Facebook
Twitter
Google+
YouTube
Blog
RSS Feed
පොත් බූන්දි
පිනි දිය වැස්ස - ගබ්සා කළ කවියක සැඟව ගිය ප්‍රතිභාව
බූන්දි, 00:57:15
කවිය වල පල්ලට ගොස් ඇතැයි අප එකිනෙකාට කෙතරම් මැසිවිලි කියා ගත්තද කවිය ස්පර්ශ කරමින් සාහිත්‍ය ලොවට අවතීර්ණ වන තරුණ නිර්මාණකරුවන්ගේ ප්‍රමාණයද අනල්පය. අද සාහිත්‍යයක් නැත. සාහිත්‍යය නිර්මාණ වෙනුවට හරසුන් ආලාප පමණක් ම බිහිවේ යනාදී කොට ගත් ආඩපාලි බෙණෙනවාට වඩා පැණසර ප්‍රවීණයන්ගෙන් සිදු විය යුත්තේ යම් පමණකින් හෝ මේ එළි දකින නිර්මාණ කෘති වල සුගුණ සහ දුර්ගුණ පෙන්වා දෙමින් මෙකී දුර්ගුණයටන්ගෙන් අප පරපුර ගලවා ගැනීමයි. නමුදු අවාසනාවකට මෙන් සිදු නොවන්නේද මෙයමය. බොහෝ කොට කියා ඇති පරිදි මගේ මේ චූල වෑයම එකී තුංග කර්තව්‍යයට සුළු අලගු තැබීමකි.

මෙම වකවානුව බොහෝ තරුණ කවීන් සිය නිර්මාණ, කෘති ලෙසින් සහෘදයන් වෙත පත් කළ අවධියකි. පිනි දිය වැස්ස වූ කලී ළහිරු කිතලගම නම් තරුණ කවියාගේ ප්‍රථම කවි එකතුවයි. ඒ පිළිබඳව යම් සටහනක් තැබීමට අදහස් කරමි. එකී එළැඹුමට පළමුව ලියොන් ට්‍රොට්ස්කිගේ එක් සුභාෂිතයක් සිහිපත් කිරීම වටනේ යැයි සිතමි.

"අපගේ පොදු යුතුකම නම් සෑම කලාකරුවෙකු කෙරෙහිම අතිමහත් සැළකිල්ලක් දැක්වීම බව අප සෑම දෙනාටම ප්‍රත්‍යක්ෂ කරුණකැයි මම කල්පනා කරමි. අප සමග එක පෙරමුණේ යුධවැද සිටින කෙනෙකු සම්බන්ධයෙන් ගත්විට ඔහු කෙරෙහි පෙර නොවූ විරූ තරම් සැළකිල්ලක් දැක්වීම අපගේ දැඩි වූත් ප්‍රධාන වූත් පොදු යුතුකමක් වන්නේය. එවන් අවධානශීලී කාරුණික ආකල්පයක පළමු කොන්දේසිය නම්, තරුණ කලාකරුවාගේ ස්වයං විවේචනය මරා දමමින් අකාල ප්‍රශංසා ප්‍රදානය නොකිරීමයි. දෙවැනි කොන්දේසිය නම්, තරුණ කලාකරුවා පා පැකිලී වැටුණ සැනින් ඔහුගෙන් තවදුරටත් වැඩක් නැතැයි අත සෝදා නොගැනීමයි."

- ලියොන් ට්‍රොට්ස්කි
(පෙරමුණක් නැති සෙනවියෙකුගේ කගපතක මුවහත)
- මා සුනිල් මාධව දකින හැටි ෂෙල්ටන් පයාගල


අප පරම්පරාවේ නිර්මාණ දෙස බැලීමේ දී ඉහත වදන් මුෂ්ටි කොට ගැනීම යෙහෙකැයි සිතමි. මන්ද මේසා විශාල ප්‍රහාරයන් ගණනාවකට මුහුණ දුන්, කප්පාදු කරනු ලැබූ සහ අතරමං කරනු ලැබූ පරම්පරාවක් සාහිත්‍යයට යොමු වීමම විශේෂයක් වන බැවිනි.

පිනිදිය වැස්ස පෙන්වන ප්‍රතිභාව

මෙම තරුණ කවියා ප්‍රතිභාන්විතයෙකු බව නොකිව මනාය. ඔහු තම නිර්මාණ තුලින් ඒ බව අපට පෙන්නුම් කරයි. කවීත්වයක් නැත්තෙකුට මෙවැනි පද ගැලපුම් ඈ නෙක සුරුකම් වල හැසිරිය නොහැක.

පියෙක් දුක් වූ හෙලූ කඳුළැල්
දෑත මත කහවණුව හැරුණේ
ලැබුණ කහවණු ගෙදර වළඳේ
බතක් වී කුස ගින්න නිවුණේ


-සීවලී යන්ත්‍රය

ගම් දොර හරය
වීසි නොකොට
බ්ලූමැන්ඩල් කුණු ගොඩට
අඩුවක් කා බඩ වියත් රැකගෙන


-සරසවි සිසුවා සහ බොඳවූ සිහිනය

පෙර දවස බත සදා
කුස නිවා එළිය වූ
සඳ එළිය නිවී ගොස් ඇති බැවින
ගිනිහල් ගේ තුල

-ළබැඳියකගේ ජීවිතය.... වැනි කවි එම අදහස සනාත කරයි.

නව්‍ය අනුභූති වලට යොමුවීම

නව්‍ය අනුභූති වලට යොමුවිම සහ සම්ප්‍රදායික කියවීම් ප්‍රශ්න කිරීමට උත්සාහ කිරීමත් මෙම කෘතියේ සාධනීය ලකුණකැයි හඟිමි. "සීවලී යන්ත්‍රය", "මළ ගෙදර සාජ්ජය" කවි ඊට නිදසුනෝ වෙති. මෙසේ යම් සාධනීය ලකුණු ප්‍රමාණයක් පෙන්නුම් කළ ද සමස්තයක් ලෙස ගත් කල මෙකවි එකතුව අසාර්ථක යැයි සිතමි. කෙසේද යත්,

හීන වූ ව්‍යුත්පත්ති ගුණය

මෙය අප පරම්පරාවේ බොහෝ දෙනාට (ලියුම්කරු ද ඇතුලත්ව) බලපෑම් කරන්නකි. බොහෝ විෂයන් බොහෝ කොට නොහැදෑරූ බව, පුරාතන ගද්‍ය පද්‍ය සාහිත්‍ය ස්පර්ශයෙන් තොර වීම, නව දැනුම් පද්ධති වෙත අවෘතව සිටීම, මිනිස් ඇසුරෙහි අත්දැකීම් උකහා ගැනීමේ විෂයෙහි ලා උකටලී වීම මෙකී ගුණය නොඑසේව බොහෝ ඇසූ පිරූ තැන් නොමැති වීමට බලපානු ලබයි. එකී සාහිත්‍යය කරණය විෂයෙහි වන දුර්ගුණයම නැවත කවියෙහි රස සහ ගුණ දෙපාර්ශවයටම ප්‍රහාර එල්ල කරයි. එනයින් කෘතිය තුල පැන නැගී ඇති බොහෝ දුර්වලතා මෙකී ප්‍රධාන දුබලතාවයෙන් පැන නැගුණේ වෙයි.

වාර්තාමය ස්වරූපය

මෙකී කෘතිය තුල බොහෝ කොට දකින්නට ලැබෙන්නකි. කිහිපයක් අතරින් තෝරා ගත් මෙම කොටස් විමසන්න.

හන්දියේ කඩ පිලේ
ගරා වැටි බංකුවේ
ඈඳි ගෙන සැඳෑ යම
බීඩියක් සුදුපාට
දුම් වලා


-සැඳෑ යම තනියම

අයුක්තියේ අඳුර බිඳින්නට
සත්‍යයේ ආලෝකය දල්වන්නට
අයුක්තියේ දුගඳ නසන්නට
නිදහසේ උරුමය රකින්නට
හදවතට ජවය දිරි දෙන්න
නව ලොවක් හෙටට තනන්නට
දෑස් පිසදා සැරසෙන්න


- නව ලොවක් උදෙසා (සම්පූර්ණ කවියම මෙහි වේ)

මේවායේ වාර්තාමය ස්වරූපයක් මිස කාව්‍යමය ස්වරූපයක් ඇත්තේ නැත.

ශුෂ්ක පද භාවිතය

මෙකී දුර්ගුණයද යටකී ප්‍රධාන දුබලතාවයෙන්ම පැන නැගුණකි. බොහෝ කොට කියවීමෙන් ඈත් වීම නිසා පටු වූ වාග් කෝෂය එකම ඕලාරික වචන නිතර යෙදීමට බල කරයි. උපුටා ගත් මෙම කවි එකී අදහස තහවුරු කරයි.

මාව කපලා කොටපු
මේ හතරුස් කූඩුවෙන්
මාව ගෙනියපං ගමට
මල් පොකුරු
කරදාසි කොළ
එපා බං..


-මියගිය අප්පච්චිගේ අන්තිම කැමති පත්‍රය

කන්නට අහරක් නැති සඳ
බොන්නෙමි ඇල් දිය තිබහට
දෛවය හා පොර බදමින්
ජීවිතයෙන් වන්දි ගෙවන


-දුප්පත් හදක සිතුවිලි

අනේ පින් සිදු වන්නට
මගෙ පොඩි මැණිකේ
මං මක් කොරන්නද?


-පොඩි මැණිකේ

යනාදී වශයෙනි.

දෘෂ්ටිමය දුබලතාවය

ප්‍රවණතාමය කවියට පමණක් නොව රොමෑන්තික කවියෙකුට පවා යම් දෘෂ්ටියක් තිබිය යුතුය. එය කටුවක්ව ගෙන ඒ තුල වැදගන්නට නොවේ. එසේ නොවන කල කවිය පමණක් නොව සහෘදයා ද අතරමං වීම වැළැකිය නොහේ. මෙම කවිද විමසන්න.

දෑත වෙහෙසා තම
දිරිය ගෙන කල් ගෙවන තරමට
ලොවේ ඇති නැති දනන් හට
හැකිය තම කුස පුරව ගන්නට


-සීවලී යන්ත්‍රය

නළඟන රැඟුමන් බැලුමට
මාගේ සිත නොවේ වසඟ
අතැති ටිකට්ටුවේ මුදල
තබමි මවගේ ගෙන සුරතින්..


- එල්ෆින්ස්ටන් අසලදී (සිඟන මවකට කාසි දීම ප්‍රස්තුත කොට ගත්තකි.)

දෛවය හා පොර බදමින්
ජීවිතයේ වන්දි ගෙවන..


-පොඩි මැණිකේ

මෙවැනි කවි තුලින් ළහිරු තම දෘෂ්ටිමය ඌනතාවය සහෘදයා වෙත දමා ගසයි. ලොවේ ඇති නැති සියලු දෙනාම දෑත වෙහෙසා කුස පුරවා ගන්නවා යැයි කීම, ආදිය විකාරයකි.

කවි වලට යොදන මාතෘකා කෙරෙහි අඩුසැළකිල්ලක් දැක්වීම

මෙයද ළහිරු විසින් අවධානය යොමු කළ යුතු ඉසව්වක් බව සිතමි. මෙකී සමහර කාව්‍ය මාතෘකා ඉබාගාතේ ඔහේ යොදා ඇතැයි පවා සිතේ. මේ පිළිබඳව අවධාරණය කිරීම සඳහා මංජුල වෙඩිවර්ධනගේ පිළිහුඩුවී කෘතියෙන් කවක් උපුටා දක්වමි.

කැත

මම මගේ වතේ හැඩරුව
කැඩපතින් බලන හැමවර
මට පෙනෙන්නෙම,
ඔබෙ හදවතේ පිළිරුව


[පිළිහුඩුවී - මංජුල වෙඩිවර්ධන]

කවි එකතුවක් සහෘදයාට තිළිණ කිරීම ආධුනික කවියෙකුගේ නොඉවසිලිමත් සිහිනය වුවද එකී කඩිනම තුල කෘතියට අසාධාරණයක් වීමද වැළැක්විය නොහැකි අභියෝගයක්ව පවතී. මෙකී බොහෝ අඩුපාඩු පෙන්වා දෙනු ලැබුවේ පෙර සඳහන් ට්‍රොට්ස්කිගේ ආස්ථානයේ දැක්වූ පරිදි අකාල ප්‍රශංසා වලින් අවැඩක් මිස වැඩක් නොවන බැවිනි.

එනයින්, ළහිරු තරුණ කවියාට මගේ යොජනාව වන්නේ ව්‍යුත්පත්ති ගුණය වඩවා ගැනීමේ ලා උත්සුක වන ලෙසයි. නිරන්තර අභ්‍යාසයේ යෙදෙන ලෙසයි. එසේ වූ කල ඔහුගේ නිසඟ ප්‍රතිභාව තුලින් වටනා කවි බිහිවනු ඇති බවයි.

හෑල්ලු පියවරෙන් වේගයෙන් දිව යනවාට වඩා බර අඩි තබමින් ස්ථීරසාරව සෙමෙන් ගමන් කිරීම හොඳය.

2011.11.16
මේ වියමන ඔබේ මූණු පොතට එක් කරන්න-
Tags- A review on Lahiru Kithalagama's Pini Diya Wessa
පැරණි මාදිලියෙන් ලැබුණු ප්‍රතිචාර-
lakshman මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-11-29 03:51:23
වටගෙදර මෙහෙම කියනවා :


කිවුව වෙලාව- 2011-11-26 21:51:04
Plus
ප්‍රතිචාර
අඩවි දත්ත
Facebook Page
Boondi Google+
Boondi RSS
සඳුන් ප්‍රියංකර විතානගේගෙන් තවත් වියමන්
පොත්
පරාගේ "ක්ලැරා" සිරා ද?
පොත්
කලාව සහ කතිකාව- නූතන කලා සංස්කෘතික දෘෂ්ටිවාදී කතිකාව කෙරෙහි අකුටිල මැදිහත්වීමක්
පොත්
'කියන්නට හදන විදිහ' විසින් 'කියන්නට හදන දෙය' යටපත් කළ 'මගේ ආද‍රණීය යක්ෂණී'
පොත්
වීරයන් අවැසි සමයක - මරියා සිලොනිකා වස්තුව
පොත්
කියනු මැන දිවි අරුත- ගුණදාස අමරසේකර
තවත් පොත් බූන්දි
ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...
උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!
සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!
"මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය
මී පුප් සේ රස 'හෑල්ල'
BoondiLets
හරුකි මුරකාමි ලියයි.
මිනිසුන්ගේ ස්මරණයන්, ඔවුන් විසින් ජීවත් ව සිටීම පිණිස දවන ඉන්ධන බඳුය. ජීවිතය පවත්වාගැනීම පිණිස එකී ස්මරණයන් සැබැවින් ම වැදගත් ද යන්න අදාළ නොවේ. ඒ... [More]
What's New | අලුතෙන්ම
කවි| ආනන්ද

31-Secs

(රෝහණ පොතුලියැද්ද) මාලා කරුවෙකු සේ මල් සොයා යන
සසර සැරි ගමනක ඉම
අතහැරීම ම නිවන කියන උතුමෙකු
අත නෑර අල්ල ගති ආනන්ද

මල,පැහැය,සුවඳ, ඈ... [More]
Cine| අසන්ධිමිත්තා- වෘත්තයෙන් ආපස්සට

3-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) සාහිත්‍යය හෝ සිනමාපට තවදුරටත් සාම්ප්‍රදායික ආකෘතියම නොපතයි. රසවිඳින්නන්ව සාමාන්‍ය කතාවකින් නළවාදැමීමට නොහැකිය. තවදුරටත් ඔවුහුද හුරුපුරුදු නිර්මාණ ස්වභාවයම නොපතති. නිර්මාණකරුවකු... [More]
Cine| රාමු තුළ යළි රාමු වුණු "දැකල පුරුදු කෙනෙක්"

6-Mins

(විකුම් ජිතේන්ද්‍ර) මේ යුගය ඡායාරූප හා කැමරා යුගයක් වන අතර වෘත්තීය හෝ අර්ධවෘත්තීය කැමරා භාවිත කරන ආධුනිකයා පවා අධි සුන්දරත්වයෙන් යුතු ඡායාරූප... [More]
අදහස්| To Sir, With Love!

2-Mins

(තාරක වරාපිටිය) To Sir With Love යනු මීට වසර 28 කට පමණ ඉහතදී කළු සුදු ටෙලිවිෂන් තිරයකින් මා බැලු චිත්‍රපටයකි. එය එතෙක්... [More]
වෙසෙස්| මැදියම් රැයේ වාහනවලට අතවනන සුදු හැඳි ගැහැනිය

5-Mins

(තිලක් සේනාසිංහ ) අද මෙන් මහජනයා හෝ රථවාහන බහුල නොවූ මීට දශක හය හතකට පෙර ඇතැම් දිනවල මැදියම් රැය ආසන්නයේ දී කොළඹ බොරැල්ලේ... [More]
ඔත්තු| හෙල්මලී ගුණතිලකගෙන් 'සහස් පියවර'

5-Secs

හෙල්මලී ගුණතිලක විසින් රචිත පළමු කෙටිකතා එකතුව වන 'සහස් පියවර' කෘතිය මුද්‍රණද්වාරයෙන් එළි දක්වා තිබේ.... [More]
පොත්| ඉණෙන් හැලෙන කලිසමක් රදවා ගන්න තතනමින්...

2-Mins

(රෝහණ පොතුලියැද්ද) පුද්ගල නාමයක්, වාසගමක් දුටු කල්හි ඔහුගේ ජාතිය/ ආගම/ කුලය/ ලිංගය/ ග්‍රාමීය, නාගරිකබව සිතියම් ගත කිරීම සාමාන්‍ය පුරුද්දක්. නමුත් "ඩොමිනික් චන්ද්‍රසාලි"... [More]
කෙටියෙන්| මොන එල්ලුං ගස් ද?

10-Secs

(සුරත්) කුඩුකාරයෝ ටික විජහට එල්ලාලා
බේරා ගනිමු රට ඒකයි හදිස්සිය
මෙත්පල් මැතිඳු මුර ගානා හැටි දැකලා
ගිරවා මගේ දුන්නා එල ටෝක් එකක්

"එල්ලිය යුතු එවුන් දා ගෙන රෙදි අස්සේ... [More]
පොත්| උමතු වාට්ටුවට අප්පචිචී ඇවිත්!

6-Mins

(කේ.ඩී. දර්ශන) 'උඹට එහෙම යන්න බැහැ උඹ ඉන්න ඕනෙ මම ළඟ. මගේ හෙවණැල්ලෙන් මිදෙන්න උඹට බැහැ.'
(-41 පිට)

'මම ගල් ගැහී අප්පච්චී දෙස බලාගෙන... [More]
රත්තරං ටික| මෙන්න බත් කූරෙක්!

28-Secs

මත්සුවා බැෂෝ යනු කෘතහස්ත ජපන් කවියෙකි. බැෂෝගෙ කවිකාර කම දැක දිනක් ඔහුගේ ශිෂ්‍යයෙකු ද කවියක්... [More]
කවි| ජානූ! පේ‍්‍රමයෙන් විතැන් විය හැකි දැයි මට කියන්න

24-Secs

(තුෂාරි ප්‍රියංගිකා) එකින් එක මතක අහුලමි
මංජුසාවකි හදවත මතක අහුරමි
සීත හිමයේ මිදුණු හිමකැටිති යට
ඔබට කවි ලියා සඟවමි
ජානූ!
පසුපස සෙවණැල්ල සේ ඇදෙමි... [More]
පොත්| සෞන්දර්යය වෙනුවට කටු අතු- අපේ යුගයේ උරුමය!

13-Mins

(චූලානන්ද සමරනායක) කිවිඳියකගෙ කාව්‍ය ග‍්‍රන්ථයක් එළිදක්වන මොහොතක ඇගේ කවියට ප‍්‍රවේශ වෙන්න වඩාම සුදුසු මාවත මොකක්ද? මේක ටිකක් විසඳගන්න අමාරු ප‍්‍රශ්ණයක්. මොකද අද... [More]
ඔත්තු| 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්'- දෙසැ. 01

11-Secs

මාලතී කල්පනා ඇම්බ්‍රෝස්ගේ 'නො පවතිනු වස් ප්‍රේමය ව පවතිමි' සහ 'පියා නො හැඹූ පියාපත්' කාව්‍ය... [More]
වෙසෙස්| වාලම්පුරි- වාසනාව, විහිළුව සහ මිත්‍යාව

1-Mins

(තාරක වරාපිටිය) ලංකාවේ ඉහළ "අලෙවි වටිනාකමක්" ඇති, ‘අනුහස් ඇති’ ගුප්ත වස්තුවකි වාලම්පුරිය. මෙම ‘වටිනාකම’ තීරණය වන්නේ එහි ඇති ද්‍රව්‍යමය වටිනාකම හෝ වෙනත්... [More]
පොත්| "මතක වන්නිය" හෙවත් උතුරේ ශේෂ පත්‍රය

3-Mins

(සුරෝෂන ඉරංග) කලා කෘතියකින් භාවමය කම්පනයක් ඇතිකළ හැකි නම් එයට කිසියම් සමාජ බලපෑමක් සිදුකළ හැකිය. එසේ කම්පනයත්, පශ්චාත්තාපයත් ජනිත කළ, දමිළ බසින්... [More]
අදහස්| විද්‍යාවේ සියවසක පිම්ම!

2-Mins

(තාරක වරාපිටිය) පසුගිය සියවසේ මිනිස් ශිෂ්ඨාචාරය මුහුණපෑ ප්‍රධාන මාරක අභියෝග තුන වුයේ වසංගත, සාගත හා සංග්‍රාමයන්ය. ඒ සියවස තුල එසේ ඉන් මියැදුන... [More]
කරන්ට්ස්| "අඟ"

19-Secs

(උපුල් සේනාධීරිගේ) අංඟ පුලාවකට නැති මිනිස්සු
තම හිස අත ගෑහ
අඟක්... ඔව් අඟක්
රයිනෝසිරසක හැඩගත් අඟක්
මොළයක් නැති සිරසක්
තෙතක් නැති හදවතක්... [More]
වෙසෙස්| ඇනා කැරනිනා සහ ඇනා ස්ටෙපානොව්නා

7-Mins

(ඩිල්ෂානි චතුරිකා දාබරේ) ලියෝ තෝල්ස්තෝයි විරචිත ඇනා කැරනිනා නවකතාවේ ප්‍රධාන කථා නායිකාව වන ඇනා අර්කෙඩියෙව්නා කැරනිනා නමැති චරිතය ගොඩනැංවීම සඳහා තෝල්ස්තොයිට කාන්තාවන් කිහිප... [More]
Boondi Dot Lk · බූන්දියේ අපේ වැඩක් · editorial@boondi.lk
Home · Currents · Raha · Sookiri · Kavi · Dosi · Music · Plus · Facebook