Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
අර්බාත් දරුවෝ
බූන්දි, 03:24:06
.........ශ්‍රේෂ්ඨතම රුසියානු ලේඛකයා පුෂ්කින්ය! ඔහු** සියල්ල වටහා ගත්තේය, සියල්ල ගැන අනුමාන කළේය. සියල්ලටම දක්ෂ විය. පීටර්ගේ ප්‍රතිරූපය විනිවිදයාම පමණක් කෙතරම් වටිනේද! යකඩ මූක්කච්චියෙන් - ඔහු සිටුවීය රුසියාව එක පිම්මෙන්! ඔහුගේ නිර්මාණ ජීවිතයේ ශිඛරය "බරීස් ගොදුනොව්ය" ය: "අපගේ මෝඩ ජනතාව වහා රැවටෙන සුළුය; ආශ්චර්යයන්ගෙන් සහ අපූරු දේ වලින් මවිත වීමට කැමතිය"; ප්‍රභූහු ගොදුනොව් තුල මෙනෙහි කරති සිය සමානකයන්... නුඹ කපටිනම් දැඩිනම්...." නියත ලෙසම පවසා ඇත! "මෝඩ බව සහ වහා රැවටෙන සුළු බව" - ඒ ජනතාවගේ හරයයි. "කපටිකම සහ දැඩි භාවය - ඒ ඔහුගේ** බලයේ හරයයි. "මෙනෙහි කරති සිය සමානකයන්" - ඒ ඔහුගේ** විරුද්ධවාදීන්ගේ හරයයි..........

.......බලය සඳහා අරගල කරන තාක් තමන්ගේ ජීවිතය කිසිදු වටිනාකමකින් තොරය. එහෙත් බලය අත්කර ගත් විට ජීවිතය යනු ජයග්‍රාහකයාට ත්‍යාගයකි. දැන් ජයග්‍රාහකයා ඔහුය. ජීවිතය රැකගැනීමට ඔහුට** පුළුවන. මක් නිසාද යත් බලය රැකගැනීමට ඔහුට** පුළුවන.

සියළු විප්ලවවාදීයෝ ජීවිතය පරදුවට තබති. ඔහුත්** පරදුවට තැබුවේය, එහෙත් ප්‍රවේසම් කාරි විය. බකු වලට පැමිණෙමින් ඔහු තෙල් ළිං අසලින් මුහුදු වෙරළ දිගේ පයින් ඇවිද ගියේය. වෙහෙසට පත් වූ විට අඩිපාර මත හිඳගෙන මුහුණ සූර්‍යයා වෙතට හොවා ගත්තේය. පහළ මාවත දෙසත් තෙල් ළිං දෙසත් මුහුද දෙසත් බැලුවේය.

විප්ලවවාදියෙකු මෙහෙයවන්නේ කුමක්ද? ඔහුව කටු සහිත මාර්ගයක රැගෙන යන්නේ කුමක්ද? පරමාදර්ශයක්ද? පරමාදර්ශයන් බොහෝ දෙනාට තිබේ. එහෙත් ඒ සියළු දෙනාම විප්ලවවාදියෝ වෙත්ද? මානව ප්‍රේමයද? මානව ප්‍රේමය යනු වැනෙන්නන්ගේ, බැප්ටිස්ට්වරුන්ගේ සහ තෝල්ස්තොයිවරුන්ගේ දෛවයයි. නැත! පරමාදර්ශය යනු විප්ලවවාදියකු සඳහා කටකලියාවක් පමණි. පොදු යහපත, සමානාත්මතාව, සහ සහෝදරත්වය, නව සමාජය, සමාජ වාදය, කොමියුනිස්ට් වාදය යනු ජනතාව අරගලයට නැගී සිටුවන උද්‍යෝග පාඨ පමණකි. විප්ලවවාදියා යනු චරිත ස්වභාවයකි. තමන්ගේම නින්දනීයත්වයට එරෙහි විරෝදයකි. තමන්ගේම පෞරුෂය තහවුරු කිරීමකි. ඔහුව*** පස් වතාවක් අත් අඩංගුවට ගනු ලැබිණි. පිටුවහල් කරනු ලැබිණි. ඔහු** පිටුවහලෙන් පැන ගියේය. සැඟවී සිටියේය. කුසගින්නේ සිටියේය. නොනිඳා සිටියේය. ඒ සියල්ල කුමක් වෙනුවෙන්ද? තමන්ගේ පොහොර ගැන හැරුණු කොට අන් කිසිවක් දැන ගැනීමේ අපේක්ෂාවක් නැති ගොවියන් වෙනුවෙන්ද? "නිර්ධන පන්තිය" වෙනුවෙන්ද? - ඒ වැඩ අශ්වයන් වෙනුවෙන්ද? බකු වලදී ඔහු බයි ලොව් හි පිහිටි බැරැක්ක වල නිතර රෑ ගතකළේය. "කම්කරු පන්තිය" හොඳින් දුටුවේය. එම බකු අවධියෙහිදි ඔහු ඒ වන විට කැපී පෙනෙන පක්ෂ ක්‍රියා කාරිකයෙකුව සිටියේය.බකු හි බොල්ෂෙවික්වාදයේ නායකයා විය. ඒ ගැන ප්‍රශ්න කිරීමට දරන කවර ආකාර වූ හෝ ප්‍රයත්නයන් අනිසි ප්‍රයත්නයන් වේ. එම ප්‍රයත්නයන් කරටියෙන් කඩා දැමීමට ඔහුට** පුළුවන.

ස්ටාලින් පුටුවෙන් නැගිට්ටේය. කොහේ හෝ හිසට උඩඉන් මී මැස්සෙකු පියාසර කළේය. කන අසලම ගුමු ගුමු නාද නැංවීය. ස්ටාලින් අත ගසා ඌව පලවා හැරියේය. ඌ ඉගිල ගොස් මේසය මත වැසුවේය.අළු බඳුනට බඩ ගෑවේය. ඔහු ක්ල්යුච්ව්සිකිගේ වෙළුමකින් ඌව තලා දැම්මේය.

"තුච්ඡයි". ඔහු ජෝජියානු භාෂාවෙන් කීවේය.........

[ඔහු** - ස්ටාලින්]

-[පසන් කොඩිකාර විසින් සිංහලට නැගූ, රුසියානූ ලේඛක අනතොලී රිබාකොව් ගේ "Children of Arbath" (අර්බාත් දරුවෝ)]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Children of Arbath by Anatoly Rybakov
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
පළතුරු සහ චාරිත්‍රය
ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!
මතක පෙට්ටි සහ ගින්දර
මිත්‍රත්වයේ ගිනිසිළුව
BoondiLets
සතුට...!
එක් මිනිසෙක් බුද්ධ හමු වී මෙසේ කිවුවා.
"මට සතුට අවශ්‍යයි!"

එවිට බුද්ධ කීවා;
"මුලින්ම මට යන්න ඉවත් කරන්න. ඒ මමත්වයයි.
ඉන්පසු, අවශ්‍යයි යන්න ඉවත් කරන්න. ඒ තෘෂ්ණාවයි.... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook