Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
වේල් ගෝනීම්- අරාබි වසන්තයේ කසකරුවා පිටුවහලේ
බූන්දි, 06:42:29
මැදපෙරදිග ඒකාධිපති පාලකයින්ට එරෙහිව පැන නැගුණු ජනඅරගල රැල්ල මෙන්ම ඊජිප්තුවේ ඒකා‍ධිපති හොස්නි මුබාරක්ට එරෙහිව ටාහීර් චතුරස්‍රයෙන් පැන නැගුණු නොනවතින උද්ඝෝෂන ද විදේශ ප්‍රවෘත්ති පිළිබද යම් අවධානයකින් සිටි සියල්ලන්ගේම දැඩි අවධානයට ලක්වූවා. තාරුණ්‍යය, නව තාක්ෂණය, කාන්තාව, නොපසුබස්නා උත්සාහය, අන්තර්ජාලය, සමාජ ජාල වෙබ් අඩවි ගැන කියවුණු මේ කාලයේදී ලෝකයේ අවධානයට ලක්වූ සුවිශේෂි තරුණයෙකු පිළිබඳව ඔබට තවම මතක ඇති.

ඔහු වේල් ගෝනීම් !

එදා 2011 පෙබරවාරි 07 වන දා ඔහු ඩ්‍රීම් ටී.වී. නාලිකාවෙහි පෙනී සිටියේ රටේ අනාගතය ගැන සිහින දකිමින්....

"....මම වීරයෙක් නොවෙමි. මා කලේ පරිගණකයේ යතුරු පුවරුව පාවිච්චි කිරීම පමණයි. සත්‍ය වී‍රයෝ නම් සත්‍ය අරගලය පණ පෙවූ අයයි.... මගේ බිරිඳ ඇමරිකානුවෙක්. මට ඇමරිකානු ‍පුරවැසිකම ඉල්ලන්න පුළුවන්. නැහැ, මම පුරවැසි ලොතරැයියට දැම්මෙත් නැහැ. බොහෝ අයට පිටුවහල් වී යන්නට අවශ්‍යයි. අපි ඊජිප්තුවේ ගරුත්වය නැවත නගා සිටුවිය යුතුයි. දූෂණය කෙලවර කළ යුතුයි. සොරකම් නැවැත්විය යුතුයි. ඊජිප්තු ජාතිකයෝ හොඳ මිනිස්සු. අපි සුන්දර මිනිස්සු. කාරුණිකව, මේ එදිරිවාදිකම් පිරිමහගන්න කාලය නොවෙයි, මේ ‍අපේ රට ගොඩනැගීමේ කාලයයි..."

[සම්පූර්ණ අදහස් දැක්වීම සඳහා බලන්න : මම වීරයෙක් නොවෙමි.-වේල් ගෝනීම්]

2011 වසරේ ටයිම් සඟරාව තේරූ ලෝකයේ බලපෑම් සහගතම මිනිසුන් සිය දෙනා අතරට ද ඔහු අයත් වුණා. තමන්ගේ සුප්‍රසිද්ධ 'We Are All Khaled Said' මූණු පොත් පිටුව මගින් ජන අරගලය අවුළුවාලූ තිස් තුන් හැවිරිදි ගෝනීම්, හොස්නි මුබාරක් එළවාදමා ගොඩ නගන ලද අලුත් ඊජිප්තුවේ ජීවත් වීමට වරම් ලැබූවේ නැහැ. ඔහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිටුවහල්ව ජීවත් වෙනවා. එය යම් ආකාරයක දේශපාලනික සරදමක් බඳු වන අතරම ඊජිප්තුව දිනා ගත් නිදහසේ සැබෑ ස්වරූපය පිළිබිඹු කරන්නක් ලෙස ද පෙනී යනවා.

මුබාරක් බලයෙන් පහකෙරුණු අති දැවැන්ත උද්ඝෝෂණ වලින් පසුව, වසර තුනක් ඉකම ගිය තැන දී වත් ඊජිප්තුව දේශපාලනික ස්ථාවරත්වයක් අත්කරගෙන නැහැ. ඡන්ද විමසීමෙන් ජයගත් මුස්ලිම් සහෝදරත්වයේ මොහමඩ් මොර්සි ජනාධිපතිවරයාව පසුගිය කාලයේදී බලයෙන් පහකෙරුණේ තවත් උද්ඝෝෂණ රැල්ලක් සහ හමුදා අතපෙවීමක් සහිතව. ඉන් අනතුරුව මුස්ලිම් ජාතිකත්වය නියෝජනය කරන 'මුස්ලිම් සහෝදරත්වය' නියෝජනය කළ පිරිස් මෙන්ම අනාගමික දේශපාලනය වෙනුවෙන් පෙනී සිටි දැවැන්ත පිරිසක් රාජ්‍ය අත්අඩංගුවට පත්වෙනවා. පිටුවහල්ව සිටින ගෝනිම් අයත් ‍වන්නේ එලෙස පාලක උදහසට ලක්වූ අනාගමික දේශපාලනයක් උදෙසා පෙනී සිටින කණ්ඩායමටයි. මේ සියළු දෙනා 2011දී මුබාරක් පළවාහැරීමේ සටන් වල ඉදරිපෙළ ක්‍රියාකාරීන්. ඒ අතර අල්ජසීරා සේවයේ මාධ්‍යවේදීන් තිදෙනෙකු ද සිටිනවා.

මොහමඩ් හෂෙම් නැමැති 2011 වසරේ ප්‍රමුඛ ක්‍රියාධරයෙකු මෙන්ම ඊජිප්තුවේ ප්‍රධාන ප්‍රකාශන ආයතන ප්‍රධානියෙකු හට රටින් පිටවීමට සිදුවූයේ ඔහු විසින් ගාඩියන් පුවත්පතට ලබාදුන් ප්‍රකාශයක් හේතුවෙන්.

එය මෙසේයි.
"විප්ලවය සිදුවූයේ අතිමහත් වූ සිහිනයක් වෙනුවෙන්, එහෙත් දැන්නම් තිබෙන්නේ එය නොවේ..!"





මේ පුවත ගැන තවත් කියවන්න-
I'm no traitor, says Wael Ghonim as Egypt regime targets secular activists
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Wael Ghonim, "We Are All Khaled Said" Facebook page, Egypt, Muslim Brotherhood, United Arab Emirates, Mohamed Hashem
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුමුදු තිවංක ගමගේගෙන් තවත් වියමන්
අදහස්
ජනතා විමුක්ති පෙරමුණ- තෙවැනි විකල්පය පිළිබඳ විමසුමක්
අදහස්
නවක වදය- දේශපාලනික කියවීමක්
වෙසෙස්
"සංහාරයේ අපායෙන් ජීවිතයේ දෙව්ලොවට"- සමූලඝාතනයන්ගෙන් දිවි ගලවා ගත්තවුන්ගේ කතා තුනක්.
වෙසෙස්
හා හා බලාගෙනයි...!
අදහස්
ඉස්ලාම් අන්තවාදය- ලාංකේය සන්දර්භයක් තුළ....
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
මැල්කම් එක්ස් කියයි.
ඔබ ප්‍රවේශම් නොවන්නේ නම්, පීඩනයට පත් වන ජනතාවට වෛර කරන්නටත්- පීඩකයන්ට ප්‍රේම කරන්නටත්, පුවත්පත් විසින් ඔබව පොළඹවනු ඇත.
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook