Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
කවි බූන්දි
ඤුරු ඤුරු ගානවා තිස්සෙම හිත් කොන
බූන්දි, 01:46:43
පසුබිම

තිස්සෑ ගානක් තිස්සෙම
සඳ කාන්ති ග‍ඟේ කිමිදුන
පසුබිම් දෙබස් කථන
ගීත මුද්‍රා නාටකේ හමු උන
පුබ්බෝරාi පෙමක් තිබුණා
තිස්සෑ දෙකෙන් මතු
ඉගිල්ලෙන තරමට හපන් තටු වැඩුණ

ඇල්බීසියා අතු සැහැල හිටවලා
ලණු ඇදල වට කරපු රඟ බිමේ
මුද්‍රා පානකොට
පරිත්‍යාගයෙii අන්තිම වේදිකා දර්ශනේ
පැට්රොල්මැච් එකෙත් හුළං අහවරව
එළිය හිඳුණා
ඇඟිලි පැටලී පපුව ගිඩි ගඩි ගාන තප්පරේ

අන්තිම වරට ගම්මානයේ
පරිත්‍යාගයෙ නැටුව ගමේ කුමාරයා
සරසවි හොයාගෙන ඉගිලුනා
ඉමෙන් ගම්මානයේ...

බාගෙට ආපු තටුවල ඇලිල හුඹස් පස්
පණ හිඳිල පුබ්බෝර ප්‍රේමයේ
වැටිල තිබුණා
කැරකොප්පුව ළඟ ගල් පොත්පොත්තෙ
අල්ලපු ගම් ඉහත්තෑවේ...

පෙරබිම

බණපොලේ පුරා හඳ තිතත්
තන මත්තෙ ගිලී ගිය
අටවකත් දියවෙන
මහනුවර සැනකෙලි අහස යට මහ රෑක
ආල කතන්දර ගස් නගින වෙලාවට
විදුලිය සින්ද සරසවියෙ කාමරේ බිත්ති මත
තඩිම තඩි කළු පාට හේමලයො දුවනවා පේනවා

කටු අයාලේ දුවන ඔරලෝසුවකි එ දකින හදවත..
නිදි පොත්ත ඉරාගෙන
මතක මිනිත්තුව වදිනවා හීනෙක
සිරීරිං ගාල යනව මුළු ඇඟ
මතක මං තලව්වක කෙහෙල් ලෙලි පෑගිලා
ලිස්සලා වැටෙනවා ඇදගෙන..

එතීගෙන මනෝ මීදුමාරෙක
ගනින්ට බැරි තප්පරෙත් දශමෙන් දශමෙ ගැන ගැන
තත්පර වෙනව දැන් තිස්සෑ ගානක් තිස්සෙම
ඈතම ඈතවත් ඇහෙන්නෙම නැති
පරිත්‍යාගේ රඟපාපු
වෙඩි තියල තත් සිඳපු හද වෙණේ
ස්වර බි‍‍ඳෙන මනෝ මීදුමාරයෙ එතීගෙන

ඤුරු ඤුරු ගානවා තිස්සෙම හිත් කොන
දාහෙන් සම්පතක් වගෙ දැනෙන
බණ පොල දාක රෑ සල් පිල යන අතර
සඳ කාන්තිත් එක්කලා
වැව් ඉවුරෙ කුඹුක් ගහ යට
අල්ලපු අඩව්වක් මතකෙට උනනකොට

i. නුදුරේම ඉගිල්ලෙන්නට නියමිත වයසේ කුරුල්ලන් හඳුන්වන ගැමි වහරක්.
ii. පසුබිම් දෙබස් කථන ගීත මුද්‍රා (කට වහරේ අපි ජහුටා නමින් හදුන්වන) නාට්‍ය සංදර්ශන වලදී බොහෝ විට පෙන්වනු ලබන නාට්‍ය දර්ශනයක්.
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
දුෂාන් මෙහෙම කියනවා :
ඇඬෙනවා.එල

කිවුව වෙලාව- 2012-01-20 01:53:20
Sumith rathnayake මෙහෙම කියනවා :
Ane kota thattayo. Elakiri, mam itin thaniyama innakota mewa thamai kiyawanne. Kahatagasdigiliye umbalata melsiripura apata itin oya wachana simple neda macha.good luke. Go to far on the poume.

කිවුව වෙලාව- 2012-01-05 09:21:48
sanju මෙහෙම කියනවා :
wow......its take my whole heart..well done.
go on.........


කිවුව වෙලාව- 2011-12-24 07:39:50
වර්ෂා මෙහෙම කියනවා :
මම දන්නේ නැහැ මේ කවියට මොකද්ද කියන්න ඕනේ කියලා..ඒ තරම්ම අපූරු කවියක්.
really heart felt..Go ahead Sudarshana aiya!


කිවුව වෙලාව- 2011-12-22 09:19:25
AMILA මෙහෙම කියනවා :
LASSANAI...

කිවුව වෙලාව- 2011-12-17 21:35:22
hitha mithuru kaviyek මෙහෙම කියනවා :
මම ඔෙබ් කවි විචාර ෙදකම කියවනවා නිතරම. මං හිතන්ෙන ඔබ විචාර ලියන්ට ගිහින් සංස්කෘතිෙයයි සම්මතෙයයි හතුෙරක් ෙවනවට වඩා ෙමෙහම කවියක් ලියල තමන්ෙග අාත්ම ප්‍රකාශනය කරෙගන හිටියනම් ෙහාදයි. තරහකට ෙනෙමයි කියන්ෙන් ඔෙබ් ෙහාදට. ෙම් කවියට අදහස් දක්වාපු ඒකට ෙනෙමයි ඔෙබ් ෙගාඩක් තැන්වල විචාර මම කියවලා තිෙයනවා.කවියට මම කැමතියි. ඔබට සුභපැතුම්

කිවුව වෙලාව- 2011-12-10 21:58:59
U.T.A මෙහෙම කියනවා :
ගොඩ කාලෙකින් ඔයගෙ අලුත් කව්යක් කියෙව්වා තව ලියන්න.

කිවුව වෙලාව- 2011-12-09 08:15:52
Nishadi මෙහෙම කියනවා :
+++++

කිවුව වෙලාව- 2011-12-09 00:33:05
සුදර්ශන සමරවීර මෙහෙම කියනවා :
@[thawa samanya rasikayek]

ඔබේ තර්කය හරි. ඒ වචනය එන්නෙ "තුන්තිස්පැය" කියන වචනයෙන්. මම කිව්වෙ ඒ වචනයට සාමාන්‍ය ගැමි ව්‍යවහාරයේ අර්ථය. මිනිස්සු භාවිතා කරන විදිහ.

ස්තුතියි ඔබට


කිවුව වෙලාව- 2011-12-07 01:04:49
Saamanya Rasikaya මෙහෙම කියනවා :
@ Sudarshana,
බොහොම ස්තූතියි. මම බොහෝ වෙලාවට ඔබේ කවි වලින් භාෂාවට යමක් එක් කර ගන්නවා. එය ඇතැම්විට ඓතිහාසික හෝ ගැමි ව්‍යවහාරයේ වචනයක්, තවත් වටෙක සංස්කෘතික විශ්වාසයක්, පුරුද්දක්. ඇතැම් විට නූතන බසෙහි ඇති ව්‍යවහාරික යෙදුමක් නිර්භයව කවියට යොදා ගැනීමක්.ඔබ හොඳ පර්යේෂකයෙක්. ඔබට ජය!


කිවුව වෙලාව- 2011-12-07 00:05:52
thawa samanya rasikayek මෙහෙම කියනවා :
තිස්පෑ=පැය 35 කියලා මම නම් හිතුවෙ.... රාත්‍රිය අඟවන ඒ වචනය එන්නෙ පෑ=පැය තිහක් කියන අදහසින් නෙමෙයිද? රෑ දොළොස් පැයේ ඉනි කඩුලු ඇරන් වගේ....

කවිය...

වැඩක්! මචන් සිරාවටම 'වැඩක්'!


කිවුව වෙලාව- 2011-12-07 00:04:19
sudarsana samaraweera මෙහෙම කියනවා :
@Saamanya Rasikaya

මම කවියෙන් පිට තිස්සෑ කියන වචනෙ ගැන කතා කරන්නම්.

තිස්සෑ කියන්නෙ තිස්පෑ කියන වචනය. ඒක අනුරාධපුර ආශ්‍රිත ග්‍රාමීය ප්‍රදේශ වල මිනිස්සු භාවිතා කරන්නෙ තිස්සෑ කියල. විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල මේකෙන් අර්ථ ගැන්වෙන්නෙ රෑ තිස්සෙ කියන එක. ‍ඒ වගෙම මුළු දවසම කියන අර්ථෙත් තියෙනවා.

උදාහරණයක් විදිහට කෙනෙක් කියනවා, "තිස්සෑ ගානක්ම ඇස් දෙක පියාගන්ඩ බැරි උනා හරියකට" කියල. එතකොට රෑ ගණනාවක්, දවස් ගණනාවක් කියන අර්ථ තියෙනවා.

තැන්ක් යූ..


කිවුව වෙලාව- 2011-12-06 23:52:44
Saamanya Rasikaya මෙහෙම කියනවා :
Sudarshana, can you please tell the meaning of තිස්සෑ ගානක් ? I really like your poem. the language is extra-ordinary. Good Luck!

කිවුව වෙලාව- 2011-12-06 22:50:30
Dileepa මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-12-06 22:47:21
Ruwandi Wathsala මෙහෙම කියනවා :
පුදුම බස හැසිරවීමක්...

කිවුව වෙලාව- 2011-12-06 01:06:45
Asela මෙහෙම කියනවා :
පට්ට මචන් පට්ට

කිවුව වෙලාව- 2011-12-05 23:49:46
දමිත් වැලිකල මෙහෙම කියනවා :
උඹෙන් කියවපු හොඳම එක..

මාස්ටර්පීස් !!!



කිවුව වෙලාව- 2011-12-05 21:31:41
Damith මෙහෙම කියනවා :
බාගෙට ආපු තටුවල ඇලිල හුඹස් පස්
පණ හිඳිල පුබ්බෝර ප්‍රේමයේ
වැටිල තිබුණා
කැරකොප්පුව ළඟ ගල් පොත්පොත්තෙ
අල්ලපු ගම් ඉහත්තෑවේ...



කිවුව වෙලාව- 2011-12-05 07:38:42
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සුදර්ශන සමරවීරගෙන් තවත් වියමන්
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [අවසන් කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [දෙවන කොටස]
වෙසෙස්
නවකතාවේ නිදහස: අරාජික සිංහල නවකතා කිහිපයක් ඇසුරින් [මුල් කොටස]
කවි
නේවි නිල් අහසේ - පැතුම් පොදි සිලි උරේ විසිරේ
කවි
ආරාධනා ගල
තවත් කවි බූන්දි
ස්වර්ණ - සංවත්සරය දා
පියාපත
ආනන්ද
ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න
පෙට්ටියක් දිනා ඇත!
BoondiLets
බ්‍රෙෂ්ට් කියයි.
"අඳුරු යුගයේදී කවි ගී ලියවේද?
ඔව්....
ඒ, අඳුරු යුගය ගැනයි!"

"In the dark times
Will there also be singing?
Yes, there will also be singing
About the dark times."
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook