Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
වෙසෙස් බූන්දි
ටහ්රීර් චතුරශ‍්‍රයේ සිට වොල්ස්ටී‍්‍රට් දක්වා විප්ලවයේ ගිනිසිළු
“ගිනිසිළුව අවුලූවාලූ ගිනි පුපුර කුමක්දැයි යන්න සැබවින්ම එතරම් වැදගත් නැත. ගින්න ඇරඹී ඇත.”
- ඉම්මෑනුවෙල් වොලස්ටීන් -


80 දශකයේ දී ඇමරිකානු ජනාධිපති රොනල්ඞ් රේගන් ලතින් ඇමරිකානු රටවල් තුළ සැඟවුණු යුද්ධයක් ක‍්‍රියාත්මක කරමින් සිටියේ ය. මෙයට එරෙහිව ක‍්‍රියාත්මක වූ ඇමරිකානු ජාතිකයෙකු වූ බ‍්‍රයන් විල්සන් නව අරගලයක පූර්ව ස්වරූප අපට පැහැදිලි කරයි. සැන්ඩිනිස්ටාවරුන්ට එරෙහි කොන්ට‍්‍රා භටයන්ට යැවෙන ආයුධ කෝච්චියක් නැවැත්වීමට රේල් පීලි අතර පද්මාසනයෙන් හිඳගත් විල්සන් ගේ සිරුර මතින් කෝච්චිය සාමාන්‍යයෙන් ධාවනය වනවාට වඩා පස් ගුණයක් වේගයෙන් ධාවනය විය.

සිය නිකරගුවානු සහෝදරයන්ගේ නිදහස වෙනුවෙන් තම දෙපා පූජා කළ විල්සන්, එදා පටන් අදවන තෙක් ලොව පුරා ජනතා අරගලවලට දායකත්වය දක්වමින් ක‍්‍රියාකාරී වෙයි. වියට්නාම් යුද්ධයේ මැරීන් භටයෙකු ලෙස සේවය කළ කාලයේ බ‍්‍රයන් විල්සන් ට ලැබුණු එක් රාජකාරියක් නම් සතුරු “ඉලක්ක” කෙරෙහි එල්ල කරන ලද බෝම්බ සහ නාපාම් ප‍්‍රහාර පිළිබඳව සොයා බැලීමයි. සිය රාජකාරිය ඉටු කිරීමට ගිය විල්සන් (ඔහු ඒ වන විට සම්ප‍්‍රදායවාදී අදහස් දැරූ අතර කොමියුනිස්ට් විරෝධියෙකු ද විය.) දුටුවේ මේ “ඉලක්ක” යනු අන් කිසිවෙක් නොව වියට්නාම් සිවිල් ජනයා, විශේෂයෙන් ස්ත‍්‍රීන් හා දරුවන් බවයි.


නිව් යෝක් හි බෆලෝ නගරයේ යුද්ධයට සහ ආර්ථික
පීඩනයට එරෙහිව විරෝධතාවයේ යෙදෙන පිරිසක්.

මෑතකදී ඩිමොක‍්‍රසි නව් වැඩසටහනෙහි සංවාදයකට එක්වෙමින් ඔහු කියා සිටියේ තමා යුද්ධයක වැරදි පැත්තේ සටන් කරන බව ඔහු එදා තේරුම් ගත් බවයි. ඊටත් වසර දාහතකට පසු 1987දී විල්සන්ගේ දෙපා ඒ කෲර ඝාතන තැත නිසා අහිමි විය. එහෙත් වියපත් ඔහුගේ මුහුණ සහ අහිමි වූ දෙපා අතරින් මතුවන ඔහුගේ සටන්කාමී ජවය ඔහු වෝල්ස්ටී‍්‍රට් අත්පත් කරගැනීමේ ව්‍යාපාර හතක් වෙත රැගෙන ගියේ ය. නිව්යෝක් අත්පත් කර ගැනීම පිළිබඳව ඔහු මෙසේ කියයි:

“මා එහිදී ඔවුන්ට (වෝල් ස්ටී‍්‍රට් විරෝධතාකරුවන්ට ) කීවා සමහර විට මෙය සිරස් පාලන ව්‍යුහ වෙනුවට තිරස් විප්ලවයක ආරම්භයක් බව; එම ආරම්භය යටහත් කීකරුබවෙහි දීර්ඝ ඉතිහාසයේ කඩ ඉමක් වනු ඇති බව. . . ධූරාවළින්ට කීකරු වීම ඉතාම අස්වාභාවික, අහිතකර, සහ භයානක දෙයක්. ඒ නිසා මා දකින්නේ තිරස්වාදය, එනම් ආජන්ටිනියානුවන් සහ සැපටිස්ටාවරුන් “තිරස් සමාජය”ලෙස හඳුන්වන දෙය සිරස් ජාතික රාජ්‍යයක ජීවත් වනවාට වඩා බෙහෙවින් බලාපොරොත්තු ඇති කරන සුළු බවයි. (බ‍්‍රයන් විල්සන්, ඩිමොක‍්‍රසි නව් සමඟ සංවාදයකදී 2011 ඔක්තෝබර් 28 )


2005 ඒකාබද්ධ මැයි දින සංස්කෘතික සාමූහිකය විසින්
සංවිධානය කරන ලද මැයි දින පා ගමන


බ‍්‍රයන් විල්සන්ගේ උදාහරණය අප මෙහිදී මතු කළේ ඔහු බඳු අප නමින් නොදන්නා දස් ගණනක් මිනිසුන් ස්වාර්ථය සහ පුද්ගලිකවාදය වෙනුවට සාමූහිකය සහ මනුෂ්‍ය ගෞරවය වෙනුවෙන් ක‍්‍රියාත්මක වන බවයි. මෙබඳු පුද්ගලයන්ගේ සටන් බොහෝ විට සම්ප‍්‍රදායවාදී වාමාංශික කොටස් දකින්නේ හුදෙකලා අරගල වශයෙනි.

එහෙත් ඇත්ත වශයෙන් නම්, සංවිධිත දේශපාලනික පක්ෂ සිය බල ව්‍යාපෘතීන් අරමුණු කරගෙන පවතින පාලන රජයයන් සමඟ අශුද්ධ සන්ධානවලට යන අතරතුර, පොතේගුරුවාදී මාක්ස්වාදයක ගිලී මිනිසුන් සිය නිදහස වෙනුවෙන් කරන අරගල මගහැර “සැබෑ පක්ෂය” නිර්මාණය කරගැනීමට වෙහෙසෙන අතරතුර, බැලූ බැල්මට හුදෙකලා ලෙස පෙනෙන මෙබඳු ක‍්‍රියාකාරිකයන් විසින් කළහැකි දේ කුමක්ද හා කළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳ නිර්වචනය වෙනස් කර ඇත. මාක්ස්වාදී ලේබලය අලවාගෙන සංවිධිත මාක්ස්වාදී පක්ෂවල නිල ක‍්‍රියාකාරිකයන් නොවුව ද බදියු “කොමියුනිස්ට් උපන්‍යාසය” යනුවෙන් හඳුන්වන දෙය සිය භාවිතාව තුළ ජීවමාන කරන මෙබඳු ක‍්‍රියාකාරිකයන්, බුද්ධිමතුන්. මාධ්‍යවේදීන්, කලාකරුවන් අපට හමුවන්නේ පුස්කෑ පොත්පිටු අතර නොව අරගලය තුළ ය.

ඔවුන් ඒ අරගලයේ ජීවයයි. සීතල යුද්ධය පුරාත්, ඉන් අනතුරුව එළැඹුනු නවලිබරල් ධනවාදයේ තාවකාලික එහෙත් ඇඟහිරිවැටෙන උත්කර්ෂය පුරාවට සැබෑ මනුෂ්‍ය ගෞරවය ආරක්ෂා කළෝ ඔවුහු ය.

අසූ වියේ පසුවන ඊජිප්තු ලේඛිකා නවාල් එල් සදාවි ටහ්රීර් චතුරශ‍්‍රයට පැමිණෙන විට ඇය දුර්වල මැහැල්ලක නොව නව පරපුරට අයෝමය ශක්තියකි. වසර දෙකකට අධික කාලයක් ඉරාන සිරගෙදරක ගතකොට මෑතකදී නිදහස ලැබූ ෂේන් බවර් සහ ජොෂ් ෆටාල් ලොව පුරා, විශේෂයෙන් ගුවන්ටනාමෝ බේ හි සිරකරුවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන විට ඔවුන් පොදු මනුෂ්‍යත්වයේ භාෂාවක් වර නඟයි. ඇලිස් වෝකර් මෙම භාෂාව “ගොළුබව ජයගැනීම” යනුවෙන් හඳුන්වයි.


මැයි දිනය, 2010: නිව් යෝක් හි බෆලෝ
නගරයේ දී සැමරූ විරෝධතාව


2006 වර්ෂයේ දිනයක එක්තරා සුවිශේෂ පුද්ගලයෙක් කැන්සාස් ප‍්‍රාන්ත විශ්ව විද්‍යාලයට පැමිණියේ ය. කළු ගමන් බෑගයක සී ඞී, පොත් කිහිපයක්, බයිසිකල් ලොක් සහ දම්වැල්, ප්ලාස්ටික් බට ආදිය ද,Occupation Wall යනුවෙන් ලියූ පලස්තීන අරගලයට සහයෝගය දක්වන ටී ෂර්ට් කිහිපයක් ද මෙම ගමන් මළුවේ විය. ඔහු පැමිණ සිටියේ අවිහිංසාවාදී විරෝධතා පැවැත්වීමේ දී භාවිතා කළ යුතු උපක‍්‍රම, එක් අයෙකු තනිවම අත්අඩංගුවට ගත නොහැකි වන පරිදි මිනිස් දම්වැල් සාදන ආකාරය, පොලීසිය විසින් පහර දෙන විට වේදනාව අවම වන සේ බිම හිඳ ගන්නා ආකාරය, ඇදගෙන යාමට නොහැකි වන සේ ඇඟ දරදඬු කරගන්නා ආකාරය ආදී විවිධ උපාය විධික‍්‍රම පිළිබඳව වැඩමුළුවක් පැවැත්වීමට ය.වැඩමුළුව අවසානයේ ඔහු එයට සහභාගි වූ අයට ඔහු ගෙනා පලස්තීනය පිළිබඳ ටී ෂර්ට් ද, විරෝධතා සංගීතය සහිත සී ඞී තැටි කිහිපයක් ද විකුණා, සිය අඩුම කුඩුම යලි බෑගයේ පටවාගෙන යන්න ගියේ ය.

මෑතක දී කයිරෝවේ සිදුවූ ජන අරගල අතරතුර සහ දැනට ක‍්‍රියාත්මකවන වොල් සීටී‍්‍රට් අත්පත්කරගැනීමේ ව්‍යාපාරය පිළිබඳව පළවූ වාර්තා දුටු විට, අපට මේ වැඩි කලබලයක් නැති නිර්නාමික මිනිසා සිහි විය. සාත්‍රේ සිට ජිජැක් දක්වා මාක්ස්වාදී බුද්ධිමතුන් ධනවාදයට අභියෝග කළ හැකි එකම සාර්ථක උපකරණය ලෙස හිංසාකාරී අරගල හඳුනා ගන්නා අතරතුර, වසර දහයකටත් වැඩි කාලයක් ලෝකය පුරා ක‍්‍රියාත්මක වූ මෙබඳු නිර්මානශීලී බහුඋපක‍්‍රමිකවාදී අරගලවල හිනිපෙත්තට අද ගෝලීය විප්ලවය පැමිණ ඇත. එම විප්ලවය ගෝලීය යැයි හැඳින්වීමට අප පසුබට නොවිය යුතු ය. අපගේ කොරියානු ජාතික මිතුරියක සිය ෆේස් බුක් පිටුවේ සඳහන් කළ පරිදි ”පාරජාතික ප‍්‍රාග්ධනය තරමටම විප්ලවය ද ගෝලීයකරණය වී ඇති බව කොරියානු ජාතිකයන් අතර ඔවුන්ගේ වෝල් ස්ටී‍්‍රට් අල්ලා ගැනීමේ අරගලයක් මතුවීමෙන් පෙනේ.”


2005 කළු ජූලිය සැමරූ ”නිදහස සඳහා සාමය”
වැඩසටහනෙහි නාට්‍ය දර්ශනයක්


අපගේ මෙම සටහනට නිමිත්ත වන්නේ වසර දහයක් පමණ කාලයක් තුළ ලෝකය පුරා විටින් විට මතුවී යලි මැකී ගිය බහුඋපක‍්‍රමිකවාදී අරගලවල වර්තමාන මතු වීම හා ඒ හරහා දැන් දැන් දිස්වන ගෝලීය විප්ලවයක පෙර සළකුණු ය. විවිධ භූගෝලීය කලාපවල සහ බහුවිධ දේශපාලනික පෙරමුණු තුළ මතුව ආ මෙම විප්ලවය පිළිබඳ සංවාදය ද, සංවිධාන ආකාරයන් පිළිබඳ නව සිතා බැලීම් ද, ඊටත් වඩා එයින් මතුවන පරමාදර්ශ සහ ජීවන කතා පුවත් අරගලය සඳහා මහත් උත්පේ‍්‍රරණයක් සහ අනුප‍්‍රාණයක් සපයනවා පමණක් නොවේ; ඒවා අප නිරතවන බෙහෙවින්ම ස්ථානීය අරගලයක් පවා ගෝලීය අරගලයක කොටසක් බව අපට පසක් කරයි.

අප ඉදිරියේ දී මෙම සටහන පුරා සාකච්ඡාවට ලක් කරන්නේ එබඳු කතා, සිදුවීම්, සහ ඒ තුළින් මතුවන අරගලයේ චිත‍්‍රයයි. මීලග සටහනින් අප මෙම විප්ලවවල මෑතකාලීන නැගී ඒම්වල ස්වරූපය සහ ඒවායේ ඉල්ලීම් පිළිබඳව ද එම අරගලවලින් අත්පත් කරගන්නා ලද ජයග‍්‍රහණ ද කෙරෙහි අවධානය යොමු කරමු. එමෙන්ම මෙම අරගලයන්ගේ පොදු හා මූලික ලක්ෂණ මොනවාදැයි සාකච්ඡා කරමු.

[කටු සටහන් බ්ලොග් අඩවියෙන්]
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- From Tahrir Square To Wall Street, Egypt Revolution, Reform and Revolution in the Middle East, Brian Wilson, Nawal El Saadawi
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
Kaushalya මෙහෙම කියනවා :
@ pseudonym Lenin,

Many thanks for taking your time to translate my comment into Sinhala!

"B. Bandara cannot be the author " ඒ කියන්නේ කෞශල්‍යගේ අනෙකා වෙන්නේ ලේකඛයෙක්. නමුත් බුද්දීකට එහෙම කෙනෙක් වෙන්න බැහැ මොකද එයා A /L අසමත් නිසා.


කිවුව වෙලාව- 2012-01-04 23:46:45
Lenin මෙහෙම කියනවා :
@Kaushalya=Hemanatha
"(B. Bandara cannot be the author because he is some one who got failed his A/L and travelled to US to work as a migrant laborer in a American food shop!). "
ඔයාට බුද්දික ගැන තියන ද්වේශය ඉහත උපුටනය තුලින් පැහැදිලිවම පෙන්නුම් කරනවා. අපි ඔයාගේ වචන එකින් එක විග්‍රහ කරලා බලමු. "B. Bandara cannot be the author " ඒ කියන්නේ කෞශල්‍යගේ අනෙකා වෙන්නේ ලේකඛයෙක්. නමුත් බුද්දීකට එහෙම කෙනෙක් වෙන්න බැහැ මොකද එයා A /L අසමත් නිසා. නමුත් ප්‍රභාට පුළුවන් මොකද එයා ඇමෙරිකාවේ PHD එකක් කරන නිසා. එක නිසා ප්‍රභව බුද්දීකගෙන් වෙන්කර ගන්න මෙයට ඕන සහ මොහුට අනුව A /L අසමත් යයි කියන බුද්දික වැනි අයෙකු ප්‍රභා වන්නෙකු විවාහ කර ගැනීමද විශාල වරදකි. මීට බොහෝ කලකට පෙර දීප්ති තම එකම නාට්‍ය වූ ගොඩෝ උන්නැහේ එනකම් නාට්‍ය ගැන කතා කරන විට පවසා සිටින්නේ එම නාට්‍යාහි වේදිකා සැකැස්ම සහ නළු නිලියන් ස්ථාන ගත කිරීම ජ්‍යාමිතික ආකාරයට සිදු කිරීම නිසා එය ඉතා ආකර්ශනීය නාට්‍යක් වූ බවය. තමාට එය එසේ කල හැකි වුයේ තමා විද්‍යා විෂයන්ගෙන් උසස් පෙළ සමත් නිසා බවත් අනෙකුත් බොහෝ නාට්‍ය කරුවන් සාමන්‍ය පෙළ හෝ අසමත් නිසා ඔවුනට එවැනි දෙයක් කල නොහැකි බවය.
මෙම ප්‍රකාශයන් දෙක බොහෝ සෙයින් සමානය.
කෞශල්‍යාගේ ප්‍රකාශයට අනුව හේමන්ත නැමැත්තා ඉංග්‍රීසි බාශාවෙන් ලියා ඇති කමෙන්ටුව ප්‍රභාගේ න්‍යායික අස්තානය ප්‍රශ්න කිරීමකි. ( ඔහි ඉතා ව්‍යක්ත ආකාරයට ඉංග්‍රීසියෙන් ලිවීමට උත්සහ දරා ඇත. එයා එසේ විය හැක්කේ ප්‍රභා යනු ඉංග්‍රීසි කථිකාචාර්ය වරියක් වීම විය හැක.) එවිට මොහුට අනුව "න්‍යාය" යනු හැමවිටම ව්‍යවහාරයෙන් ස්වායත්ත වූ මිනිස් දයලෙක්තිකය තුල එකම නිරපේක්ෂතාවයකි. එය එසේ නොවේ නම් මොහුට මෙසේ පැවසිය නොහැක එනම්, " If you cannot respond to the theoretical point, just stop showing your stupidity." ඔහුට අනුව ඔහුට න්‍යායික අස්තානයක් සේ පෙනෙන දෙය මටත් එම අයුරින්ම පෙනිය යුතුය. ( ඔහු පිළිගන්නා දනේෂ්වර හෙජමොනික අධ්‍යාපන ධාරාව තුල ඔහුට හිමි "ශ්‍රේණිය" තුලින් සාධාරණීකරණය කල හැකි න්‍යායන් පමණක් න්‍යායන් සේ පෙනීම සහ පිළිගැනීම නිසා මේ තත්වය ඇති වී ඇත. ) මාගේ ව්‍යවහාරයට අනුව එයා මට න්‍යායක් නොවන්නේ නම් හෝ එය සමාජ යථාර්තය සමග ව්‍යවහාරයේදී අකංග නොවේ නම්. ( කරුණාකර මම යනු දැනට වසර 200 කට පමණ පෙර ජීවත් වූ රතු ඉන්දියානු හෝ අබෝජින් හෝ එස්කිමෝ ගණයට අයත් අයෙකු සේ හෝ සලකා ඔබගේ සිතීම ආරම්භ කරනු මැන ) ඔබගේ න්‍යායික දැක්ම තුල මගේ විවේචනය බලාපොරොත්තු වීම යනු ඇමෙරිකාව අනෙකුත් රටවලින් කිසි වෙකුටත් අර්ථ දැක්විය නොහැකි විකාරයක් වන "ප්‍රජාතන්ත්‍රවාදය" ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටීම වැනිය.
මාගේ මුග්ධත්වය මා තුලින් ප්‍රකාශ මාන වීම නවතන ලෙස නියෝග කරන කෞශල්‍යා, බුද්දික සමග ඔහුට ඇති ද්වේෂයත් ප්‍රභා තම අනෙකෙකු කරගනිමින් අනන්‍ය වීමට දරන උත්සාහයත් ගැන කීමට ඇත්තේ කුමක්ද? බුද්ධිකට පරිභව කිරීමට තරම් ඔහු සමග මෙතරම් ද්වේශයක් ඇති වීමට හේතු බුත වූ කරුණ කුමක්ද?
රහස නැතුවද අපි නොදන්නේ..........
තුරුලේ බඹරුන් නොවේද ඉන්නේ...........


කිවුව වෙලාව- 2011-12-30 20:41:30
NS මෙහෙම කියනවා :
@ Nishantha , hondama nirwachanaya oben...thnx

කිවුව වෙලාව- 2011-12-28 10:02:20
Kaushalya මෙහෙම කියනවා :
@ Lenin,

Hemantha has criticized the central argument and approach of this article, which was presumably written by P. Manurathne (B. Bandara cannot be the author because he is some one who got failed his A/L and travelled to US to work as a migrant laborer in a American food shop!). If you cannot respond to the theoretical point, just stop showing your stupidity.


කිවුව වෙලාව- 2011-12-26 21:00:49
සුජීව මෙහෙම කියනවා :
:)

කිවුව වෙලාව- 2011-12-11 09:38:12
Lenin මෙහෙම කියනවා :
රහස නැතුවද අපි නොදන්නේ.........
තුරුලේ බඹරුන් නොවෙද ඉන්නේ..........

අමරදේව "උත්තමයා" කියන සින්දුවක පද දෙකක් මතක් උනා මේ කිසි වැඩකට නැති තමන්ගේ අනන්‍යතාව පමණක් ප්‍රක්ෂේපනය කරන්න පමණක් දරපු උත්සාහයකට නිර්මාල් සහ හේමන්ත දාපු කමෙන්ටු දැකල.

"ප්‍රභා මනුරත්න" කියන නම ඉහත ලිපිය අවසානයේ නොතිබි මේ කොමෙන්ටු දාපු අය නොහඳුනන නොදන්නා කෙනෙක් මේ ලිපිය ලියල තිබුන නම් මේ අය මේකට මේ වගේ කමෙන්ටු දාන්නෙ තියා නිකමටවත් කියවන්නේ නෑ නේද ? මෙයා ඇමෙරිකාවේ ගිහින් පි එච් ඩි එකක් කරන කථිකාචාර්ය වරියක් නොවුන නම් "ප්‍රභා මනුරත්න" කියන නම තිබුනත් වැඩක් වෙන්නේ නෑ නේද?

මේ අය හරිම අදේශපාලනිකයි සහ මෙයාල ගොඩනගාගන්න මිනිස් සම්බන්ධ කම් ඇතුලේ වාමාංශික භාවිතාවක් නෙවි තියෙන්නේ. ඒවායේ තනිකරම වැඩ කරන්නේ ධනවාදී භාවිතාව සහ දෘෂ්ටිවාදය.

ජ වී පෙ වාම ප්‍රවනතාව වෙතින් වාම දේශපාලන භාවිතාවක බලාපොරොත්තු දළු ලන යුගයක. එම ශ්‍රම දායකත්වයේ සහෝදරත්වයට අලගු තැබීමට හෝ නොහැකි මිනිස් භාවිතාවන් තුලින් ගොඩ නැගෙන ඊනියා විදග්ද සංවාදයන්ගේ හිස් බව තේරුම් ගැනීමට ඉහත ලිපිය සහ එයට විචාරයන් සපයන ඔවුනගේ සහචරයන්ගේ විවහාරය කදිම උදාහරනකි.


කිවුව වෙලාව- 2011-12-11 02:33:21
Gune මෙහෙම කියනවා :
Me Hemanthalatath pissu ne me hodi panthiye podi evun MYSELF gana liyana rachanaa valata maha diga pal haali liyanna, wachana deken thunen uththara deela damma nam ivarayi ne.

කිවුව වෙලාව- 2011-12-10 20:03:28
Sampath මෙහෙම කියනවා :
Narmaalge ashaava thamayi thamanta anuroopa pudgalayo akka sanvaada karana aka.

කිවුව වෙලාව- 2011-12-10 19:56:02
Sumana මෙහෙම කියනවා :
haaapoooo me prabha buddika hysteric vasangathe apahu lankavata avith Ranjan ramanayakage One shot gana Prabhata liyanna deyak nadda?

කිවුව වෙලාව- 2011-12-10 19:42:36
Nirmal Ranjith Dewasiri මෙහෙම කියනවා :
Well there is a point in what Hemantha says, but do you think that we don't need this kind of interventions? Sometimes it is good to appreciate positives rather than trying our best to point at something that is lacking. I don't think Prabha and Buddhika would say that this an analytical piece. By the way, I would like to see commentators reveal their identity as much as possible.

කිවුව වෙලාව- 2011-12-07 23:01:35
Kumar මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-12-05 08:45:09
Friend මෙහෙම කියනවා :
If your think this is world Revolution. itz a big mistake mrs. manurathna. ya of coz this is somithing good. but don't get a big hope of on this.

කිවුව වෙලාව- 2011-12-03 21:01:59
Hemantha මෙහෙම කියනවා :
Did some body say this is a good analysis? This cannot at least be considered as a good news paper column because this piece lacks any viable analytical point or an argument.

On the contrary, it is only filled with bundles of feelings and immature sentiments that are revolved around largely undefined terms like 'anti-systemic struggles' and 'revolution'. The authors seem to have thought that those terms have something substantial in themselves and also that they have not been subjected to any political intellectual debate throughout the history of emancipatory politics. This suggests nothing but their ignorance of the history of Marxist theory and of the contemporary debates of the radical social and political theory, though some theoreticians like Zizek and Babiou are quoted in their piece mostly out of context.

On what ground that one should take the example of their heroic character who sacrificed his two legs for some particular cause as the future model of revolutionary politics? The only answer given in this article for the above question is just some romanticized sentiments over his act! Hence, no analytical approach is provided and no critical engagement with the other approaches of revolutionary politics is evident throughout the article.

This piece just appreciates liberal norms of anti-violence, without even contextualizing this liberalist consensus as resulted by the so called ‘war-against terror ideology’, and romanticizes an anarchist sort of voluntarism without referring to the theory of anarchism even!

The most important question is to what direction that this article is supposed to lead the left-wing political activism? The authors should know that all the thinkers that they have quoted in their piece including Marx, Badiou and Zizek were in different contexts involved in theorizing a viable political alternative against capitalism. Stories on romanticized life examples might be useful in political propaganda but they cannot indeed replace theory and analysis.

And also without reflecting on the particular issues in one’s own society one would not be able to articulate any project of Universalism, as the recent writings of Zizek also suggest, in the sense that path towards the Universal is nothing but the Particular itself. So, there’s no point in romanticizing other people’s political acts without being intellectually involved in the real issues of democracy, human rights and social justice in the present day Sri Lanka, in this particular case.

The authors seem to have hinted on the current debate around JVP’s internal crisis, though they were not brave enough to mention what particular writers and articles that were under consideration. In this point also they tend to misrepresent the whole debate, by claiming that the debate is merely between those who need to protect the existing party structure and those who try to make a more 'correct party'. This implies the ignorance of the authors of the real situation on the ground; an idea about new movement for people’s liberation is at the centre of the debate and of the struggle.

Unfortunately, the authors have not even demonstrated any potential of analytical thought, though as far as I know at least one of them has an academic training in postgraduate research (the other one should be pardoned for this, for he got no basic academic training).


කිවුව වෙලාව- 2011-12-02 12:13:32
Nishantha මෙහෙම කියනවා :
A good article written on other people's politics by a PhD student and an unskilled migrant laborer.

කිවුව වෙලාව- 2011-12-01 23:05:02
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
ප‍්‍රභා මනුරත්න/ බුද්ධික බන්ඩාරගෙන් තවත් වියමන්
වෙසෙස්
අවුෂ්විට්ස්වලින් පසුව ගීත කාව්‍ය නිර්මාණය කිරීම ම්ලේච්ඡත්වයක් ද?
රංග
එච්.ඒ. පෙරේරා
තවත් වෙසෙස් බූන්දි
මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය
වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව
ආගිය අතක් නැති වූ 'මහසෝනා'
අපි තමයි නියම විප්ලවකාරයෝ..!
දත්තවාදී යුගයේ විප්ලවවාදින් හඳුනාගනිමු!
BoondiLets
ඒබ්‍රහම් ජේ. හෙසල් කියයි.
ජාතිවාදය යනු මිනිසෙකු විසින් තවත් මිනිසෙකු වෙත එල්ල කරන බරපතලම තර්ජනයයි. ඇත්තෙන්ම එය නොසැලකිය හැකි තරම් කුඩා හේතුවක් සඳහා වූ අප්‍රමාණ වෛරයකි.
What's New | අලුතෙන්ම
කවි| ස්වර්ණ - සංවත්සරය දා

29-Secs

(උද්‍යෝගී පලිහක්කාර) දෙඅත් බැඳ - නවා හිස
විපිළිසර කැමරා - දෙනෙත් අභියස
එදා උන් අයුරින්ම මා අස
ඉඳී මා 'විළිබර මනාලිය'

මේ තරම් තිළිණ, මල් කළඹ, බන්ධූන්... [More]
කවි| පියාපත

12-Secs

(රත්න ශ්‍රී විජේසිංහ) මගේ පුත
මේ පියාපත
නුඹේ ම ය

තක්සලා පාරේ
කුණු මඩ පිරුණු ගොවුදේ... [More]
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook