Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
ඔමරි කරන්ට්ස්
ගාන්ධි සහ මහාචාර්ය පීටර්ස්ගේ කතා
බූන්දි, 02:01:53
ගාන්ධි ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙ මහාචාර්යවරයෙක් හිටියා. ඔහුගෙ අන්තිම නම පීටර්ස්. ගාන්ධි කවදාවත් ඔහු එක්ක ඇතිවුණ වාද විවාදවලදි ඔහුට හිස පාත් කළේ නෑ. ඒ නිසා ම ඔහු ගාන්ධිට වෛර කළා.

දවසක් පීටර්ස් මහාචාර්යතුමා විශ්වචිද්‍යාල භෝජනාගාරයෙ දවල් කෑම ගන්න කොට තමන්ගේ කෑමත් අරන් එතනට ආපු ගාන්ධි ඔහු අසලින් ඉඳගත්තා. කෝපයට පත් මහාචාර්යවරයා මෙහෙම කිව්වා. “මිස්ට ගාන්ධි, ඔබට වැටහෙන්නෙ නැද්ද? ඌරෙකුයි කුරුල්ලෙකුයි එකට ඉඳගෙන කන්නෙ නෑ.” ගාන්ධි ඒකට මෙහෙම උත්තර දුන්නා. “ ඒ ගැන කණගාටු වෙන්න එපා මහාචාර්යතුමා, මම පියාඹලා යන්නම්.” එහෙම කියපු ඔහු නැගිටලා වෙනත් මේසෙක ඉඳගත්තා.

කෝපයෙන් වියරු වැටුණ මහාචාර්යවරයා ඊළඟ පරීක්ෂණයෙදි ගාන්ධිගෙන් පළි ගන්න හිතුවා. නමුත් ගාන්ධි සියලු ප්‍රශ්නවලට අති සාර්ථකව උත්තර දුන්නා. ඊළඟට පීටර් මහාචර්යවරයා ගාන්ධිගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. “මිස්ට ගාන්ධී, ඔබ වීදියේ ඇවිදනෙ යනකොට ලැබෙනවා පාර්සලයක්. ඒක ඇතුළෙ තියෙනවා ප්‍රඥාව පුරවපු මල්ලක් සහ සල්ලි පුරවපු මල්ලක්. ඔබ ගන්නෙ මේ දෙකෙන් කොයිකද?”

කිසිම පැකිලීමක් නැතුව ගාන්ධි මෙහෙම පිළිතුරු දුන්නා. “ඇත්තට ම සල්ලි පුරවපු මල්ල!” මිස්ට පීටර්ස් හිනාවෙලා මෙහෙම ඇහුවා. “මම ඔබේ තැන හිටියා නම් ගන්නෙ ප්‍රඥාව පුරවපු මල්ල. ඔබට එහෙම හිතෙන්නෙ නැද්ද?”

“කවුරුත් ගන්නෙ තමන්ට නැති දේනෙ.” ගාන්ධි කිසි වෙනසක් නැතුව කියල දැම්මා. වියරුවෙලා හිටිය පීටර්ස් මහාචාර්යතුමා විභාගයට දෙන ප්‍රශ්න පත්‍රයේ ‘මෝඩයා’ කියලා ලියලා ගාන්ධිට දුන්නා. ප්‍රශ්න පත්‍රය ගත් ගාන්ධි ඉඳගත්තා. විනාඩි කීපයකට පස්සෙ ඔහු මහාචාර්යවරයා වෙත ඇවිත් මෙහෙම කිව්වා.

“මිස්ට පීටර්ස්, ඔබ ප්‍රශ්න පත්‍රයේ අත්සන් කරලා. ඒත් මට ලකුණු දීලා නෑ.”
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් ඔමරි කරන්ට්ස්
මිනිස්සු මිලියන එකසිය හතළිහ ද? ලස්සන නිළිය ද?
වැලිවේරිය ඝාතනයට අණ දුන් පුද්ගලයා හෙළි වේ..! [දෙනමිණ Exclusive]
බලු හද හඳුනන ලංකා පොලීසිය
මහා මහින්ද සහ ඩිමාන්ඩිං භූතයා
වැලිවේරියේ 'තෙවන පාර්ශ්වය' හෙළිදරවු වෙයි...!
BoondiLets
ස්ටීව් බිකෝ කියයි.
පීඩකයා සතු හොඳම ආයුධය නම්, පීඩිතයාගේ පීඩිත මානසිකත්වයයි.
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook