Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
අදට හදක් නැති තනිකම හෙවත් හදට අදක් නැති තනිකම
බූන්දි, 17:22:14
වසන්තේ ජිල් මංඩියක
දනෝ දාහක ඇස් අස්සෙ තෙරපි තෙරපි
කබ්බොම කිරන
තනිකම
තනියෙම්ම
උඹට තියෙන්නෙ ම
මිනී මෝරු උපකල්පන

ලේ ගිහිම් ම ගබ්සාවක දි නැහිල පණ
බඩින් උන්නු මකුණු ළඳකගෙ
මැදිවෙලා හිටි මගේ කොට්ටෙට
කීතු කීතු ඇස් ඉරනා
කහ කියතක් බල්බ් එළිය

කන්පට ගසා තනිකමේ
අවුලමි දුමක් තනිකංදෝසෙට
දුම් උගුරක්
පෙවෙන එක හුසුමත් හුස්මකි
ඔක්සිජන් අඩමාන පපුවට

උන්නති කාමයේ ද්‍රව ඝන වෙන
සෙල්සියස් බිංදුවේ ඌෂ්ණය
ආත්මාරාගය අධි රුධිර පීඩනෙන්
උඩ බඩ ගාන විනාඩියෙ
අතීතතයෙ වැව් හොරොව් දොරකඩ
ජල කාන්දම් සුල්ලියකි ඇඹරෙන
හුස්ම කටක ඉඩ නොතියම
ගිලෙනවා ජඹුරටම හුසුමට..
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
department yalu hawa මෙහෙම කියනවා :
සුදර්සන කවියෙක් ඉස්සර වෙලාම කරන්න අවස්‍ය නිරි වාග්මය දේකට ආමන්තණය කරන එත කලා කාරයෙක් වුනාම නිර්වාග්මය දේවල් මගින් නිරි සන්කල්ප දේවල් වලට ආමන්තණය කළ යුත්තක් එ දේ ‍හොදට කරලා තියෙනවා

කිවුව වෙලාව- 2012-03-01 23:11:19
sudarsana samaraweera මෙහෙම කියනවා :
කවිය කියවීමේ අවකාශයට සෘජුව මැදිහත්වීමට එහි නිර්මාණකරුවා හැටියට මට සදාචාරාත්මක අයිතියක් නෑ. ප්‍රිය සහෘදය සමාවෙන්න. නමුත් මේ ගැන යමක් කියන්න ඕන කියල හිතුනා. මුලින්ම කවියකට මම වචන තෝරා ගන්නේ ආන්තික ඇබ්බැහියක් නිසා නෙමෙයි. එකම අත්දැකීමක් උනත් විවිධ සංදර්භයන් තුළ අපි උරා ගන්නෙ එක එක විදිහට.
උදාහරණයක් විදිහට මෙතනදි තනිකම කියන්නෙ හුදකලාබාවය දෙස පිටත ඉඳගෙන සානුකම්පික වීමක් නෙමෙයි. මම මේ වචන ගැන නෙමෙයි ඒ වචන වලින් මේ සංදර්භය තුළ සපයන සංඥා කෙරෙහි අවධානය යොමු කරන්නෙ.

වසන්ත-අවුරුදු කාලෙ ජිල් මංඩිය
කබ්බො කිරන එක
මිනී මොරු උපකල්පන වගෙ හැම එකක්ම. මේ වචන වලින් මතුවෙන සංඥා නිර්වාග්මය තලයෙදි තනිකමේ ගැහෙන බව සමග ගණුදෙනුවක් ඇතිකිරීමයි මගෙ අරමුණ උනේ. එම කාර්යය අසාර්ථක වීම නිර්මාණකරුවා හැටියට මගේ දුර්වලතාවක්. ඔබේ මගපෙන්වීමේ මැදිහත්වීමට හිස නමමි.


කිවුව වෙලාව- 2012-02-07 22:23:37
සිලිලාර... මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2012-02-07 03:39:40
ජනප්‍රිය මෙහෙම කියනවා :
බොහොම ලස්සනයි.... ඔබ සැමවිටම කවියෙන් කියන්නෙ සරල දෙයක්... ඒත් ගාම්භීර ස්වරයකින්...ඒක තමයි ඔබේ අනන්‍යතාව.... සුබපැතුම්

කිවුව වෙලාව- 2012-02-03 10:42:12
unknown මෙහෙම කියනවා :
කවිය, කවියේ අන්තර්ගතය හා යටිපෙල විසින් නිරුත්සාහිකවම ඉල්ලනු ලබන, ආකෘතියක, තම වචන බහා ලන්න හැකිනම්, පිටින් පෙනෙන සාටෝප, අලුත් (නුඹට පරන වෙන්න පුලුවන්) වචන ටික පමනක් නොපෙනී, ඇත්තටම අපට කවිය පෙනෙන්න ගනීවි.

එහෙම නොවුනොත් වෙද මහත්තයකුගේ බෙහෙත් වට්ටොරුවක් වගෙ ඔබටම අවේනික වූ, මේ වචන පෙනෙන්න ගනීවි. මෙවැනි වචන ඔබ සතුවීම , ඔබගේ භාග්යයක් වු පමනින්, එයම කර්මාන්තයක් කර නොගන්නාවනම්, ඔබගෙ කවිය තව බොහෝ දුර යාවි. නැතිනම්, වචන ඉවර වුන දවසක, එතනින්ම නවතීවි. ඔබට සුබ.


කිවුව වෙලාව- 2012-02-01 15:32:19
Damith Dahanayake මෙහෙම කියනවා :
අතීතතයෙ වැව් හොරොව් දොරකඩ
ජල කාන්දම් සුල්ලියකි ඇඹරෙන
හුස්ම කටක ඉඩ නොතියම
ගිලෙනවා ජඹුරටම හුසුමට..


good
hithata weaduna..
anthima tikata godak kaemathi...


කිවුව වෙලාව- 2012-02-01 04:43:26
AMILA-peradeniya මෙහෙම කියනවා :
sudarsana,

me kiyana "ralu" gathiya thanikame ralukamamada? yatipela ekama nemeda?


කිවුව වෙලාව- 2012-02-01 04:23:50
දමිත් වැලිකල මෙහෙම කියනවා :
සුදර්ශනගෙ සුපුරුදු රළු වාග් ශෛලිය මෙතැනදිත් ඉලිප්පිලා පේනවා යටිපෙළකට වඩා. කවියට උචිත ආකෘතික ශෛලියකට වඩා මෙතැනදිත් පෙන්නුම් කරන්නෙ ඔහුගේ භාවිතාවේ ආන්තික ඇබ්බැහිය.

ඉතිං ඒ "සුදර්ශන" නම් අපිට ඒ ගැන ප්‍රශ්න කරන්න අයිතියක් නැති බවයි මගේ නම් හැඟීම. ඒ රළු ගතිය 'කවියකට/කවියෙකුට' කොයි තරම් උචිතද කියන එකට වඩා අපට වැදගත් ඔහු කියන දේ.

ඒ නිසා බාත් අපට පැවරූ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් යමක් කීවොත්, සුදර්ශන..

ලෙහි බහින මුහත ඇති කඩු කිණිසි උනත්
කවියකට අඩුක්කරන කොට
පරෙස්සමින්..!!

****
"ලේ ගිහිම් ම ගබ්සාවක දි නැහිල පණ
බඩින් උන්නු මකුණු ළඳකගෙ
මැදිවෙලා හිටි මගේ කොට්ටෙට
කීතු කීතු ඇස් ඉරනා
කහ කියතක් බල්බ් එළිය"






කිවුව වෙලාව- 2012-02-01 02:16:24
unknown මෙහෙම කියනවා :
වචන හරඹයකට ව්ඩා එහා ගිය දෙයක් කවියෙන් දෙන්න පුලුවන් නම්.....

කිවුව වෙලාව- 2012-02-01 01:29:18
kuma මෙහෙම කියනවා :
athtama tama mokada suda oyata tiyenne hemotama tiyena adahas newei.hhhhhhhhhhhm mata hitenne oyage ethtama jiwite kiyala ;ubata tiyenne minimoru upakalpana; akat ethta

කිවුව වෙලාව- 2012-01-31 22:06:59
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුදර්ශන සමරවීරගෙන් තවත් වියමන්
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [මුල් කොටස]
කවි
නේවි නිල් අහසේ - පැතුම් පොදි සිලි උරේ විසිරේ
කවි
ආරාධනා ගල
තවත් කවි බූන්දි
ස්වර්ණ - සංවත්සරය දා
පියාපත
ආනන්ද
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook