Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
සිත්තර බූන්දි
දෘශ්‍යමය ස්‌වප්නය සහ 'ඩාලි' ගේ සෞන්දර්ය රසඥතාව
බූන්දි, 22:35:23
ජීවිතය රසයකි. ජීවිතය රසයෙන් පිරුණු කලාවකි. කලාව ජීවිතයකි. කලාව ජීවිතයෙන් පිරුණු රසයකි. කලාව පිරුණු ජීවිතය රසවත්ය. කලාවෙන් ජීවිතය පුරවාගත් හදවත රසවත්ය. ලොවක්‌ රසවත් වන්නේ එවන් හදවත්වලිනි. ලොවක සුන්දරත්වය රැඳෙන්නේ එවන් හදවත්වලය. කලාව ජීවිතය බවට ඌනණය වෙමින් පවත්නා මොහොතක කලාවේ වටිනාකම අති මහත්ය. ජීවිතය පිළිබඳ පවසන, ජීවිතය පිළිබඳ කියාදෙන කලාව සතු අගය කිරීම් ඉමහත්ය. කලා කෘතියක්‌ අප අපගේ හැඟීම් නවතිනුයේ එනිසාය. දෑස ඉවතට ගැනීම අමතකව යන්නේ එනිසාය. කලා කෘතිය තුළ ජීවත් වූයේ අපේම ජීවිතය නිසාය. කලා කෘතියෙහි හැඟීමට අපට අවනත වීමට සිදුවේ. වර්ණ, රේඛාවලින් සැදි ජීවිතය සමීපයෙහි අපට නවතින්නට සිදුවේ.

ජීවිතයෙහි නොවක්‌ සුන්දරත්වයන් උකහා ගනිමින් නිර්මිත සිතුවම කලාවේ වර්ණවත් ජයග්‍රහණයකි. සකල කලා පරාජය කිරීමේ සෞන්දර්යාත්මක පිරිපුන් බව දෘශ්‍ය කලාව සතුව පවත්නා හෙයිනි. නිර්මාණකරුගේ සිතැඟි කැන්වසයෙහි එක්‌තැන් වුවද දැනෙන රසවත් බවේ හිමිකම නිර්මාණකරුට පැවරිය නොහැකිය. රසය අනන්‍යය. වචන දහසකින් වුව විස්‌තර කළ නොහැකි රසය, රසවත් බවක්‌ම පමණකි. යුග යුග පරයමින් වෙනස්‌ ලකුණු දරමින් නිර්මිත සෑම දෘශ්‍යමය පතයක්‌ම එකී රසවත් බවට රසවත් බවක්‌ එකතු කර ඇත. යථා ලෝකයෙහි සංස්‌පර්ශය ලබන රසයකට වඩා කිසිදා නොදත් රසවත් බවක වෙළෙන්නට රසික සිත් නොතිත්ව ප්‍රිය කරති. අමුත්ත නැවුම්ය. අමුත්ත පුදුම සහගතය. අමුත්ත රසවත්ය. සත්‍ය ජීවිතය හා සාම්‍ය නොවන පැවැත්ම ආශ්චර්යකි. තත්‍ය ජීවිතයෙන් දූරස්‌ථත රසයක්‌ සොයන අධිතත්‍ය පථය මෙහිලා වෙසෙස්‌ වන්නේ එහෙයිනි. කාව්‍යාත්මක ලෙස රූපකාත්මක බස්‌ වහරින් ජීවිතය පිළිබඳ ඉඟි කරන එය සෞන්දර්යාත්මක ප්‍රහර්ෂයේ තෝතැන්නයි.

නූතනවාදී සලකුණු සමඟින් සංඥාර්ථවේදී එළඹුමකට පත් වූ දෘශ්‍ය කලාව සෞන්දර්ය පිළිබඳ අධියථාර්ථවාදී ප්‍රවේශයකට එකතු විය. ධනේශ්වර සමාජ ක්‍රමයෙහි පවත්නා සංස්‌කෘතියට අභියෝග කරමින්, කැන්වසය මත ගැඹුරු විශ්ව රූපීභාවයක්‌ චිත්‍රගත කිරීමෙහිලා අධියථාර්ථවාදී ශිල්පියා පෙර නොවූ විරූ තේමා, රේඛා හා වර්ණ අමුතු ආකාරයෙන් හැසිරවීය. 'ආන්ද්‍රෙ බ්‍රිටොන්'ගේ (Andre Breton | 1896-1966) මූලිකත්වයෙන් ගොඩනැගුණු මෙකී නව දෘශ්‍ය ප්‍රවේශය, සහජාශය, අවිඥානය, ස්‌වප්නය කලාවට කැඳවා ගනිමින් මනෝවිද්‍යාත්මක ප්‍රවේශයකින් සෞන්දර්ය වර්ණනා කළේය. පියවි ලෝකයෙහි ජීවය සදිසි මිනිසුන් වෙනුවට අද්භූත ජීවීන් සොයමින් අද්භූත ලෝකයක්‌ වටා ගිය අධියථාර්ථවාදී ශිල්පීහු, විස්‌මිත් ජීවයක්‌ දුටු සැණින් එය තම කැන්වසයෙහි චිත්‍රණය කළහ. 'සැල්වඩෝර් ඩාලි' (Salvador Dali | 1904-1989), 'රෙනේ මැග්‍රිට්‌' (Rene Margritte 1898-1967), 'ජෝජියෝ චිරිකෝ' (Giorgio de Chirico |1888-1978), 'පෝල් ඩෙල්වෝ' (Paul Delvaux |1897-1994) ආදී ශිල්පීන් අතර ඩාලි වෙසෙස්‌ කොට සැලකිය හැකි අයෙකි.



සැල්වඩෝර් ඩාලි (1904-1989)

තාත්වික ලෝකයෙහි පවත්නා සියල් සංස්‌කෘතික පුරුෂාර්ථ පසෙකලා යථාර්ථය හා ස්‌වප්නය යා කරමින් චිත්‍රය හැසිර වූ 'සැල්වඩෝර් ඩාලි', අධියථාර්ථවාදයේ ගැඹුරු විශ්ව රූපීභාවයක්‌ සාක්‍ෂාත් කරගත් ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පියෙකි. 'ආන්ද්‍රෙ බ්‍රිටොන්' හඳුන්වා දුන් අධියථාර්ථවාදී ප්‍රවේශයෙහි ගමන් කරමින්, මුදල මත පදනම්වත්ම ධනේශ්වර පුද්ගල මානුෂිකත්වය විනාශ වන අයුරු නිරූපණය කළ ඔහු කලාවේ මෙතෙක්‌ පැවති සුසමාදර්ශ විනාශ කරමින් තාත්වික ලෝකයෙහි දර්ශනයන්ගෙන් සපුරා වියුක්‌ත වූ කාල්පනික ලෝකයක්‌ කැන්වසයෙහි රැඳවීය. ලොව පුරා රටවල් සමාජවාදී දේශපාලන උණුසුම වැළඳගනිමින් සිටි වකවානුවක ධනවාදී අර්ථ ක්‍රමයෙහි සමාජ ප්‍රතිරෝධයන්ට එරෙහි වූ ඔහු, චිත්‍රය මතු නොව ඡායාරූප ශිල්පය, මූර්ති ශිල්පය, ලේඛන කලාව හා සිනමාව විෂයෙහිද අධියථාර්ථවාදී විය. අසාධ්‍ය ආත්ම කේන්ද්‍රීයතාවයෙන් යුතු වුවත් 'ඩාලි'ගේ සිතුවම් කාව්‍යමය පරිකල්පනාවන් හුවා දැක්‌වීමේ නිසග බලයකින් සමන්විත විය. අප ජීවත්වන සමාජය කෙරෙහි සිතැඟි පවත්නා නුරුස්‌සන ස්‌වභාවය සෞන්දර්යාත්මක ප්‍රවේශයකින් කැන්වසය මත කැටි කර ඇති හෙයිනි. සමස්‌ත පඨිතයෙන් වචන දහසකින් විස්‌තර කළ නොහැකි තරම් වන සංකීර්ණ අදහසක්‌ නිර්මාණාත්මකව නිමහම් කිරීමට 'ඩාලි' සතු ප්‍රතිභාව විශිෂ්ටය. ඔහුට අනන්‍ය සංඥාර්ථවේදී එළඹුමෙන් වුව බහු පාඨන ස්‌වරූපයක්‌ දෘශ්‍යමය පඨිතයට එකතු කිරීමට සමර්ථ වූ හෙයිනි.



'ඩාලි'ගේ චිත්‍ර සිහින ආකෘතිවලට බෙහෙවින් සමානය. සිහිනයක පිළිබිඹු වන චෛතසික තත්ත්වය ඔහුගේ චිත්‍රයෙන්ද මැනවින් විශද වන හෙයිනි. කලාත්මකව හෝ දේශපාලනිකව හෝ යථා ලෝකයෙහි දෘශ්‍යමාන ස්‌වරූපය මහත් කොට නොසැලකූ ඔහු, අවිඥානික බලවේගයන්ට පණ පොවා එයින් යථා ලෝකයෙහි දෘශ්‍යමානය අතික්‍රමණය කළේය. ඔහුගේ නිර්මාණාත්මක බලවේගය වූ ස්‌වප්නය එම කාර්යට සහාය වුණු අතර එමගින් විශ්වීය සත්‍යයක්‌ පිළිබ`ද දෘශ්‍යමය පෙරළියක්‌ සිදු කිරීමට ඔහු සිය ප්‍රතිභාව මෙහෙයවීය. 'The Persistence of Memory (1931) යනු 'ඩාලි' එලෙස නිර්මාණය කළ අස්‌වාභාවික, අද්භූත ස්‌වප්නමය නිර්මාණයකි. ඔරලෝසු මුහුණතක්‌ තෙත තුවායක්‌ මෙන් මියගිය ගසක අත්තක වනා ඇත. තවෙකක්‌ අප්‍රාණික වූ මාළුවෙක්‌ මත වැගිරී ඇත. අනෙක්‌ දුර්වල ඔරලෝසුව කුහුඹුවන් විසින් ගිජු ලෙස කා දමනු පෙනේ. ඔරලෝසුවල දියවීම සටහන් කරන 'ඩාලි', ඔරලෝසුවෙන් මනිනු ලබන කාලය හා මනුෂ්‍ය සන්තානගත මතකය අතර තත්පර - විනාඩි - පැය - දින - වසර ආදී වශයෙන් වන සබඳතාව පිළිබඳ සම්මතය ඉක්‌මවා යමින්, නවීන මනුෂ්‍යයාගේ විඥානගත තලයෙහි අවිච්චින්නතාව මැනවින් නිරූපණය කොට දක්‌වයි. අසම්මත බවින් යුතු කල්පිත කාලයක්‌ නිර්මාණය කරන ඔහු අප දන්නා කාලය පිළිබඳ සියලු නිර්ණායක නිෂ්ප්‍රභ කරයි.



Dream Caused by the Flight of a Bee Around a Pomegranate One Second Before Awakening (1944) සිතුවමෙන් 'ඩාලි' මෙකී සිහිනමය ස්‌වරය මැනවින් සංස්‌පර්ශ කළේය. අවදි වීමට තත්පරයකට පෙර දකින ලද සිහිනයක ස්‌වරූපයක්‌ ගත් සිතුවම රසිකයා සිහින ලොවට කැඳවයි. ඇයගේ සිරුර නිරුවත්ය. මුළුමනින්ම හිරුට නිරාවරණ වූ සමුදුර මත පාවෙන ගල් තලය ඇයට යහනක්‌ සදයි. හිසකෙස්‌ තෙත් බවින් යුතු වුවත්, තවමත් පාදයක්‌ ජලයෙන් සිසිල් වුවත් ඒ කිසිවක්‌ ඇයගේ නින්දට බාධාවක්‌ නොවේ. අතිශය දික්‌ වූ සිහින් පාද සහිත කුඩා හස්‌තියෙක්‌ ඇය අසලින් ගමන් කරයි. අනන්ත වූ ක්‍ෂිතිජය සොයන මෙම හස්‌තියා සමුදුර තරණය කිරීමට වෑයම් කරයි. විශාල දෙළුම් ගෙඩිය පලාගෙන මත්සයෙකු එළියට එයි. මත්සයාගේ මුඛය විශාල කරමින් ඒ මතින් කොටියකු එළියට පනී. එයින් නොනැවත එම කොටියාගේ මුවින් තවත් කොටියකු ඇය සමීපයට පනී. කොටියා සිය අත රැඳී තුවක්‌කුවෙන් ඇයගේ දකුණු අත ස්‌පර්ශ කරයි. සිහිනයකදී හමුවන විකාර රූපී ස්‌වරූප සියල්ල කැටි කරමින් 'ඩාලි' මෙම සිතුවම චිත්‍රණය කර ඇත.



The Face of Mae West (1934-1935) හිදී 'සැල්වඩෝර් ඩාලි' මනුෂ්‍ය භාවය උපයෝගිතා භාණ්‌ඩයක්‌ බවට පත් කරයි. මිනිස්‌ පැවැත්ම ද්‍රව්‍යකරණය කරයි. පඨිතයෙන් රූපකාර්ථවත්ව ගම්‍ය කරගත යුතු බාහිර යථාර්ථයක්‌ සම්බන්ධයෙන් ආකෘතිකමය ඉඟියක්‌ මෙයින් සැපයේ. සිතුවම බැලූ බැල්මට කාන්තා මුහුණකි. එහි රතු පැහැති ස්‌ත්‍රී දෙතොල සෝපාවකි. නාසය උදුනකි. දෙනෙත බිත්තියෙහි එල්ලූ පින්තූර දෙකකි. කාමරය වට අලංකාර තිර රෙද්දක්‌ ලෙස සිතුවම් වන්නේ ඇයගේ වරලසයි. 'ඩාලි' ස්‌ත්‍රී මුහුණ කාමරයක්‌ බවට පරිවර්තනය කරයි. එනම්, ස්‌ත්‍රීත්වය උපයෝගිතා භාණ්‌ඩයක්‌ බවට පත් කිරීමයි. කාමරය ස්‌ත්‍රියගේ සිනහව, උණුසුම, දර්ශනය ආදී සියල්ල සහිත වූයෙන් එයින්, ලිංගිකමය වූත්, පුරුෂෝත්තමවාදී වූත් අර්ථයක්‌ සැපයේ. ස්‌ත්‍රිය ද්‍රව්‍යකරණය වීම පිළිබඳ හඟින්නට සමාජය දරන තැත සිතුවම් කරමින් රූපකය හා රූපකාර්ථ මැනවින් සංයෝග කොට පැහැදිලි බුද්ධිමය යථාර්ථයක්‌ ගම්‍යමාන කිරීමෙහිලා 'ඩාලි'ගේ මෙකී වෑයම ප්‍රශස්‌තය.

එකම ශරීරය තුළ ස්‌ථානගත වී සිටින ස්‌ත්‍රියගේ හා පුරුෂයාගේ ඒකමිතික රූපයක්‌ දැක්‌වෙන Auto sodomissed by his Own Inspiration චිත්‍රයෙන් 'ඩාලි' ගැඹුරු දේශපාලන දර්ශනයක්‌ ගෙන එයි.



එකම පුද්ගල ශරීරයෙහි ස්‌ත්‍රියද, පුරුෂයාද සිටියි. අඳුරු ලෝකයක සිටින ඔවුන් දෙදෙන වියරු වී සිටී. අඳුරු ලෝකයක එම පුද්ගලයා වියරු වී සිටී. තමා විසින්ම තමා සමගම එකම ක්‍රියාවක යෙදී සිටියි. හුදෙක්‌ දේශපාලනිකාර්ථ පමණක්‌ නොකියවෙන චිත්‍රයෙන් ලිංගිකාර්ථමය අරුත්ද උපදවන්නට 'ඩාලි'ට හැකි විය. දෙවන ලෝක යුද්ධයෙන් හා ස්‌පාඤ්ඤ සිවිල් යුද්ධයෙන් ජීවය ලද 'ඩාලි', රේඛා, වර්ණ ඔස්‌සේ සිතුවම් කළේ තමන් අත්දුටු එකී යථාර්ථයයි. කාලය පිළිබඳ සම්මත අදහස්‌ බොඳව යන යුගයක තමන්ගෙන්ම ගලා එන රුධිරයෙන් සිතුවම්කරණයෙහි නියෑලෙන ඔහුගේ සහ ඇයගේ කාර්ය අස අපගේ හදවත සසල කරවන ‘ඩාලි‘, සුදු පැහැ සාමකාමී පරිසරයක වුව යුද්ධයෙහි බියකරු බව දැනවීමට තරම් සුදක්‍ෂයකු විය. මෙලෙස, ගැඹුරු දේශපාලන සහ සමාජ ආස්‌ථාන මතු කරමින් සමාජ යථාර්ථය සංකේතානුසාරයෙන් පින්සලට ගත් 'ඩාලි' චිත්‍රණය කළ විස්‌මිත නිර්මාණ සමුච්චය ප්‍රශස්‌තය. සෞන්දර්යාත්මකය. රසවත්ය. සෞන්දර්ය පිළිබඳ රසවත් කියවීමක්‌ වෙනුවෙන් එකී දෘශ්‍යමය සිහින සතු සුන්දරත්වය අපරිමිතය.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Surrealism, Magic Realism, Socialist Art against Capitalism, Symbolism, Modern Art
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
උදේෂිණි කුමාරි දයාරත්නගෙන් තවත් වියමන්
සිත්තර
භාවාත්මක උත්කර්ෂණයක රැඳුණු මැග්‍රිට්‌ගේ කාව්‍යාත්මක සිත්තම් කලාව
අදහස්
නිර්මාණය සහ රසිකයා සමීප කරන, විචාරක කාර්යය
වෙසෙස්
සදාකාලික ආදරයේ වියපත් ප්‍රහර්ෂය සහ ගාර්සියා මාර්කේස්
තවත් සිත්තර බූන්දි
ගුවෙර්නිකා යථාර්ථය!
"දූපතෙන් එහා කලාව ගැන අවදියෙන් ඉන්න වෙනවා!"- ප්‍රගීත් රත්නායක
සිබිල්ලන්තයේ විශ්මය හෙවත් වියපත් නොවන සිඟිත්තිය
"මම අඳින්නෙ මිනිස් හැඟීම්"- හෂිනි චන්ද්‍රසිරි
"දිව-ලොප්" ජාතියක් ඇතිවෙලා...!- චන්ද්‍රගුප්ත තේනුවර
BoondiLets
අන්ද්රේ තර්කොව්ස්කි කියයි.
අධ්‍යක්ෂකවරයාගේ කර්තව්‍යය වන්නේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීමයි. එහි චලනයන්, ප්‍රතිෂේදයන්, ගතිකයන්, සංඝට්ටනයන් ප්‍රතිනිර්මාණය කිරීමයි. ඔහුගේ යුතුකම වන්නේ ඔහු අනුදක්නා සත්‍යයේ ලේශ මාත්‍රයක් වුව; එකී සත්‍යය කිසිවෙකු... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook