Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
අම්මා
බූන්දි, 04:21:07
"සහෝදරවරුනි!" පාවෙල් ගේ කටහඬ ඝණ්ඨාරයක් මෙන් රැව් දුන්නේය. වියළි උණුසුම් පටලයකින් අම්මාගේ ඇස් දැවී ගියාක් මෙනි. අමුතු පණක් ලැබුවා සේ නැගී සිටි ඈ එක් අඩියකින් පාවෙල් පිටුපස සිට ගත්තාය. සමූහය පාවෙල් වට සිට ගත්තේ කාන්දමක් වටා ඇදී එන යකඩ කැබලි මෙනි.

අම්මා තම පුතාගේ මූණ දෙස බැලුවාය. ප්‍රතාපවත්, නිර්භීත, අභිමානයෙන් පිරි ඔහුගේ දෙනෙත් පමණකි ඈ දුටුවේ.

"සහෝදරවරුනි! අපි කවුද යන්න පැහැදිලි කරදීමට අද තීරණය කර ගත්තා. අපේ ධජය,සත්‍යයේ, බුද්ධියේ සහ නිදහසේ ධජය අද අපි ඔසවන්නෙමු!"

සුදු පහැති දිග රිටක් සෙනග අතරින් පැන නැංගේය, සමූහයාගේ හිස්වලට උඩින් කම්කරුවන්ගේ ධජය වන රතු ධජය විශාල කුරුල්ලෙකු සේ අහසේ ලෙලෙදෙන්නට විය.

පාවෙල් කොඩි ගහ රැගත් අත ඔසවත්ම කොඩි මිට සෙලවෙන්නට විය. එවිට දෙදෙනෙක් පමණ සුදු පැහැති රිට අල්ලා ගත්හ. අම්මාගේ අතද ඒ අතර විය.

"කම්කරු ජනතාවට ජය වේවා!" යැයි ඔහු කෑ ගැසීය.

සිය ගණන් ජනතාව ඔහු අනුව යමින් කෑ ගැසූහ.

"අපේ අධ්‍යාත්මික මව්බිම වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයට, අපේ පක්ෂයට ජය වේවා, සහෝදරවරුනි!"

සමූහය ප්‍රබෝධමත් වූ අතර ධජයේ වැදගත් කම තේරුම් ගත් අය සමූහය අතරින් ධජය වෙත ගියහ. මාසින්, සමෝයිලොව් සහ ගුසේ දෙබෑයෝද, පාවෙල් අසල සිට ගත්හ. හිස පාත් කරගෙන සෙනග පීරාගෙන එතැනට පැමිණි නිකොලායි සහ නොහඳුනන තරුණයෝ කීප දෙනෙක් අම්මා තල්ලු කරන්නට වූහ.

"ලෝකයේ සියලුම රට වල කම්කරු ජනතාවට ජය වේවා!" පාවෙල් කෑ ගැසීය. සංඛ්‍යාවෙන් සහ ගුණයෙන් වැඩි වන දහසක් පමණ වන පිරිස ප්‍රීතියෙන් ඔද වැඩී ගියෙන්, හදවත දෙදරුම් කැවීමෙහි තරම් බලවත් වේගයකින් යුතුව හඬ නැගූහ.

අම්මා නිකොලායිගේ සහ තවත් කෙනෙකුගේ අතක් අල්ලා ගත්තාය. ඇගේ ඇස් කඳුලෙන් තෙත් වී තිබුණද ඈ නොහැඬුවාය. ඇගේ කකුල් වෙව්ලන්නට වූ අතර ගැහෙන තොල්වලින් යුතුව කතා කළාය.

"මගේ රත්තරනේ..."

කැළැල් ගහණ නිකොලායිගේ මූණ පුරා පළල් හිනාවක් පැතිර ගියේය.ධජය වෙත නෙත් රඳවා ගත් හෙතෙම යමක් කියමින් ධජයට අත ගැසීම්වස් අතක් දිගු කළේය. පසුව ඒ අතින්ම අම්මාගේ උරහිසෙන් අල්ලා ඈ සිපගනිමින් සිනා සුණේය.

"සහෝදරවරුනි!" හොහොල් මුදු හඬින් සමූහය ඇමතුවේය.

"අලුත් දෙවියාගේ නාමයෙන්, ආලෝකයේ සහ බුද්ධියේ නාමයෙන්, බුද්ධියේ සහ යුක්තියේ දෙවියාගේ නාමයෙන් කුරුස යුද්ධයක් පටන් ගත්තෙමු! අපේ ඉලක්කය සඳහා තව බොහෝ දුර යා යුතුයි. එහෙත් සත්‍යයේ ශක්තිය හා බලය ගැන විශ්වාස නොකරන්නෙ නම්, ජීවිතාන්තය දක්වා සත්‍යය සඳහා සටන් කිරීමට තරම් ධෛර්යයක් නැතිනම්, ආත්ම ශක්තියක් නැති නම්, දුක් ගැහැට විඳීමට බය වන්නේ නම් අපෙන් ඈත් වී අහකට පලයල්ලා! අපේ ජයග්‍රහණය ගැන විශ්වාස තබන අයට පමණකි, අපි ආයාචනා කරන්නේ! අපේ ඉලක්කය නොපෙනෙන අයට ලැබෙන්නේ දුක් කරදර පමණකි. එම නිසා ඔවුන් අප සමග නො ආ යුතුයි. පෙරමුණ ගන්න සහෝදර වරුනි! මැයි දිනයට ජය වේවා!"

සමූහය වඩා කැටි විය. පාවෙල් ධජය සෙලවීය. සුළඟට ලෙළදුන් ධජය දීප්තිමත්ව බබලන හිරුගේ රැස්වලට හසුව සිනාසෙයි...

"පැරණි ලොවෙන් සදා හැරෙමු
එහි දූවිලි ගසා දමමු!..."


ප්යොදර් මාසින්ගේ හඬ පැතිරයත්ම දහස් ගණනින් ගයන්නට විය.

-අම්මා [The Mother - 1906]

(මක්සීම් ගෝර්කි ගේ "අම්මා" නවකතාව තරම් පොදු ජන ජීවිතය කෙරෙහි බලපෑ තවත් සාහිත්‍ය කෘතියක් ලෝක සාහිත්‍යයේ නැති තරම්ය. එය දස ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ ඉරණම් කෙරෙහි නියම ලෙස බල පෑවේය.)
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- The Mother By Maxim Gorky
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
පළතුරු සහ චාරිත්‍රය
ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!
මතක පෙට්ටි සහ ගින්දර
මිත්‍රත්වයේ ගිනිසිළුව
BoondiLets
ලියෝ තෝල්ස්තෝයි කියයි.
නිදහස් චින්තකයෝ යනු පූර්ව විනිශ්චයන්ගෙන් සහ ස්වකීය සම්ප්‍රදායන්ද, වරප්‍රසාදයන්ද, ඇදහිලි හා විශ්වාසයන්ද හා ගැටෙන සියල්ල අවබෝධ කරගැනීමට බියෙන් තොරව ස්වකීය මනස මෙහෙයවීමේ කැමැත්තෙන් කටයුතු කරන්නෝය.... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook