Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
සිසිරයේ රැයක මඟියෙකු... නම් | කැල්විනෝ- ප්‍රබන්ධ කලාව ඔළුවෙන් හිටවීම
බූන්දි, 01:18:11
ඉතාලෝ කැල්විනෝ ඉපදුණේ කියුබාවේ දී ය. හැදුණේ වැඩුණේ ඉතාලියේ සහ ප්‍රංශයේය. ලෝකයේ විශිෂ්ට නූතන නවකතාකරුවන් අතර ඔහු අද ප්‍රබලයෙකි. කැල්විනෝ නවකථාවක් හොඳින් කියවා අවසන් කරන පාඨකයා "නියම මිනිසෙකි" යන්න ඔහුගේ නවකතාවලින් උද්දාමයට පත්වූ සහෘදයෝ ඔහුට කරන බුහුමනක් ලෙස පවසති.

මේ නවකතාව (If On A Winter’s Night A Traveller) සාමාන්‍ය නවකතාවකින් ඉඳුරාම වෙනස් වූ අපූර්ව නිර්මාණයකි. මෙහිදී ඔබ ද නවකතාවේ චරිතයක් බවට පත්වේ. ඊට අමතරව, කතුවරයා ද, නවකතාවට පිටින් සිටින ලේඛකයෙකුට වඩා, නවකතාවේම චරිතයක් මෙනි. මේ නිසා, නවකතාවෙන් ඉදිරිපත් කෙරෙතියි කියන යථාර්ථය, වඩාත් නිවැරදිව කියතොත්, ඊනියා යථාර්ථය, ඉතා සියුම් ආකාරයෙන්, යටින් හාරා බිඳ දැමෙන බවක්, පාඨකයාට හැෙඟන්නට පුළුවන. විටෙක මේ නවකතාවේ සුක්කානම කතුවරයා අතින් පාඨකයා අතට මාරුවන බවක් ද පෙනුණොත්, කෙනෙකු ඉන් පුදුමයට පත්විය යුතු නැත.

ප්‍රබන්ධයක මූලික ලක්ෂණයක් වනුයේ, ලේඛකයා විසින් පාඨකයාගේ මනෝ ලෝකය ප්‍රතිනිර්මාණය කිරීමකි. එහෙත් ලේඛකයා ද පාඨකයෙකු වන කල, පාඨකයා ද ලේඛකයෙකු වන කල, ඉහත කී සම්භාවිත ලේඛක- පාඨක සම්බන්ධය බිඳී යයි. මෙය, ප්‍රබන්ධකරණය කඩා ඉහිරවීමක් ද? නැත, ඉන් සැබැවින්ම කෙරෙන්නේ, ප්‍රබන්ධකරණයේ මිත්‍යාවත් පෙරළා ප්‍රබන්ධකරණය කිරීමකි. වෙනත් නවකතාකරුවන් අතරේ කැල්විනෝ විශෙෂිත වන එක් මූලික ලක්ෂණයක් වන්නේ එයයි.

ලෝකාවසානය අත ළඟ බව යම් හෙයකින් දැන ගැනීමට ලැබුණොත්, ඒ අවසාන පැය කීපයේ කියැවීම සඳහා තමා ළඟ තබා ගන්නේ, ඉතාලෝ කැල්විනෝගේ නවකතාවක් බව, වරක් සල්මන් රුෂ්ඩි කියා ඇත.
(සිසිරයේ රැයක මඟියෙකු... නම්, ගාමිණී වියන්ගොඩගේ සිංහල පරිවර්තනයේ පෙරවදනින්)

*****

........ ඉතාලෝ කැල්විනෝ ගේ අළුත් නවකතාව, "සිසිරයේ රැයක මඟියෙකු .... නම්" කියැවීමටයි ඔබ දැන් සැරසෙන්නේ. සැහැල්ලු වෙන්න. හිත එකඟ කරගන්න. අනෙක් හැම සිතුවිල්ලක්ම අහක දාන්න. ඔබ අවට ලෝකය පිටමං කරන්න. දොර වැහැවුවොත් වැඩිය හොඳයි: අල්ලපු කාමරේ රූපවාහිනිය කොයි වෙලේත් දැමූ ගමන්. ඒ ගොල්ලන්ට කෙළින්ම කියන්න, "නැහැ, මට ටී. වී. බලන්න ඕනේ නැහැ!". තව පොඩ්ඩක් හයියෙන්- නැත් නං ඒ ගොල්ලන්ට ඇහෙන එකක් නැහැ. "මං කියවනවා! මට බාධා කරන්න එපා!"..........
(-මේ කොටස ප්‍රබන්ධයේ ප්‍රවේශයයි.)

*****

........ අළුතින් ප්‍රකාශයට පත් පොතකින් ඔබ ලබන්නේ විශේෂ සතුටකි. ඔබ රැගෙන යන්නේ පොතක් පමණක් නොව, එහි නව්‍යතාව ද ඔබ රැගෙන යයි. මෙය, කම්හලකින් පිට කෙරුණු හුදු භාණ්ඩයක නැවුම් කම ද විය හැකිය. අළුත් පොත්වල ඇති යව්වන විකසිතය; කවරය පොට්ට පාට වන තෙක්, අගිස්ස්සේ දූවිලි තට්ටු බැඳෙන තෙක්, පුස්තකාලයේ අපර යාමය තුළ වෙළුම දිය වන තෙක් නො නැසී පවතින යොවුන් විකසිතය... නැත, ඔබ කවදත් ප්‍රාර්ථනා කරන්නේ සැබෑ නැවුම් බවය........
(15 පිට)

[-සිසිරයේ රැයක මඟියෙකු... නම් | If On A Winter’s Night A Traveller]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- If On A Winter’s Night A Traveller By Italo Calvino
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
පළතුරු සහ චාරිත්‍රය
ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!
මතක පෙට්ටි සහ ගින්දර
මිත්‍රත්වයේ ගිනිසිළුව
BoondiLets
ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook