Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
සූකිරි කතා-බස්
"අද විශ්වවිද්‍යාලවල බුද්ධිමතුන් නැහැ.....!" - මහාචාර්ය සුචරිත ගම්ලත්
බූන්දි, 05:07:18
මහාචාර්ය සුචරිත ගම්ලත් ලාංකේය බුද්ධිමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන අද්විතීය ප්‍රාඥයෙකි. සරසවි ඇදුරකු ලෙසද ඔහු ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය තුළ සුවිශේෂ සේවාවක් ඉටු කළේය. සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂා ක්ෂේත්‍රයන්හි ද හසළ බුද්ධිමතකු වන හේ පෙර අපර දිග දර්ශන විෂයෙහි ද සෞන්දර්යය විද්‍යාවන්හි ද පාරප්‍රාප්තියෙකි. අපෝහක භෞතිකවාදී චින්තාව ඔස්සේ සිය විචාර මංජුසාව කලතමින් මාක්ස්වාදී විචාරකයකු ලෙස අසූව දශකයේ මුල් භාගයේදී මහාචාර්ය ගම්ලත් ජනප්‍රිය මෙන්ම සක්‍රීය චරිතයක් බවට පත් විය.

සම්භාව්‍ය සාහිත්‍ය කෘති සහ විවිධ පරිවර්තන කෘති ද පළ කරමින් ඔහු දෙයාකාරව සිදු කළ සාහිත්‍යය සේවාව පුළුල් වපසරියකට උරුමකම් කියයි. නූතන සාහිත්‍ය සම්භාෂණය සහ විචාර කලාවේ රුව ගුණ විමර්ශනය කරමින් ඔහු සමඟ කළ කතාබහකි මේ.

ඔබ අඩසිය වසකට වැඩි සාහිත්‍ය පළපුරුද්දක් තිඛෙන විචාරකයෙක්. පතපොත පරිශීලනය නොකරන විධිමත් අධ්‍යනයක් නැති හැදැරීම්වලින් වියුක්ත වූ පරම්පරාවක් අතට අද සාහිත්‍ය කලාව පත්වී ඇති බව පෙනෙනවා. ලංකාවේ වර්තමාන සාහිත්‍යය සම්භාෂණය ඔබට ගෝචර වන ආකාරය පැහැදිලි කළොත්?

සාහිත්‍ය කියන්නේ සමාජයක තිඛෙන බුද්ධිමය සංවාදයක්. එහෙත් අද මේ කලාව විධිමත් අධ්‍යාපනයක් නැති, සාම්ප්‍රදායික භාෂා ශාස්ත්‍රය පිළිබඳ දැනුමක් නැති, බටහිර භාෂා ශාස්ත්‍රය ප්‍රගුණ නොකළ හිස් මිනිසුන් පිරිසක් අතට පත්වෙලා. පසුගිය වකවානුව තුළ අපේ සිංහල සාහිත්‍ය විශාල පරිහානියකට ලක්වී තිඛෙනවා. මේ සියල්ලටම හේතු භූත වූයේ ධනපති පන්තියේ අත්තනෝමතික ක්‍රියාකාරකම්. ඔවුන් හිතාමතාම කළ දරුණු අපරාධය තමයි මේ රටේ අධ්‍යාපනය විනාශ කිරීම. ඉංගී්‍රසි අධ්‍යාපනය විනාශ කිරීම ද බරපතල වරදක්. අද සාහිත්‍ය කලාව හා විචාරය වැටී තිඛෙනුයේ අඳුරු අගාධයකට. සාහිත්‍ය නමින් අද පළ වන්නේ මනෝගත වැල්වටාරම්. කසිකබල් භාෂාවෙන් ලියන මේ පොත්වලට රාජ්‍ය සම්මාන ස්වර්ණ පුස්තක, රජත පුස්තක, දියමන්ති පුස්තක ආදී මෙකී නොකීනම්වලින් සම්මාන පිට සම්මාන දෙනවා. මේ තුළ නිර්මාණකරණයේ නියැළෙන බොහෝ පිරිස අනාථ වූ දූපතක තනි වූ සරණාගතයන් හා සමානයි. වර්තමානයේ පළ වන බොහෝ සාහිත්‍ය කෘතිවලින් සම්භාව්‍ය සිංහල සාහිත්‍යය රීතිය හා භාෂාවේ ආධ්‍යාත්මය පිළිබිඹු වන්නේ නැහැ. පුරාතනයේ සිට පැවත එන සම්භාව්‍ය සාහිත්‍යයෙන් වියුක්ත වූ දූපත් සාහිත්‍යක් තමයි අද තිඛෙන්නේ. අද සාහිත්‍ය විචාරයක් නැහැ. විචාරකයන් යෑයි කියා ගන්නා ප්‍රචාරකයන් පවා අවරගණයේ සාහිත්‍ය කෘති අතිශයෝක්ති සහගතව උත්කර්ෂයට නංවමින් නන්දොඩවනවා. ඔවුන්ගේ කිසිදු විචාරයක් කෙරෙන් න්‍යායාත්මක විධික්‍රමයක් හෝ තර්කානුකූල ප්‍රකාශයක් විද්‍යමාන වන්නේ නැහැ. න්‍යායාත්මක පිහිටීමක් නැතිව පොතපත අඳුරේ අතපත ගාමින් ඉන්නවා. මේ නිසා අද ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රයම ජංජාලයක් බවට පත්වී තිඛෙනවා.

ඔබ මෙරට ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය දැඩි දෝෂදර්ශනයට ලක් කරන මහාචාර්යවරයෙක්. විශේෂයෙන්ම රටක චින්තන වින්දන ශක්තිය දියුණු තියුණු කිරීමෙහිලා පෙරමුණේරාල කෙනකු වන විශ්වවිද්‍යාලය ශාස්ත්‍රීය පක්ෂයෙන් විශාල පිරිහීමකට ලක්වී ඇති බව ඔබ අනවරතයෙන්ම අවධාරණය කරනවා. එහෙත් අද දැනුම ගලාගෙන නොයැමට ස්වභාෂා අධ්‍යාපනය ද ප්‍රධාන හේතුවක් වී ඇති බව පෙනෙනවා. අද විශ්වවිද්‍යාල තුළ පවා ද්වීභාෂික උගතුන්ගේ රික්තයක් දක්නට ලැඛෙනවා. නමුත් ඒ කාලේ මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි උගතුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය හරහා ශාස්ත්‍රීය පර්යේෂණ කරමින් විප්ලවීය මෙහෙවරක් ඉටු කළා. ඉංග්‍රීසිය අතහැරීම සහ පිරිවෙන් සරසවි කිරීම මේ බුද්ධිමය අන්ධකාරයට හේතු වූ බවයි මට නම් පෙනෙන්නේ?

ස්වභාෂා අධ්‍යාපන ක්‍රමය නිසා ඉංග්‍රීසි විතරක් නෙවෙයි සිංහලත් නැති වුණා. අද ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම විනාශ වී ගිහින්. බොහෝ විශ්වවිද්‍යාලවල කලා හා මානව ශාස්ත්‍ර පීඨ ගැන කතා කරන්නවත් දෙයක් නැහැ. මේ රටේ විශ්වවිද්‍යාලවල ඉන්න බොහෝ මහාචාර්යවරු සිංහල භාෂාව නිවැරැදිව උගන්වන්නේ නැහැ. මෙය බොරුවක් යෑයි කවුරු හරි මට අභියෝග කරනවා නම් මම ඒ පුද්ගලයා සමඟ සංවාදයකට වුණත් සූදානම්. අද දැනුම ගලාගෙන ගෙන යැමට ප්‍රධානතම හේතුව ස්වභාෂා අධ්‍යාපනයයි.

මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි උගත් බුද්ධිමත් ශාස්ත්‍රීය පර්යේෂණ කළේ උසස්වීම් ලබා ගැනීමේ පරමාර්ථයෙන් නෙවෙයි. නාට්‍යකරුවකු, විචාරකයකු හා සාහිත්‍යකරුවකු මෙන්ම දීප්තිමත් ගුරුවරයකු වශයෙන් තමා ලබාගත් දැනුම ඛෙදා දීමට මහාචාර්ය සරච්චන්ද්‍රයන් විශාල ප්‍රයත්නයක් ගත්තා. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙන්ම ඊට පරිබාහිරව වූ සමාජයේත් උසස් රසිකත්වයක් තිඛෙන පරම්පරාවක් ගොඩනැඟුණා. එහෙත් අද විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු ඉන්නේ රටේ ප්‍රධාන ඡන්දයක් එනකොට පක්ෂයකට පක්ෂපාතීව අත්සන් කරන්නයි. ටියුෂන් කඩ අරින්නයි විතරයි.

ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රයට අදාළව ‘විචාරය‘ නම් වූ ප්‍රපංචය අපට මුණගැසෙන්නේ එක්තරා ආකෘතික ස්වරූපයකින්. ඕනෑම විචාරකයකු තුළ මේ ආකෘතිය සැකසී තිඛෙන්නේ ඔහු දරන විවිධ මතවාද, ආකල්ප හා ඓ්ෂ්ටාවන්ගේ එකතුවෙන්. ඔබේ විචාර කලාවත් බොහෝ විට රැඳී පැවතුණේ මාක්ස්වාදී විචාර සිද්ධාන්ත මත. එහෙත් අද දියුණු ලෝකයට සමගාමීව සාහිත්‍ය කලා විචාරයත් විවිධ මතවාද හා න්‍යායන් ඔස්සේ විපරිවර්තනයට ලක්වී තිඛෙනවා. මේ සමග යාවත්කාලීන නොවීම හේතුවෙන් ඔබ ඇතුළු පුරෝගාමී විචාරකයන් පිිරිසක් තවමත් පරණ හොද්දම කාල්ගාන බව පෙනෙනවා.

මේ වනවිට ලංකාවේ සාහිත්‍ය විචාරකයක් නැහැ. අද ඉන්නේ විචාර විදූෂකයෝ. මේ විචාරවලින් ගම්‍ය වනුයේ ඔවුනට කිසිදු ශාස්ත්‍රීය කටයුත්තක් කිරීමට උගත්කමක් හෝ පුහුණුවක් නොමැති බවයි. රැල්ලට එන නව මතවාදවලට යටවීම භයානකයි. ඒ කාලේ මගේ විචාර සිද්ධාන්ත සියල්ල මාක්ස්වාදය මතයි රැඳී පැවතුණේ. කිසියම් කලා කෘතියක් කෙරෙන් මනුෂ්‍යයා මුහුණපාන දශාව ගවේෂණය කොට යම් ආලෝක ධාරාවක් රසිකයාට ලබාදීමට මං නිතර උත්සාහ කළා. ඒ වගේම මිනිසා වඩාත් සාර්ථක ලෙස සුසංවාදීව ජීවත්වීමට දරන ප්‍රයත්නය සාර්ථක නොවීමට හේතු භූත වනුයේ කවර කාරණා ද යන්න මගේ විචාර සිද්ධාන්තවල තිබූ මූලික දේවල් ලෙස සඳහන් කරන්න පුළුවන්.

ඒ කාලේ මාර්ටින් වික්‍රමසිංහ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, ගුණදාස අමරසේකර වැනි ලේඛකයන් පැරැණි සම්භාව්‍ය භාෂා ශාස්ත්‍රය හොඳින් ප්‍රගුණ කළා. මේ නිසා ඔවුනගේ බොහෝ නිර්මාණ විචාරශීලී අදහස් සහ මතවාදවලින් පිරී තිබුණා. නමුත් වත්මන් පරපුරේ බොහෝ දෙනෙක් එබඳු ගැඹුරු විචාරශීලී මතවාද ඉදිරිපත් කරන අය නෙවෙයි. හඩු භාෂාවෙන් ලියන කියන ඔවුන් බොහෝ දෙනකු තුළ එවැනි ශක්‍යතාවක් නැහැ. ව්‍යාජ දෘෂ්ටිවාද දෝතින් වැළඳ ගැනීමට අප ඉක්මන් විය යුතු නැහැ.

වත්මන් ලේඛකයන්ගේ කෘති නිර්දය ලෙස විවේචනයට ලක් කරන ඔබගේ නිර්මාණවල සහ හැදෑරීම් වපසරියෙහි ප්‍රබල වෙනසක් දක්නට නැහැ. එහෙත් සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත වැනි භාෂා ක්ෂේත්‍රයන්හි පාරප්‍රාප්ත වූ නිසාවෙන්ම ඔබ කෙරෙන් භාෂාත්මක බලයක් සහ ශාස්ත්‍රීය අහංකාරයක් දක්නට ලැඛෙන බව ඇතමුන් කියනවා. අනෙකා මෙල්ල කිරීමට ඔබ මෙය අවියක් ලෙස යොදා ගන්නා බවයි මට නම් පෙනෙන්නේ ?

මම භාෂා ශාස්ත්‍රය හොඳින් ප්‍රගුණ කළ කෙනෙක්. මම ලියන්නේ ප්‍රබල භාෂාවකින්. ඉතින් ඒ ගැන මට අභිමානයක් තිඛෙනවා. එහෙත් ඔබ කලින් සඳහන් කළ ශාස්ත්‍රීය අහංකාරය කියන වචනය මට තේරෙන්නේ නැහැ. හැබැයි ශාස්ත්‍රීය අහංකාරය තිඛෙන අය ඉන්නවා නම් ශාස්ත්‍රීය හිඟන්නොත් ඉන්න ඕනෑ. මගේ හැදෑරීම් සහ නිර්මාණ පිළිබඳ ඔබ ප්‍රශ්න කරනවා. මම ලෝකයේ දියුණු කියෑවීම්වලින් සන්නද්ධ වුණු කලා කෘති ඇති පදම් කියවපු ඒ පිළිබඳ ගැඹුරු හැදෑරීම් කරපු පුද්ගලයෙක්. එහෙත් ලෝකයේ තිඛෙන සේරම ජහ ජරා කුණුකන්දල් ඔළුවට දා ගැනීමේ වුවමනාවක් මට නැහැ. එක එක වාචාලයන්ගේ වහසි බස්වලට මම කලබල වෙන්නේ නැහැ. අද හැම තැනම ඉන්නේ වාචාලයෝ. අද විශ්වවිද්‍යාලවල බුද්ධිමතුන් නැහැ. මේ නිසා නව මතවාද පිළිබඳ තර්ක කිරීමට හෝ ශාස්ත්‍රීය විවේචන ඉදිරිපත් කිරීමට ඔවුනට නොහැකිවීම අරුමයක් නොවෙයි. එහෙත් විශ්වවිද්‍යාල පද්ධතියෙන් පරිබාහිරව ගොඩනැඟුණු ස්වයං අධ්‍යයනයන්හි නිරතවන තරුණ කල්ලි සහ කණ්ඩායම් කිහිපයක් පසුගිය කාලේ පාලු ගෙවල්වල වළං බින්දා. දැන් ඒ අයත් සුනාමියට ගහගෙන ගිහින්.

නූතන කලාව හා නූතන කලා ප්‍රකාශනය තුළ අනවරතයෙන්ම කලාව නව රූපකායන් ලබාගන්නවා. එහිදී සාම්ප්‍රදායික කලාව සහ සාම්ප්‍රදායික කලා ප්‍රකාශනය සමති ක්‍රමණයට ලක්වෙනවා. එමෙන්ම ඒ කෙරෙන් නව කලාවකට මං පෙත් විවර කර ගැනීමේ අවකාශයක්ද ලැඛෙනවා. ලාංකේය කලාවට සමගාමීව මේ රූපාන්තරණයේ තිඛෙන වෙනස ඔබ දකින්නේ කෙසේද?

අද මේ රටේ සාහිත්‍ය කලාවට වඩා චිත්‍රපට කලාව කෙරෙන් කිසියම් වූ සාධනීය වර්ධනයක් දක්නට ලැඛෙනවා. ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම වැනි තරුණ සිනමාකරුවන් නූතන කලාව ඉතා ගැඹුරින් අවබෝධ කොට ගෙන උසස් සිනමා කෘති නිර්මාණය කිරීමට උත්සුක වෙනවා. ඔවුන් අනවරතයෙන්ම සමාජය දෙස නූතනාත්මක අක්ෂියකින් බැලීමට පෙළැඹී තිඛෙනවා. මේක හොඳ ප්‍රවණාවත්. නිදසුනක් විදිහට ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ආකාස කුසුම් චිත්‍රපටය විශිෂ්ට ප්‍රයත්නයක්. එහෙත් ඒ පිළිබඳ ලියැවුණු ගැඹුරු සිනමා විචාරයක් තවම දක්නට නැහැ. මේ හැරෙන්නට චිත්‍ර කලාවේ නූතන කලා ප්‍රකාශනයන්ගෙන් පොහොණි වූ විකල්ප කලා කෘති එකක් දෙකක් දක්නට ලැඛෙනවා. නූතන කලාව සහ ප්‍රකාශන සමාජගත කිරීමට ගිය බොහෝ දෙනකුට නිතරම රැවුම් ගැරැහුම් ගල් මුගුරු එල්ල වෙන්න පටන් ගත්තා. ඔබ කියන නූතන කලා රූපකායන් ලබා ගැනීමට නම් සමාජයත් නුතන විය යුතුයි.

සාහිත්‍යකරුවාගේ භූමිකාව විශ්වය තුළ කුමන ආකාරයක වේෂයක් ගන්නේ දැයි ඇතැමුන් ප්‍රශ්න කරනවා. මං ඒ ප්‍රශ්නය ඔඛෙන් අහනවා.

සැබෑ සාහිත්‍යකරුවා යනු සාහිත්‍ය යනු මානව වර්ගයාගෙන් ආඪ්‍යතරව ද සුසංවාදීවද කුසුමිතවද ජීවත්වීම සඳහා පන්ති සමාජයටත්, ස්වභාව ධර්මයටත් එරෙහිව අනවරත අරගලයක යෙදෙන පුද්ගලයෙක්. ඔහු බස මගින් මේ වේදනාබර අරගලය සර්ව පාක්ෂිකත්වයෙන් ප්‍රති නිර්මාණය කරනවා. එමෙන්ම මේ අරගලය තුළදී මිනිසුන් නව ඥාන විශේෂ ද නව ශක්‍යතා ද නව නිපුණතා ද අත්පත් කර ගන්නා බව පෙනෙනවා. මේ සියල්ල සාහිත්‍ය නිර්මාණ තුළ ගැබ් වෙනවා. මේ නිසා ඒ හා සම්පර්තයකට එළැඹෙන්නාවූ සහෘදයන්ගේ ඥන මණ්ඩලයේ නිම්වළලු ප්‍රසාරණය වීමට ද පටන් ගන්වා. මෙහිදී මිනිසුන් සාපේක්ෂ ජයග්‍රහණවලින් සුඛ ප්‍රහර්ෂයටත් සාපේක්ෂ පරාජයන්ගෙන් ශෝක සන්තාපයටත් පත්වෙනවා. පන්ති සතුරාට වෛර කිරීම, මිතුරාට මෙත් සිත් වැඩීම, යෝධ බාධක අභියස බියවීම, පන්ති සතුරාගේ ඇතැම් කටයුතු දෙස ජුගුප්සාවෙන් බැලීම වැනි දෑ සියල්ල සාහිත්‍ය තුළට ගලා ඒමත් සිදුවෙනවා.

මේ නිසා එය ඇසුරු කරන සහෘද රසික- පාඨක ප්‍රජාවගේ මනෝභාව මණ්ඩලයේ විශාල වෙනස්කම් සිදුවීමටත් පුළුවන්. මේ අනුව සාහිත්‍ය ඇසුරු කරන සූකුමාරමතිකයා ලෝකයේ ලෝකවාසීන්ගේ ජීවන අරගලයත්. ජීවිතයත් රසාත්මක ලෙස ස්පර්ශ කරන බවක්ද පෙනෙනවා. සාහිත්‍යකරුවාගේ ජීවන ධාරිතාව පෘථුලවූත්, ඉගැඹුරුවූත් දෙයක් බවට පත්වීම මගින් ඔහුගේ සාහිත්‍ය භූමිකාව ද විශිෂ්ටත්වය කරා ළං වෙනවා. එහෙත් වත්මන් සාහිත්‍යකරුවා මෙකී සියල්ලෙන් වියෝවූ පුද්ගලයෙක්.

පසුගිය දශක කිහිපය තුළ ලංකාවේ බුද්ධිමතුන් දෙකට ඛෙදීමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණා. මෙරට පැවැති ජනවාර්ගික යුද්ධයට සමගාමීව කට්ටියක් එන්. ජී. ඕ. වෙනකොට තවත් කට්ටියක් නිකම්ම ජාතික වුණා. ජාතික - අන්තර්ජාතික වශයෙන් ඛෙදී වෙන් වුණ නිසා මැද පෙළේ බුද්ධිමතුන්ගේ අවකාශය අහිමි වී ගියා. චින්තනය බටහිර හා දේශීය වශයෙන් ඛෙදීම පිළිබඳ ඔබේ ආකල්පය කෙබඳු ද?

ලංකාවේ බුද්ධිමතුන් අතර ඛෙදීමක් පිළිබඳ කතා කරනවට වඩා බුද්ධිමතුන් කියා පිරිසක් සිටිනවා දැයි සොයා බැලීම වැදගත්. මා දන්නා තරමින් මේ රටේ. බුද්ධිමතුන් සියල්ල වඳ වී ගිහින්. අද විශ්වවිද්‍යාලවල පවා බුද්ධිමතුන් දක්නට නැහැ. බුද්ධිමතුන් යෑයි කියා ගන්නා පිරිස පවා එකිනෙකාට විකිණෙමින් සිටිනවා. බුද්ධිමතකු යනු කවරකු දැයි අපි මුලින්ම නිර්වචනය කළ යුතුයි.

බුද්ධිමතකු හැමවිටම පවතින චින්තන ධාරාවට එරෙහිව නැගී සිටින අදීන පුද්ගලයෙක්. ඔහු සම්ප්‍රදාය සමතික්‍රමණයකට ලක් කරන්නෙක්. එහෙත් ලංකාවේ කිසිදු තැනක එබඳු බුද්ධිමතුන් දක්නට නැහැ. 19 වැනි සියවසේ පමණ රුසියාව වගේ රටවල අදීන බුද්ධිමතුන් ජීවත් වුණා. ඔවුන් බොහෝ දෙනෙක් ක්‍රම විරෝධීන් ලෙස සිරබත් කෑවා. චින්තනය බටහිර හා දේශීය වශයෙන් ඛෙදීම වැරැදියි. අපේ පුරාතන සාහිත්‍ය පවා ජාත්‍යන්තරකරණයට ලක්වී තිඛෙනවා.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර සහ ගුණදාස අමරසේකර මෙරට බිහිවූ විශිෂ්ටතම සාහිත්‍යධරයන් දෙදෙනකු ලෙස ගිණිය හැකියි. සරච්චන්ද්‍ර ව්‍යාජ දේශපාලන චින්තන ගැන නවකතා ලිවීමට පෙළැඹුනේ නැහැ. එහෙත් ගුණදාස අමරසේකර ඔහුගේ ප්‍රතිභාව මොට කර ගනිමින් තවදුරටත් මේ ව්‍යාජ මතවාද පෝෂණය කරන වාර්තාමය නවකතා ලියමින් ඉන්නවා. මෑතකදී අසූවිය සපිරූ ගුණදාස අමරසේකරයන්ගේ සාහිත භූමිකාව පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ?

ගුණදාස අමරසේකර තමයි දැනට ජීවතුන් අතර සිටින විශිෂ්ටතම සාහිත්‍යධරයා. ඒ පිළිබඳ විවාදයක් නැහැ. එමෙන්ම ඔහු අපට සිටින රමණීය කවියෙක්. එහෙත් ඔහුගේ මෑතකාලීන නිර්මාණ පිළිබඳ අපට සෑහීමකට පත් වෙන්නේ බැහැ. ඒ කෙරෙන් ගම්‍යමාන වනුයේ ඔහුගේ දෘෂ්ටිවාදාත්මක බංකොළොත් භාවයයි. අමරසේකරගේ මෑතකාලීන නිර්මාණ අසාර්ථකවීමට ප්‍රධානතම හේතුව ඔහුගේ ගැමි දෘෂ්ටිවාදයයි. ඔහු හැමවිටම ගැමි තරුණයාට ස්වාධීන කාර්ය භාරයක් ඇතැයි වරදවා වටහා ගත්තා. අමරසේකර මාක්ස්වාදය හදාරපු පුද්ගලයෙක් නෙවෙයි. සුළු ධනේෂ්වර පන්තියේ කාර්යභාරය හැමවිටම පවතින ධනපති පන්තියට පන්දම් ඇල්ලීමයි.

ගැමි තරුණයන්ගේ කියුම් කෙරුම් අපට අවස්ථා කිහිපයකදීම දක්නට ලැබුණා. 71 කැරැල්ල, 88, 89 භීෂණය, හා එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදයෙනුත් මේ බව මොනවට පැහැදිලි වුණා. අද අමරසේකරගේ නිර්මාණලින් විද්‍යමාන වනුයේ අපසරණයක්. එහෙත් මේ තුළින් අමරසේකර නම් වූ විශිෂ්ට සාහිත්‍යධරයාගේ ඓතිහාසික කාර්යභාරය නිශේධනය වන්නේ නැහැ. මට හිතෙන විදිහට ඔහුගේ සාහිත්‍ය මෙහෙවර තවමත් නිසි ඇගයුමකට ලක් වී නැහැ.

[මෙම ලිපිය මුල්වරට 2009 දෙසැ 6 වැනිදා 'දිවයින' පුවත්පතෙහි පළ විය.]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Sucharitha Gamlath, Gunadasa Amarasekara, Classic Languages, Classical Critique on Literature, Prasanna Withanage, Akasa Kusum, Contemporary Writers, Pali Language, Sanskrit Language, Materialism, Marxism, Marxist Critique on Literature
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ශෂි ප්‍රභාත් රණසිංහගෙන් තවත් වියමන්
කරන්ට්ස්
යුගයක නිමාව
වෙසෙස්
විචාරක විදු පහන නිවී ගියේය....!
තවත් සූකිරි කතා-බස්
ඇත්තටම කවුද මේ ප‍්‍රදීප් මැතිව්?
ඒ මිනිස් අරගලයට මම හිස නමනවා! -මො.ල. සෙනෙවිරත්න
"බොහෝ ලේඛකයන් බයයි ඇත්ත කථාකරන්න!"- අශෝක හඳගම සමග කතාබහක්
"මට අවශ්‍ය අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත්ද යන්න පෙන්වීමටයි."- නිශ්ශංක විජේමාන්න
"මේක හාඩ්වෙයාර් එකක යකඩ කපන එකෙකුගේ වැඩක්!"- නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්
BoondiLets
හරුකි මුරකාමි ලියයි.
මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook