Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි කරන්ට්ස්
නියඟලා කවි
බූන්දි, 21:46:44
උවන පුස්තකේ සයිබර ගුවන පිට
සරන විහඟුනේ දෙනයන කෙවෙන විට
කෙවෙණි අගින් පිසහැර දමා වැලි කැට
බලනු යාපනෙන් ගිළිහුණ සොඳුරු පිට

වැඩට ගියත් හිමිදිරියෙම තැපෑලේ
ගමන පමයි අකුරට වැඩ කලාවේ
වෙහෙස නොවුණ සටනට වැලි තලාවේ
උවන පොතිනි පිටු බලයක් ගෙනාවේ

රුහිරු ගලන පෙති විහිදුණ මලක් ළඟ
සපථ කරන්නට හැඟුමන් කොතෙක් වෙද
මලට පැහැය ලැබ දුන් මව් බිම නැමද
උවන පොතට එක්කෙරුවා මල් සුවඳ

විඩාබර නොවුණ දෑසක් ලද හින්දා
කුඩා සන්දියෙම වෙරළට පෙම් බැන්දා
‘අඩා වර ළඟට වර’ ළඟට ම කැන්දා
කුඩාතනෛ ඉස්මත්තෙම ගිනි බින්දා

සීතම්බර සළු පට පිළි හෙවනැල්ලේ
ආන්නදයක් ඇති දෙයියොත් හෙළුවැල්ලේ
විලි සංගයක් නැති සින්නක්කර වැල්ලේ
සඟමිත් තෙරණියොත් ඉකිබිඳ වැළපිල්ලේ

වැලිකඳුත් ගිළින නැඩ ගිනි මකරුන්ට
ඉඳුමිණක් හැකිද වෙන් කර හඳුනන්ට
මව්බිමත් සමඟ රමණය කළවුන්ට
මව් වුණත් කයක් පමණෙකි හැමනෙන්ට

පියඹලා පැමිණි ගිජු ලිහිණියන් කැළ
බිම හෙළා පයිනි පෑගුව නමුදු මල
ඉවසලා ම ඇස් දෙක රතුවුණු වෙරළ
නියඟලා පිපෙනු, නවතන්නද කෙළෙස?



සටහන- වෘත්තීමය වශයෙන් යාපනය වඩමාරච්චි තැපැල් හලේ සේවකයකු වූ කෙතීෂ්වරන් තේවරාජා, තමා උපන් පරිසරයට බෙහෙවින් ආදරය කළ පරිසරවේදියකු විය. දේශපාලන අනුග‍්‍රහය මත, කුඩාතනෙන වෙරළේ, මූදුවැල්ල මංකොල්ලකමින් සිදුකෙරුණු පාරිසරික සංහාරයට එරෙහිව පෙරමුණේ සටන් කළ ඔහු ඒ පිළිබඳව ප‍්‍රාදේශීය බලධාරීන් දැනුවත් කිරීමෙන් නො නැවතී, "ෆේස්බුක්" අන්තර්ජාල සමාජ වෙබ් අඩවිය හරහා නො බිය ව, ඊට එරෙහි මතයක් සමාජගත කිරීමෙහි ලා උත්සුක විය. තර්ජන හා බිය වැද්දවීම් හමුවේ, උකටලී නො වූ තේවා, කුඩාතනෛ වෙරළ තීරය ඡායාරූපයට නගා, එය අන්තර්ජාල මිත‍්‍ර සංහතිය අතර පතුරුවාහරින ලද්දේ 'කුඩා තනෛ වෙරළේ සම්පත් සංහාරය' මැයෙනි. ඒ 2010 වසරේ අවසාන දිනයයි. එදින ම රාති‍්‍රයේ ඔහුගේ නිවසට කඩා වැදුණු ‘වැලි හොරු’ පරිගණකය පිරික්සා, අනතුරුව ඔහු කුඩාතනෛ වැල්ලට රැගෙන ගිය හ. ඉදින් තේවාට 2011 වසර උදා වූයේ නැත.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- Ketheeswaran Thevarajah, Kudaththana
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
YMA මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2012-01-07 18:23:51
Pubba මෙහෙම කියනවා :
පරක්කුවෙල හරි හොද වෑඩක්

කිවුව වෙලාව- 2012-01-03 23:22:11
viraj dissanayake මෙහෙම කියනවා :
පරක්කුවෙලා හරි ඒ සිදුවීම හැඟුම්බර කාව්‍ය රචනාවකින් අපේ සිත්තුළ සිතුවම් කිරීම ගැන අනේක් වාරයක් ස්තූති කරනවා....
"ඉවසලා ම ඇස් දෙක රතුවුණු වෙරළ
නියඟලා පිපෙනු, නවතන්නද කෙළෙස?"


කිවුව වෙලාව- 2012-01-03 16:43:27
චිරන්ත මෙහෙම කියනවා :
එලා පිච්ච මල් උතුරේ කර වැල්ලේ
උරා තෙත මලානික කර ගත් එල්ලේ
ඔබත් මාත් සිරසට මානන වේලේ
අද නෑසුනු කන් පෑදී කිමද පලේ


කිවුව වෙලාව- 2012-01-02 22:55:58
isuru chamara somaweera මෙහෙම කියනවා :
මේ කවිය මගෙ මතක ගොඩක් පහුරු ගානවා. කිරාංචි වෙරළ,කිරාංචි වල ඇන්ටන් කනපතිපිල්ලෙ, වෙල්ලන්කුලම් වෙරළ, අල්ලන මාළුන්ගෙන් කොටහක් පගාවට දෙන්න වෙන ඒ ධීවර ප්‍රජාව මගෙ මතකෙට එනවා. කෙතීෂ්වරන් ඔබට අපේ ශීර්ෂ ප්‍රනාමයෙන් සත පහක වැඩක් නොවුනත් ඒක නොදක්වා ඉන්න බැහැ.

කිවුව වෙලාව- 2012-01-02 22:20:23
Sumith Niriella මෙහෙම කියනවා :
මේ කවිය පරක්කු වුනා වැඩියි..

කිවුව වෙලාව- 2012-01-02 19:45:50
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
මංජුල වෙඩිවර්ධනගෙන් තවත් වියමන්
කවි
ඒ මුහුණ
පොත්
කැත මත ලස්සන සෙවීම- සරද සමරසිංහ ප්‍රබන්ධ ප්‍රවේශය
කවි
සුළඟට අවනතව
කරන්ට්ස්
මම තොප නොහඳුනමි
කවි
[සන්තාන ගීතිකා - 7] අවාළු පැහැය විනිවිදිමිනි..
තවත් කවි කරන්ට්ස්
"අඟ"
විප්ලවවාදියකුගේ නඩු විභාගය
ඈත සහ මෑත
අපේ හුස්ම බිංදුව තියෙන්නෙම උඹ ළඟයි දුවේ!
සිරි ගුණසිංහ
BoondiLets
පියදෝර් දොස්තෝව්ස්කි කියයි.
පව්කාරයෙකුට චෝදනා කොට පිළිකෙව් කිරීම තරම් පහසු අන් කිසිවක් නැත. එපරිදිම, පව්කාරයෙකු තේරුම් ගැනීම තරම් අපහසු අන් කිසිවක් ද නැත!
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook