Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
පරාගේ "ක්ලැරා" සිරා ද?
බූන්දි, 18:14:36
'ක්ලැරා' යනු පරාක‍්‍රම කොඩිතුවක්කු මහතාගේ අලුත් ම නවකතාවයි. එහි කේන්ද්‍රය නැසී ගිය සංගීතඥයෙක් මෙන්ම ජනකාන්ත ගායකයෙක් වූ ක්ලැරන්ස් විජේවර්ධනයි. 'ක්ලැරා' යන්න පොතේ නම ලෙස යෙදීමෙන් තවදුරටත් ක්ලැරන්ස් වෙතට ළං වන්නට පරාක‍්‍රම විසින් රසිකයාට ඉඩ කඩ සෑදුවා වැන්න. මේ නවකතාව නම් කොට ඇත්තේ සංගීතමය නවකතාවක් ලෙසනි. කෙසේ වෙතත් එය සංගීතමය නවකතාවක් ලෙස හැඳින්වූයේ සංගීතඥයෙක් ගැන ලියූ පොතක් නිසා වනැයි සිතමි. ලොව නවකතා ප‍්‍රවර්ග ගැන අවධානය යොමු කරද්දී පවා සංගීතමය නවකතා යනුවෙන් ප‍්‍රවර්ගයක් හමුවන්නේ නැත. එහි වදනාර්ථය නම් සංගීතය ඇතුළත් යන්න ය. ඒ අරුතින් ගන්නේ නම් එරික් ඉලයප්ආරච්චිගේ 'ලලිත සමය' පවා සංගීතමය නවකතාවක් විය හැකිය.

පරාක‍්‍රම කොඩිතුවක්කු ලාංකේය සාහිත්‍ය වංශකතාවේ කවියෙක් ලෙස නම සටහන් කළ අයෙකු බවට විවාදයක් නැත්තේ ය. කෙසේ වෙතත්, සාහිත්‍ය, සංස්කෘතික අවකාශයේ ඔහුගේ දෘෂ්ටිවාදී විතැන්වීම් දක්නට ලැබුණු අවස්ථා ද බොහෝ ගණනකි. ඉතා ම ලාබ බාල ව්‍යාපෘති වූ රන්ජන් රාමනායක වැන්නෙක් එවක නිපද වූ 'වන්ෂොට්' වැනි සිනමාපටයකට න්‍යායික ආවරණ සැපයීමට ඔහු දරන ලද වෑයම එවැන්නකි.

පරිධියට වීසිකර දමන ලද ජනකාන්ත චරිත විෂයෙහි යම් කතිකාවක් ඇති කරන්නට දරණ වෑයම මින් පෙර දකින්නට ලැබුණේ, ඔහුගේ 'ජෝති රශ්මි රාත‍්‍රී' කෘතියෙනි. ඒ අදටත් ජනකාන්ත ගායකයෙකු වන එච්. ආර්. ජෝතිපාල කේන්ද්‍ර කරගෙන ලියැවුණකි. මේ ජෝති පිළිබඳව වන කතිකාව නැංවීම එකල මහැදුරු සුචරිත ගම්ලතුන් හඳුන්වනු ලැබුවේ, 'ජෝතිපාල ඔජ වැඩවීමක්' ලෙසිනි. පරිධියට විසි කරන ලද ජනකාන්ත චරිත පිළිබඳ සංවාදය වටනා එකක් වුවද ගම්ලත් කියන්නා සේ ම මේ 'ඔජ වැඩවීම්' සාහිත්‍ය කලා සංස්කෘතික විෂයන්හි ලා ඉටු කරන්නේ ප‍්‍රගතිශීලී කාර්ය භාරයක් නොවේ.

ලොව එතෙක් මෙතෙක් පහළ වූ නායකයින්, පීඩකයින්, විප්ලවකරුවන්, ගායකයින්, කලාකරුවන් සියලූ දෙනා සිය කාර්යභාරය කර තිබෙන්නේ ඉතිහාසය විසින් ඔවුනට දෙන ලද තත්වයක දී බව අමතක නොකළ යුතු ය. පුද්ගල ජනකාන්තභාවය පවා එක්තරා දුරකට පවතින සමාජ, ආර්ථික, දේශපාලන කොන්දේසිවලට යටත් බව නොකිය මනාය. පරාක‍්‍රම විසින් මේ කොන්දේසි විරහිතව පුද්ගල චරිත අනභිභවනීය කිරීමටත් මහා කලා සම්ප්‍රදානයන් අවප්‍රමාණය කිරීමටත් එරෙහිවය එවක ගම්ලතුන් සිය පෑන මෙහෙයවූයේ.

මේ 'ක්ලැරා' විසින් පවා එම පුද්ගල පරමත්වය නැංවීම සිදු කර ඇති බව පෙනී යයි. ලාංකේය සංගීතය විෂයෙහි ඇති තම විවේචන ක්ලැරා හරහා ගෙනවිත් තිබෙයි. එ් ද වාස්තවික තත්වයන් නොසලකා ය. භාරතීය සම්ප‍්‍රදායන් මෙරට ගෙන ආ පිරිස විවේචනයට ලක්කරන කතුවරයා, ඒවා මිනිස් හද ගැස්ම ගෙන එන්නට අසමත් වූ බව කියයි. පොප්, රොක්, ජෑස් වැනි සංගීත ආරයන් ජනයා තුළට කිඳා බැස ජන හැඟුම් වේදිකාවට ගෙනා ආ බව කියන ඔහු එම සංගීත ප‍්‍රවර්ගයන් ලොව මතු වූ සමාජ, ආර්ථික, දේශපාලන කොන්දේසි නොසලකා හරියි. Falk සහ Elite එනම් නිර්ප‍්‍රභූ සහ ප‍්‍රභූ කලාවන්ගෙන් වෙසෙස්ව යුරෝපයේ ජනප‍්‍රිය කලාවන් (Populer)පැන නැගීමට බොහෝ වාස්තවික හේතු බලපානු ලැබීය. විශේෂයෙන් කාර්මික විප්ලවයෙන් පසුව යුරෝපයේ කම්කරු පංතිය බිහිවීමත් ඒ හරහා පරිධියේ ගොවි ජීවිත ගත කළවුන්ට කේන්ද්‍රයට රොක් වන්නට සිදු වූ අතර අතිශය ඒකාකාරී දිවි පෙවෙතකට හෙළා තම පුරුදු දිවියෙන් විගලිත කර දැමුණි.

මේ තත්වයන් විදාරණය කරන්නට ය, ජනප‍්‍රිය සංගීතය ප‍්‍රවර්ගයන් බිහිවන්නට අඩිතාලම දැමුණේ. ලංකාවේ මේ අනුව ඉංග‍්‍රීසින් විසින් ස්ථාපිත කරන ලද ධනවාදයේ දී ද වෙනස් තත්වයන් ඇති වුණ ද සංගීත ප‍්‍රවර්ග ආදිය පැමිණියේ ධනවාදය පැමිණි ආකාරයටම ය.

එනිසා එකී යුගය විසින් තෝරාගන්නා ලද පුද්ගලයින් අතරට ක්ලැරන්ස් ද ගැනෙන බව ඇත්තකි.

මේ කෘතිය ප‍්‍රබන්ධයක් බව මුලින් කියන පරාක‍්‍රම අග දී ක්ලැරන්ස් ගේ බිරිඳ ශීලාට ස්තුති කරන්නේ මෙපරිද්දෙනි.

"...ක්ලැරන්ස් විජේවර්ධනගේ එම සුවිසල් නිර්මාණ මෙහෙවර හා දිවි පුවත ආශ‍්‍රය භූමි කොට ගෙන රචිත මෙම සංගීතමය නවකතාව පළ කිරීමට..."

මෙහි පරාක‍්‍රමගේ කාව්‍යමය බස් වහරින් ලක්ෂිතව ඇති මෙහි ක්ලැරන්ස් සහ මෙහි කථකයා අතර වන සංවාද ආදියෙන් අඛ්‍යානය නිමවා ඇත. ඔහුගේ සුවිසල් නිර්මාණ මෙහෙවර ගැනවත්, ක්ලැරන්ස්ගේ චරිතය ගොඩ නැංවීම ගැනවත් මෙහි එන්නේ නැත. ලංකාවේ කණ්ඩායම් සංගීතය ජනයා අතරට ගෙන ගිය සූරිය ආදී තැටි නිෂ්පාදකයන්, ක්ලැරන්ස් වැනි චරිතයක නැග්මට ජෙරාල්ඩ් වික‍්‍රමසූරිය වැන්නෙක්ගේ මැදිහත්වීම් අවප‍්‍රමාණය වී ඇති අයුරු සුළුපටු නොවේ.

කණ්ඩායම් සංගීතය ක්ලැරන්ස්ගේ ආගමනයට පෙර ස්ථානගත වී තිබුණේ ය. ක්ලැරන්ස් එහි මග හැර යා නොහැකි චරිතයක් බව ඇත්තකි. ක්ලැරන්ස්ලා 'මූන්ස්ටෝන්' ගෙනෙන විට, ලංකාවේ 'ලා සිලොනියස්', 'ලා බම්බාස්', 'ලොස් කැබලෙරෝස්', 'ෆර්නෑන්ඩුටි‍්‍රයෝස්' වැනි සංගීත කණ්ඩායම් තිබුණු බවත් මීගමුවේ නෙවිල් ප‍්‍රනාන්දු වැනි සංගීත ඉතිහාසයෙන් මකා දමන ලද විශිෂ්ටයෙක් 'මාස්ටර් සර්' වැනි ගීත මෙන් ම පසුව සී. ටී. ප‍්‍රනාන්දු ගැයූ 'මල්බර හිමිදිරියේ' වැනි ගීත ද ගයා තිබුණු බවත් අමතක කළ නොහැකි ය. අද නීලා වික්‍රමසිංහ විසින් නෙවිල් ප්‍රනාන්දු වැන්නෙක් සිටියාදැයි සඳහන් නොකළත් ඇත්ත ඉතිහාසය එබඳු ය.

මෑතකදී සිය ජීවන ගීතය නිමා කළ සංගීතඥ නිමල් මෙන්ඩිස් ද මෙරට සංගීත ඉතිහාසයේ බරපතල අවප්‍රමාණ කෙරුණු විසල් චරිතයකි. ඔහු සිය දිවිය සහ සංගීතය වෙනම පවත්වාගෙන යෑමට වෑයම් කළ නිසාදෝ තමාව උත්කර්ෂයට නංවා ගන්නට වෑයම් කළේ නැත. ජාත්‍යන්තර කීර්තියට පත් ලාංකේය සංගීතඥයෙක් වූ නිමල් මෙන්ඩිස් එංගලන්තයේ Top of the Pop සංගීත වැඩසටහනට ආරාධනා ලැබු ශ‍්‍රී ලංකාවේ එකම සංගීත ශිල්පියාය. බී.බී.සී වර්ගීකරණයට අනුව ඔහු දකුණු ආසියාවෙන් බිහි වූ එක ම පොප්, රොක් සහ පියානෝ රොක් තරුවයි. ඔහුගේ ඉංග‍්‍රිසි භාෂිත ගීත බටහිර සංගීත සමාජයේ සම්භානාවට පත් වූ බව බොහෝ දෙනා දන්නේ නැත.

මාස්ටර් සර්, වියෝ ගී ගැයෙනා, නිම් හිම් සෙව්වා, උපුල් නුවන් විදහා, රන් ටිකිරි සිනා, ගඟ අද්දර වැනි ගීත ඔහුගේ ලකුණ ප‍්‍රකට කරයි. කෙසේ වෙතත් රූපවාහිනියේ රුව ගුණ සුවඳ වැඩසටහනකට සහභාගි වූ නිමල් මෙන්ඩිස් මහතා පැවසුවේ 1970 දශකයේ මීගමුවේ නෙවිල් ප‍්‍රනාන්දු 'මාස්ටර් සර්' ගීතය මුලින්ම ගැයුවාට පසු මෑතකදී භාතිය සහ සංතුෂ් යන දෙදෙනා එම ගීය ගයනවා දුටු තමා හඬා වැටුණු බව යි. නිමල් මෙන්ඩිස් ගැන 'ක්ලැරා' හි සඳහන් වෙන්නේ මෙසේ ය. ක්ලැරන්ස් ගේ කැමති ම ගීතය (ක්ලැරන්ස්ට කැමති ගීතය) 'මාස්ටර් සර්' බව තැනක කියැවේ.

"නෙවිල් ගේ මුල් ගීතයෙ තනි කටහඬ තනි ගිටාර් හඬ හරි බලගතුයි. කැක්කුම් සහගතයි. නිමල් මෙන්ඩිස් ගයන ඉංග්‍රීසි ගායනයේ ඒ හැඟීම් ආවේසය නැහැ...."
ක්ලැරා - 92 පිටුව

සත්‍ය වශයෙන් ම නිමල් මෙන්ඩිස් 'මාස්ටර් සර්' ගීතය මුලින් ඉංග්‍රීසියෙන් ගැයූවකට පසුව සිංහල පද යෙදීමකි. කෙසේ වෙතත් ක්ලැරන්ස් සහ සූරිය තැටි නිෂ්පාදක ජෙරාල්ඞ් වික‍්‍රමසූරිය අතර තිබූ බැඳීම නිසා බොහෝ නිර්මාණකරුවන් සහ නිර්මාණ බිහි වූ බව එම යුගයේ සත්‍ය ඉතිහාසය සාක්ෂි දරනවා ඇත.

"කණ්ඩායම් සංගීතය, පන් කොළ තොප්පි බතික් සරොම්කාරයින් පිරිසකගේ බොරු කැලිප්සෝවක් වන සැටි ඔබ දුටුවා. දොර හැර ගත්තේ ඔබ ඊළඟ ගමනකටයි..."
ක්ලැරා-(104 පිටුව)

මෙවැන්නක ඇත්තේ පරාක‍්‍රමගේ අාධානග‍්‍රාහී කියවීමක් මිස අනෙකක් නොවේ. මේ කියන විවේචනය සමස්තයක් වෙත එල්ල කළ හැක්කක් නොවේ. ඕනෑම කලා ප‍්‍රවර්ගයක මෙවැනි ප‍්‍රතිරූපකයින් බිහි වීම අරුමයක් ද නොවේ.

පරාක‍්‍රමගේ දෘෂ්ටිවාදී ඌණතාවන් පෙන්වන තවත් නිදසුනක් ලෙස ඔහු නව ලිබරල් ධනවාදයේ සංස්කෘතික ප‍්‍රකාශනය වන විනෝද කර්මාන්තයේ එන 'රියැලටි' වසංගතය ඔහු ගන්නා ආකාරය ගිණිය හැකිය. එරික් ඉලයප්ආරච්චි වැනි අයෙක් ඉතා නිවැරදිව සංස්කෘතික ගබඩා කොල්ලකෑමක් විනා අන් යමක් නැතැයි කියවීමට ලක් කරන එවැන්නක් පරාක‍්‍රම සිය දෘෂ්ටිවාදී ඌණතාවැති කවි ඇසින් දකින්නේ මෙසේ ය.

"ඇමරිකාවේ X Factor රියැලිටි ගී තරගයක් දෙස බලන්න. විනිසකරුවන් හැසිරෙන්නේ මිනිස් හදවත් පරීක්ෂා කරන්නට පැමිණි සුර දූතයින් ලෙසටයි. ගීයක් මැද දී ඔවුන් වේදිකාවට දුව ගොස් තරුණ ගායකයෙක් වැළඳ ගන්නවා...ගැයුම් වලදී හද කැළඹී අසුන් වලින් නැගිට සවන් දෙන්නේ ඉකිබිඳිමින්... ඒ ගී ප‍්‍රසංගයට රැස්වන දස දහසක් දෙනා ගීතයට සමවැදී සුසුම් හෙළනවා. එතැන සතුටු විලක්..."
ක්ලැරා - 215 පිටුව

මෙකී ක්ලැරා නිර්මාණය පරිධියට විසි කර දැමුණු ජනකාන්ත චරිතයක් ඔසවා ලීමෙහි ලා ඉටු කරන ප‍්‍රගතිශීලි කාර්යයට සමාන ප‍්‍රතිගාමී කාර්යයක් එම චරිතය නිවැරදිව දෘෂ්ටිවාදී කියවීමකින් තොරව වාස්තවික කොන්දේසි නොසලකා හැරීමෙන් සිදු කෙරෙන බව අන්තයේ දී සටහන් කොට තබමි.

පසුව ලියමි.

ප‍්‍රකට ප‍්‍රකාශන සමාගමකින් ප‍්‍රකාශයකට පත් කොට ඇති මේ කෘතිය පිටු 230ක් පමණ වේ. කෘතියේ බාහිර ආකෘතිය වෙනස් එකක් නොවන මෙහි සාමාන්‍ය පොතකට වඩා අකුරු ප‍්‍රමාණය ලොකු කර, විශාල වශයෙන් පිටු මායිම් (Margin)තබා ඇත්තේ ඇයි දැයි පැහැදිලි නැත. පිටුව අවසානයේ අඟල් දෙකකට ආසන්නව සහ සිරස් අතට අඟලකටත් වඩා වැඩි වන සේ මෙම (Margin)තබා ඇත. සම්මත පොදු ප‍්‍රමාණ ගත්තා නම් මේ කෘතිය පිටු 150කටත් වඩා අඩුවෙන් අවසන් කරන්නට තිබුණා සේ ම පාඨකයාට මිල අඩුවට ගන්නට ද තිබුණි. කෘතිය පුරා කතා කරන පොදුජන හදගැස්ම කෘතිය මුද්‍රණයේදී නොසලකා හැර තිබීම ඛේදයකි.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Clarence Wijewardena, Sinhala Group Music Bands, Moonstone, Parakrama Kodituwakku, Nimal Mendis, H.R. Jothipala, Jerald Wickramasuriya, Newil Fernando, Mal Bara Himidiriye, Master Sir
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සඳුන් ප්‍රියංකර විතානගේගෙන් තවත් වියමන්
පොත්
කලාව සහ කතිකාව- නූතන කලා සංස්කෘතික දෘෂ්ටිවාදී කතිකාව කෙරෙහි අකුටිල මැදිහත්වීමක්
පොත්
'කියන්නට හදන විදිහ' විසින් 'කියන්නට හදන දෙය' යටපත් කළ 'මගේ ආද‍රණීය යක්ෂණී'
පොත්
වීරයන් අවැසි සමයක - මරියා සිලොනිකා වස්තුව
පොත්
කියනු මැන දිවි අරුත- ගුණදාස අමරසේකර
කවි
කොරියාවේ සිරියාව
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook