Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
මරණයේ මංපෙත
බූන්දි, 00:15:14
අයිසැක් බර්ග්මන් සොහොන් කොත අසල වාඩී වී සිටියේය. ඔහුගේ දරුවන් දෙදෙනා ස්වල්ප දුරක් එපිටින් සිටියහ. ඔවුන් සියළු දෙනාම තම තමන්ගේ සිතුවිලි වල නිමග්නව සිටියෝය.

බර්ග්මන් සිය දරුවන් පිළිබඳ සිතමින් සිටියේය. "මෙම බියකරු සිහිනය අවසන් වීද? එසේ නැතහොත් මෙය ආරම්භයක්ද? ඔහුට කුමක් සිදුවේවිද? දරුවන්ට කුමක් සිදුවනු ඇතිද?"

වෙන කුමක් සිදුවුවත් ඔවුන්ට මේ නට්සි මිනීමරුවන්ගෙන් තොර ලෝකයක ජීවත් වීමට අවස්ථාව තිබිය යුතුය. තම ආගම කුමක් වුවත්, තම පාරම්පරික උරුමයන් කුමක් වුවත් ඒ අනුව පුද්ගලයන් තක්සේරු නොකරන ලෝකයක ජීවත් වීමට ඔවුන්ට ඉඩ තිබිය යුතුය. උපදින දරුවන්ට ලෝකයේ තැනක් ලබා දෙන්නේ දෙමාපියන්ය. ඔහුට නමක්ද, භාෂාවක් ද දී කළ නොකළ යුතු දෑ පිළිබඳව කියා දෙනු ලැබේ. ජීවිතයේ ඔහුට ආදාළ වන සියළු දෙයින්ම භාගයක්ම ඔහුට ලැබෙන්න උපත නමැති හදිසියේ සිදුවන සංසිද්ධියෙනි.

සියළුම දරුවන් නිර්දෝෂි අයවලුන්ය. ඊට හේතුව ඔවුන් මෙම ලෝකයට පැමිණ ඇත්තේ සිය කැමැත්තෙන් නොවීමය. ඔවුන්ගෙන් කවරෙකුවත් තමා ජර්මන් වරයෙකු, යුදෙව්වකු, කතෝලිකයකු හෝ ඉංග්‍රීසි ජාතිකයෙකු වශයෙන් උපත ලැබීමට ඉල්වා නැත. ඔවුන් මේ ලෝකයට උපත ලැබූ මුත් ඒ පිළිබඳව තීරණ ගැනීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබේ.

නමුත් අශුභවාදියකු වීම මම ප්‍රතික්ෂේප කරමි. මා මිය යාමට ඉඩ තිබිණි. නමුත් එසේ සිදුවී නැත. මෙම අත්දැකීම් නාස්ති විය යුතු නැත. ඔහු ඔහුටම පොරොන්දු විය. මම ජීවත් වුණොත් මළවුන්ගෙන් නැගිට ගත් ලාසරස් කෙනෙකු වෙමි. ජීවත් වන දවසක් පාසා දෙවියන්ගෙන් ලද තුටු පඬුරක් සේ සලකමි. ඒ සමගම මෙම ජීවිතයෙන් සතියක්, දිනයක් හෝ මිනිත්තුවක්වත් නාස්ති වීමට ඉඩ නොහරිමි.

නට්සිවරුන්ගේ උමතුවට විරුද්ධවන සටනේ මෙම අවධිය එහි ආරම්භය පමණි. එය අඳුරු රාත්‍රියේ ඇසෙන කෙඳිරිලි හඬක් පමණි. පියවි ඇසට නොපෙනෙන මාදිලියේ පුංචි ගිනි සිළුවකි. නමුත් මේ ගිනි සිළුව ජීවමානය. එය දැල්වෙමින් පවතී. එය ක්‍රමයෙන් වැඩිවී ලැව් ගින්නක් දක්වා ව්‍යාප්ත වනු ඇත. එය ගමන් කරන මග දිගේ හමුවන සෑම දෙයක්ම දවා හළු කරනු ඇත. ඔවුන්ගේ සම් මස් ඇට නහර දවමින් ආත්මයන් ද වාෂ්ප කර හරිනු ඇත. "ඔබ කල ක්‍රියාවලිය යම් සේද ඔබටද ඒ අයුරින්ම ප්‍රතික්‍රියා ලැබෙනු ඇත" යනුවෙන් හිලෙල් කියා ඇත. එය ඒ අයුරින් සිදුවනු ඇත.

ඔහු පෘතුගාලයට යාම සඳහා අවශ්‍ය කටයුතු කරනු ඇත. එතැනින් එංගලන්තයට හෝ ඇමරිකාවට හෝ කැනඩාවට යාමට හැකිවනු ඇත. මෙම රටවල ඇති විශ්වවිද්‍යාලවල තමාගේ මිතුරන් බොහෝ දෙනෙක් සිටියහ. ඔවුන්ගේ උපකාරය ඇතිව තමා නට්සීන්ට එරෙහි දැඩි ව්‍යාපාරයක් අරඹනු ඇත. එය තම ජීවිතයේ එකම අභිලාෂය සහ පරමාර්ථය වනු ඇත. ඔහුගේ සෙසු අපේක්ෂාවන් සියල්ලම මියගොස් ඇත. කඳු බෑවුමක මිය ගිය තම බිරිඳ මෙන් ඒවාද සියල්ල මියගොස් ඇත.



[-Bruce Nicolaysen විසින් රචිත Perilous Passage නවකතාවේ සිංහල පරිවර්තනය- මරණයේ මංපෙත කෘතියෙන්. Perilous Passage පාදක කරගෙන 1979 වසරේදී ලී තොම්සන් විසින් "The Passage" නමින් චිත්‍රපටයක් නිපදවන ලදී.]
වෙනත් සබැඳි |
The Passage (1979) | IMDB Entry
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Perilous passage by Bruce Nicolaysen, The Passage (1979) by J. Lee Thompson
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
පළතුරු සහ චාරිත්‍රය
ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!
මතක පෙට්ටි සහ ගින්දර
මිත්‍රත්වයේ ගිනිසිළුව
BoondiLets
දාර්ශනිකයා සහ මී පැටවු
ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහත්මෝ පුදුම මොළොක් සිතක් ඇති කුළුණු බර කෙනෙකි. දවසෙක ඒ මහතාණන් ගේ නිවසට මම ගියෙමි. තමන්ගේ කාරය එහි ම තිබියදී කොහේ... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook