Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
Cine බූන්දි
මයිකල්ආන්ජලෝ අන්තෝනියෝනි-ජුලියෙට් බිනෝෂ් ප්‍රත්‍යවේක්ෂණ සිනමා දැක්ම| කොළඹ ජාත්‍යන්තර චිත්‍රපටි උළෙලේදී
කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේදී කීර්තිමත් ඉතාලියානු චිත්‍රපට අධ්‍යක්ෂක මයිකල්ආන්ජලෝ අන්තෝනියෝනිගේ තෝරාගත් චිත්‍රපට කිහිපයක් මෙන්ම ඉතාමත් ජනාදරයට පාත්‍ර වූ ජාත්‍යන්තර සිනමා තාරකාවක් වන ජුලියෙට් බිනෝෂ් රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක් තිරගත වීමට නියමිතය.

මයිකල්ආන්ජලෝ අන්තෝනියෝනි ප්‍රත්‍යාවේක්ෂණ දැක්ම

ඉතාලියේ ඉපැදුණු මයිකල්ආන්ජලෝ අන්තෝනියෝනි (1912 – 2007) ජාත්‍යන්තර කීර්තියට පත් සිනමා අධ්‍යක්ෂවරයකු, තිරකතා රචකයකු සහ කෙටිකතාකරුවකු වෙයි. වෘතාන්ත චිත්‍රපට දහසයක් ද කෙටි චිත්‍රපට ගණනාවක් ද අධ්‍යක්ෂණය කළ අන්තෝනියෝනි වඩාත් ප්‍රකට වූයේ නූතනත්වය සහ ඉන් නිර්මිත අසහනය පිළිබිඹු කළ L’Avventura (1960), La Notte (1961) සහ L’Eclisse නම් වූ තුන් ඈදුතු සිනමා කෘති නිසාවෙනි.

අන්තෝනියෝනි, චිත්‍රපට විචාරකයන්ගේ නොමඳ සම්භාවනාවට පාත්‍රව ඇත. L’Avventura (1960) සහ L’Eclisse චිත්‍රපට ද්විත්වය පිළිවෙලින් 1960 සහ 1962 වර්ෂවල දී කාන්ස් සිනමා සම්මාන උළෙලේ ජූරියේ ත්‍යාගය ඔහුට හිමිකර දුන් අතර, එම උළෙලේ ඉහළම ගෞරවය ලෙස සලකන රන්වන් අත්ල (Golden Palm) සම්මානය 1962 දී Blow up චිත්‍රපටය වෙනුවෙන් ඔහු දිනාගෙන ඇත. අන්තෝනියෝනි ගේ චිත්‍රපට බර්ලින් සහ වෙනිස් චිත්‍රපට උළෙලවල්වල දී ද සම්මානයට පාත්‍ර විය. ඇමරිකානු කලා සහ විද්‍යා චලන චිත්‍ර ඇකඩමිය විසින් අන්තෝනියෝනිට 1995 දී ගෞරව සම්මානයක් පිරිනමනු ලැබිණි.

ලෝක සිනමාවට අන්තෝනියෝනිගෙන් සිදුකෙරුණු ඉමහත් දායකත්වයට ගෞරවයක් වශයෙන් කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල L’Avventura (The Adventure 1962), Il Deserto Rosso (Red Dessert 1964), Cronaca di un amore (Story of a Love Affair 1950), Il mistero di Oberwald (The Mystery of Oberwald 1980) සහ Identificazione di una Donna (Identification of a woman 1982) වැනි ඔහුගේ සම්මානයට පාත්‍ර වූ චිත්‍රපට කිහිපයක් ඉදිරිපත් කරනු ඇත.


Cronaca di un amore (Story of a Love Affair 1950)


L’Avventura (The Adventure 1962)


Il Deserto Rosso (Red Dessert 1964)

මෙම ප්‍රත්‍යාවේක්ෂණ සිනමා දැක්මට අන්තෝනියෝනි ගේ Kuo Cina (1972) යන වාර්තාමය චිත්‍රපටය ද ඔහුගේ ජීවිතය සහ නිර්මාණ පාදක කොටගත් Antonioni Su Antonion (2008) නම් වාර්තාමය චිත්‍රපටිය ද අයත් වේ.

ජුලියෙට් බිනෝෂ් ප්‍රත්‍යාවේක්ෂණ දැක්ම

ප්‍රංශ ජාතික නිළි ජුලියෙට් බිනෝෂ් වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ බර්ලින් ජාත්‍යන්තර චිත්‍රපටි උළෙලේ දී ඇයට හොඳම නිළියට හිමි සම්මානය හිමිකර දුන් Krzysztof Kieslowski ගේ Three Colors: Blue (1993), හොඳම සහාය නිළිය සඳහා වන ඇකඩමි (ඔස්කා) සම්මානය හිමිකර දුන් The English Patient (1996) සහ ජොනි ඩෙප් සමඟින් ඇය රඟපෑ හොඳම නිළිය සඳහා වන ඇකඩමි සම්මානයට නිර්දේශිත වූ Chocolat (2000) වැනි චිත්‍රපට නිසාවෙනි.

චිත්‍රපට 40ක් ඉක්ම වූ ඇගේ රංගන ජීවිතයේ දී, බිනෝෂ් ප්‍රධාන වාණිජ ධාරාවේ චිත්‍රපටවලින් අවශ්‍ය පමණට දුරස්ථ වෙමින් සහ කලාත්මක සහ වාණිජ නිෂ්පාදනයන් අතර සමබරතාවය මනාව පවත්වා ගනිමින් සිය ජාත්‍යන්තර ප්‍රතිරූපය මැනැවින් රැක ගත්තාය. ප්‍රංශ සහ ඉංග්‍රීසි චිත්‍රපටවලට ඇය ලබාදුන් දායකත්වය නිසාවෙන් වින්සන්ට් කාලස් සහ ජීන් රෙනෝ වැනි නළුවන් මෙන් කර්මාන්තයෙහි වඩාත්ම ඉල්ලුමක් සහිත ප්‍රංශ රංගනවේදිනියක ලෙස නමක් දිනාගන්නට ඇය සමත් වූවාය.

ඇයගේ බහුවිධ සහ ප්‍රශංසනීය රංග කාර්යය සමරමින් කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඇයට කාන්ස් සම්මාන උළෙලේ, හොඳම නිළියට හිමි සම්මානය දිනා දුන් Copie Conforme "Certified Copy" (2010) චිත්‍රපටිය ද Les Amants du Point-Neuf (1991), Mauvais sang "Bad Blood" (1986), Disengagement (2010) සහ Le Hussard sur le toit "The Horseman On the Roof" (1995) වැනි චිත්‍රපට ද තිරගත කරයි.


Copie Conforme "Certified Copy" (2010)


Le Hussard sur le toit "The Horseman On the Roof" (1995)


Les Amants du Point-Neuf (1991)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Colombo International Film Festival 2014, Juliette Binoche, MichelAngelo Antonioni
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් Cine බූන්දි
අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට
රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"
ස්ත්‍රී සිත් පෙන්වන වෛෂ්ණාවී පිළිබඳ පසු විපරමක්
Gifted Hands: The Ben Carson Story- මිනිස් බව නිර්මාණය කළ හැක්කේ මිනිසුන්ටම පමණි!
ලෙස්ටර්- සිනමා අඹරේ මැකී ගිය රිදී රේඛාව
BoondiLets
දාරියෝ ෆෝ ලියයි.
පවතින පාලනය, ඉවසන් ඉන්න බැරි තරමට ජඩ, දූෂිත, මර්දනකාරී එකක් උනහම ජනතාව ජීවිත පරදුවට තියල හරි ඒක පෙරලලා දානවා. ඊට පස්සෙ අලුත් පාලකයෝ විසින් හිටපු... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook