kevin මෙහෙම කියනවා :
රනවීර ඔයා කියන්න අවශ්‍ය නැහැ.. මස් ඉභුලට ඔනෙ නම් ලන්කාවෙ තියන ඕනෙම මීඩියා එකක කාලවකාශය විමල් අයියට කියලා ඉල්ලගෙන එයාගෙ පැහැදිලි කිරීම කරන්න පුලුවන්... ඉසුරු ඒක කරල දෙයි.. ඉසුරුටත් බැරි නම් සඳුන් කරවල දෙයි.... ඔයා මේව ගැන දුක් වෙන්න එපා....
කිවුව වෙලාව- 2011-10-19 22:55:58
komal veeravansa මෙහෙම කියනවා :
@රණවීර
ඔයා බූන්දියට බන කියන්න එපා. දැන් මේ සඳුන්ගෙ කවිය ඇවිල්ල මස්-ඉබුලව ප්‍රොටෙක්ට් කරන්න ලිවුව ප්‍රති කවියක්. මේක දාල තියෙන්නෙ බූන්දියෙ මිසක් දිවයිනේ නෙමෙයිනෙ. වීරයගෙ පසු සටහන් බූන්දිය පල කරල නැහැ. ඔයා ඇවිල්ල මස් ඉභුලව විවේචනය කරපු කවිය වීරය ලිවුවයි කියල පටලවගෙන ඉන්න මහත්මයෙක්.
හැබැයි ඔයා සඳුන් නෙමෙයි.
සඳුන්ට තියෙන්නෙ වෙන අවුලක්.
කිවුව වෙලාව- 2011-10-19 22:50:56
සාරංග මෙහෙම කියනවා :
@රණවීර
කණගාටුවෙන් වුවද ඔබට මේදේ කිව යුතුය. මෙහි සම්මානනීය පුද්ගලයින්ට මඩ ගැසීමක් නොව භාවිතාව ප්‍රශ්න කිරීමක් පමණි මා නම් දකින්නේ..ඒ බව තේරුම් ගැනීමට නොහැකි වීම ගැන මගේ කණගාටුව. ඔබ උපුටා දක්වන්නාගේ භාවිතාව ප්‍රශන් කළ හැකි නම් ඔබ එය දේශපාලනිකව තාර්කිකව සිදු කරන්න. එවිට ඔහු රිසි නම් ඔබට පිළිතුරු සපයාවි. ඔබ මේ සාක්ච්ඡා විශයෙන් පරිබාහිරවයි අදහස් දක්වන්නේ. මෙහි ගොඩගේ සම්මාන නමින් හදුන්වනු ලබන ජරා නරකාදියට මොවුන් ගොඩවීම ගැනයි මෙහි කතිකාව. ඔබ පෞද්ගලික ආවේශයකින් අදහස් දැක්වීමෙන් සිදු වන්නේ අදාළ නොවන දෑ මෙහි ලියා තැබීම පමණයි.
අනුන්ගේ වෙබ්වල තමන්ට ගහන මඩ ගැන හූල්ල හූල්ල ඉන්නවා..
මේ ඔබ ප්‍රකාශ කරන දේ ඇති සත්‍යතාවය කුමක්ද? මෙහි මීට පෙර මස්ඉඹුල සම්බන්ධයෙන් පළවූ කවියේ සඳුන් ප්‍රියංකර ප්‍රතිචාර අවකාශයේ අදහස් දැක්වූවා..පසුව ඔහු කවියක්ද එවා ඇත. අපි මේ තර්ක කරනුයේ එම කවියට අදාළ ප්රතිිචාර අවකාශයේයි. එසේ නම් ඔබ මේ දක්වන අදහස් වලංගු නොවනවා නේද මිත්‍රයා..දිර්ඝකාලයක් තිස්සේ බූන්දියේ පාඨකයෙක් ලෙස මා අත් විදින්නේ ඒ නිදහස් අදහස් දැක්වීමේ හැකියාවයි. ඔබ ඔය කියන නිවැරදි සම්මානලාබී පුද්ගලයින් මෙහි අවකාශ ඇත ස්වකීය මත ඉදිරිපත් කිරීමට. නැවතත් මා මේ කතිකාව තුළ දුටු දේ නම් ඔවුන්ගේ හැසිරීම් සහ ඔවුන් ලියූ සහ ලියන දේ ප්‍රශ්න කිරීම පමනි. ඒ අයිතිය ඕනෑම කෙනෙකුට ඇත. එයට නිවැරදි ලෙස තාර්කිකව පිළිතුරු දීමටද ඔවුන්ට හැකියාව ඇත.
තමන්ගේ වෙබ් සයිට් එකේ පොර ටෝක් එකක් දුන්නම සියලු රෝග නිවාරණයි
ඔබේ නොදැනුවත් භාවය ගැන කණගාටුය. නිවැරදිව කියවන්නෙක්ට පඨිතය තේරුම් ගත හැක යන්න මගේ මතයයි. මෙය ඔහුගේ වෙඩ් සයිට් එක යන්න ඔබ කියනා තෙක් මා දන්නේ නැත. කෙසේ වෙතත් මිත්‍රයා යට කී ලෙස තාර්කික වන්න. ඔබ පෙනීසිටින අයවලුන්ගේ භාවිතාවේ නිවැරදිතාවය සාධනය කරන්න. එවිට ඔබේ මහන්සියට ප්‍රතිඵලයක් ඇත... ස්තූතියි.
කිවුව වෙලාව- 2011-10-19 22:49:10
රණවීර මෙහෙම කියනවා :
@ සාරංග,ඒ කියන්නේ සම්මානය අරගෙන ඇවිත් පස්සේ තමන්ගේ වෙබ් සයිට් එකේ පොර ටෝක් එකක් දුන්නම සියලු රෝග නිවාරණයි කියන එක..හරිම බුද්ධිමය පාඨකයෝ ටිකක්....!!!එතකොට තමන්ගේ කියලා වෙබ් එකක් නැති අයි..!ඒ අය අනුන්ගේ වෙබ්වල තමන්ට ගහන මඩ ගැන හූල්ල හූල්ල ඉන්නවා..නරකම නෑ..
කිවුව වෙලාව- 2011-10-19 18:21:45
Nadun මෙහෙම කියනවා :
මේ කවිය අයිරනි එන්න ලිවුව එකක්. සමහරුන්ට මේක තෙරිලා නැහැ... නියමයි සදුන්
කිවුව වෙලාව- 2011-10-19 03:05:11
සාරංග මෙහෙම කියනවා :
@රණවීර
ඕකට පස්සෙ ඔහු ලිව්ව දෙයක් මතකයි. සේරටම ස්තූති කොරලා..ඔබේ ප්‍රශ්නයට ඒකෙ උත්තරය තියෙනවා...නැවත කියවන්න. ඔබට තේරේවි යැයි හිතනවා. එහෙම එකක් ඔය සම්මාන ගත්තු උන්ට ලියන්න බැරි එකම තමයි ප්රශ්නය.
සුභ පැතූ සියලුම දෙනාට මගේ අවංක ආදර ස්තූතිය........ !!!
තවත් සම්මානයකට පසුව ලියමි.
සැබෑ වුවමනාවක් වෙනුවෙන් ලිවීමේ නිරත වන ලේඛක ලේඛිකාවන් ආනයනය කිරීමට අවශ්‍ය වන සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික පරිසරයක් තුළ පවතින සකලවිධ සමාජයීය වේදනාවන් අකුරු බවට පත් වෙමින් වචන හරහා වාක්‍ය වෙමින් ලිපියක්, කවියක්, ගීතයක් හෝ වෙනයම් ඥානනය කිරීමට අවැසි වියමනක් නිර්මාණය වෙයි. එවන් සෑම කාර්යයකම ව්‍යුත්පන්න කතිකාවට ඇති ආයු කාලය උපත් මරණයක් සේම කෙටිය.
ප්‍රවාහයක් ලෙසින් ගමන් කළ යුතු අතීත ලේඛක මතකයන් අප්‍රසාදය තුළ ද සත්ප්‍රසාද ලබමින් සිටියි. සෑම අකුරකම ගිනි ගන්නා සමාජ වුවමනාව මැඩ පවත්වමින් යටකරමින් ජ්වලන උෂ්ණත්වයට පත් වීමේ ශක්‍යතාවය ඉතා ඕනෑකමින් වළක්වාලමින් සිටියි. කිසිදා හමු නොවන රේල් පීලි දෙකක තැනින් තැනින් මතුවන සිල්පර කොටන් මෙන් ඊනියා සමාජ නියමුවන් තාප්ප බිත්ති පුරා අපට සිනා සෙමින් සිටියි. පැණි රස සේ සමස්ත ව්‍යාජයම දෝතින් බදා ගත් සමාජමය පසුබිමක සවිඥානික මිනිස් පුලුටකට ඇබෑර්තු ඕනෑ තරම් නිර්මාණය වෙමින් පවතී. රටක් රටක් වශයෙන් දියුණු වීම වෙනුවට පවුලක් පමණක් ගොඩ නැගීමට අවශ්‍ය වැලි ගඩොල් අදින දකුණේ මෙන්ම සකලවිධ ශ්‍රී ලාංකික සිවිල් පුරවැසියන් එළඹෙන නුදුරු දිනයේද රාජාණ්ඩුවකට වුවමනා කතිර මලු ගණන් ගෙනවිත් ඇතුළු නුවර අරලිය මැදුරු වාසල් දොරටුව සමීපයේ තබයි.
මෙවන් වූ සමාජයක නිර්වින්දන සීමාව ඉක්මවාලිය හැකි හැට ලක්ෂයකගේ ආතල් කැඩිය හැකි දරුණු වෙනයම් ප්‍රබල දෙයක අවශ්‍යතාව දිනෙන් දින තැනින් තැන මතුවෙමින් පවතී. නිර්මාණයකට දේශපාලනික කතිකාවක් ගොඩනැගීමට අවශ්‍ය හිතකර සමාජමය වපසරිය අහිමි වෙමින් පවතින මොහොතක ඔවුන්ගේ මීළඟ ආස්ථානයේ බරපතල සෙයියාවන් මතුවීමට නියමිතය. මර්දනයට සාදුකාර දෙමින් ඉහලට එසවෙන අත් වලට තමන් හිසටවත් සෙවණැල්ලක් දීමට නොහැකිවන දිනය අතළඟය. ගීතය හෝ වේවා කවිය හෝ වේවා සිනමාව, නාට්‍ය හෝ වෙනයම් කලා නිර්මාණයක් හෝ වේවා නිර්මාණයකින් පසුව වර නැගෙන කතිකාවට අවැසි පසුබිම උදුරාගෙන ඇත. එවන් වූ රික්තකයක් තුළ දර්පණ තලයක ප්‍රතිබිම්බයකින් තමන් තමන්ව වෙනස් ස්වරූපයකින් දැකීමේ භයානක මොහොත උදා වෙමින් පවතී.
නිර්මාණයකට නිර්මාණයක් ලෙසින්ම මියයෑමට සිදුවී ඇත. උරුම වී ඇත. එයට සමාජ රාමුව තුළ නාභිගත වන්නට ප්රතිසන්ධිය ලබන්නට අවකාශ නොමැත. ඉදින් අලුත් සමාජයක අලුත් උපතක් සිදු නොවනු ඇත. සම්මානයක් තුළින් කතිකාව උදුරා ගනු ඇත.
කිවුව වෙලාව- 2011-10-19 00:00:04
රණවීර මෙහෙම කියනවා :
බූන්දියේ සම්මාන විරෝධීන් මේ තරම් එක පාරටම පැටව් ගැහුවේ කොහෙන්ද මන්දා...නාමල් බේබිගේ ගජයා සංවිධානය කළ යෞවන සම්මාන උළෙලෙදී "වීරයා"සම්මාන ගනිද්දී මේ හැමෝම සුබ පැතුවා මගේ මතකයි..බූන්දියේ අය ඔක්කෝමත් එක්ක එකතුවෙලා...මේක හරිම කෙළියක්නේ..දැන් රටෙ වෙන කිසිම ප්‍රශ්නයක් නෑ.තියෙන්නේ සම්මාන ප්රශ්නය විතරයි...හිහ්..හිහ් ..හූ...
කිවුව වෙලාව- 2011-10-18 23:19:58
නිර්මාල් මෙහෙම කියනවා :
@ පාඨලී
නෑ..නෑ... මේ දැන් කබ්බෙක් වගේ වැඩ කළාට ජෑන්තියෙක් වගේ හිටියෙ...ඒ ටොයිය ජෑන්තියාට තමයි අපි කැමති.
කිවුව වෙලාව- 2011-10-18 23:07:21
patali මෙහෙම කියනවා :
@රුවන්
බය වෙලා ඉන්නෙ මස් ඉභුල වත් අනික් සම්මාන ගත්තු එවුන්වත් නෙමේ මේ කොහෙද ඉන්න කබ්බෙක් නෙ බන්...
කිවුව වෙලාව- 2011-10-18 22:15:10
saman priyankara මෙහෙම කියනවා :
sandun oya therum gathayuththe RUWAN kiyana me kathawai....Oyata sihinuwana labewa....
කිවුව වෙලාව- 2011-10-18 21:51:38
රුවන් මෙහෙම කියනවා :
අනේ ඉතිං සම්මාන ගන්න අපේක්ෂා කරන කට්ටිය ගත්තට කමක් නැහැ. හැබැයි ඉතින් සමාජ අසාධාරණත්වය ගැන ලියන ගමන් ඒවාට වගකිව යුතු අයගේ ගාව දෙකට නැමෙන එක අප්සෙට් කියලා නොහිතනවානම් ඒකට වෙන කාටවත් කරන්න දෙයක් නැහැ. ඒත් ඉතින් ඒ අය එහෙම කරනවා කියන එක දැනගන්නට අනිත් අයටත් අයිතියක් තියෙනවා. එහෙම විවේචනයක් ආවා කියලා බය වෙන්න දෙයක් නැහැ.
කිවුව වෙලාව- 2011-10-18 09:36:56
pataka මෙහෙම කියනවා :
කිවුව වෙලාව- 2011-10-18 05:11:41
hima kumari මෙහෙම කියනවා :
සඳුන් කියන එක ඇත්ත! සම්මානිත කෘති අම්මප බලූ නො වටී!
කිවුව වෙලාව- 2011-10-18 03:52:08
komal veeravansa මෙහෙම කියනවා :
ඔය විමල් ඉන්නව නේද? ඒ කාලෙ පට්ටම කවියෙක්... දැන් වුනත් පොරට කවි ලියන්න බැරුව නෙමේ. වෙලාවක් නෑ.. හිත හොඳ එකා... කවියන්ට පට්ට බකප් එකක් දෙන්නෙ.. ටී බී නැතුව විමල් අය්යව ලබන සැරේ ගොඩගේ එකට ගෙන්නන්න ඕනෙ.. ටී බී ලා වගේ නෙමේ විමල් අය්යා බෑක්ග්‍රවුන්ඩ් එකක් තියන එකෙක්. දෑනටම තරුණ කවියො තුන් දෙනෙක් (03) ස්පොන්සර් කරනව අපි දෑනුවත්ව.. හා හා හා
කවුරුහරි හපනෙක් ඉන්නව නම් කියමු බලන්ට කවුද කියාලා ඒ...!
කිවුව වෙලාව- 2011-10-18 03:48:13
samadi මෙහෙම කියනවා :
Ow kevin oya hari. me sandun kiyanna hadanneth eka thamai mata penne.
කිවුව වෙලාව- 2011-10-18 03:37:52
kevin මෙහෙම කියනවා :
ඔව් කසුන් දීප්ත, එතකොට එයාලට පුලුවන් පොත් වලින් එයාලගෙ පාටක ප්‍රජාවට ලොරි ටෝක් දිදී, රියල් ලයිෆ් එකේ දි විමල් වීරවන්ස වගේ කැනිබල්ල එක්ක ශැම්පේන් බොන්න... එල එල
කිවුව වෙලාව- 2011-10-18 03:32:26
කසුන් දීප්ත මෙහෙම කියනවා :
වැඩිය වටින්නෙ ජනතාවගෙ කැමැත්ත තමා. බුද්ධිමත් පාඨක පිරිසක් තමන් වටේට ඉන්නව නම් කවීන්ට, ලේඛකයන්ට අවුලක් නෑ නෙ∙
කිවුව වෙලාව- 2011-10-18 03:13:53
nishantha මෙහෙම කියනවා :
who r these "බැටලූ වෙස් ගත්තු වෘකයො "?
කිවුව වෙලාව- 2011-10-18 02:55:07