Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
අදහස් බූන්දි
ජනතා විමුක්ති පෙරමුණ- තෙවැනි විකල්පය පිළිබඳ විමසුමක්
බූන්දි, 05:28:57
හුදෙකලා සිදුවීම් කිහිපයක් හැර එතරම් උණුසුම් නොවූ මැතිවරණයකි. තත්ත්වය එසේ වුවද පාර්ශ්වයන් දෙකකට එය ජීවිතය හා මරණය අතර සටනකි. මහින්දට නැවත බලය ලැබුණහොත් ඈරියස් පිටින් කන්නට වන බව යූ.ඇන්.පී.ය දනී. ජනාධිපතිවරණයෙන් පසු තුරුම්පු බවට පත්ව තිබූ මහාපරිමාණ දූෂණ, වංචා පරීක්ෂණ තම පරාජයෙන් පසු එළියට එන බව මහින්දවාදියෝ දනිති. මේ තැටි ද්විත්වය රත්ව ඇති මොහොතේ ජනාධිපතිවරයා නිවාඩුවක් ගත කරමින් සිටින සෙයකි.

පවුල්වාදයත්, වංචාව සහ දූෂණය මෙන්ම ජාතිවාදය කැටිකොටගත් ශ්‍රී.ල.නි.ප.යේ මහින්ද පාර්ශවයත්, තාවකාලිකව ලැබුණු ආණ්ඩුබලයකින් අතිදූෂිත මහබැංකු වංචාවක් සිදුකිරීමට පවා නොබියවූ එ.ජා.ප.යත් පිළිබද දේශපාලන විවරණ සිදුකිරීම කාලය අපතේ හැරීමකි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මහජනතාව බහුතරයක් මෙකී දෙපාර්ශවයට ඇති කැමැත්ත අතිශයින්ම සරල විය හැකි මෙන්ම අතිශයින්ම ගැඹුරට විහිද යා හැකි දේශපාලන විවරණයකි. මෙකී දෙපාර්ශවය මගහැර තෙවැනි විකල්පය වූ ජනතා විමුක්ති පෙරමුණ මූලික කොටගෙන ඇති නවමු දේශපාලන නැමියාව පිළිබදව වන නිරීක්ෂණයක් වෙනුවෙන් වන උත්සාහයකි මේ.

ආයුධ සන්නද්ධ සිවිල් අරගල දෙකක් මෙහෙයවීමෙන් පසුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට යොමුව, රටේ දේශපාලන සංසිද්ධීන් වලදී තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ ජනතා විමුක්ති පෙරමුණ පශ්චාත් නිදහස් කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ බිහිවූ ආන්දෝලනාත්මකම දේශපාලන ව්‍යාපාරය කිවහොත් නිවැරදිය.

1988-89 කාලපරිච්ඡේදය තුළ තමන්ගේ ඉදිරිපෙළ දේශපාලන නායකයින් සියළුම දෙනා පාහේ සමූල ඝාතනයට ලක්ව, කුඩා දේශපාලන ව්‍යාපාරයක් ලෙස 1994 දී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පැමිණි ජනතා විමුක්ති පෙරමුණ ඉතා ඉක්මණින් ප්‍රධාන ධාරාව ආක්‍රමණය කළේය. සිය දේශපාලන දර්ශනය ප්‍රමුඛව, පූර්ණකාලීනව ස්වේච්ඡාවෙන් සහයෝගය ලබාදෙන පූර්ණකාලීන සාමාජිකයත්වය පක්ෂයේ වූ ප්‍රධානතම ශක්තියයි. දැඩි විනයක් සහ දුෂ්කරතාවන් තුළ සෘජුව නොසැලී සිටින සාමූහිකත්වය හේතුවෙන්, දිනෙන් දින පරිහාණිය කරාගිය ප්‍රධාන පක්ෂ ද්විත්වයට එරෙහිව ජනතා ආකර්ෂණය තමන් වෙත නම්මා ගැනීමට ජවිපෙ සමත්විය. එය උච්ඡස්ථානයට පත්වන්නේ 2005 වසරේදී ශ්‍රී.ල.නි.ප.ය සමග සන්ධානගතව මැතිවරණයට ඉදිරිපත්ව මන්ත්‍රී ආසන 39ක් ජයග්‍රහණය කිරීමත් සමගයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් දශක තුනක් පුරා දිවගිය එල්.ටී.ටී.ඊ.යට එරෙහි යුධ ජයග්‍රහණයත් සමග, මහින්ද රාජපක්ෂ රෙජීමයට අතිදැවැන්ත බලයක් ඒකරාශී වූ අතර අන් සියළුම දේශපාලන පක්ෂවලට මෙන්ම, එතෙක් නොසෙල්වී පැවති ජවිපෙ තුළද පැවති ප්‍රතිවිරෝධතාවයන් දෙදරායන්නට එය හේතුවිය. ජවිපෙ විසින් උපක්‍රමයක් ලෙස යැයි භාවිතාකළ ජාතිකවාදය පක්ෂය පුරා පතුලට පැතිරී තිබූ අතර, එය විප්ලවවාදී දේශපාලන පක්ෂයේ මතවාදය සමග ඇතිවූ ගැටුමේ තාර්කික ප්‍රතිඵලය වූයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු වූ විමල් වීරවංශ සහ පිරිසක් පක්ෂයෙන් පිටමං කිරීමයි. ඒ සමග පක්ෂයේ ජනපක්ෂපාතීත්වය අභියෝගයට ලක්වූ අතර පරාජිත මානසිකත්වයෙන් පිටතට ඒම සදහා ජෙනරාල් සරත් ෆොන්සේකා සමගින් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම ද තවත් පරාජිත ඔට්ටුවක් බවට පත්වීය. සන්නද්ධ ඉතිහාසයක් ඇති විප්ලවවාදී සමාජවාදී පක්ෂයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන් තවදුරටත් ඉස්මතු විය. සමාජවාදී සමාජයක් වෙනුවෙන් සටන් කරන ස්වේච්ඡා පූර්ණකාලීනයින්ගේ සමන්විත පක්ෂයක, සිවිල් බලයක් සහිත පාර්ලිමේන්තුව, පළාත් සභාව වැනි ජනතා නියෝජිතායතන වලට පත්වූ නියෝජිතයින් වැඩි බලයක් අත්පත් කරගත්තේය. එකී පක්ෂ සාමාජිකයින්ගේ බලය, පක්ෂය තුළ අධිනිශ්චය වන්නට විය. මෙය ප්‍රතිවිරෝධතාවයක් වූ අතර, පක්ෂය තුළ අභ්‍යන්තරව ක්‍රියාකාරී සමාජවාදී අරමුණ මූලිකකරගත් සාමාජිකත්වය සහ සිවිල් සමාජය සමග මුසුවූ පිරිස් අතර ගැටුම හේතුකොටගෙන පක්ෂයේ බිම්මට්ටමේ සංවිධායකයින්ගෙන් සමන්විත සැළකියයුතු පරාසයක් ජවිපෙන් ඉවත්වුණු අතර ඔවුන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස වෙනමම පක්ෂයක් පිහිටුවා ගැණිනි.

ඉහත කී ජවිපෙ ඛණ්ඩනය ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස සංවිධාන හැඩය, සාමාජිකත්වය, මතවාදය, බහුජන ක්‍රියාකාරීත්වයේ වැනි සියලු අංශයන්හි ගුණාත්මක වශයෙන් වෙනස්කරලීය. 1994න් පසු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පැමිණි ජවිපෙ තුළ පැවති විප්ලවාදී ගුණාංග පසෙකලා පාර්ලිමෙන්තු ප්‍රජාතන්ත්‍රවාදයට සරිලන ලක්ෂණ රැසක් ඉස්මතු විය. මීට සමාන්තරවය එතෙක් පක්ෂය තුළ සැළකිය යුතු දායකත්වයක් දැක්වූ මිලිටරි ඉතිහාසයේ අත්දැකීම් වලින් පිරි නායකත්වය වෙනුවට මිලිටරි අත්දැකීම් නොමැති ජනතා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තුළ අත්දැකීම් සහිතවූවන් ජවිපෙ තුළ ඉදිරියට පැමිණුනි. එහි සංකේතාත්මක මොහොත නම් ජවිපෙ තුළ සිටි වඩාත් ජේෂ්ඨතම පක්ෂ සාමාජිකයා වූ සෝමවංශ අමරසිංහගේ නායකත්වය පශ්චාත් කැරළිසමයේ දී පක්ෂ ක්‍රියාකාරීකයෙකු වූ අනුර කුමාර දිසානායක හට ලබාදීමයි.

සමාජවාදී න්‍යාය සහ විනය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැඩිබවක් දැක්වූ බොහෝමයක් පිරිස් පෙරදී සිදුවූ ඛණ්ඩනය හේතුවෙන් පක්ෂයෙන් ඉවත්ව තිබූණු අතර ඉතිරිව සිටි පිරිස් බිම්මට්ටමේ ක්‍රියාකාරීත්වයේ දුර්වලබවක් දැක්වූවත් මතවාදීමය වශයෙන් සහ විනය රීති සම්බන්ධයෙන් කිසියම් හෝ ලිහිල්බවක් දැක්වූවන් වූහ. මේ නිසා සමාජවාදය සම්බන්ධ කාරණාවන්වලින් මිදී කිසියම් ජනප්‍රියවාදී කතාබස් ජවිපෙ තුළ ප්‍රමුඛ විය. අසීමිත බලයක් භුක්තිවිදිමින් සිටි මහින්ද රාජපක්ෂ රෙජීමයට එරෙහි මතවාදය ජනප්‍රිය කරවීම සදහා අවශ්‍ය මූලික සටන ආරම්භවූයේ ජවිපෙ නව නායක අනුර කුමාර දිසානායකගේ වේදිකාවේ දැක්වූ අදහස් වලිනි. එතෙක් ජවිපෙ විසින් බිහිකර තිබූ ශූර කතිකයා වූ විමල් වීරවංශ තරම් නරඹන්නා විනෝද නොකරන, වෛරී සහගත නොවූ, වේගවත් නොවු, අනුර කුමාර දිසානායකගේ කතා ශෛලිය වඩාත් තැම්පත්, සංඛ්‍යා දත්තවලින් පිරිපුන් අසන්නා තුළ විශ්වාසයක් ගොඩනැංවියහැක්කක් විය. එහි ප්‍රතිඵලයක් වූයේ රාජපක්ෂ විරෝධී, ප්‍රගතිශීලි මතදරණ සමාජජාල වෙබ් අඩවිවල සාමාජිකයින් අතර අතිශය සීග්‍රයෙන් මෙකී අදහස් පැතිර යාමයි. එකී ප්‍රවේශය අවසානයේ මහින්ද රාජපක්ෂ හට නොසිතූ මැතිවරණ පරාජයක් දක්වා දුරදිග ගියේය.

සමාජවාදී ප්‍රතිපත්ති මූලික කොටගත් දේශපාලන න්‍යෂ්ඨියක නිරන්තර පාලනයට ලක්වූ ජවිපෙහි එකි න්‍යෂ්ඨිය අහිමිව යාමත් ඇතිවූ නිදහසින් පසු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ රැසක් සමගින් මෙවර මැතිවරණයට මුහුණ දේ. එතෙක් දුෂ්කරක්‍රියා කළ බිම්මට්ටමේ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් සීමිත සාමාජිකයත්වයට වඩා මාධ්‍යවලින් දැනුවත් වන, මිලිටරිමය ලක්ෂණ රහිත අදහස් ප්‍රමාණයක් වෙත ආකර්ෂණය වූ ප්‍රගතිශීලි ජනපිරිසක් මෙවර මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය ලබාදීමට නියමිතය. එය එතෙක් පැවති රටපුරා පැවැත්වෙන ජනතා විමුක්ති පෙරමුණේ රැළි සදහා සහභාගී වන 'හාඩ්කෝ සාමාජිකත්වයෙන්' වෙනස්ය. බිම්මටම සංවිධානවලින් නිදහස් වීමත් සමග වඩාත් වැඩි ජනපිරිසක් ආකර්ෂණය කරගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සමත්ව ඇති බවට වන ආනාවැකියක් පළ කළ හැකිය. සැබැවින්ම එහි සත්‍ය අසත්‍ය බව අගෝස්තු 17වැනිදායින් පසු බලාගත හැක.

ජනතා විමුක්ති පෙරමුණේ ව්‍යූහාත්මක වෙනස්වීම හොඳද , නරකද යන ප්‍රශ්ණයට පිළිතුරු සැපයීමට කාලවේලාව ප්‍රමාණවත් නැත. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් ලෙස මෙම ව්‍යූහාත්මක වෙනස්කම සවිඥානිකව සිදුකරන බව පමණක් මේ වන විට පැහැදිලි වෙමින් පවතී. පසුගිය දා එළිදැක්වුණු මැතිවරණ ජාතික ලැයිස්තුව සහ පක්ෂ සමුළුවේදී එහි නායක අනුර කුමාර දිසානායකගේ කතාව තුළින් මේ බව මොනවට පැහැදිලි වේ. විමුක්තිකාමී රැඩිකල් දේශපාලනයක සිට ප්‍රජාතන්ත්‍රවාදී ජනප්‍රියවාදී ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයක් බවට පත්වීමේ මූලික පියවර තබමින් සිටී. වසර ගණනාවක දේශපාලනය තුළ ලංකාවේ එකම ප්‍රාදේශීය සභාවක පමණක් බහුතරය අත්පත්කරගත් පක්ෂයක්, නව ගමන තුළ සීඝ්‍ර වේගයෙන් ජනප්‍රියතාවය අත්පත්කරගනිමින් සිටී; ඒ වෙනුවෙන් ඔවුන් විසින් නියෝජනය කරන රැඩිකල් මතවාදයන් දැනටමත් කේවල් කිරීමට සිදුව ඇත.(මේ සදහා සාම්ප්‍රදායික විප්ලවාදී පක්ෂය යොදාගනුයේ 'පාවාදීම' යන වචනයයි).

සිය පක්ෂයට සුභපැතුම් එක් කරන්නන් අතර ජනප්‍රිය සිනමා, සංගීත තරු සිටීම, තමන්ගේ ජාතික ලැයිස්තුවට සිය හාඩ්කෝ කාඩරයෙන් පිට සිවිල් උගතුන් ඇතුලත් කිරීම, තමන්ගේ ප්‍රචාරණය දැඩි වෙහෙසක් දරා තාක්ෂණය අවමව භාවිතා කරනවා වෙනුවට බාහිර ආයතන මගින් එය ඉටුකරවා ගැනීම වැනි ක්‍රියාකාරකම් මගින් වඩ වඩාත් මහජනතාවට සමීපවීමත්, අනෙක් පසින් ජවිපෙ සම්බන්ධයෙන් මධ්‍යම පන්තියට තිබූ කුකුස පළවාහැරීමටත් හැකියාව ලැබී ඇත. එමගින් ජවිපෙට තිබූ අන්පක්ෂ වලට නොමැති ශක්තිය වූ පූර්ණකාලික ක්‍රියාකාරිකයින්ගේ විරෝධය එල්ලවනවා නොඅනුමානය.

වංචාව, දූෂණයට එරෙහි ලිබරල් සිවිල් සමාජය විසින් ඉදිරියට ගෙන ආ යුතු සටන් පාඨ වාමාංශික ජවිපෙට රැගෙන ඒමට සිදුවීම තවදුරටත් ඉදිරියට ගොස් පාර්ලිමෙන්තුවට උගතුන් පත්කරගැනීමේ පාඨය මෙවර මැතිවරණයේ ප්‍රධානතම සටන්පාඨය බවට පත්වීම පෙර කී ආකාරයෙන් ජවිපෙ වාමංශයෙන් විතැන්වීම තවදුරටත් ප්‍රකාශ කරලන්නකි. දශක කිහිපයක දේශපාලනයත්, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන වල ස්ථාපිතවීමට අවශ්‍යතාවත්, මේ වන විට ඊට එරෙහිව ඇති බාධාවන් දුරුකරලීම වෙනුවෙන් ලිබරල් මධ්‍යමපාන්තික ඉල්ලීම් සටන් පාඨ ලෙස ගැනීම වඩාත් සාර්ථක උපක්‍රමයක්යැයි කිවහැකිය. පටු ජාතිකවාදය, ඊනියා දේශප්‍රේමය දේශපාලන උපක්‍රමයක් ලෙස භාවිතා කර සමස්ත සමාජයම ගෝත්‍රිකත්වය දෙසට දක්කනවාට වඩා මෙම උපක්‍රමය සාපේක්ෂව ප්‍රගතිශීලි යැයිද කිවහැකිය.

ජවිපෙ වඩ වඩාත් ලිබරල් ප්‍රතිසංස්කරණ දිනා ගැනීම දෙසට යොමුවීම මගින් එක් පසෙකින් ජන ආකර්ෂණය වැඩිකරගැනීමට මෙන්ම අනෙක් පසින් කෙටිකාලපරිච්ඡේදයක් තුළ යම් යම් ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් දිනාගැනීමේ හැකියාවද ලැබෙනු ඇත.

ප්‍රශ්ණයක් ඇති බව සැබෑය. ඊට පියවරෙන් පියවර පිළිතුරු සැපයිය යුතු බවද සැබෑය. එහෙත් මුල් බැසගත් සංස්කෘතිකට එරෙහිව සටන් කිරීමේදී සමස්ථ ව්‍යාපාරයම ලාභ මාර්ගයන් වෙත යෑමේ හැකියාව ඉතා ඉහළය. අවංක බව පමණක් තිබීම ප්‍රමාණවත් නැත; සමස්තය කැටිකොටගත් දැක්මකින් ද සමන්විත විය යුතුය. ඉතිහාසයම වැරදී ඇති තත්ත්වයක් තුළ ඉදිරියටවත් සාධනීය ගමන් මගක යනවාද ප්‍රශ්ණයට ධනාත්මක පිළිතුරක් පෙනෙනතෙක් මානයකවත් තිබෙනවාද යන්න සැකසහිතය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- JVP, Janatha Vimukthi Peramuna, Anura Kumara Dissanayake, Somawansha marasinghe, Mahinda Rajapaksa, Sri Lankan General Election- 2015, UNP, LTTE, SLPF, Frontline Socialist Party, Peratugami Samajawadi Pakshaya
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුමුදු තිවංක ගමගේගෙන් තවත් වියමන්
අදහස්
නවක වදය- දේශපාලනික කියවීමක්
වෙසෙස්
"සංහාරයේ අපායෙන් ජීවිතයේ දෙව්ලොවට"- සමූලඝාතනයන්ගෙන් දිවි ගලවා ගත්තවුන්ගේ කතා තුනක්.
වෙසෙස්
වේල් ගෝනීම්- අරාබි වසන්තයේ කසකරුවා පිටුවහලේ
වෙසෙස්
හා හා බලාගෙනයි...!
අදහස්
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය සන්දර්භයක් තුළ....
තවත් අදහස් බූන්දි
To Sir, With Love!
විද්‍යාවේ සියවසක පිම්ම!
මරණ දඬුවම සහ සුළුතරයේ හෘද සාක්ෂිය!
කුණු වී දුඟඳ හමන මජර ජනමාධ්‍ය සංස්කෘතියට එරෙහිව කුමක් කරමුද?
දෙසියවෙනි උපන්දිනයට කාල් මාක්ස්ට උපහාර තෑග්ගක්!
BoondiLets
එංගල්ස් කියයි.
යම්කිසි ජාතියක් එකවරම තවත් ජාතීන් පාගන්නේ නම්, එම ජාතියට ස්වාධීන ජාතියක් බවට පත් විය නොහැකිය.

-[1830 පෝලන්ත නැගිටීම සිහි කිරීමේ ජාත්‍යන්තර රැස්වීම- 1847.11.29 දා]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook