Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
සිත්තර බූන්දි
Form and Deform- Reality- පේන හැටි | මැයි 11-12-13
සුදත් අබේසේකර සහ අචලා ගුණවර්ධනගේ නවතම චිත්‍ර ප්‍රදර්ශණය "Form and Deform- Reality- පේන හැටි" නමින් 2014 මැයි මස 11,12 සහ 13 යන දින වල ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මෑත කාලීනව සුදත් අබේසේකර විසින් ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී සහ ආර්ට් වේ කලාගාරයේදී මීඩියා බාබර්ක්‍යු සහ මීඩියා ස්ටේ‍රස් නමින් පවත්වන ලද ප්‍රදර්ශණ ද්විත්වයේම තවත් දිගුවක් ලෙස මෙම චිත්‍ර ප්‍රදර්ශණය පැවැත්වේ. සුදත් අබේසේකර විසින් වර්තමාන දේශපාලනික සහ සමාජ වටපිටාව තුල පොදු ජනයා භාවිතාවට ලක් වන අයුරත්, ඔවුන් සියළු දෙනාට සත්‍යය පැහැදිලි වුවත් කිසිවක් නොදන්නා සේ සිටීම සහ පොදු ජනයාගේ එම ව්‍යාජ රංගනයට මාධ්‍යය විසින් ලබා දෙන මහත් අනුබලයත් මෙම චිත්‍ර ප්‍රදර්ශණයේ වස්තු විෂය ලෙස යොදා ගෙන ඇත.



අචලා ගුණවර්ධන, වර්ණ මූලික කරගත් ඇයටම ආවේණික ශිල්ප ක්‍රමයකින් කැන්වසය වර්ණවත් කරන චිත්‍ර ශිල්පිනියකි. අලංකාර ස්වභාවික භූමි දර්ශණ විවිධ හැඩතල ඔස්සේ චිත්‍රණය කරන ඇය ලංකාවේ සොබා අලංකාරය කියා පායි.

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපාධිධාරීන් වන සුදත් අබේසේකර සහ අචලා ගුණවර්ධන 90 දශකයේ සිට ජාතික හා ජාත්‍යන්තර චිත්‍ර ප්‍රදර්ශණ රාශියක් පවත්වා ඇත. මෙම චිත්‍ර ප්‍රදර්ශණය තුළින් ලංකාවේ සොබා අලංකාරයත් සමාජීය විකෘතිතාවයත් පෙන්වයි.

සමාරම්භක උළෙල මැයි මස 10 වන දින පස්වරු 6.00 ට ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වෙයි.

*****

Well-known senior artists, Sudath Abeysekara and Achala Gunawardana’s latest visual art exhibition "Form and Deform- Reality- පේන හැටි" is programmed to be held on 11th 12th 13th of May 2014 at Lionel Wendt gallery- Colombo 7.







Renowned artist Sudath Abeysekara, held his previous installation exhibitions Media B.B.Q and Media Stress at Lionel Wendt Galley and Art Way Gallery. This exhibition is also an extension of the previous exhibitions. There he set-off, how populace were used politically at the present time. People know the actual occurrence but they used to pretend as they do not know for their own benefit. Media is the abettor of the community that assists them to transmit their feint. This is what Sudath Abeysekara exemplifies through his exhibition.

Achala Gunawardana who used to dominate her canvas by colours, illustrate the natural beauty of Sri Lanka in a different manner. At glance, spectator sees direct forms and shapes on her canvas, but the scenic beauty is hidden under those forms.





As the bachelors of University of visual and Performing Arts, they have done many national and international exhibitions since 90’s. Through this exhibition, Sudath and Achala are trying to emphasise the malformation of our society that privileged enough to be natives of such a beautiful land but ill-fated to be puppets of the current politics.

The exhibition opening will be held on 10th May 2014 at Lionel Wendt Gallery premises on 6.00 pm and they invite you to rethink about the reality.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sudath Abeysekara, Achala Gunawardana
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් සිත්තර බූන්දි
ගුවෙර්නිකා යථාර්ථය!
"දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක
සිබිල්ලන්තයේ විශ්මය හෙවත් වියපත් නොවන සිඟිත්තිය
"මම අඳින්නෙ මිනිස් හැඟීම්"- හෂිනි චන්ද්‍රසිරි
"දිව-ලොප්" ජාතියක් ඇතිවෙලා...!- චන්ද්‍රගුප්ත තේනුවර
BoondiLets
බර්ටොල්ට් බ්‍රෙෂ්ට් කියයි.
කලාව යනු යථාර්ථය ඉදිරියෙහි තබා ඇති කැඩපතක් නොවේ. යථාර්ථය හැඩගස්වනු පිණිස හෙලනු ලබන යකුළ් පහරකි.
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook