Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
රත්තරං ටික
"මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදං කළේ..."
බූන්දි, 22:04:02
ටිකකින් නැගිටලා ගේ ඇතුළට යන ආච්චි අම්මා, ණයට බඩු ගන්න කඩේ මුදලාලිට ලියුමක් ලියලා "ඉඳා" කියලා සැර මූණෙන් මට දෙනවා. මං ඒ ලියුමයි ණයට බඩුගන්න පොතයි පොත් ලැයිස්තුවයි අරගෙන මාර්කට් වීදියේ තියෙන 'ඒකනායක සහ සමාගම' කියල දුඹුරු පාට බෝඞ් එකක් තියෙන කඩේ පරිප්පු, සීනි, ලූනු, පුන්නක්කු ගෝනි පහුකරගෙන ගිහිං ඇතුළේ සුදු ජාතික ඇඳුම ඇඳල කන්නාඩි දාල වාඩි වෙලා ඉන්න සුදු මුදලාලිගේ අතට කතාවක් නැතුව අර ඔක්කොම දෙනවා. එයත් කතාවක් නැතුව මා දිහාවත් නොබලා බඩු කිරන කෙනාට පොත් ලැයිස්තුව විතරක් දෙනවා. එයත් කතාවක් නැතුවම පොත් ලැයිස්තුව දිහා බල බල පරණ දුම් වැදිච්චි අල්මාරි ඇර ඇර පොත් ගන්නවා. සමහර ඒවා අඩු වුණාම "අරක නෑ, මේක දාන්නද?" කියලා බුලත් විට කටේ හිර කරගෙනම අහනවා. මං ඔළුව උඩට පහළට හොලෝනවා මිසක් කතා කරන්නෙ නෑ. අන්තිමට එයා දාපු ලැයිස්තුව කියවනවා. මුදලාලි ණයට ගන්න පොතේ ඔක්කොම ලියනවා.

මං පොත් ටිකයි ණයට ගත්ත බඩු ලියන පරණ පොඩි පොතයි අරං ආපහු ගෙදර එනවා. ඔය විදියට අවුරුදු 12 ක් ම ණයට පොත් අරං ඉගෙන ගන්නවා. විශ්වවිද්‍යාලෙ ගියාම නං පොත් ගන්න ඕන නෑ. පුස්තකාල තියෙනවා නෙ. ඒත් ලියන කඩදාසි ගන්න ඕන. බැංකුවෙන් මාස් පතා ණයට දුන්නු සල්ලි කඩදාසි ගන්න ඇති. දැං ආපහු හිතල බැලූවම ණයට ගත්තු ඒ පොත් ටිකයි කඩදාසියි ඇරුණම ඉතුරු ඔක්කොම මට නිකං ලැබිල තියෙන්නෙ. නිකං ඉගෙන ගෙන තියෙන්නෙ. මට ඒවා නිකං ලැබුණට කවුරුහරි ඒකට වියදං කරලා තියෙනවා. පිටකොටුව මැනිං මාකට් එක ළඟ කළුපාට දියවෙච්ච පරණ කුඩ කබලකට මුවා වෙලා බිම වාඩි වෙලා, කරපිංච විකුණන අම්මා, මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. අදටත් තව කාට හරි වියදං කරනව. ගුණසිංහපුර හන්දියෙන් සැර දාල හරෝන 138 බස් එකේ ඉස්සරහ දොර පොල්ලෙ එල්ලිලා "මාරගම... මාරගම" කියලා කෑගහන කොන්දොස්තරත් මට ඉගෙන ගන්න වියදං කරල තියෙනවා. මගේ කන්තෝරු කාමරේ පිහදාන්න එන විමලා මට ඉගෙන ගන්න වියදං කරලා තියෙනවා. අව්වේ වැස්සේ බස්වල තෙරපි තෙරපී පාර තොටේ දාඩිය පෙර පෙරා යන එන වැඩ කරන දෙනෝදාහක් ගෑනු මිනිස්සු මට ඉගෙන ගන්න වියදම් කරලා තියෙනවා. මේ හැමෝම තමන්ට කවදාවත් වරමක් නැති තමන්ගෙ දරුවන්ටත් නොලැබුණ, උපදින්න ඉන්න දරුවන්ටත් ලැබෙයිද කියලා දන්නෙ නැතුව තව කාට කාට හරි ඉගෙන ගන්න අදටත් වියදං කරනවා. ඒ ගැන හිතන කොට ගලක් වගේ හිත බර වෙනවා.

ජපානෙ යොකොහමා ස්ටේෂමට යන පාරේ කෙළවර වම් පැත්තේ තියෙන අවන්හල ඇතුළේ සකුරා මල් පිපිච්ච රෝස පාටත් අයිස්ක්‍රීම් පාටත් කළවම් වෙච්ච කිමෝනො ඇඳල කොණ්ඩේ උඩට බැඳල එක් අතක සකේ බීම දාපු ජෝගුත් දිදාල වගෙ පුංචි කෝප්පත් බෝංචි ඇට දාපු දීසිත් තියෙන බන්දේසි අතේ තියාගෙන සේවිකාවෝ මේස අතර එහා මෙහා යන ගමන් "ඉරෂ්ෂයිමසේ" කියලා කෑ ගහනව. සෝයා සෝස් ගාපු ලොකු දැල්ලෝ යකඩ දැලක උඩ පිච්චෙන කොට එන පුළුටු සුවඳ මෙහාටත් එනව. එල්ලල තියෙන රතු බකට් කඩදාසි ලන්තෑරුම් එහාට මෙහාට සුළඟට වැනෙනවා. මමත් නිෂිමුරා සෙන්සෙයිත් යොකොහමාවල වීදුරු සමාගමක අයිතිකාර තකහෂිසනුත් මිටි ලොකු හතරැස් මේසයක වටේ බිම වාඩි වෙලා ඉන්නවා. නිෂිමුරා සෙන්සෙයි නීතිඥවරයෙක්. එයා මට හැම මාසෙම යෙන් දහ දාහක් දෙනවා. මං ජපානෙට ඇවිත් ඉගෙන ගන්න එකේ සතුටට. ඒ වෙනුවට එයත් එක්ක මාසෙකට දවසක් අවන්හලකට ඇවිත් කන්න බොන්න ඕන එයා ගානේ. අද මට එයා තකහෂි සංව අඳුන්නල දුන්නා. එයා මගෙන් ගොඩක් දේ ඇහැව්ව. මං ඔක්කොම කිව්ව. නිල් පාට ටයි කෝට් ඇඳල කන්නාඩි දාල කොණ්ඩෙ පැත්තකට පීරල ඉන්න එයා මං කියන ඔක්කොම දේ හීන් ඇස් දෙක පියාගෙන අහගෙන හිටිය. ඊට පස්සෙ ඇස් ඇරල මගෙ දිහා බලල "ගංගානාතො සං, ඔයා දක්ෂ. කෙනෙක්. ආපහු ලංකාවට යන එකේ තේරුමක් නෑ. ලංකාව ගොඩක් දුප්පත්. ජපානෙ එහෙම නෙමෙයි නෙ. ඔයා මෙහෙ නවතින්න. ඔයාට මෙහෙ හොඳ තැනකට එන්න පුළුවනි" කියල කිව්ව. එතකොට මට එකපාරටම මතක් වුණේ "නිපොන් මාරු" තරුණ නැව. ඒක අවුරුද්දකට වතාවක් තරුණ තරුණියන් පිරිවරාගෙන ලෝක වටේ යනවා. මාත් ඒකෙ ගිහිං තිබුණ ජපන් තරුණ තරුණියන් සිය ගාණක් එක්ක. නැවේ හිටිය ප්‍රධානියා දවසක් මට එයාගේ කාමරේට කතා කරලා "ඔයාට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්නේ. මෙහේ එහෙම අයට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන්. ලංකාවට යන්න එපා. ජපන් කෙල්ලෙක් බැඳල මෙහෙ නවතින්න" කියලා කිව්වා. මං හිනා වුණා මිසක් එයාට මොකුත් කිව්වෙ නෑ. මේ වෙලාවේ මට එකපාරටම මතක් වුණේ ඒක. සිගරැට් දුම කැරකි කැරකි මගේ දිහාවටත් ආව. මං චුට්ටක් වෙලා බිම බලාගෙන ඉඳලා ආපසු ඔළුව උස්සල තකහෂි සං දිහා බැලූව. එයා මගේ දිහා බලාගෙන ඉන්නවා. මං කතා කරන්න හිතුව.

"මට සමාවෙන්න. මෙහෙම කියනවට. මං ජපානෙ ඉගෙන ගන්නෙ ශිෂ්‍යත්වෙකින්. ඒකට ගෙවන්නෙ ජපානෙ ජනතාව. පාඨමාලා ගාස්තු විතරක් නෙමෙයි. කන්න, බොන්න, පොත් පත්, බේත් හේත්, ගෙවල් දොරවල්, ගමන් බිමන් මේ හැම එකටම. ඒක කෝටි ගාණක්. ආත්ම ගාණක් හම්බ කරලත් මට ගෙවා ගන්න බැරි ගාණක්. ඒත් ඒ ශිෂ්‍යත්වෙ දුන්නේ මට නෙමෙයි. ලංකාවෙ මිනිස්සුන්ට. ලංකාවයි මා තෝරල මෙහාට එව්වේ. ඒ හින්ද මං ආපහු යන්න ඕන නේද? ලංකාව දුප්පත් බව ඇත්ත. ඒත් ඒ දුප්පත්කමින් ගොඩ එන්න ඒ මිනිස්සුන්ට උදව් කරන්න ඕන. ඒත් මං නොගියොත් මං වගේම මෙහෙම ආපු හැමෝම නොගියොත් කවදාවත් ඒ දුප්පත්කමින් ගැලවෙන්න බැරි වෙනවා ඒ මිනිසුන්ට. අනික මං එහෙ ඉගෙන ගත්තෙ නොමිලේ. ලංකාවේ මිනිස්සුයි මට වියදං කළේ. එහෙම නොකළ නං මට කවදාවත් මෙහෙම එන්න වෙන එකකුත් නෑ. ඒ හන්ද මට යන්න ඕන ආපහු. මට දුක් විඳින්න වෙයි සමහරවිට. ඒත් මං ආපහු යනව. මට සමාවෙන්න" කියලා මං කිව්ව.

[නිදහස් අධ්‍යාපනය තීරු ලිපියෙන්]
පැණි වළලු [2012]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Pani Walalu, Free Education, Prof. Ganganath Dissanayake, Japan
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
තවත් රත්තරං ටික
මෙන්න බත් කූරෙක්!
පළතුරු සහ චාරිත්‍රය
ඇඬෙන තරමට ජීවත් ව මැරෙමු!
මතක පෙට්ටි සහ ගින්දර
මිත්‍රත්වයේ ගිනිසිළුව
BoondiLets
කැරොලිනා මාරියා ඩි ජීසස් ලියයි.
ජනාධිපතියො, උඹ කූඩුවක ඉන්න ගිරවෙක්. ලස්සන ලස්සන කතා කියනවා. ඒත්, බඩගින්නෙ ඉන්න මිනිස්සු ව්‍යාඝ්‍රයෝ කියලා හිතා ගන්න එක හොඳයි. උන් ඉන්නෙ කෝපයෙන්. අවස්ථාව ආපු ගමන්... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook