකාරී මනසක් තියෙන කෙනෙකුට චිත්ර අඳින්න බැහැ. ඒ වගේම කලබලකාරී අස්ථාවක චිත්‍රයක් අඳින්නත් අපහසුයි. චිත්‍ර ඇඳීම හරියටම භාවනාවක් වගෙයි. ඉතාම ලොකු සංයමයකින් ඉතාම ලොකු ගෞරවයකින් කළ යුතු දෙයක් ඒක. මම චිත්‍රයක් අඳින හැම වෙලාවකදිම මට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. හරියට භාවනාවක් කරනකොට දැනෙන සැහැල්ලුව වගේ. චිත්‍රය ඇඳීම මම අත්විඳිනවා. මම චිත්‍රය ඇතුලෙ ජීවත් වෙනවා. හරියටම කියනව නම්, මම සිතුවම අඳිනව නෙවෙයි, මම සිතුවම බවට පත් වෙනවා.

කෙනෙකුට වැඩියෙන් කැමති හෝ අනුගමනය කරන චිත්‍ර ශිල්පියෙක් ඉන්න ඕනෙද?

මම හැම ශිල්පියෙකුගේම සිතුවම් රස විඳිනවා.. දකින හැම චිත්‍රයකින්ම මොනවම හරි දෙයක් ඉගෙනගන්නවා. ලෝකයෙ ජීවත් වුණු සහ ජීවත් වෙන හැම චිත්‍ර ශිල්පියෙකුටම ඔවුන්ටම ආවේණික වුණු ශෛලියක් තිබෙන බව මම විශ්වාස කරනවා. ඒකට මමත් ඇතුළත්. ඉතින් මම කළ යුත්තෙ හැම ශිල්පියෙකුගෙන්ම ඉගෙන ගැනීමයි. අනුගමනය කිරීම හෝ අනුකරණය කිරීම නෙවෙයි. මම එහෙම හිතනවා. හැම සිත්තරෙකුටම මම එක වගේ කැමතියි. අනිත් අතට මම කිසිම නිර්මාණයක් හොඳ ද - නරකද කියල විනිශ්චය කරන්නෙ නැහැ. මට අනුව හැම නිර්මාණයක්ම සුවිශේෂී නිර්මාණ. එක නිර්මාණයක තියෙන හැඟීම හෝ ජීව ගුණය තිබිය හැක්කේ ඒ නිර්මාණයේම විතරයි.


An old memory

චිත්‍ර ඇඳීම කියන සුවිශේෂී කලා භාවිතය හෂිනි භාවිත කරන්නෙ පුද්ගලික භාවයන් නිරූපණය කරන්න විතරද? නැත්නම් මේ දක්ෂතාව හරහා ඉන් එහා ගිය සමාජයීය තලයක් ස්පර්ශ කළ හැකියයි සිතනවාද?

ඇත්තටම චිත්‍ර කලාව කියල කියන්නේ ඉතාම ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක්. ඒ සුවිශේෂී ප්‍රකාශන මාධ්‍යය පෞද්ගලික භාවයන් නිරූපනය කරන්න විතරක් භාවිතා කිරීම බරපතල වරදක් හැටියට මම හිතනවා. මම හිතන්නේ චිත්‍ර කලාව භාවිතා කළ යුතුයි සමාජ ප්‍රශ්න ගැන කතා කරන්න. විවිධ සමාජ තල විතරක් නෙවෙයි, විවිධ සංකල්ප ගැන කතා කරන්න. නමුත් ඒක බරපතල කාරණාවක්. මගේ චිත්‍ර කලා භාවිතය තුළ මට ඒ ක්‍රියාවලියෙ නිරත වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

චිත්‍ර ඇඳීමට අමතරව හෂිනි දැනට නිරත වෙන වැඩ කටයුතු මොනවද?

මේ වෙනකොට මම මගේ උසස් අධ්‍යාපනය නීති අංශයෙන් හදාරනවා. යහපත් අධ්‍යාපනයක් සඳහා වූ ව්‍යාපාරයේ නිල ප්‍රකාශනය වෙන 'පාසල' සඟරාවෙ සියළුම කටයුතු මම මෙහෙයවනවා. යහපත් අධ්‍යාපනයක් සඳහා වූ ව්‍යාපාරයේ සාමාජිකාවක් ලෙසත් ක්‍රියාකාරීව කටයුතු කරනවා 'දරුවන් ජීවිතයෙන් සමත් කරවන සර්වාංශීය අධ්‍යාපන ක්‍රමය' අපේ රට තුළ ස්ථාපනය කිරීම සඳහා. මට ඒ ගැන උනන්දුවක් ඇතිවෙන්නේ මගේ තාත්තා උපාලි චන්ද්‍රසිරි නිසා. මේ ව්‍යාපාරය වෙනුවෙන් සහ ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති වෙනස් කිරීම වෙනුවෙන් ඔහු කරන අරගලය මටත් ඊට දායක වීමට ධෛර්යය සැපයුවා.

මේ ගමනෙදි උදව් කරපු අය?

මගේ චිත්‍ර ඇඳීමේ හැකියාව දියුණු කරගන්න උදවු කළ අය ගැන කතා කරනවා නම් මුලින්ම මම ස්තූතිවන්ත විය යුතුයි මගේ අම්මාටයි තාත්තටයි. අම්මයි තාත්තයි තමයි මගෙ ජීවිතයේ පදනම. චිත්‍ර ඇඳීමට මගේ තිබුණු සහජ කුසලතාවය හඳුනාගෙන මගේ දෙමවුපියො මාව චිත්‍ර කලාවට යොමු නොකෙරුවා නම් අද මම මෙතැන නොඉන්න තිබුණා. ඊළඟට අනිවාර්යෙන්ම ඉතාම ගෞරවයෙන් ස්තුති කළ යුතුයි මගේ ආදරණීය ගුරුවරුන් වන ලයනල් රණවීර මහත්මයාට සහ චන්ද්‍රගුප්ත තේනුවර මහත්මයාට. ලයනල් රණවීර ගුරුතුමා මේ වෙනකොට ජීවතුන් අතර නැහැ. එතුමා මගේ ජීවිතයේදි මට ලැබුණු ඉතාම විශිෂ්ට ගුරුවරයෙක්.

පැවැත්වෙන්නට නියමිත චිත්‍ර ප්රදර්ශනය පිළිබඳව තීරණය කළ පළමුවෙනි මොහොතෙ ඉඳලම මගේ තාත්තා, දයාන් කොට්ටච්චි මහත්මයා, නයනානන්ද විජේකුලතිලක මහත්මයා, ඉන්ද්රනාථ තේනුවර මැතිතුමා, මගේ සහෝදරියන් සහ නෑදෑයින්, මුදිත ඇතුළු මිතුරන් සහ නම් නොකියවුණු අනෙකුත් සියළුම දෙනා මට උපකාර කළා. ඒ අයට මම ගෞරවයෙන් ස්තූතිවන්ත වෙනවා.

ළඟ දී පැවැත්වෙන්නට නියමිත ඔබේ ඒ චිත්‍ර ප්‍රදර්ශනය ගැනත් යමක් කිව්වොත්?

මේ මගේ පළමුවෙනි චිත්‍ර ප්‍රදර්ශනය. පැවැත්වෙන්නේ පෙබරවාරි මාසයෙ 26, 27, 28 දවස් තුනේ. ඒ කියන්නෙ එන සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දවස් තුනේදී. 26 වෙනි සිකුරාදා හවස 4 ට ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේ දී මගෙ චිත්‍ර ප්‍රදර්ශනය ආරම්භ කරනවා. මේ ප්‍රදර්ශනයට මම ඇඳපු චිත්‍ර තිස් අටක් ඇතුළත් වෙනවා. මීට සමගාමීව ආචාර්ය චාල්ස් දයානන්ද මහත්මයා විසින් ලියපු මගේ චිත්‍ර ගැන විචාරාත්මක පොතකුත් එළිදැක්වෙනවා.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Hashini Chandrasiri, Arts Exhibition, Young Artist, Flying Colors
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
බූන්දි වැ.දෙ.ගෙන් තවත් වියමන්
කතා-බස්
"කිමිදෙන එක නෙමෙයි, පතුල හොයන එකයි අවුල"- විරාජ් ලියනාරච්චි
කතා-බස්
"හොඳ දේට රැල්ලක් හදන්න ඕනේ...!"- 'ගිරිකූඨ කාශ්‍යප' ගැන අඛිල සපුමල් සමග කතාබහක්
වෙසෙස්
ගංවතුරෙන් අපදාවන්ට ලක්වූවන්ට අවැසි සහය සඳහා
කතා-බස්
"උසාවිය තුළ දී රජයේ නිළධාරීන්ට සහ මට උස් හඬින් බැණ වැදුණා"- සන්ධ්‍යා එක්නැලිගොඩ
කතා-බස්
"ගොතන කතාවකට වඩා අවිශ්වසනීය වූ ඇත්ත කතාවක් තිබුණා...!"- සුරේඛා සමරසේන
තවත් සිත්තර බූන්දි
ගුවෙර්නිකා යථාර්ථය!
"දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක
සිබිල්ලන්තයේ විශ්මය හෙවත් වියපත් නොවන සිඟිත්තිය
"දිව-ලොප්" ජාතියක් ඇතිවෙලා...!- චන්ද්‍රගුප්ත තේනුවර
Form and Deform- Reality- පේන හැටි | මැයි 11-12-13
BoondiLets
සරච්චන්ද්‍ර ලියයි.
පුතු සෙනේ මස් නහර හම සිඳ
ඇට සොයා ගොස් ඇට තුළට වැද
ඇට මිදුලු මත රඳා සිට දුක්
දෙයි නිබන්දා

-සිංහබාහු
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook